නිදහස වගකීම පෙරදැරිව කි‍්‍රයා කිරීම රාජ්‍ය නායකයෙකුගේ වගකීමයි.
ඒ වගකීම ඉටුවීමට නම් රාජ්‍ය නායකයා සමස්ත ජනතාවගේ සහ පාලන පැලැන්තියේ සාමුහික පරිකල්පනයේ පරිවර්ථනයක් උදෙසා සිය දේශපාලන නායකත්වය ලබා දිය යුතුයි.
නමුත් වර්ථමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරීම හා භාවිතය නිසා පොදු සමාජය සමාජ පාදඩකරණය දක්වා මේ වන විට දිගු වෙමින් තිබේ.
යාචකයින්, අපරාධකරුවන්, කුලියට මිනී මරන්නන්, ගණිකා වෘත්තිය ආශ්රයෙන් ජීවත් වන්නන්, තැබෑරුම්වල හා ඔට්ටුපොළවල සේවය කරන්නන්, මංපහරන්නන් හා ස්තී‍්‍ර ¥ෂකයින් මංකොල්ලකරුවන් පාදඩ කරණයේ අපේ සමාජ ඉතිහාසයයි.
නමුත් වර්ථමාන පාදඩ කරණය රාජ්‍ය අංශයේ නිලධාරින්ගේ සිට පොදු සමාජය දක්වා පාදඩකරණ ප්‍රබල සාක්ෂි සමාජය තුළින් ඉස්මතු වෙමින් තිබෙනවා.
මානව සමාජ පද්ධති කාරණාවන්හි ගොඩනැගෙන පාදඩ සමාජ කි‍්‍රයාවලියන් තුළින් ඇති කරන සමාජ විෂමතාවයන් කොතෙක්දැයි සීමා කිරීම අපහසුයි.
රටේ ආණ්ඩුක්රමයේ මහා අවුලක් තිබෙනවා යන්න පොදු ජනතා මතයයි.
ආර්ථික අර්බුදය හමුවේ සමාජය ගිලගනිමින් තිබෙන සමාජ වටපිටාවක රාජ්‍ය නායකයා පහත් මට්ටමේ හැසිරීම තුළින් අනුගාමිකයින්ට පාදඩකරණ හැඩතල හා ගමන් මග කෙරෙහි තීරණාත්මක සංදේශයක් ලබාදී
තිබෙනවා.
එහි ප්‍රතිඵල වශයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයින් විනිශ්චයකරුවන් හා ජන අරගලකරුවන් පිළිබඳව පීඩාකාරී විවේචන ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන් කරගෙන යන සමාජ පසුබිමක් මේ වන විට සකස් වී
තිබෙනවා.
ගැඹුරුන් විමසා බලන විට ලංකාවේ සමාජය තුළ රාජ්‍ය නායකයින්ගේ හැසිරිම හා භාවිතය පොදු සමාජයේ මානව ජීවිත අවුල් කිරීමට සමත් වී තිබෙනවා.
පාදඩකරණය නමැති ක්‍රියාවලියට හසුවී විකෘති නොවී ඉතිරි වී ඇති දෙයක් නැති තරමට හැම දෙයක්ම විකෘති වෙමින් යන වර්තමානයක් අද අපට දකින්නට ලැබෙනවා.
දේශපාලනයේ සිට ආගම, ධර්මය හා කලාව සාහිත්‍ය දක්වා මේ විකෘති කරණය අන්තර්ගත වෙමින් තිබෙනවා.
දේශපාලකයා හා පාදඩයා අතර ද පැවිද්දා හා පාදඩයා අතර ද වෘත්තිය වේදියා හා පාඩදයා අතර සේම කලාකාරයා හා පාදඩයා අතර ද වෙනසක් හඳුනාගත නොහැකි තරමට සියලූ දෙනා ලාංකික සමාජයේ මිශ්‍ර වෙමින් පවතින සංස්කෘතියක් ගොඩනැගෙමින් තිබෙනවා.
බොහෝ විට කියවන්නට අසන්නට දකින්නට ලැබෙන්නේ පාදඩකරණය නමැති ක්‍රියාවලියේ සියලූ ගති
ලක්ෂණ අන්තර්ග්‍රහණය වන සංස්කෘතියක්.
පවතින දේශපාලන යථාර්ථයන් මුළුමනින්ම පරිභාහිරව මේ ගණයට වැටෙන සුලූයි.
කියන්නට, දකින්නට සමාජයේ ඇතිවී තිබෙන මේ විකෘති මානසිකත්වය උග්‍ර කිරීමට හා උත්තේජනයක් පසුග ිය දිනවල ජනාධිපතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී ක්‍රියා කළ නිසා මේ තත්ත්වය දිගින් දිගටම වර්ධනය වෙමින් සමාජ විකෘතිකරණයක් කරා තල්ලූ වෙමින් තිබෙනවා.
පවතින සමාජ දේශපාලන යථාර්ථය හොඳින් ග්රහණයකොට ගෙන ඒ පිළිබඳව මනාව අධ්‍යයනය කරන්නෙකුට මේ සමාජ දේශපාලන පාදඩකරණය මතුවීම ගලායාම දකින්නට පුළුවන්.
සමාජ දේශපාලන යථාර්ථය ඉතා ප්‍රබල හා කලාත්මක ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට ද අනුගාමිකයින් සමත් වෙමින් දිගු වෙමින් යන සමාජ පාදඩකරණයක් දකින්නට ලැබෙනවා.
උගතෙකු නාට්‍යකරුවෙකු හැම දෙයක්ම දෙසම දේශපාලන කෝණයකින් බලන්නට උත්සාහ කරමින් ප්‍රතිපත්තිගරුක විද්වතකු ලෙස සැලකිය හැකි චරිත බොහෝ විට දුර්ලභ වෙමින් තිබෙනවා.
දේශපාලනඥයින් හා දේශපාලන පක්ෂවල අනුගාමිකයින් මන්දමානසික හැසිරීමක නිරත වෙමින් තිබෙන පරිසරයක් දැනට දකින්නට ලැබෙනනවා.
එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීම පිණිස කුලි වැඩ කරන්නෙකුට ජීවත්වීම ඉමහත් අභියෝගයක් බවට පත් වී තිබෙනවා.
ඒ නිසාම වීදි සටන් විවේචනාත්මක සමාජ එකතුවීම් කැරලි හා කැරලි මර්දනය කරන රාජ්‍ය හමුදා සහ පොලිසියේ හැසිරීම් ඉතාම පහත් මට්ටමකට තල්ලූ වෙමින් තිබෙනවා.
ඒ පිළිබඳ කිසියම් විවේචනයක් උද්ගතවෙමින් තිබෙන පරිසරයක් හමුවේ මානව හිමිකම් කොමිසම හමුවේ විභාග කරන කටයුතුවලට බලපෑම් කරන මන්ද මානසික උගතුන්ද දකින්නට ලැබෙනවා.
දේශපාලන පෙළඹවීම් හා මඟපෙන්වීම් යටතේ රාජ්‍ය දුරාචාරය ඔපවත් කිරීමට එය ස්ථාවර කිරීමට මැදිහත් වන නීතිඥයින් සහ ගුරු දෙගුරුන් ද නැතුවා නොවේ.
දේශපාලකයා ගමන්ගත් වාහනයට හා උත්සවයක් සඳහා ඉදිරිපත් වන විවෘත කිරීම්වලට එක්වීමට නොහැකි සමාජ පරිසරයක් මේ වන විට වර්ධනය වෙමින් තිබෙනවා.
පොදු මහජනතාවගේ එකම අවිය වී ඇත්තේ හූ කියා අදාළ දේශපාලනඥයින් පළවා හැරීම පමණයි.
දරිද්‍රතාව සේම ඊටත් වඩා කුලපීඩනය ද සමාජය තුළ මුල්බැසගත් ගැටලූ සහගත තත්ත්වයන් හමුවේ තවදුරටත් ඊට විකල්ප සමාජ ක්‍රියාමාර්ග මතු නොවන පරිසරයක් තුළ සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා පෙළඹෙන බහුතරයක් රට තුළ වර්ධනය වෙමින් සිටිනවා.
අනියම් සම්බන්ධතාවයන් තුළින් අමාත්‍යවරුන්ගේ වරප්‍රසාද සඳහා සිය බිරිඳ අදාළ අමාත්‍යවරුන්ට රාජ්‍ය පරිපාලන සේවයේ ඉහළ පුටුවලට ලබාදෙන නිලධාරි පැළැන්තියක්ද මේ වන විට ගොඩනැගෙමින් තිබෙනවා.
මෙවැනි පරිසරයක් තුළ පවුල් සංස්ථාව තුළ එකිනෙකාට කතා නොකරන සදාචාර විරෝධී පරිසරයන් ඉස්මතු වෙමින් දකින රඟපෑම් සහිත පවුල් සංස්ථා සංවර්ධනය වෙමින් තිබෙනවා.
පොදු යහපතට අදාළ කරන දේවල් කිරීම අත්හැරීම සඳහා සමාජයේ පුරවැසියන් පෙළඹෙමින් සිටිනවා.
එය බොහෝ විට පොදු සමාජයේ පිළිකුලට භාජනය විය හැකි කරුණක් වූවත් ඊට ඍජුව ප්‍රතිචාර දක්වන්නේ නැති නිහඬ සමාජයක් සමාජගත වෙමින් තිබෙනවා.
සිය බිරිඳව කැමැත්තෙන් ව්‍යාපාරකයින්ට හෝ දේශපාලන අමාත්‍යවරයකුට ඉහළ පැලැන්තියට ලබාදීමේ කෙළවර ඛේදවචාකයකින් කෙළවර වන බව අදාළ ස්වාමිපුරුෂයා දැන දැනම සිය භෞතික අවශ්‍යතාවයන් වෙනුවෙන් ඒ සඳහා පාවාදෙන රටාවක් මේ තුළින් ඉස්මතු වෙමින් තිබෙනවා.
මේ ප්‍රබල හා අනුවේදිනීය චරිත නිරූපණය නිහඬව බලා සිටින සමාජ ඒකකද දකින්නට ලැබෙනවා.
ඇතැම්විට දේශපාලන අච්චුවලින් පාටවලින් ගොඩනැගුණු සංස්කෘතිය දියවෙන පරිසරයක් ද මේ තුළ
තවදුරටත් දකින්නට ලැබෙන සුලූයි.
සූරාකෑමේ සමාජ වටපිටාව සීමාසහිතකම් තුළින් ජයගැනීමට පිම්පි මානසිකත්වය සමාජගත වෙමින්
තිබෙනවා.
සමාජ පාදඩකරණය නමැති සංකල්පයන් තුළින් අපට තේරුම්ගැනීමට සිදුවී ඇත්තේ කුමක්ද?
වර්තමාන සමාජ දේශපාලන යථාර්ථය නිවැරදි ලෙස තේරුම්ගැනීම සඳහා වැදගත්, යහපත් දේශපාලන සංස්කෘතියක් සංවර්ධනය වෙන නිමිති පේන මානයක නැති තරම්.
නීති උල්ලංඝණයට වර්තමාන සමාජය බය නැති පරිසරයක් මේ නිසා උද්ගත වී තිබෙනවා.
පොදුවේ අඩු උගත්කමක් ඇති පහත් රසඳතාවයක් ඇති අය බොහෝ විට දේශපාලනඥයන්ගේ ඇම්බැට්ටයන් ලෙස යැපෙන තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් තිබෙනවා.
ඔවුන්ගේ ආර්ථික වශයෙන් ඔවුන් දියුණු ප්‍රගතියක් අත්කරගෙන තියෙනවා.
කලූ ආර්ථිකයක් හා එවැනි ජීවන මාර්ගයක් ආරම්භ වූයේ 1977ට පෙර කාලයේ කියල කියන්න පුළුවන්ද?
77 න් පසු කාලයේදී ආර්ථිකයට හිමි වූ පංගුව සේම එවැනි ආර්ථික මාර්ගවලින් මිශ්‍ර ආර්ථිකයක් තුළ යැපෙන අයගේ ප්‍රමාණය වර්ධනය වන පරිසරයක් ගොඩනැගුනා.
ආර්ථිකය සේම කළු ආර්ථිකයෙන් යැපෙන අයගේ ප්‍රමාණය ද සීඝ්‍ර ප්‍රසාරණය වීමක් ආරම්භ වන්නේ ජේ. ආර්. ජයවර්ධන පාලන තන්ත්රය තුළින්ය.
විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමයක් ඇති කරගැනීමෙන් පසු මැරවරයෝ පංගුකාරයන් පිරිසක් බවට පත් කරගනු ලැබූ බව රහසක් නොවේ.
එවැනි සමාජ නායකත්වයක් දුන් ප්‍රධාන පුද්ගලයා ජේ. ආර්. පාලන කාලයේ සිටම රනිල් වික්‍රමසිංහගේ කාර්යභාරය සුලූ පටු නොවේ.
රනිල් වික්‍රමසිංහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා වශයෙන් ක්‍රියා කළේ ගෝනවල සුනිල්ය. ඒ පිළිබඳව අප වෙනම සාකච්ඡුාවට බඳුන් කරපු අවස්ථා අපමණ තිබේ.
ඒ නිසා ඒ පිළිබඳව මේ මොහොතේ කතා කිරිම අවශ්‍ය නැතැයි අප සලකනවා.
රාජ්‍යයේ අවශ්‍යතාවය වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව මැරවරකම් කරන මැරවර සමාජ සංස්කෘතිය තුළින් රාජ්‍යයේ අවශ්‍යතා මැරකම්වලදී පමණක් නොව තමන්ගේ පෞද්ලික අවශ්‍යතාවයන් සඳහා ද මැරකම් සඳහා ඔවුනොවුන් යොදාගත් අවස්ථා අප කොතෙකුත් ඉතිහාසය පුරා දකින්නට පුළුවන්.
විවෘත ආර්ථික ක්‍රමය ආර්ථිකයේ නිෂ්පාදන අංශයට තිබුණු ප්‍රමුඛත්වය අහෝසි කොට සේවා අංශයේ විශාල ප්රසාරණයක් ඇති කිරීම එහි දිගුව වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ තවත් සංඛේතයක් බඳු නොවේද?
සංචාරක කර්මාන්තය ආර්ථිකයේ වැදගත් අංශයක් බවට පත් වූවත් ඒ තුළින් ගොඩනැගුණු පාදඩ සමාජ සංස්කෘතිය මුහුදු බඩ හා ගම් නියම්ගම් හරහා දීප ව්‍යාප්ත වූ බව පොදු සමාජය දන්නා කරුණක්.
සංචාරක කර්මාන්තය ආර්ථිකයේ වැදගත් අංශයක් වූවත් සංචාරක මග පෙන්වීම වෙරළබඩ තීරයේ ජීවත් වන
තරුණයන්ගේ ජනප්‍රිය රැුකියා මාර්ගයක් බව ඔබ දන්නා සත්‍යයක්.
වර්තමාන ඩොලර් ප්රශ්නය හමුවේ සංචාරකයින් වැඩි වැඩියෙන් ගෙන්වා ඔවුන්ට විශාල සහන ලබාදෙමින් වර්තමාන රජය සිදු කරන සමාජ ව්‍යවසනය මේ වන විට බුද්ධිමත් උගත් හෝ පූජ්‍ය පක්ෂය කට අරින්නේ නැති තරම්ය.
සංචාරක ව්‍යාපාරය ආශ්‍රියෙන් ගණිකා වෘත්තිය සීග්‍ර ව්‍යාප්තියක් ඇති කරන සුලූය. මත්ද්‍රව්‍ය භාවිතය ද සීග්‍රයෙන් වර්ධනය වන සුලූය.
පරණ බූරුපොළ වෙනුවට නවීන සූදුපොළ ඇතිවීම තවත් පැත්තකි.
මේ සියල්ලක් සමාජයේ පුරවැසියන්ගේ ජීවන මාර්ග බවට පත්වන බවත් සත්‍යයක්. නමුත් ඒ තුළින් ඇති කරන සමාජ බලපෑම ඉතාම කනගාටුදායක තත්ත්වයක්.
කැෂිනෝ ව්‍යාපාරය කොළඹ කේන්ද්‍රකරගෙන මේ වන විට මහ පරිමානයෙන් ව්‍යාප්තවීමට කටයුතු සංවිධානය වෙමින් පවතිනවා.
නවීන සූදුපොළවල් තුළින් ඇති කරන මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී ¥ෂණ සංස්කෘතිය බෞද්ධ සංස්කෘතියට එකඟ නොවන පැත්තක්.
නමුත් ශ්‍රී ලංකාවේ පූජ්‍ය පක්ෂය ඒ සඳහා දැඩි නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන පරිසරයක් ව්‍යාප්ත වෙමින් තිබෙනවා.
ධනවතුන් බවට කෙටි මාර්ගවලින් පත් වී ඔවුන්ගේ ක්‍රියාකාරකම් කලූ ආර්ථිකයේ වේගවත් ප්රසාරණයක් ඉදිරියේදී ඇති කිරීමට මතු වන ප්‍රවණතාවය ලාංකික සමාජයේ මතු දියුණුවද?
1977ට පෙර පැවති ක්‍රමය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජය සමඟ ව්‍යාපාර පවත්වාගෙන යෑමට අවස්ථා නොතිබුණි.
එසේ කිරීමට ඔවුන්ගේ මන්ත්‍රීකම අහිමි කිරීමට හේතු වන බලවත් වරදක් ලෙස අදාළ නීති සම්පාදනයේදී
තිබුණි.
මන්ත්‍රීවරුන්ට පනවා තිබුණු ඒ සියලූ තහංචි නව ක්‍රමය විසින් ඉවත් කරන ලද අතර මත්පැන් බලපත්‍ර, දැව ප්‍රවාහන බලපත්‍ර, මගී ප්‍රවාහන බලපත්‍ර, වැලි බලපත්‍ර මේ වන විට පළාතේ මන්ත්‍රීවරුන් හා දේශපාලන හෙංචයියන් ඉලක්ක කරගෙන ආණ්ඩුවේ පැවැත්ම රැුක ගැනීම සඳහා පාක්ෂික සංවර්ධනය කරන සංස්කෘතියක් දියත් වී තිබෙනවා.
තැබෑරුම්කරුවන්, දැව කොන්ත්‍රාත්කරුවන්, බස් මුදලාලිලා තව තවත් මේ තත්ත්වය හමුවේ වර්ධනය වන පරිසරයක් මතු කාලයේදී ගොඩනැගෙනු ඇත.
මේ නිසා ජේ.වී.පී. දෙවැනි කැරැුල්ල දේශපාලකයින් හා අපරාධකරුවන් අතර පැවති සහසම්බන්ධය වඩා විශාල ප්‍රමාණයකින් පුළුල් කොට එය පහසුවෙන් වෙන් කළ නොහැකි ගල්ගැසුණු දෙයක් බවට ඉතිහාසය
තුළ පත්වුණා.
දේශපාලකයින්ට එල්ල වී තිබුණු මරණ තර්ජන ඉදිරියේ ඔවුන්ට අවශ්‍ය කරන ආරක්ෂාව පොලිසිය හා නිල ආරක්ෂක හමුදා මගින් ලබාදීමට නොහැකිවීම හේතුකොටගෙන ආරක්ෂාව සඳහා තමන්ගේම අතුරු හමුදා පවත්වාගෙන යෑමට දේශපාලකයින්ට ඉඩ දෙන සංස්කෘතිය නැවතත් වර්ධනය වෙමින් තිබෙනවා.
දේශපාලකයින්ට ඉඩ දෙන ලද එම අතුරු හමුදාවලට අවශ්‍ය අවි හා උණ්ඩ රජය මගින් ලබාදෙන ලද පරිසරය උණ්ඩ රජය විසින් ලබාදෙන අතර අතුරු හමුදාවල සාමාජිකයින්ට අවශ්‍ය අවි පුහුණුවද පසුගිය කාලය තුළ නොඅඩුව මැරයින්ට ලබාදී තිබුණි.
මෑතක අරගලවලට පොලිසිය හා හමුදාව ඉදිරියේ එවැනි මැර කණ්ඩායම් පුරෝගාමීන් ලෙස හැසිරෙමින්
තිබීම තුළින් හමුදා හා පොලිසියේ මාධ්‍ය ප්‍රධානින් පවසන්නේ ඔවුන් ඒ සම්බන්ධ කරුණු නොදන්නා බවය.
දේශපාලකයින්ගේ අවශ්‍යතා අනුව පාදඩ අතුරු හමුදාවල සේවය ආවේ සාමාන්‍ය මිනිසුන්ට වඩා ප්‍රදේශයේ නම ගිය අපරාධකරුවන්ගේ වටපිටාව තුළින්ය.
විමසිල්ලෙන් මේ පිළිබඳව බලනකොට පෙනී යන කරුණක් නම් දේශපාලන බලවතාගේ ආරක්ෂාවට ක්‍රියා කරන පිරිසක් මේ වන විට එක් වෙමින් තිබෙන බව දකින්නට ලැබේ.
නාගරික ප්‍රදේශීය මට්ටමේ පොලිසිවලට අදාළ පාදඩයින්ගෙන් සිදුවන අපරාධ ක්‍රියා ගැන සොයා බැලීම අත්හැරීමට මේ නිසා සිදුවී තිබේ.
පොලිසියත් අදාළ දේශපාලනඥයින්ගේ මැර හමුදා සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන තත්ත්වයකට පත් වෙමින් තිබේ.
පොලිසිය ඒ අපරාධකරුවන් කරන අපරාධ ඉදිරියේ ඇස්වසාගෙන සිටින ප්‍රතිපත්තිය හමුවේ සමාජ පාදඩකරණය සංවර්ධනය වෙමින් තිබේ.
නිල පොලිසිය කෙරෙහි අපරාධකරුවන් තුළ පැවති නීතිගරුක භාවය ඉවත් වී තිබේ. මුළුමනින්ම ලාංකික මිනිසා නැති වී යන තත්ත්වයක් දකින්නට ලැබේ.
අපරාධකරුවෝ දේශපාලන රැුකවරණය ඇතිව සුපිරි අපරාධකරුවන් බවට පත් වෙමින් සිටිති.
නීතිය කෙරෙහි ඇති කරගන්නා බියකින් තොරව ඔවුහු මංකොල්ලකෑම් මිනීමරුම් හා ස්ත්‍රී ¥ෂණ බහුලව මේ වන විට සිදු කරමින් සිටිති.
කප්පම්ගැනීම, මත්ද්‍රව්‍ය වෙළෙඳාම ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ග බවට පත් වී තිබේ.
මේ තත්ත්වය පිළිබඳව බුද්ධිමතුන් ක්‍රියාකාරී සමාජ සංදේශ ඉදිරිපත් කළ යුතු අවදියක පසුවන බව අප කවුරුත් අමතක කළ යුතු කාර්යයක් නොවේ.
සමාජයේ සැලකිලි ලබන වැදගත් පිරිසක් බවට පත්වී සිටින විද්වතුන් දේශපාලනඥයන්ගේ හා මැරයන්ගේ පාදඩකම් හමුවේ තවදුරටත් පොදු සමාජය නිහඬව සිටිය යුතුද?
දේශපාලනඥයාගේ අඳින ඇඳුම්වලට සමාන සේ ඇඳුම් සකස් කරගෙන ඔවුන් සමාජගත වෙමින් තිබේ. අධික මිල සහිත සුඛෝපභෝගී යාන වාහන මේ මැරයන් පරිහරණය කරමින් තිබේ.
මෙසේ මේ අදාළ පුද්ගලයින්ට තිබෙන මැර බලයට අමතරව ධන බලය හා දේශපාලන බලය නිසා ඔවුහු ආගමික නායකයින්ගේද විද්වතුන්ගේද, ජනමාධ්‍යවේදීන්ගේද, කලාකරුවන්ගේද ගරු සැලකිලි ලබන පිරිසක් බවට මේ වන විට පත්වී තිබේ.
ඇතැම් විට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සම්මාන ද ප්රදානය වෙමින් තිබේ.
රටේ ගොඩනැගී තිබෙන මෙම රස්තියාදුකාර වටපිටාව තවදුරටත් ශක්තිමත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ ප්‍රකාශ නිසා සමාජ මනස විකෘති කිරීමට හේතු සාධක වී තිබේ.
ප්රචණ්ඩ ක්‍රියාකාරකම් හා ඒවා මර්දනය කිරීම සඳහා කි‍්‍රයාත්මක වූ ප්රචණ්ඩ අරගල එක දිගට දසක තුනකට ආසන්න කාලයක් උතුර නැගෙනහිර පැවති බව ඔබත් මාත් දන්නා සත්‍යය කරුණක්.
මිනිසුන්ට ජීවත්වීමට එදා තිබුණේ බෝම්බ බියකි.
මිනිසුන් මැරීම හා අතුරුදන් කිරීම දෛනික ජීවිතයේ සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණු බව අදාළ අත්දැකීම් දන්නා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මතයයි.
මිනිසුන් මරාදැමීම පිණිස තුවක්කු අතට ගත් එසේ කිරීම ජීවන මාර්ගයක් බවට පත් කරගත් නිල හා නිල නොවන ආරක්ෂක හමුදාවන්ට අයත් පුද්ගල සංඛ්‍යාවේ විශාල ප්රසාරණයක් මේ වන විට ඇතිවෙමින් තිබේ.
හමුදා සේවය ග්‍රාමීය දුප්පතුන් අතට ධනය ගලා යන මාර්ගයක් බවට පත් වී තිබේ.
හමුදා සේවය ග්‍රාමීය දුප්පතුන් අතට ගලා එන වැදගත්ම මාර්ගය එසේ වූවත් ඇත්තටම ආරක්ෂක හමුදාවන් රටේ දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවය අනුව කඬේ යන සමාජ වටපිටාවක් සකස් වෙමින් තිබේ.
මේ සම්බන්ධව පැහැදිලිව තේරුම්ගත යුතු බුද්ධිමත් සමාජ දේශපාලන ව්‍යාපාර වැඩි වැඩියෙන් දිගු වීමේ අවස්ථාව අදාළ විද්වතුන් පැහැදිලි කළ යුතු කරුණු කාරණාය.
ආරක්ෂක හමුදාවන්ට හෝ ප්රචණ්ඩ දේශපාලන ව්‍යාපාරවලට එකතු වන්නන්ගෙන් කිසියම් පිරිසක් හමුදාවන්ගෙන්ම හෝ එම ව්‍යාපාරවලින් පැන විත් නීතිවිරෝධ ජීවිත ගත කරන්නන් බවට පත්වීමද සිදුවෙමින් තිබේ.
අපරාධ කල්ලිවලට එකතු වෙමින් අපරාධකරණයෙන් ඇති වූ සීග්‍ර වර්ධනය පිළිබඳව මනා පසු විමසුමක් හෝ පශ්චාත් පරීක්ෂණ රට තුළ ඇණ හිටමින් තිබේ.
රාජ්‍ය ද රටේ දේශපාලන පක්ෂ ද වැඩි වශයෙන් අපරාධකරුවන් මත හා අපරාධකාරී පසුබිමකින් පැවත එන ධනවතුන් මත යැපෙන තත්ත්වයක් ඇති වී තිබේ.
අද සියලූ ප්‍රධාන දේශපාලන පක්ෂ යැපෙන්නේ කලූ සල්ලිකාරයන්ගෙන් ලැබෙන කලූ සල්ලිවලින් යැයි කිව්වොත් වඩාත් නිවැරදියි.
එල්ටීටීඊය යුධමය වශයෙන් පරාජය කරනු ලැබුවද දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ප්රචණ්ඩ අරගල පැවති වටපිටාව තුළ ගොඩනැගී තිබූ ¥ෂිත හා රස්තියාදුකාර වටපිටාව සේම ආණ්ඩුක්රමයේ පැවති හා පැවතින විකාරරූපී ස්වරූපය ද ප්රතිසංවිධානයකට ලක් කිරිම ඉතාම වැදගත්.
විකෘති වී තිබෙන සමාජ මනස ප්‍රකෘතිමත් කිරීමත් වෙනුවට ¥ෂිත බව ප්‍රතිපෝෂණය කරන රාජ්‍ය දැනට සිදුවෙන මානයන් දකින්නට ලැබෙන සුලූයි.
වෙනදා රටට හෙරොයින් ආවේ කුඩා ප්‍රමාණ වලින්ය. දැන් ඒවා එන්නේ කන්ටේනර්වලිනිය.
ලොකුම විදේශ ආයෝජකයන් බවට පත්ව සිටින්නේ කැෂිනෝ ව්‍යාපාරිකයින්ය.
ඒ නිසා මේ පිළිබඳව තවදුරටත් කතා කළ යුතු සමාජගත යුතු කරුණු කාරණා අප්‍රමාණව ඇත.
මේ පදඩකරණය නිරන්තරයෙන්ම නිර්මාණාත්මක ගුණයෙන් නිර්මාණය කරන්නේ පාලක පක්ෂයේ දේශපාලන දෘෂ්ඨිමය අවස්ථා සඳහාය.
සමාජයේ නිල සහ නිල නොවන මට්ටමේ සමාජ පාදඩකරණයක් ද දකින්නට ලැබේ.
ජනමතය යනු එක් එක් මත වල එකතුවක් නම් බව එහෙත් ජනමතය පුපුරා යාමේ සමාජ පරිසරය ආණ්ඩුව විසින්ම ගොනුකරමින් ඒ සඳහා පසුබිම සකස් කරමින් තිබෙන බව පවතින ආණ්ඩුව තේරුම්ගත යුතුය.
ආර්ථික අර්බුදය, වර්ජනය විරෝධය, රට පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
ප්රජාතන්ත්රවාදය, ඡුන්ද අයිතිය, අරගලකරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගරු අධිකරණය ඉදිරියේ පෙනී සිටිති.
සාධාරණත්වය නෛතිකවාදය පිළිබඳ වාද විවාද වලට ඔවුහු සහභාගි වෙති.
පසුගිය වසර 50 ඇතුළත වැඩිම වාර ගණනක් ශ්‍රී ලංකාවේ අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ, වර්තමාන ජනාධිපතිවරයාය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගවිනිසුරුවරයා අතින් රනිල් වික්‍රමසිංහට සම්මාන ප්‍රධානය කළේ පසුගිය කාලය
තුළදී ලාංකික සමාජය පාදඩකරණය උත්තේජනය සඳහා වික්‍රමසිංහගේ තක්සේරුව දායකත්වය සඳහාද යන ප්රශ්නය දිවයින පුරා සිටින ප්‍රජාව එකිනෙකාගෙන් ප්‍රශ්න කරගනිති.
ශ්‍රී ලංකාවේ යුක්තිය පසඳලීම සඳහා නිල වශයෙන් සිටින ප්‍රධාන පුරවැසියාව ශ්‍රී ලංකා නීතිඳ සංගමය තෝරාගැනීම තුළින්ම සනාථ කරන්නේ ලාංකික සමාජය පාදඩකරණයේ කඩඉමක්ද? යන්නයි.
සමාජ පාදඩකරණයේ සුපිරි ව්‍යාපාරිකයන් යන්නේ දුරාචාර කැෂිනෝ ව්‍යාපාරයයි.
මධ්‍යම රාත්‍රියේ සිට අලූයම දක්වා ගණිකා ව්‍යාපාරය, මත්ද්‍රව්‍ය හුවමාරුව, මැරකම හා කළු සල්ලි ඔට්ටු අල්ලන දුරාචාර සංයුතියට නායකත්වය ලබාදෙන දුරාචාර ව්‍යාපාරිකයන් තුළ සිදුවේ.
කෙටි කාලයක් තුළ ධනපතීන් වන විවිධ පාතාල නායකයින්ට සම්මාන ගෞරව නාම ලබාදෙන පූජ්‍ය පක්ෂයේ සමාජ පථිතය තවදුරටත් ඉදිරියට ගෙන යාමක් අදාළ සම්මානය ජනාධිපතිවරයාට ප්‍රධානය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රදර්ශනය කළේ කුමක්ද?
සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දීමේ රඟපෑමේ තවත් අවශ්‍යතාවක්ද?
ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු