මිනීමරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉවත් කර තිබෙනවා.
මේ ඉවත් කිරීම නිසා මරණීය තර්ජනය මේ වන විට ඇති වෙලා තියෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට.
මීට අමතරව මේ මරණීය තර්ජනය තවදුරටත් පොදු සමාජයට දිගු වෙලා තියෙනවා.
මිනී මරුවන්ට මානව හිමිකම් රකින්නැති තත්ත්වයට ලංකාව මේ ජනාධිපතිවරයාගේ තීරණය නිසා තල්ලු වෙලා තියෙනවා.
මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ තුන්වන වගන්තියට අනුව සෑම කෙනෙකුටම ජීවත්වීමට නිදහස භූක්ති විඳීමට සහ පුද්ගලික ආරක්ෂාවට අයිතියක් තියෙනවා.
පස්වෙනි වගන්තියට අනුව වධහිංසාවට දරුණු අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලට හෝ දඬුවමකට කිසිවකුට හෝ ලක් නොවිය යුතු බව සඳහන් වෙනවා.
හත් වෙනි වගන්තියට අනුව සෑම පුද්ගලයකුම නීතිය ඉදිරියේ සමාන වෙනවා.
නීතිය මගින් සමානව වූ රැකවරණයක් ලැබීමට අයිතියක් තියෙනවා.
මෙම ප්‍රකාශනවලට අනුව සෑම තැනැත්තෙකුම උපතින්ම නෛසර්ගික ගරුත්වයක් හිමිකරගන්නා බැවින් ඊට හානි කිරීමට කිසිවකුටත් අයිතියක් නැහැ.
නමුත් මිනීමරුවන් තවදුරටත් එල්ලුම්ගහට නියම කරන්න මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් රනිල් වික්‍රමසිංහ නිසා මතුවෙලා තියෙනවා.
මෙය සමාජ ආරක්ෂණය පිළිබඳ ගැටලුවක්.
මේ ගැටලුව මුළු රටටම දැනෙන්න ලැබුණේ 2023 අප්‍රේල් 12 වෙනි සිකුරාදා.
මේ 12 සිකුරාදා සති අන්තයේ නිවාඩු ගත කිරීම සඳහා කොළඹ සේවයේ නියුතු පිරිමි හා කාන්තා පාර්ශ්වයන්ගේ මුහුණුවල දෙබිඩි හැඟීම් ඇති කරන සිද්ධියක් සිදු වුණා.
කොළඹ කන්තෝරුවල රාජකාරි කරන සේවක සේවිකාවෝ ඉර ගාලුමොදර මුහුදේ ගිලුනු විට හනිකට තමන්ගේ ගම් රටවල් බලා ලක ලෑස්තිවෙලා යනකොට තමයි බොහෝ වෙලාවට මේ අවනිශ්චිත තත්ත්වය දකින්න ලැබුණේ.
මේ අවිනිශ්චිත තත්ත්වය පිළිබඳ ඒ නිසා මුළු රටටම ගම් නියම්ගම්වලට ගිය පුරවැසියන් ඒ සම්බන්ධව විවිධ මත ප්‍රකාශ කරන්න වුණා.
කොළඹ නගරය හරහා දුම්රිය හා බස් නැවතුම්පොළවලට ගමන් කරමින් සිටි පුරවැසියන්ට ඒ මොහොතේ කොටුව හා කොළඹ විශ්වවිද්‍යාල අවට වෙමින් තිබූ වෙනස දැකලා පුදුමයට පත් වුණා.
හතු පිපිපෙන්නාක් සේ හැම තැනම හමුදාව යොදවල තිබුණ.
තමන්ගේ ඇස්දෙකෙන්ම කොළඹ නගරයේ වෙමින් තිබූ විපර්යාසය ගැන ඔවුන්ගේ කන්වලට බසයේදී දුම්රියේදි ඇසුණේ විවිධ ඕපාදූප කතා.
ඒ ඕපාදූප කතා සති අන්තයේ රටම ගිනි තබමින් කෙළවර වූයේ සති අන්තය තල් අත්තට බොරළු වැටුණු මොහොතේ නිදා සිටි හාවා කලබල වී ලෝක විනාශයට පොළව පෙරළන බව කී කතාව සියල්ලන්ට සිහිපත් වුණා.
මේ තත්ත්වය උද්ගත වෙන්නේ වසර 45ක කාලයක් පුරා මරණ දඬුවම ක්‍රියාමත්මක නොවීම තුළ ගරු අධිකරණය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාදුන් මිනීමරුවන්ට වාසි සහගත තත්ත්වයක් උද්ගත වීමේ ප්‍රතිඵලය එක් පැත්තකින් පේනවා.
මේ බියකුරු තත්ත්වය ත්‍රස්තවාදී තත්ත්වය උද්දීපනය වන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වසා දැමීම තූලින් මතුවෙන සුළුයි.
ඕනෑම ත්‍රස්තවාදී ක්‍රියාවක් පුරවැසියන් අපහසුතාවයට පත් කරන මරණීය තර්ජනය ඇති කරන සංසිද්ධීන් ඉදිරි කාලයේදී රට පුරා දියත් වෙන්න පුළුවන්.
සති අන්තයේ රට ගිනිතැබූ හාවා කවුදැයි තවමත් පැහැදිලිව අනාවරණය වී නැත්තේ ඒ නිසයි.
ඒ සිකුරාදා සවස කොළඹ නගරයෙන් යන විට රටේ පුරවැසියන් දැක්කේ ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය, මුදල් අමාත්‍යංශය, ජනාධිපති මන්දිය, කොළඹ විශ්වවිද්‍යාලය ආදී ස්ථානවල ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවා ඇති බවයි.
එය ජනාධිපතිවරයාගේ සිට මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ ප්‍රකාශ හැසිරීම් භාවිතය තුළින් ප්‍රකාශ වන්නේ මරණ බියයි.
මහජන ආරක්ෂක ඇමැතිවරයාට මරණ තර්ජන තිබෙනවා යැයි ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු එය එළි කරන්නේ වෙනත් මුහුණුවරකින්.
ඊට බලවතුන්ද සම්බන්ධ යැයි ඔහු අත දිගුකරන්නේ කාටද?
ඒ බලවතා කවුද?
මිනීමරුවන්ට අත්වැලක් ලබාදුන් මරණ දඬුවම යළි ක්‍රියාත්මක නොකිරීමේ ජනාධිපතිවරයාගේ තීරණයේ දිගුවක් ද මේ දිගුවෙමින් තිබෙන්නේ.
1956 දී අගමැති බණ්ඩාරනායක මහතා විසින් ප්‍රථම වරට මරණ දඬුවම අත්හිටුවා තිබෙනවා.
ඉන් පසු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය යළිත් වරක් එය ක්‍රියාවට නංවනු ලැබුවා.
සමාජ ආරක්ෂණයට අත්‍යවශ්‍ය වූ අංගයක් වන මිනීමරුවන්ට මරණීය දණ්ඩනය දීමේ නීතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉවත් කරන්නේ පොදු සමාජ ආරක්ෂණය සුනඛ තත්ත්වයට පත් කරමින්.
1977 දී යළිත් මරණ දඬුවම අත්හිටවුණේ ජේ. ආර්. ජයවර්ධනගේ ප්‍රතිපත්තියක් මත.
ඒ යළි ක්‍රියාවට නැංවීමට කිසිදු රජයක් ඉදිරිපත් වුණේ නැහැ.
1974 වසරට ඉහත දී පවා සමාජ ආරක්ෂණ පියවරක් ලෙස සැලකූ මරණ දඬුවම සක්‍රීය අංගයක් බවට පත් කිරීම පසෙක ලා 1977න් පසුව ගත වූ වසර 45ක කාලය තුළ සමාජ සාරධර්ම පිරිහීම විනය සංයමය හා නීතිගරුක බව අවතක්සේරු බවට පත් වුණා.
මේ නොසලකා හැරීමේ වටපිටාව තුළයි.
මේ තත්ත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මිනීමරුවන්ට මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම වසා දැමීම ප්‍රකාශයට පත් වූ දින සිට මේ රටේ පුරවැසි මරණ ලිංගික අපරාධ හා භයානක මිනීමැරුම් දෛනිකව වර්ධනය වන තත්ත්වයක් උද්ගත වුණා.
ඒ උද්ගතවීම මැයි මස 12 වන සිකුරාදා තවදුරටත් රට පුරා නිහඬව ප්‍රදර්ශනය වුණේ මෙහෙමයි.
ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය, මුදල් අමාත්‍යංශය, ජනාධිපති මන්දිරය, කොළඹ විශ්වවිද්‍යාලය ආදී ස්ථානවල ආරක්ෂාව සන්නද්ධ හමුදා කැඳවූයේ මේ මරණ බියේ ප්‍රතිඵලයක්.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් යුද හා නාවික හමුදාපතිවරුන්ගේ නිල නිවාසද විශේෂ කාර්ය බලකා මූලස්ථානය ද පිහිටා තිබෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලය පිටුපස බෞද්ධාලෝක මාවතෙයි.
විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල එනම් කොලෙජ් හවුස්හි අල්ලපු වැටෙහි ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්ගේ නිල නිවස වූ ඉන්දියන් හවුස් යැයි කීම වඩාත් නිවැරදියි.
පාස්කු ප්‍රහාරයෙන් පසු කොමාන්ඩෝ සෙබලුන්ගේ ආරක්ෂාව මේ තැන්වලට ලැබුණා.
එවැනි පසුබිමක් නිසා සිසුන් මුලින් සිතුවේ යම් ත්‍රස්ත තර්ජනයක් හේතුවෙන් මේ ස්ථානවල හමුදා ආරක්ෂාව තරකරන බවට ඔවුන් තුළ හැඟී ගියා.
නමුත් රාත්‍රිය වෙද්දී කොළඹ විශ්වවිද්‍යාල සිසුන්ට තේරුම් ගියේ හමුදාව කොළඹ විශ්වවිද්‍යාලය වටකරමින් සිටින බවයි.
එහෙත් සෙබලු සරසවි ගේට්ටුවෙන් එළියේ වටලෑම සිදුකර තිබුණා.
සරසවි භූමිය තුළට ඇතුළු නොවූයේ ඒ පිළිබඳව ඉහළින් පැහැදිලි නියෝගයක් තිබුණ නිසයි.
මේ වටලෑමට නිශ්චිත හේතුවක් ගැන කාටවත් නිච්චියක් තිබුණේ නැහැ.
ආණ්ඩුවේ ප්‍රධානීන් අතර විවිධ කුසුකුසු පැවතුණා.
දිවයිනේ අනෙකුත් විශ්වවිද්‍යාල බොහොමයක් ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අතකොළු බවට පත් වී තිබීම රටම දන්නා කරුණක්.
එම ලේබලය කොළඹ විශ්වවිද්‍යාලයට කවදාවත් අදාළ වුණේ නැහැ.
ඒ බිම ප්‍රකට වූයේ ජනතා විමුක්ති පෙරමුණ විරෝධී බිමක් ලෙසයි.
71 කැරැල්ලට තීන්දුව ගත්තේ විද්‍යෝදය එහෙම නැත්නම් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංඝාරාම බිම වූවත් කොළඹ සරසවියේ බිම හැමදාමත් ප්‍රසිද්ධ වූයේ ජනතා විමුක්ති පෙරමුණ ගුටි කෑ තැනක් ලෙසයි.
ඒ කතා කොහොම වෙතත් 1986 හා 87 භීෂණ කාලයෙන් පසු හමුදාවෙන් කොළඹ විශ්වවිද්‍යාලය වට කළ පළමු අවස්ථාව මෙය වුණා.
වත්මන් රජයට මිනීමරුවන් මෙල්ල කිරීම දැන් දුෂ්කර වී තිබෙනවා.
හේතුව මිනීමරුවන්ට මරණ දඬුවම නෛතික වී නැති නිසා.
මේ නිසා බියකරු අපරාධ රැල්ලක් වර්ධනය වෙන්න තිබෙන ඉඩකඩ රජයේ ඉහළ පෙළේ පාර්ශ්වවලට තේරුම් ගැනීමට නොහැකි වෙලා නැහැ.
එල්ලුම්ගහයෙන් ඇරඹීම එහෙම නැත්නම් දූරදර්ශී පියවර ඉවත් කිරීම නිසා මේ වන විට ඉතාම කනගාටුදායක තත්ත්වයට පාලකයින් හා රටේ ජනතාව තල්ලු වෙලා තියෙනවා.
මරණ දඬුවම සක්‍රීය කිරීම තබා ඒ ගැන කතා කිරීමටත් මේ වන විට බියෙන් සසලව සිටින දේශපාලනඥයින් උගතුන්ගේ තත්ත්වය කෙබඳුද?
අද වැනි යුගයක මේ සඳහා සිය නිර්භීත භාවය ප්‍රකාශ කරමින් දැඩි කැපවීමකින් මරණීය දඬුවම මිනීමරුවන්ට ලබාදීම නැවත ජනාධිපතිවරයා මැදිහත්ව ක්‍රියා කළ යුතු බවට ප්‍රකාශ නොවන සමාජ පරිසයක් දියත් වෙමින් තිබෙනවා.
1989 භීෂණ යුගයේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වූයේ එක්සත් ජාතික පක්ෂ හිතවතකු වූ ජී. එල්. පීරිස්.
මේ කාලයේදී පැහැරගෙන ගොස් පානදුර හිරණ තොටුපළේදී මරා දැමුණු ලැබූ දයා පතිරන ඒ සිද්ධිය සිදුවෙන කාලයේදී ගෙවිඳු කුමාරතුංග, අනූප පැස්කුවෙල්, දයාසිරි දයාසේකර වැනි අය එදා කොළඹ සරසවියේ සිසු නායකයින්.
මොරටුව සිසුන්ට ඒ කාලයේදී නායකත්වය දුන්නේ පාඨලී චම්පික රණවක.
පාඨලී චම්පික රණවක මරණයට කැප කර වදහිංසා පැමිණවීම සිදුවූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපීඨ වධකාරය තුළයි.
එය පවත්වාගෙන ගියේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ ලුතිනන් තුවාන් නිසාම් මුතාලිෆ්ගේ මෙහෙයවීමෙන් ජ්‍යෙෂ්ඨ වර්තමාන මේ සියලු පාත්‍ර වර්ගයා විශේෂයෙන් එදා ශිෂ්‍ය නායකයින් මෙදා සරසවි භූමිය වට කරද්දී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වීම දෛවෝපගත සිදුවීමක්.
ඒ අතරින් කොළඹ සරසවියෙන් බිහි වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපති හමුදාව සරසවිය වටලමින් තිබියදී කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ සංගමයට 40 වසරක් පිරීම නිමිතිකොටගෙන ගලධාරි හෝටලයේ පැවැති උත්සවයකදි ජනාධිපති අතින් ජී. එල්. උපහාර ලබමින් සිටියා.
රනිල්ට විශ්වවිද්‍යාලයේදී නීතිය ඉගැන්වූයේ ජේ. එල්. පීරිස්.
අනුක පැස්කුවල් රනිල්ගේ ආණ්ඩුවේ මේ වන විට රාජ්‍ය ඇමැතිවරයෙක්.
මේ උත්සවයට රනිල් ගලධාරි හෝටලයේ නිසා ලෝටර්ස් පාරේ ආරක්ෂාව තරකර තිබුණා.
හැමදාම සිසු හා වෘත්තීය සමිති පෙළපාලි පැවැත්වෙන විට ගාලු මෝදරට කොටුව දෙසින් ඇති පිවිසුම වන ලෝටර්ස් පාර පටන් ගන්නා හිල්ටන් හෝටලය අසලින් පාර වැසීම සාමාන්‍ය දෙයක්.
පසුගිය 12 වන සිකුරාදා කොළඹට ඇඳිරිය වැටෙන වෙලේ උද්ඝෝෂණ පෙළපාලි නැතුව ලෝටර්ස් පාර සන්නද්ධ හමුදා කැඳවීම ඒ වන විට කොළඹ ගිය රටවැසියන්ට මෙය ඉමහත් කුහුලක් වුණා.
රට්ටු පමණක් නොවේ ආරක්ෂක අංශ සාමාජිකයින් පවා මේ විපර්යාසය ගැන නිශ්චිත තොරතුරු දැන සිටියේ නැහැ.
ඊට එක් උදාහරණයක් වන්නේ කලුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ 150ක් කොළඹට කැඳවීමයි.
හිටිහැටියේ ඒ පිරිස කොළඹට කැඳවා සිටියේ කළුවා මාරපන ගියා වැනි යැයි කිව්වොත් නිවැරදියි.
මේ අනුව කොළඹ පොලිසිවලින් 10 දෙනා බැගින් කැඳවා තිබුණා.
කොළඹට එල්ල විය හැකි තර්ජනයක් නිසා මීට පුරෝකථනය කිරීමෙන් ඊට බට පිරිස් කැඳ වූ බව විවිධ මුහුණුවරින් කියැවුණු අවස්ථා තිබුණා.
ආරක්ෂක අංශ කොළඹ කැඳවා තිබුණේ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගේ උපදෙස් මත 12 සිකුරාදා රාත්‍රියේ ගුවන් විදුලිය රූපවාහිනී මාධ්‍යයවලින් ප්‍රචාරය වුණා.
නමුත් ව්‍යවස්ථාවට අනුව සන්නද්ධ හමුදා කැඳවීමට ටිරාන් අලස්ට බලයක් තියෙනවාද?
මේ අවිනිශ්චිත මරණ බිය ජනාධිපතිවරයාට හා ආරක්ෂක ඇමැතිවරයාට ඇති කර තැතින්ගැන්වීම මෙවැනි තත්ත්වයක් උද්ගත කළාද?
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට ඇති බලය පොලිස් දෙපාර්තමේන්තුවට පමණක් සීමා වෙනවා.
ටිරාන් අලස් පොලිසිය කැඳවූවා නම් සන්නද්ධ හමුදා කොළඹට කැඳවූයේ කවුදැයි ඇසූ ප්‍රශ්නයකට ආරක්ෂක අමාත්‍යංශයේ ක්‍රියාන්විත මූලස්ථානය පිළිතුරු දුන්නේ හුදෙක් පෙරහුරුවක් බව කියමින්.
ඒ නිසා මීට නිශ්චිත පිළිතුරක් දීමට ආරක්ෂක අංශ සහ ජනාධිපතිවරයා තවමත් අසමත් වී තිබෙනවා.
නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව කීවේ ලද බුද්ධි තොරතුරක් මත කොළඹ රැකවල් දැඩි කළ බවයි.
නමුත් ඒ බුද්ධි තොරතුර කුමක්ද කියා කවුරුවත් දන්නේ නැහැ.
එවැනි පෙරහුරුවක් ගැන හෝ තර්ජනයක් පිළිබඳ කිසිදු තොරතුරක් රාජ්‍ය බුද්ධි ප්‍රධානීන් දැනුවත් නොවී සිටීම තවත් හේතුවක්.
මෙය සමස්තයක් ලෙස බැලූ කළ ලංකාවේ මිනීමරුවන්ට මිනීමැරීමේ චෝදනාව සඳහා එල්ලුම්ගස ලංකාවේ නීතියෙන් ඉවත් කිරීමට වසා දැමීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගත් මෝඩ තීරණයක ප්‍රතිඵලයද?
කිසිදු තොරතුරුක් රාජ්‍ය බුද්ධි අංශ නිලධාරින් නොදැන සිටීමෙන් හෙළි වන්නේ රනිල් වික්‍රමසිංහ බුද්ධි අංශ ප්‍රධානීන් කැඳවීමෙන් පසුවයි.
ජනාධිපති නියමයෙන් ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් කුලතුංග රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සාලි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් 2023 මැයි 12 සිකුරාදා රාත්‍රියේ ජනාධිපති ලෙකම් කාර්යාලයට කැඳවනු ලැබුවා.
නමුත් මේ නිලධාරින් කිසිවෙක් කොළඹ ආරක්ෂාව තරකිරීමට පැහැදිලි හේතුවක් නොදැන සිටියා.
ඊට හේතුව මේ කාරණාව ඔවුන්ගේ පාලනයෙන් තොර වීමයි.
දැන ගන්නට ලැබී ඇති ආකාරයට කොළඹ ආරක්ෂාව කෙරුණේ ජනාධිපති හා මහජන ආරක්ෂක ඇමැතිට ලද තොරතුරක් අනුව බව පසුව පැහැදිලි වෙනවා.
නියමිත ක්‍රමවේදය අනුව තහවුරු කළ නිශ්චිත බුද්ධි තොරතුරකට අනුව නොවන බව ඉන් පැහැදිලියි.
නමුත් සිකුරාදා රාත්‍රියේ ගාලුමුවදොර අභියසින් ගම් රටවල් බලා යමින් සිටි රටවැසියන්ට ජනාධිපති ලේකම් කර්යාලයේ අභ්‍යන්තර තොරතුරු සම්ප්‍රේශනය වුණේ නැහැ.
ඔවුන් කල්පනා කළේ 2022 මැයි 09 වැනිදා ගාලු මෝදර 2023 මැයි 12 වනදා කොළඹ යළිත් කැරැල්ලක ඡායාවක්ද යන්නයි.
මේ කුහුල ගැන කතා කරමින් දුම්රියේ බසයේ ගොස් ගම් රටවල බැස රටට ඇතුළට ගිය පුරවැසියන් රසකර බෙදාගැනීමට බොහෝ මාතෘකා මෙයින් ජනනය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් යනුවෙන් නම් කිරීමට අපට සිදුවෙනවා.
කොහොම වෙතත් මහජන ආරක්ෂාව තරකළ යුතු තත්ත්වයක් මෙවැනි රටාවක් වර්ධනය වන්නේ උචිත නොවන මිනීමැරුමට මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ සටකපට ජනාධිපතිවරයාගේ තීරණය අභියස යන්න පැහැදිලි වන සත්‍යයක්.
මේ පිළිබඳව තවදුරටත් රට තුළ සාකච්ඡා විය යුතු කරුණක්.
නමුත් මිනී මරුවන් තවදුරටත් ආරක්ෂා කිරීමේ ක්‍රියාදාමය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කාන්දු වන්නේ කලක් ඔහු අමාත්‍යංශ ගණනාවක අමාත්‍ය ධුරය දරමින් සිටිමින් සිටියදී ඔහුගේ ආරක්ෂකයා වූයේ මිනී මැරුම් ගණනාවක් සිදු කළ දූෂකයෙකු වූ පුද්ගලයකුගේ හැසිරීම භාවිතය තුළින් ලැබූ අත්දැකීම් නිසාද යන්න අපි තවදුරටත් සාකච්ඡා කරමු.
දැනට ඒ කරුනු ඉදිරිපත් කිරීමේ හිමිකම පසුවට තබාගන්නවා.
ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු