වෘත්තීය සමිතිවල අවභාවිතය හා ලාංකික කම්කරු පංතියේ කුළල් කාගැනීම මනාව හඳුනාගෙන සිටින රනිල් වික‍්‍රමසිංහ රජය සිය ලේකම්වරයා මගින් පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරිගේ සංගමයට ලිපියක් යොමුකර ඇත.
වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට අදාළව ඉල්ලීම් ලබාදීමට රජය කැමැත්ත පල කර ඇතැයි කියමින් ජනාධිපති ලේකම් ඊ. එන්. එස්. බී. ඒකානායක විසින් අත්සන් කරන ලද ලිපියක් යවමින් සමස්ත වෘත්තීය සමිති ඒකාබද්ධ වර්ජනය දිය කර හැරීමේ සාර්ථක ක‍්‍රියාමාර්ගයක් රනිල් වික‍්‍රමසිංහ විසින් මෙහෙයවා ඇත.
එම ලිපියේ සඳහන් වන්නේ වෘත්තිය සමිති විසින් ඉදිරිපත් කරන යෝජනා හා වත්මන් දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම පිළිබඳව සාකච්ඡුා කිරීමට රජය ඉක්මනින් පියවර ගන්නා බව යැයි සඳහන් වේ.
ඊට අමතරව වෘත්තිකයන්ගේ ඉල්ලීම් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලබාගන්නා තුරු සිටින්න යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට යොමු කළ ලිපියෙන් කරුණු අනාවරණය කර ඇත.
මේ පිළිබඳව ජනාධිපතිවරයාට ලිපියක් යවමින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් සඳහන් කර ඇත්තේ සමස්ත වෘත්තීය සමිති ඒකාබද්ධ වර්ජනයක් සිදුකරන අතරතුර ජනාධිපතිවරයා ලෙස ඔබ එක් වෘත්තීය සමිතියකට පමණක් විසඳුම් ඉදිරිපත් කිරිම මගින් ඉදිරි ක‍්‍රියාමාර්ග දියාරු කිරීම අපේක්ෂා කරන ලද්දේ නම් ඒ පිළිබඳව අපි අතිශයින් කණගාටුවන්නේ යැයි සඳහන් කර ඇත.
මානසික අල්ලස් මගින් වැඩකරන ජනතාවගේ සැබෑ අරගලයක් දියකර දැමීමට නොහැකි යැයි රවි කුමුදේශ් වැඩිදුරටත් සඳහන්කර ඇත.
වසර දහස් ගණනකට දැවැන්ත ඉතිහාසයකට උරුම කියන්නා වූ මිනිස් සමාජය තමන්ට දීර්ඝ ඉතිහාසයක් ඇති බව දන්නා කරුණක්.

ඉතිහාසය තුළ තමන්ගේ භූමිකාව කුමක්දැයි නිවැරදිව දන්නේ නැතැයි පැවසෙන සමාජය යථාර්ථය තවදුරටත් අනාවරණය කිරීම අද දවසේ ඉතාම වැදගත් යැයි පී.එෆ්.පී. නිවුස් සිහිපත් කරනවා.
ලාංකික වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග හරහා ලංකාවේ දේශපාලන පක්ෂවලට හෝ පාලක පක්ෂයකට සිදුවූ හානියක් මෙතෙක් දැනගන්නට නැත.
නමුත් සමස්ත පොදු ජනතාව අගතියට පත් කරන වෘත්තීය සමිති අවභාවිතය පිළිබඳව පිළිකුලෙන් පොදු සමාජය කතා කරන අවස්ථා අප‍්‍රමාණව ඇත.
මානව ඉතිහාසය පුරා මිනිසා විසින් නිෂ්පාදනය සුලබත්වයට පත් කරගැනීම සඳහා කලා වූ චින්තමය අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස අද ලෝකයේ අත්විඳින්නා වූ තාක්ෂණික දියුණුවේ ආරම්භය සිදුවිය.
එහි අතුරු ඵලයක් ලෙස තමා දියුණු කළා වූ උපකරණ තමන්ටම එරෙහිව යමින් සමාන අයිතීන් සහිතව තිබූ මිනිස් සමාජය ඉතා බරපතල විෂමතාවයන් සහිතව මේ වන විට බෙදීගොස් තිබේ.
ඒ සියලූ බාහු බලයෙන් හා පිරිස් බලයෙන් මෙවලම්වල අයිතිය සියතට පවරාගත්තවුන් නිසාය.

අද ශිෂ්ඨ සමාජය කැලෑ නීතිය ලෙස හඳුන්වන්නෙත් එනම් බලය සතු එකා බලය අහිමි එකා යටත්කරග ැනීම සහ එසේ යටත්කොට ගත් එකා තමන් වෙනුවෙන් සේවයේ යොදවා ගැනීම වර්තමානයේ සිදුවන දුලබ සමාජ රටාවක්.
කැලේ නීතියේදී සිදු වන්නේ බලය සතු සත්වයා බලය හීන සත්වයා සිය ආහාරයට ගැනීමයි.

මෙය මිනිස් සමාජයේදී සිදුවූයේ බලය සතු එකා යටත් කොට ගත් එකාගේ ශ‍්‍රමයෙන් නිපදවන දෑ තම ප‍්‍රයෝජනය සඳහා අත්පත් කරගැනීමයි.
ඉකුත් බදාදා රාජ්‍ය සේවයේ බොහෝ ක්ෂේත‍්‍රවලට අයත් වෘත්තීය සමිති 40ක් පමණ ක‍්‍රියාත්මක කරන ලද වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග සාර්ථක වූවාද අසාර්ථක වූවාද යන්න විවාදාත්මක තත්ත්වයක් මේ වන විට පැන නැගී තිබේ.
ආණ්ඩුවේ ඇමැතිවරුන් හා ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති නායකයින්ගේ මතය වී ඇත්තේ මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග අසාර්ථක වූ බවයි.
ඒ බව ඔප්පු කිරීම සඳහා රාජ්‍ය අංශය ධාවනය වූ දුම්රිය වාර ගණන හා විවෘතව පැවති රාජ්‍ය බැංකු ශාකා
ගණන මේ වන විට ජනමාධ්‍යයට ඉදිරිපත් කර තිබෙනවා.

වර්ජනයට නායකත්වය දුන් වෘත්තීය සමිති නායකයෝ වර්ජනය සාර්ථක වූ බව කියති.

මෙතෙක් මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට මූලික හේතුව වූ සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡුා කරන්නට ඉදිරිපත් නොවූ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා එවැනි සාකච්ඡුාවකට එකඟ වී ඇති බව වෛද්‍යවරුන්ට යවන ලද ලිපිය අනුව සනාථ කරනවා.
එය තම වෘත්තීය ක‍්‍රියාමාර්ග සාර්ථක වූ බවට සාක්ෂියක් බවත් අදාළ වෛද්‍ය සංගමය බදාදා සවස පැවසුවා.

ඇතැම් වෘත්තීය සමිති නායකයින් ජනාධිපතිවරයාගේ එම ප‍්‍රතිචාරය හඳන්වාදුන්නේ තම වෘත්තීය ක‍්‍රියාමාර්ග හමුවේ ආණ්ඩුව දන ගැසීමක් ලෙසයි.
එසේම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග නිසා ජනතාව පීඩාවට පත් වූවා යැයි කියාපෑමට දෝ ආණ්ඩුවට හිතවත් ජනමාධ්‍ය සේවාව අඩාල වූ රෝහල් බැංකු හා ස්ථානාදියේ දර්ශනය සජීවීව විකාශනය කර තිබෙනවා.
ඒ ගැන නම් වෘත්තීය සමිතිනායකයින්ට සතුටු වන්න පුළුවන්.

මන්ද යත් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග සාර්ථක වූ බව දැක්වෙන හොඳම සාක්ෂිය සේවා අඩාලවීම නිසා ජනතාව පීඩාවට පත්වීමයි.

මාර්තු 1 දා පැවති වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවලින් පසුව දක්නට ලැබුණු තත්ත්වයට පසුව ඊට යහපත් ප‍්‍රතිචාරයක් රජය නොදැක්වූ නිසා මාර්තු 15 දා වෘත්තී සමිති ක‍්‍රියාමාර්ග දැඩිව අදාළ වෘත්තීය සමිති ගත් පසුව ආණ්ඩුව සාකච්ඡුා කිරීමට සිය එකඟතාවය පල කර තිබෙනවා.
ඒ අනුව ඇතැම් වෘත්තීය සමිති අඛණ්ඩව වැඩ වර්ජනය කරන්නට තීරණය කර තිබුණා.

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමිතිවල නායකයින් පැවසුවේ වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ජනතාව මුහුණ දි සිටින දුෂ්කරතා අනුව තමන් අඛණ්ඩව වැඩ වර්ජනයකට සූදානම් නැති බවය.
ඒ අනුව සනාථ වන්නේ රනිල් වික‍්‍රමසිංහ සමඟ ජනතා විමුක්ති පෙරමුණේ තිබෙන කිසියම් රහස්‍ය ගනුදෙනුවක ප‍්‍රතිඵලයක් ද යන්න පැහැදිලි නැත.
කේ. ඞී. ලාල්කාන්තා මහතා හා වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ 15 දා වැඩවර්ජනයට ආණ්ඩුව දක්වන ප‍්‍රතිචාර අනුව තමන් ඉදිරි ක‍්‍රියාමාර්ග තීරණය කරන බවයි.
නමුත් 2023 මාර්තු මාසය අවසන් වන විටත් ජනතා විමුක්ති පෙරමුණ ගත් පියවරක් නැත.

ඔවුන්ගේ වෘත්තීය සමිති රනිල්ගේ මායා යතාර්ථය සමඟ යැපෙන වෘත්තීය සමිති ව්‍යාපාරයක් ද යන්න මතු කරන ගැටලූ සහගත තත්ත්වයකි.
මේ නිසා ශී‍්‍ර ලංකාවේ වාමාංශික දේශපාලන ව්‍යාපාර සහ වෘත්තීය සමිති ව්‍යාපාරවල ඉච්ඡුාභංගත්වය ජනතාවට ප‍්‍රදර්ශනය කන සුළුය.
එසේ නම් ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ගය අදාළ ලේඛනය ජනාධිපති ලේකම් හරහා එවීමත් එය පූර්ව අවබෝධයකින් ජනතා විමුක්ති පෙරමුණ සිටියේද යන්න මෙහිදී මතුවෙන සියුම් ප‍්‍රශ්නයක් නොවේද?
අනෙකුත් වාමාංශක පක්ෂවල වෘත්තීය සමිති ප‍්‍රබලව පැවති කාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් මෙවැනි දෙයක් පැවසුවේ නම් එම සමිති එය පාවාදීමක් යන්න හඳුන්වන්නට ඉඩකඩ තිබුණි.
කෙසේ වෙතත් 15 වෙනිදා වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග සාර්ථක වූවත් නැතත් එම ක‍්‍රියාමාර්ගවලින් පසුව එම ක‍්‍රියාමාර්වලට පාදක වූ ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡුා කරන්නට ජනාධිපතිවරයා එකඟ වූ බවත් ඒ අනුව අඛණ්ඩ වර්ජන තීන්දුව තමන් තාවකාලිකව ඉල්ලා අස්කරගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණට නොවන අනෙකුත් සමිති මේ වන විට පවසා තිබෙනවා.
ජනාධිපතිවරයා හා වෘත්තීය සමිති නායකයින් අතර සාකච්ඡුාවක් පසුගිය 16 වෙනිදා සිදුවනු ඇතැයි සමිති නායකයෝ 15 දා සවස ජනමාධ්‍යයට පැවසූහ.
එවැනි සාකච්ඡුාවක් පැවැත්වුණත්, එහිදී කුමන එකඟතාවයකට පැමිණියත් වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටු කරන්නට ආණ්ඩුවට හැකිවේද යන්න සැක සහිතය.
ආදායම් මත පනවනු ලැබූ බද්ද සාධාරණ පදනමකට සකස් කළ යුතුය. පොලී අනුපාතය අඩු කළ යුතුය.
විදුලි ගාස්තු අඩකුත් අඩු කළ යුතුය.

පළාත් පාලන මැතිවරණ නියමිත පරිදි පැවැත්විය යුතුය යන්න වර්ජනයට සහභාගි වූ සමිති ඉදිරිපත් කොට ඇති ප‍්‍රධාන ඉල්ලීම් විය.
එහෙත් මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට සම්බන්ධ වූ වෘත්තීය සමිති පොදු මතයක් දරන්නේ ද යන්න සැක සහිතය.
ආදායම් මත පනවනු ලබන බද්ද මාසිකව රුපියල් ලක්ෂ 2කට වඩා ලබාගන්නවුන්ගෙන් අයකර ගත යුතු බව පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසා තිබුණා.
ඒ අනුව එම පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිතිද දරනවා ඇත්තේ එම අදහසමය.

අරගල කරන අනෙකුත් වෘත්තීය සමිති එවැනි නිශ්චිත අදහසක් දක්වා නැත.

එසේම විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් විදුලිබල ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති විශේෂයෙන් විදුලි ඉංජිනේරුවන්ගේ සමිති එකඟතාවය පල කරන්නේ ද යන්න මෙතෙක් පැහැදිලි වී නැත.
එසේම 15 වෙනිදා ක‍්‍රියාමාර්ගයෙන් පසු ගන්නා ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සියලූ වෘත්තීය සමිති එක්ව
තීරණය ගත් බවක් පෙනෙන්නට නැත.

ජනමාධ්‍යවල තැබූ වාර්තා අනුව එම සමිති ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණ ගත්තේ වෙන් වෙන්වය.

ඉල්ලීම්වලට පාදක වූ නව බදු ක‍්‍රමය, විදුලි ගාස්තු ඉහළ දැමීම පොලී අනුපාත ඉහළ දැමීම, රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහගත කිරීම ආදිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡුාවලදී එකඟ වූ කාරණාය.
මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද මෙම කරුණු ඉටුකරන්නට තමන්ට සිදු වූ බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවේදී පැහැදිලිවම කියා සිටියා.
මීට පෙර මෙරට නායකයින් නිතර කියන්නට උත්සාහ කළේ මූල්‍ය අරමුදල කොන්දේසි නොපනවන බවය.

පසුව වෘත්තීය සමිති කීපයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සූම් තාක්ෂණය ඔස්සේ කරන ලද සාකච්ඡුාවලින් පසුව රනිල් වික‍්‍රමසිංහ රජය යහපත් ප‍්‍රතිචාරයක් මේ දක්වා නැත. (2023 මාර්තු අවසන් කාලය වන විටත්*
2023 මාර්තු 19 දින සවස් වන විට ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ පාඩු ලබන සියලූම රාජ්‍ය ආයතන වසා දමන බවය.
එය ප‍්‍රවාදයක් බව සනාථ වූයේ ලාබ ලබන ආයතන විකිණීමේ කඩිනම් පියවර ආණ්ඩුව ගැනීම නිසාය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විකිණීමට ආණ්ඩුව කඩිනම් පියවර ගැනීම නිසා සමස්ථ සේවක සේවිකාවන් දීප ව්‍යාප්ත වර්ජනයකට යොමු වී තිබේ.
මේ නිසා තෙල් පිරවුම්හල් පුරා දිගු පෝලිම් ගොනු වී ඇත. තෙල් බෙදාහැරීම රට පුරා කඩාකප්පල් වී තිබේ.
වෘත්තීය සමිති දඩයම ආණ්ඩුව ආරම්භ කර ඇත.

2023 අපේ‍්‍රල් මාසය ඇරඹෙන්නේ ගමනා ගමන පහසුකම් අවම වී තිබෙන මාසයක් ලෙසය.

සිංහල අලූත් අවුරුදේදේ මිත්‍යාව හා මායාව සමඟ තවදුරටත් යැපෙනවාද යන්න මිනිසුන් තුළ මතු විය යුතු සිතිය යුතු කාල පරිච්ෙඡ්දයකට සමස්ත සමාජයම තල්ලූවෙමින් තිබේ.
ඒ අනුව මේ තත්ත්වය බැ?රුම් තත්ත්වයකට මේ වන විට තල්ලූ වී තිබෙනවා.

ජනාධිපතිවරයා ආණ්ඩුව හා වෘත්තීය සමිති අතර සාකච්ඡුා කොතරම් දුරට ඉදිරියේදී සාර්ථක වනු ඇද්ද යන්න ඉතාම තේරුම්ගත නොහැකි තත්ත්වයක මේ වන විට තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ කාරණා ඉටු කිරීමට ශ‍්‍රී ලංකාව අසමත් වේ නම් එය මූල්‍ය අරමුදල ශ‍්‍රී ලංකාව සමඟ කරන ගනුදෙනුව නවතාදැමීමට හේතු වනු ඇති බවත් එය අනෙක් අතට අනෙක් බහු පාර්ශ්වීය හා ද්වි පාර්ශ්වීය මූල්‍ය ආයතනවලට ශ‍්‍රී ලංකාව සමඟ කටයුතු කරගෙන යාමට නොහැකි
තත්ත්වයක් ඇති කරනු ඇති බවත් ඔහු එහිදී සඳහන් කළා.

විදුලිබල ගාස්තු, බදු පොලී අනුපාත, වැඩි කළේ මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව නම් එම පොරොන්දු ඉටු නොකළහොත් මූල්‍ය අරමුදල වත්මන් වැඩපිළිවෙළ අත් හරීද?
ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව ආදිය ද ශ‍්‍රී ලංකාවට දෙන්නට යන ණය නොදී හරිනු ඇත්නම් බංකොලොත් බවින් ගැලවෙන්නට ආණ්ඩුවට මූල්‍ය අරමුදලේ සහය විනා වෙනත් මාර්ගයක් දැනට නැත.
බදු විදුලි ගාස්තු හා පොලී අනුපාත සම්බන්ධයෙන් ආණ්ඩුව කෙතරම් දැඩි ස්ථාවරයක් ගනු ඇද්ද යන්න අනුමාන කරගත හැකි වන්නේ මෙවැනි තත්ත්වයක් හමුවේය.

බදු හා විදුලිගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයන් ඉදිරිපත් කරන තර්කයද ප‍්‍රබලය.

ආණ්ඩුව මෙම බදුඅය කරන්නට යන්නේ 2019 දී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව වසරකට රුපියල් කෝටි 65,000කට ආසන්න මුදලක් ආණ්ඩුවට අහිමි කරමින් මහා පරිමාන බදු කප්පාදුවක් කර තිබියදීය.
එම බදු කප්පාදුව නිසා ආණ්ඩුව බදු ගෙවන්නන් දස ලක්ෂයක් අහිමි වූ බව 2022 දින මැයි 06 වනදා එවකට මුදල් ඇමැති වූ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කර තිබෙනවා.
එසේම විදුලි ගාස්තු වැඩි කෙරෙන්නේ පුනර්ජනනීය බලශක්ති කටයුතු අඩාල කරමින් හා ප‍්‍රමාද කරමින් යැයි කීම වඩාත් නිවැරදිය.
බලශක්ති ක්ෂේත‍්‍රයේ ඉතා ප‍්‍රකට මහා පරිමාන ¥ෂණයක් ක‍්‍රියාත්මක වෙමින් තිබියදී ඒවාට වන්දි ගෙවන්නට සිදුවී ඇත්තේ රටේ පොදු ප‍්‍රජාවටය.
රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහාගත කිරීමේන් ඩොලර් බිලියන 7ක් හොයාගන්නට ආණ්ඩුව සැලසුම්කොට ඇතැයි විදේශ ඇමැති අලි සබ්රි පවසා තිබෙනවා.
රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහගත කිරීමෙන් ඒ තත්ත්වය තවදුරටත් වෙනස් වන්නේ සම්පූර්ණයෙන් වසාදැමීමට ජනමාධ්‍ය අමාත්‍යවරයා පසුගිය ඉරිදා කරන ලද ප‍්‍රකාශය නිසාය.
ආණ්ඩුවේ තීරණ විවිධ මුහුණුවරින් වෙනස් වෙමින් මේ වන විට ප‍්‍රශ්න දිගු වෙමින් තිබෙනවා.

ජනතාවට ඉතා දැනෙන නිසාත් තම වැටුපෙන් බදු වශයෙන් රුපියල් ලක්ෂ ගණනක් කැපෙන හෙයින් ඉහළ පංතියේ ජනතාව එය දැනෙන නිසාත් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ තවදුරටත් පැවතීමේ ඉඩකඩ ප‍්‍රවර්ධනය වෙමින් තිබෙනවා.
ආණ්ඩුව හා වෘත්තීය සමිති අතර බ‍්‍රහස්පතින්දා ආරම්භ වීමට නියමිතව තිබූ සාකච්ඡුා මගින් මේ ඉතා දරුණු ප‍්‍රතිවිරෝධී තත්ත්වයට තල්ලූ වෙන්නට පුළුවන් බව ද දේශපාලන විචාරකයින් පවසනවා.
මේ අනුව රට නොසන්සුන්කාරී මර්දනකාරී තත්ත්වයකට සමාජ සංස්ථා තල්ලූ වෙමින් තිබෙනවා.

බදු සම්බන්ධයෙන් සටන් කරන පිරිස් අතුරෙන් ඉහළ හා ඉහළ මධ්‍යම පාන්තිකයින් මර්දනයේදී කෙබෙඳු ප‍්‍රතිචාරයක් දක්වනු ඇත්ද යන්න සමාජයට අලූත් අද්දැකීමක් වනු ඇත.
කෙසේ වෙතත් ආණ්ඩුව හා වෘත්තීය සමිති මෙසේ ගැටෙන්නේ 1980 ජුලි වර්ජනයට වඩා වෙනස් ආකාරයකට යැයි කිව්වොත් නිවැරදිය.
එදා මෙන් නොව ආණ්ඩුවේ ජනපි‍්‍රයතාවය ඉතා දරුණු ලෙස කඩා වැටී ඇති බව පසුගිය දා ඇතැම් ජනමත පරීක්ෂණවලින් හා සමීක්ෂණවලින් පෙනී ගොස් තිබෙනවා.
එය නුදුරු අනාගතයේදී ඇති විය හැකි අවිනිශ්චිත බව තවදුරටත් අවධාරණය කරන සුළුයි.

මෙම ඉල්ලීම් අතරින් පළාත් පාලන මැතිවරණය පිළිබඳව ඉල්ලීම ඉටු කිරීමට ආණ්ඩුව දිගින් දිගටම බාධා කරමින් තිබෙනවා.
ඊට අමතව ජනතාව තුළ පවතින රජය කෙරෙහි ඉච්ඡුා බංගත්වයක් වර්ධනය වෙමින් තිබෙනවා.

මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළට බාධාවක් නොවන පරිදි ආණ්ඩුව කි‍්‍රයා කිරීම සඳහා මර්දනය ප‍්‍රවර්ධනය කරමින් සිටිනවා.
එවැනි බාධාවක් ඇති වන්නේ නම් ජනාධිපතිවරණයකින් හෝ මහ මැතිවරණයකින් ආණ්ඩු මාරුවක් ඇති වූවහොත් මූල්‍ය අරමුදලේ මුදල් පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයකට අදාළ ජාත්‍යන්තර අයි.එම්.එෆ්. ආයතනයද
තල්ලූවෙන තත්ත්වයක්ද පෙනී යන සත්‍යයක්.

ඇමරිකානු ශී‍්‍ර ලංකා තානාපතිනි ජුලී මහත්මිය ඡුන්ද පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ උත්තේජනය ආණ්ඩුවට ලබාදෙන්නේ එවැනි පරිසරයකය.

එහෙත් ආණ්ඩුව විවිධ හේතු දක්වමින් පළාත් පාලන මැතිවරණය වැලැක්වීම සඳහා උත්සාහ ගන්නේ දුරාචාර රාජ්‍යයක් ලෙසය.
ශී‍්‍ර ලංකාවේ වමේ ව්‍යාපාර ආරම්භ වන්නේ 1935 ලංකා සම සමාජ පක්ෂය බිහි කිරීමෙන්ය.

ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක ප‍්‍රකාශනවල ජාත්‍යන්තර වාදය පදනම් වූ සමාජවාදය ගොඩනැගීම ගැන එදා සඳහන්ව තිබුණා.
සමසමාජ පක්ෂය බොල්ෂේවික් සම්ප‍්‍රදාය මත පදනම් වූ විප්ලවවාදී පක්ෂයක් නොවේ.

සමසමාජයේ පක්ෂයේ පළමු බෙදීම ආරම්භ වූයේ ජාත්‍යන්තර දේශපාලනය ගැන විමසීමේලා විශේෂයෙන් සිදුවූවක් ලෙස දකින්න පුළුවන්.
ලංකාවේ වාමාංශික ව්‍යාපාරවල හැඩරුව ජාත්‍යන්තර සිතුම්පැතුම්වලට අනුව හැඩ ගැසුණු බව ඉන් නිරූපණය නොවන්නේද?
දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් ගත යුතු ස්ථාවරය කුමක්ද යන්න ඒ කාලයේදී විවාදයට ලක් වුණා.

ස්ටාලින්ගේ නායකත්වයෙන් තුන්වන ජාත්‍යන්තර මහා බි‍්‍රතාන්‍ය හා ප‍්‍රංශ කොමියුනිස්ට් පක්ෂ එකී රටවල අධිරාජ්‍යවාදී ආණ්ඩුවලට සහයයෝගය පළ කිරීමේ පිළිවෙතක් ඒ වන විට ඔවුහු අනුගමනය කළහ.
ඊට සමගාමීව සෝවියට් දේශය හා බි‍්‍රතාන්‍ය ඇතුළු මිත‍්‍ර පාර්ශ්වවීය සමඟ සහයෝගය දැක්වීමට ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය ගනු ලැබූ ස්ථාවරය සමඟ ඔවුන් අධිරාජ්‍ය විරෝධී අරගලයෙන් එදා ඈත් වුණා.
තුන්වන ජාත්‍යන්තරයේ පිරිහීම ගැන සමාසමාජ පක්ෂය අභ්‍යන්තරයේ විවාද ඇති වූයේ එය උග‍්‍ර තත්ත්වයට පත් වූයේ 1939 දෙසැම්බර් මස ලෙස්ලි ගුණවර්ධන විසින් සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් පසුවය යැයි කීම වඩාත් නිවැරදිය.
එම යෝජනාව මෙසේය.

‘‘පළමුවන කම්කරු රාජ්‍යය වන සෝවියට් සංගමය වෙත අප පක්ෂය සිය සහයෝගය පළ කරන අතරම ජාත්‍යන්තර විප්ලවකාරී කම්කරු ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීමට තුන්වන ජාත්‍යන්තරය අපොහොසත් වී ඇති හෙයින් ජාත්‍යන්තරය කෙරෙහි සමසමාජ පක්ෂයේ විස්වාසයක් නොමැත්තේය’’ යනුවෙන් සඳහන් වන්නේ ලංකා සමසමාජ පක්ෂයේ කෙටි ඉතිහාසය පිළිබඳව ලෙස්ලි ගුණවර්ධනගේ සටහනක් අනුවය.
ලෙස්ලිගේ මෙම යෝජනාවට පක්ෂව එදා ඡුන්ද 25ක් ලැබී තිබුණා. පස් දෙනෙක් විරුද්ධව ඡුන්දය පාවිච්චි කර තිබෙනවා.
යෝජනාවට විරුද්ධව ඡුන්දය පාවිච්චි කළ අය අතර එස්. ඒ. වික‍්‍රමසිංහ, එම්. ජී. මෙන්ඩිස්, කේ. රාමනාදන්, ඩබ්. ආරියරත්න හා ගුණසේකර යන අය ඊට ටික දිනකට පසු සමසමාජ පක්ෂයෙන් නෙරපා හරිනු ලැබුවා.
වමේ ව්‍යාපාරයේ බෙදීම සිදුවූ ආකාරය නැවත නැවතත් ලාංකික වාමංශික දේශපාලන ව්‍යාපාරය දෙස බැලීමේදි පෙනී යන සත්‍යයක්.
මෑත යුගය වන විට ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ දේශපාලන නායකයින් තුළින් පෙරටුගාමී පක්ෂය බිහි වුණා.
ඊට අමතරව මේ වන විට තවත් පක්ෂ බිහිකරගෙන යැපෙන තවත් කණ්ඩායම් ඒ අතර වෙනවා.

දේශීය අනන්‍යතා සීමාවලින් ඔබ්බට ගොස් ජාත්‍යන්තරවාදී වර්ධනයන් ගැන ඇති වූ ඉතිහාසයේ බෙදීම ඓතිහාසික වශයෙන් සඳහන් කිරීම මේ මොහොතේ ඉතා වැදගත් වන්නේ එදා ඔවුන්ගේ කාර්යභාරය තුළ රටට අත් වූ පොදු අරමුණු ඉතාම සුලූ වන නිසාය.
නමුත් ඇතැම් අවස්ථාවලදී රටේ කඩඉමට බලපාන බොහෝ දේවල් සිදු වී තිබෙනවා.

එය අගය කළ යුතු අවස්ථා තිබෙනවා.

ඒ අගය කළ යුතු අවස්ථාවන්වලදී මතු අනාගතයේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

වික‍්‍රමසිංහ හා මෙන්ඩිස් සහෝදරවරුන් වෙනත් නම්වලින් ටික කලක් කටයුතු කර ලංකා කොමියුනිස්ට් පක්ෂය පසුකාලීනව බිහි කළා.
ලංකාවේ වමේ ව්‍යාපාරය ප‍්‍රධාන වශයෙන් ගුරුකුළ දෙකක් මත එනම් ප්‍රොට්සිවාදය හා ස්ටැන්ලිවාදය යනුවෙන් ආරම්භ වූයේ ඉන් පසුවයි.
එම කාලීනව ඇති වූ දේශපාලන පරිසරය තුළ නව සමසමාජ පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පසුකාලීනව බිහිවුණා.
මේ ගුරුකුළ හරහා බිහි වූ දේශපාලන පක්ෂවලින් පසුව කුඩා ඒකක වශයෙන් බලය ලබාගැනීමේ කෑදරකම මත තව තවත් දේශපාලන පක්ෂ බිහි වී තිබෙනවා.
නමුත් ඒ සියල්ලකින් රටට සිදුවූ යහපතක් නැත.

මොනතරම් රට පුරා උද්ඝෝෂණ කළත් ඒ උද්ඝෝෂණ පෙරළා දෛනිකව පීඩාවට පත් කරන්නේ පොදු ජනතාවය.
නමුත් බලයේ සිටින ආණ්ඩු හෝ වෙනත් ධනපතීන්ට බලපාන විදියට වෘත්තීය සමිති ව්‍යාපාර මෙහෙයවීමට අසමත් ලංකාවේ වාමාංශක හා රැුඩිකල් දේශපාලන පක්ෂ මේ වනතුරුත් වසර 75ක් පුරාත් මායා යතාර්ථය සමඟ යැපෙමින් ඔවුනොවුන් ජීවත් වෙති.
83 ජුලි වර්ජනය තුළ මේ රටේ ජන ජීවිත හා වර්ජකයින් ඉතාම ඛේදනීය තත්ත්වයකට පත් කළ වෘත්තීය සමිති ව්‍යාපාර රට තුළ සනාථ කළේ හුදෙක් ඉච්ඡුා භංගත්වය පමණි.
රනිල්ගේ මායා යතාර්ථය සමඟ යැපෙන වර්තමාන දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති ව්‍යාපාර සනථ කරමින් සිටින්නේ ද ඉච්ඡුා භංගත්වය පමණි.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න