ජනතාව රජය හා පරමාධිපත්‍යය.

ජනතාවගේ පරමාධිපත්‍යය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් නිර්මිත බව සඳහන් වෙනවා.
නමුත් ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇත්තටම ප‍්‍රජාතන්ත‍්‍රික සමාජවාදී ජනරජයක අරමුණු මනාව සාක්ෂාත් වෙනවාද?
නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය එහි ස්ථිරසාර ජනරජ මූලධර්ම ජනතාවට ආත්මගත වෙනවද?

මතු පරම්පරාවල සමාජීය තත්ත්වය බිහි කිරීමේලා සුරක්ෂිත කිරීමේලා ඇති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කෙළිමඬලක් කරගෙන යැපෙන ජනාධිපතිවරයකුට ඇති හිමිකම කවරේද?
ඇත්තටම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට හිමිකර තිබෙන මූලික හිමිකම් අහිමි කරන සමාජ පරිසරයක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින්ම ජනාධිපතිවරයට පවරාදී තිබෙන බව පෙනෙන්නේ ඇතැම් ක‍්‍රියාකාරකම් වලදී පමණයි.
පාර්ලිමේන්තු සැසිවාර කල්තැබීම තුළින් සිදුවෙන රටේ ජනතාවගේ මූලික මූලධර්ම අහෝසි කරනවායැයි තේරුම්ගැනීමට ක‍්‍රියාකිරීමට විපක්ෂය අසමත්වන පරිසරයක් තුළ ගැටලූ සහගත තත්ත්වයන් උද්ගත වෙමින්
තිබෙනවා.

ඇත්තටම ඒ සම්බන්ධව නැවත නැවත කතා කිරීම ඉතාම ගැටලූ සහගත තත්ත්වයක්.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇති මතුපිටින් පේන ඉතාම සත්ගුණවත් බව පුරවැසියාට හිමිවෙනවාද කියන
ගැටලූවක් මතුවන්නේ එවන් පරිසරයක් තුළ.

දේශපාලන න්‍යාය පත‍්‍රවල බලය තහවුරු කරගැනීම සඳහා ද හුදෙක්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පවතින්නෙ. මිනිසෙකු ඇත්තටම ප‍්‍රඥාවන්ත කළ යුත්තේ පවතින සමාජ ක‍්‍රමය විසින්.
ඔහුට හෝ ඇයට පොළොව තුළ ජීවත් වීමේදී ප‍්‍රඥාවන්තව කටයුතු කිරීම සඳහා අවශ්‍ය පරිසරය ගොඩනැගිය යුත්තේ රටේ අධ්‍යාපන ක‍්‍රමය තුළින්.
එසේත් නැත්නම් ජනමාධ්‍ය මගින්.

දේශපාලන න්‍යාය පත‍්‍රයන්වලින් බැහැරව ජනතාව ප‍්‍රඥාවන්ත කිරීමේ ප‍්‍රධාන වගකීමක් පවතින දේශපාලන පක්ෂවලට තිබෙනවා.
ලංකාවේ විපක්ෂය හෝ රැුඩිකල් දේශපාලන පක්ෂ ඒ කාර්යභාරය මනාව ඉටු කරනවාද යන ප‍්‍රශ්නයක් මතුවන්නේ ඇත්තටම මෙවැනි අවස්ථාවලදී.
රටකට අවශ්‍ය ප‍්‍රඥාවන්ත පුරවැසියන් නමුත් ඒ ප‍්‍රඥාවන්ත බව තහවුරු කරගැනීම සඳහා තිබෙන පුරවැසියන්ගේ අවකාශය ඉතාම අල්පයි.
සමාජය විසින් පාදඩ දේශපාලනය නැවත නැවත බලයට පත් කරන සමාජ ක‍්‍රමය වර්ධනය වී ඇත්තේ එවන් වටපිටාවක් තුළ.
වෙනසක් සිදු කිරීමට එහෙම නැත්නම් කොන්දක් ඇති දැක්මක් ඇති මිනිසුන් මේ ලෝකයේ සංවර්ධනය කිරීමට බුද්ධිමතුන්ට තිබෙන වගකීම ඉතාම පුළුල්.
අත්‍යවශ්‍ය වූ වෙනස ඇති කිරීම සඳහා පසුගිය වසර 75ක් පුරා අපේ බුද්ධිමත් කියන සමාජ සංස්ථාවට හැකියාව ලැබී නැහැ.
නමුත් පුරවැසියන්ට අධිෂ්ඨානය ඇත්නම් ඒ සඳහා හදවතින්ම ක‍්‍රියා කරන්නේ නම් එවැනි දිනයක් ගොඩනැගීමට නොහැකි වන්නේ නැහැ.
හැඟීම් ඔස්සේ කටයුතු කරන මෝඩ සමාජයක් අපට දකින්නට ලැබෙන්නේ මැතිවරණයක් අවසානයේදී. පුරවැසියා එවැනි දිනවලදී ඇතැම් විට සිනාසෙනවා, හඬනවා, තමන් ගැන උඩඟුවෙන් කතා කරනවා.
මෙලෙස හැඟීම් පාලනයවත් කළ නොහැකි අය ගන්නා තීරණ රටේ අවාසනාවන්ත තත්ත්වයක් කරා
තල්ලූවීමට ප‍්‍රධාන සාධකයක් වෙනවා.

දැන් අපි ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධායකය යන ෙඡ්දය යටතේ 54 වන ව්‍යවස්ථාව සලකා බලමු.

නීතිපතිවරයා ද යුද හමුදාවේ නාවික හමුදාවේ ගුවන් හමුදාවේ සහ පොලිස් හමුදාවේ ප‍්‍රධානියෝද ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු යැයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ නියමිත සියලූ රජයේ නිලධරයෝද ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන්නාහ යනුවෙන් සඳහන් වෙනවා.
මේ තුළ ඇත්තේ කුමක්ද?

සමස්ත බල ඒකාධිකාරිය ජනාධිපතිවරයාට කේන්ද්‍රගත වීමයි.

එය බොහෝ විට ව්‍යවස්ථානුකූලව ගොනුවී තිබීම ඉතාම කනගාටුදායක කරුණක්.

දැන් දින කිහිපයකට පෙර වර්තමාන ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තු සැසිය අවසන් කිරීම සිදුකරනු
ලැබුවා.

ආර්ථික දේශපාලන වියවුල් මැද ජනතාව ගෙවන මොහොතක මේ ජනාධිපතිවරයා ගන්නා තීරණය හුදෙක්ම ආත්මාර්ථකාමීයි.
ලංකාවේ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර පවතින අර්බුදය නිරූපණය වන අවස්ථාවන් ගණනාවක්ම
තියෙනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ එය නිධන්ගතව පවතිනවා.

විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියන සටන්පාඨය පසුගිය කාලය පුරාම දකින්න ලැබුණා. හුදෙක් එය ප‍්‍රලාපයක් පමණයි.
විධායක ජනාධිපතිවරයාට ව්‍යවස්ථාදායකයේ සංවාදය හදිසියේ නවතා දැමීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම බලය ලබාදීල තිබෙනවා.
මෙය හුදෙක්ම ජනාධිපතිවරයාට රටේ පුරවැසියන් සැණකෙළියක් බවට පත් කරගෙන හුදෙක්ම තමන්ගේ අභිමතාර්ථයන් දේශපාලන න්‍යාය පත‍්‍රයන් ක‍්‍රියාත්මක කර ගැනීමට ව්‍යවස්ථාවෙන්ම ලබාදී ඇති අවස්ථාවක්.
විධායක ජනාධිපතිවරයාගේ අසීමිත බලපරාක‍්‍රමයෙන් පාර්ලිමේන්තු සැසිවාර කල්තැබීම තුළින්ම මනාව පෙන්නුම්වන දෙයක්.
විධායක ජනාධිපතිවරයාට අසීමිත බලතල ප‍්‍රමාණයක් හිමිවෙලා තිබෙන කාරණය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මනාව පැහැදිලිව තියෙනවා.
විධායක විසින් ව්‍යවස්ථාදායකයේ බලය සීමා කිරීමක් තමයි ඒ තුළ අන්තර්ගත වී තිබෙන්නේ.

පාර්ලිමේන්තු සැසිවාර කල්තැබීම තුළින් සිද්ධ වෙන්නේ යම් විදිහකට විධායක විසින් ව්‍යවස්ථාදායකයේ බලයට ඍජුවම බලපෑම් කිරීමක්.
කොහොම වෙතත් ලංකාවේ විධායකය විසින් බොහෝ වෙලාවට ව්‍යවස්ථාදායකට එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට අනිසි බලපෑම් එල්ල කිරීමේ තත්ත්වය විසඳාගන්නට මේ රටේ රැුඩිකල් දේශපාලන පක්ෂ හෝ පවතින විපක්ෂය හෝ ක‍්‍රියා කිරීමේ ඒ සඳහා ප‍්‍රතිපත්ති සකස් කිරීමේ මාවතක දකින්න ලැබෙන්නේ නැහැ.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය කල් තබන්නේ ඇත්තටම තමන්ගේ ආත්මාර්ථකාමී දේශපාලන න්‍යාය පත‍්‍රය මනාව සපුරාගන්න.
අසීමිත බලතල ප‍්‍රමාණයක් හිමිවෙලා තියෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම එය නීතිගතව පැවතීම මේ
තත්ත්වයේ හරයයි.

විධායකය විසින් ව්‍යවස්ථාදායකයේ බලය සීමා කිරීම පිළිබඳව රැුඩිකල් දේශපාලන වේදිකාවල කතා කිරිම නැති තරම්.

විධායකය විසින් ව්‍යවස්ථාදායකයේ බලයට බලපෑම් කිරීම තමයි දිගින් දිගටම හිටපු ජනාධිපතිවරුන්ගෙන් බොහෝ විට සිදුවුණේ.
කොහොම වුණත් ලංකාවේ විධායකය විසින් බොහෝ වෙලාවට ව්‍යවස්ථාදායකයට අනිසි බලපෑම් කිරීම නැවත නැවතත් සිදුවෙමින් පවතිනවා.
සැබෑ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා ජනතාව දැනගත යුතු මූලධර්ම පිළිබඳව ප‍්‍රජාව දැනුවත් නොකිරීම.

ජනපි‍්‍රය දේශපාලන දේශනාවලින් තොරව බලය ජනාධිපතිවරයාට ඍජුව කේන්ද්‍රගත කිරීම සඳහා නෛතිකව සමාජයට කරන බලපෑම.
විපක්ෂය හෝ රැුඩිකල් දේශපාලනය විසින් එය මුළුමනින්ම මඟහැරීම.

පුරවැසියා නෛතිකව ශක්තිමත් කළ යුතු ගැඹුරු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරන බව අධ්‍යයතන දේශපාලන පිටියේ සිටින ප‍්‍රතිපක්ෂවලින් මතු නොවීම කණගාටුවට කරුණක්.
පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් ප‍්‍රජාවගේ හිමිකම්වල මූලධර්ම උපායශීලී ලෙස විකෘති කර තිබෙනවා.

බලය ජනාධිපතිට හා අමාත්‍ය මණ්ඩලයට කේන්ද්‍රගතවීම ජනතා මූලික අවශ්‍යතාවලදී පෙරළා ජනතාවට හිමිවිය යුතු ආකාරය නිර්වචනයක් ගත වූ ව්‍යවස්ථා සංශෝධනවලදී ඇතුල් කිරීමට ලංකාවේ සියලූම ව්‍යවස්ථාදායක සාමාජිකයින් නපුංසක වී තිබීම ගත වූ කාලය තුළ පෙනෙන ලක්ෂණයක්.
නමුත් විපක්ෂයේ සිටියදී ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ කයිවාරු ගසන දේශපාලූවන් බලය ජනාධිපති ඇතුළු අමාත්‍ය මණ්ඩලයට කේන්ද්‍රගත වීම පොදු ජනතාවට හිමිකම් අහිමි කරන පරිසරය තුළ මහජන අධීක්ෂණයට
ලක් විය යුතු බව ව්‍යවස්ථා සංශෝධන කිසිම අවස්ථාවක මහජන බලය නෛතිකව ව්‍යවස්ථාවෙන් සුරැුකීමට අසමත් වීම.
මේ නිසා ප‍්‍රජා අවස්ථා සඳහා පිහිටුවා ඇති ආයතනවල රාජකාරිය වී ඇත්තේ අයිතිය නැවත නැවතත් අහිමි කිරීමේ කි‍්‍රයාවලියක අදාළ ආයතන නිරතව සිටීමයි.
ජනතාවගේ බදු මුදලින් යැපෙන මේ ආයතන සඳහා රාජ්‍ය ඒකාබද්ධ අරමුදලින් වාර්ෂිකව අප‍්‍රමාණ මුදල් වැය කිරීම ජනතාවගේ හිමිකම් තවදුරටත් කාබාසිනියා කිරීමක්.
මේ පිළිබඳව රාජ්‍ය ආයතන ජනතාවගේ හිමිකම් අහිමි කිරීම පිළිබඳව පැහැදිලිව තිබෙන අකාර්යක්ෂමතාවය මනාව ප‍්‍රදර්ශනය කරන ආයතනයක් තමයි පාරිභෝගික කටයුත පිළිබඳ අධිකාරිය.
මේ පාරිභෝගික අධිකාරිය බොහෝ වෙලාවට අදාළ චෝදනා පිළිබඳ වර්ෂ ගණනාවක් කාලය ගත කොට අවසානයේ පැමිණිලිකරුට ලබාදෙන පිළිතුර 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ පනත යටතේ නෛතික කි‍්‍රයාමාර්ග ගත නොහැකි බවට නිරීක්ෂණය වේ යන්න අවසානයේ පැමිණිලිකරුට ලබාදෙන උත්තරය.
මෙවැනි ජනතාවගේ හිමිකම් ආරක්ෂා කිරීමට මතුපිටින් පෙනෙන අධිකාරින් හා දෙපාර්තමේන්තු ජනතාවගේ හිමිකම් වසා වෙළෙඳ මාෆියාවන් සඳහා පෙරළා සේවය කරන තත්ත්වයක් උද්ගතව තිබෙනවා.
ඒ පිළිබඳව අපි දිගින් දිගටම පාරිභෝගික අධිකාරිය හා මෙවැනි රාජ්‍ය ආයතන පිළිබඳව සියලූ තොරතුරු මහජනතාව වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාර කල්තැබීමේ අරමුණ පැහැදිලිවම මේ මොහොත වන විට පළාත් පාලන මැතිවරණය සඳහා වාසිසහගත තත්ත්වයක් මතු කිරීම.
මේ වනකොට මැතිවරණ නිලධාරින් බිය වැද්දීම මනාව සිදු වෙමින් පවතිනවා.

පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ප‍්‍රමුඛ පෙළේ ක‍්‍රියාකාරකම්
ගණනාවක්ම නෛතික මට්ටමින් ක‍්‍රියාත්මක කිරීමට දැරූ උත්සාහයන් අසාර්ථක වුණා.

පළාත් පාලන මැතිවරණය ප‍්‍රකාශයට පත් කර තිබෙන උණුසුම යාමටත් පෙර මැතිවරණ කොමිසමේ නිලධාරින් මරණ තර්ජනයට ලක් කිරීම ප‍්‍රධාන සංසිද්ධියක්.
අලූත්ම කොරතුරු අනුව නිර්නාමික දුරකථන තර්ජකයා කොමිසමේ නිලධාරින් තිදෙනෙකු බිය වද්දා
තිබෙනවා.

ඒ අතර කොමිසමේ එක් සාමාජිකාවක් ඉල්ලා අස්වූ බවට ද තොරතුරු ලැබී තිබෙනවා.

පෙනෙන දේට වඩා නොපෙනෙන දේ තුළ සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දීම මේ තුළ අන්තර්ගතයි.
උදාහරණයක් වශයෙන් කියනවා නම් මැතිවරණ කොමිසමේ චාල්ස් මැතිනිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට යවන ලද ලිපිය මේ මොහොත වන තුරු ජනාධිපතිවරයා බාර නොගත් බව ප‍්‍රකාශයට පත්වෙමින් පවතින කරුණක්.
නමුත් ඇත්තම සත්‍යය එයද?

ඊට එහායින් ගිය තවත් කරුණු නැද්ද ඒ පිළිබඳව පුළුල් සමාජ සංවාදයක උගතුන් නියැලීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක තිබිය යුතු ප‍්‍රධාන ගුණාංගයක්.
ඒ ගුණාංගය ඇත්තටම නැතිකම ඉතාමත් කනගාටුවට කරුණක්.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ප‍්‍රධාන පෙලේ ආරක්ෂකයකු එසේම ශක්තිමත් බලකණුවක් වන ස්වාධීන මැතිවරණ කොමිසන් සභාව දැඩි තර්ජනයකට ලක්ව තිබෙන මේ මොහොත ලංකාවේ රාජ්‍ය දුරාචාර මාෆියාවේ තවත් පැතිකඩක් විදියට දකින්න පුළුවන්.
ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව යනු රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන මහජනතාවගේ පරමාධිපත්‍යය පිළිබිඹු කරන ආයතනයක්.
මේ අනුව බලන විට ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට තර්ජනය කිරීම යනු මහජනතාව බිය වැද්දීමක්.

එක්තරා පැත්තකින් එමගින් දෙන පණිවිඩය නම් මහජනතාවට තමන්ගේ පරමාධිපත්‍ය තහවුරු කිරීමට
ලැබෙන ප‍්‍රධානම අවස්ථාව වන ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ හිමිකම අහිමි කිරීමයි. එක් පැත්තකින් මැතිවරණ කොමිසම එම අයිතිය ලබාදීමට කැපවී ඉන්න ඕන.
මැතිවරණ කොමිසම් සභාවක් බවට පත්වීමට පෙර දෙපාර්තමේන්තුවක් හැටියට එයට දීර්ඝ මෙන්ම අභිමානවත් ඉතිහාසයක් තිබුණද නැද්ද කියන එක තවත් ගැටලූ මතු කරන තත්ත්වයක්.
කුමන තර්ජන ගර්ජන පැවතියද රටම භීෂණයට ලක් වූ අවස්ථාවකදී ලොකු කුඩා මැතිවරණ පවත්වමින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමට එය සියලූ ආකාරයෙන් කැප වූ බවට මතුපිටින් පේන කරුණක්.
එසේම මැතිවරණ නිලධාරින්ගේ ජිවිත දැඩි තර්ජනයට ලක්වූ අවස්ථාවලදී වුණත් ඒ ගැන නොතකා මැතිවරණ පැවැත්වීමට එය මැතිවරණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
හැබැයි මේ පිළිබඳව සමාජය තුළ සංවාදය විය යුතු පැති අප‍්‍රමාණව තිබෙනවා. ඒවා නැවත නැවත සාකච්ඡුාවට බඳුන්විය යුතු කරුණුයි.
රාජ්‍ය සේවය හා ඊනියා ශාස්ත‍්‍රඥයින් යැයි කියන කණ්ඩායම් ඇත්තටම මෙවැනි පරිසරයක් මනාව අධ්‍යයනය කර සමාජයට ලබාදිය යුතු පණිවිඩය පුළුල් භූමිකාවක් තියෙනවා.
ලංකාවේ නිලධර තන්ත‍්‍රයට පාර්ලිමේන්තුව හරහා විශාල වශයෙන් කප්පම් ගෙවන රාජ්‍ය සේවයක් අද අපට දකින්න ලැබෙන්නෙ.

වාහන බලපත් ආදී භෞතික වරදාන වරප‍්‍රසාද ලබාගැනීමේදී ක‍්‍රියාත්මක වන්නේ ඇති අය බෙදාගන්නා අපූරු ක‍්‍රමයක්.
මෙය වෙනස් කිරීම පහසු නැහැ.

මන්ද යත් මේ කප්පම් ගෙවීම සිදුවන්නේ ද සම්මත ප‍්‍රජාතන්ත‍්‍රවාදය හරහා වන නිසයි.

මැතිවරණ දේශපාලනයට ඊනියා ශාස්ත‍්‍රඥයන් කරන මැදිහත්වීමද ඒ අයුරින්ම පිටුදැකිය යුතු ක‍්‍රියාවලියක්. නමුත් එම ක‍්‍රියාවලිය මනාව රට තුළ බුද්ධිමතුන්ගෙන් සිදුවන්නේ නැහැ.
නිදසුනක් ලෙස මැතිවරණ කාලයේදී විවිධ දේශපාලන පක්ෂ වෙනුවෙන් මැදිහත් වන ඇතමුන් පෙනී සිටින්නේ අසවල් විශ්වවිද්‍යාලයේ අසවල් ප‍්‍රධානීන් වශයෙන්.
මේ සියලූ දෙනා ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දී තම තමන්ගේ න්‍යාය පත‍්‍ර ඉටු කරගැනීමට කටයුතු කරන සමාජ වපසරියක් අපට දකින්නට ලැබෙනවා.
පරමාධිපත්‍ය ජනයා සතු බව එය අන්සතු කළ නොහැකි බව නැවත නැවත සමාජය තුළ කතාබහට ලක්වන කරුණක්.
නමුත් ඇත්තම තත්ත්වය එයමද?

ජනතාවගේ පරමාධිපත්‍ය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මනාව සඳහන් කර තිබෙනවා.

නමුත් ජනතාවගේ පරමාධිපත්‍ය උපක‍්‍රමශීලී ලෙස කූඨ ලෙස ශුන්‍ය කර තිබෙන්නේ ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව
තුළමයි.

ආණ්ඩුවේ එහෙම නැත්නම් රටේ මූලික ලියවිල්ල වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ තිබෙන අන්තර්ගත බලය පාලකයින්ට තහවුරු කිරීම තුළම ඒ බව මනාව සනාථ වන කරුණක්.
පාලන බලතල මූලික අයිතිවාසිකම් ඡුන්ද බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මනාව සඳහන්. එහෙත් යථාර්තය එයම නොවේ.
මැතිවරණයකින් පසු තවත් මැතිවරණ කාලයක් දක්වා මහජනයා නිර්බලවීම ඊට සරල නිදසුනක්.

යම්කිසි දේශපාලන පක්ෂයක් යම් කිසි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් ඉදිරිපත් කළ විට එය පොරොන්දු වූ කාලය ඇතුළත ඉටු නොවන්නේ නම් ඒ පිරිස පාලන බලයෙන් ඉවත් කිරීමේ නීති මේ වන විටත් සකස් කර නැහැ.
සකස් කළ යුත්තේ එවැනි පැති.

බලය කේන්ද්‍රගත වීම ජනාධිපති වරයාගෙන් ඉවත් කිරීම සඳහා පොදු සාධකයක් වශයෙන පුරෝගාමී වන විපක්ෂ දේශපාලනය හෝ රැුඩිකල් දේශපාලනය මැදිහත් නොවීමෙන් තවදුරටත් රාජ්‍ය දුරාචාරය අන්තර්ගතය පවතින ආණ්ඩුවලත් බලයට ඒමට උත්සාහ දරන අලූත් දේශපාලන පක්ෂවලත් නිරුවත ඒ තුළින් මනාව ප‍්‍රදර්ශනය වෙනවා. මුනිවත අදාළ පාර්ශ්වයන් නිසා අනුගමනය කරන නිසා.
සකී‍්‍රය කි‍්‍රයාකාරී වැඩපිළිවලක් අදාළ ප‍්‍රතිපක්ෂ තුළින් සමාජයට කාන්දු කර නැහැ. සාමාන්‍යයෙන් ලෝකයේ දියුණු රටවල එවැනි පැහැදිලි නීති සම්පාදනය කරල තියෙනවා. ඒ නිසා කරන්නට බැරි දේවල් කියන්නට බොහෝ රටවල දේශපාලනඥයින්ට ඉඩක් නැහැ. නමුත් ලංකාවේ එවැනි සීමා නැහැ.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් එවැනි සීමා පළල්ව, පුළුල්ව අන්තර්ගත කරලත් නැහැ.

ඒ නිසාම ඕනෑ දෙයක් කියන්නට ලංකාවේ දේශපාලකයන්ට හැකියාව ලැබිල තියෙනවා.

මේ තත්ත්වය වෙනස්වීමට නම් ලංකාවේ දී පොරොන්දු ප‍්‍රකාරව ආණ්ඩු කරණයේ නිරත දේශපාලකයින් පාලන බලයෙන් ජනතාවට ඉවත් කිරීමේ අවකාශය ලබා දිය යුතුය. එසේ නොවන්නේ නැවත කැඳවීමට නීති සකස් කර යුතු තත්ත්වයක් ලංකාවේ නොතිබෙන පරිසරයක් නිසයි. ප‍්‍රධාන යෝජනාවක් වශයෙන් අධ්‍යයතන පාලන බලයේ නැති ප‍්‍රතිපක්ෂ සකී‍්‍රය මැදිහත්වීමක් දකින්න පුළුවන්ද?
අපේ රටේ දියුණු කළ යුත්තේ පළාත් පාලන ක‍්‍රමය පාදක කරගෙනයි.

පාර්ලිමේන්තුව ප‍්‍රතිපත්ති සම්පාදනය කරන තැනැක් වුණාට ඒ සඳහා අවශ්‍ය මූලධර්ම ඒ සඳහා ගොනුකරලා නැහැ.
පොදුවේ ගත් කළ සියුම් කරුණුවලින් ඉහත ලියුම්කරු විෂය අන්තර්ගත කළ කරුණු අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් අභ්‍යන්තර හා බාහිරව සිදුකර තිබෙන නෛතික අසාධාරණකම් පිළිබඳව සාමාන්‍ය ජනයාට සියුම්ව අවබෝධ කිරීමේ ක‍්‍රියාවලියක් ලංකාවේ දේශපාලන විපක්ෂය හෝ රැුඩිකල් දේශපාලන පක්ෂ ඒ සඳහා මැදිහත්ව ක‍්‍රියා නොකිරීම ඉතාම කනගාටුවට කරුණක්.
ඒ නිසා 1977 ව්‍යවස්ථාවේ 4 වගන්තිය යටතේ ජනතා පරමාධිපත්‍යය යන්න පිළිබඳව කර ඇති නිර්වචනය හුදෙක්ම ප‍්‍රලාපයක් පමණයි.
විධායකයේ බලයට වාසියක් ඇති කරගන්නා පරිසරයක් ඒ සඳහා ස්වෛරී භාවය විධායකයට ලැබෙන පරිදි 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සැකසී තිබීමම වර්තමාන පාර්ලිමේන්තු සැසිවාරය දිගු කිරීමෙන් කල් තැබීමෙන් මනාව පෙනී යන කරුණක්.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න