ලංකාවේ නූතන රාජ්‍ය සේවය බි‍්‍රතාන්‍ය යුගයේ සිට පැවත එන්නක්.

බි‍්‍රතාන්‍ය යුගයෙන් පසු ස්වදේශීය දේශපාලන පරිසරයට අනුගත වෙමින් ක‍්‍රමිකව වර්ධනය වී ඇත්තේ රාජ්‍ය දුරාචාරය මතුවන පරිසරයක් තුළයි.
මේ නිසා ලංකාවේ දේශපාලනඥයන් සහ රාජ්‍ය අංශයේ ප‍්‍රධානීන් විවිධ ජාවාරමකරුවන් සමඟත් ජවාරම්කරුවන් පරිපාලන සේවයේ ඉහළ නිලධාරින් සමඟත් දේශපාලනඥයන් සමඟත් ගනුදෙනු කිරීමේ සංස්කෘතික රටාව නිසා ලංකාවේ පොදු මහජනතාව සුවිශාල ආර්ථික අර්බුදයකට මේ වන කොට තල්ලූ වෙලා තියෙනවා.
රජයේ ප‍්‍රතිපත්ති සැකසීම, ක‍්‍රියාත්මක කිරීම හා රටේ ආර්ථික, සාමාජීය සංවර්ධනය සඳහා දායක වීමේදී රාජ්‍ය සේවකයාගේ කාර්යා භාරය වඩාත් කැපී පෙනෙන තීරණාත්මක සාධකයක් වශයෙන් අපට පෙනෙනවා.
නමුත් ඇත්තම තත්ත්වය රාජ්‍ය සේවකයාගේ පැවැත්ම සඳහා පාදඩ දේශපාලන ක‍්‍රියාකාරිත්වය පවත්වාගෙන යෑමට හුදෙක්ම ලංකාවේ රාජ්‍ය සේවය සංවර්ධනය වී තිබෙන ආකාරයක් දකින්න ලැබෙනවා.

මේ නිසා තමයි අපේ අදාළ ලේඛනවල රාජ්‍ය දුරාචාරය කියන කැටගරිය ඔස්සේ සුවිශාල කරුණු ගණනාවක් සමාජය ඉදිරියේ දිගහරින්නට තිබෙන නිසා රාජ්‍ය දුරාචාරය කියන කැටගරි තේමාව අපි යොදාගෙන
තියෙන්නෙ.

රාජ්‍ය සේවය හා රාජ්‍ය සේවකයා මහජනතාවට ඉතාමත්ම සමීප බව පෙනි යන දෙයක්. නමුත් ඇත්තටම ඇත්තේ දුරස්ථ තත්ත්වයක්.
මහජනතාව රාජ්‍ය සේවය හා රාජ්‍ය සේවකයා පිළිබඳ විවිධ මත දරනවා.

ඒ මත අතර රාජ්‍ය සේවකයාගේ ¥ෂිත බව වඩාත් මනාව පැහැදිලි කරන පැති දෙකක් අද මේ තුළින් විවරණය කරන්න බලාපොරොත්තු වෙනවා.
මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ජාවාරම්කරුවන් සමඟ සිදුවූ ගනුදෙනුව එක් පැත්තක්.

ඊළඟ කරුණ තමයි අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අනුව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ අමාත්‍යංශයේ ලේකම්වරයා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම පසුගියදා ¥ෂණයට ලක් කිරීම.
මේ සමාජ අපවාදය මේ සිද්ධීන් දෙකකට පමණක් සීමා වෙන්නේ නැහැ. මේ තත්ත්වය 1947 දක්වා දිව යනවා.
ඒ කියන්නේ ස්වදේශීය පාලනයේ පසුගිය අවුරුදු 75 තුළම රාජ්‍ය ව්‍යවස්ථාව අවභාවිතයට කරමින් මහජනතාව නොමඟ යවන සුළු බොහෝ දේවල් සිදුවීම.
ඇත්තටම මේ සම්බන්ධව 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සිට එහෙම නැත්නම් කොල්බෲක් ප‍්‍රතිසංස්කරණ යටතේ ලංකාවේ රාජ්‍ය සේවය පිළිබඳ හොඳ මනා සමාජ විවරණයක් රට තුළ සිදුවෙලා නැහැ.
ඩොනමෝර් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය සේවය පිළිබඳව වුවත් තත්ත්වය එසේ කිව්වොත් නිවැරදියි.

සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය සේවය පිළිබඳව මනා සමාජ සංවාදයක් රට තුළ මතුවෙලා නැහැ.
ඒ නිසා 1972 ආණ්ඩුක‍්‍රම ජනරජ ව්‍යවවස්ථාව යටතේ රාජ්‍ය සේවය තවදුරටත් දියත් වුණේ ¥ෂණය තවදුරටත් කරපින්නාගෙන.
මෙහි වඩාත්ම දිගුව ආරම්භ වන්නේ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය සේවය පිළිබඳවයි. ඉන් පස්සේ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මේ වන විට විසි ගණනකට සංශෝධනය වෙලා තියෙනවා.
එයින් 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන හා රාජ්‍ය සේවය පිළිබඳව අපි පළල්ව කතා කළ යුතුයි.
එමෙන්ම 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන හා රාජ්‍ය සේවය පිළිබඳව පුළුල් සමාජ කතිකාවක් අවශ්‍ය යුගයකට අපි මේ වන විට පත්වෙලා ඉන්නවා.
18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන හා රාජ්‍ය සේවය පිළිබඳව පුළුල් සමාජ මෙහෙවරක් පිළිබඳව තිබෙනවාද නැද්ද යන්න සාකච්ඡුාවට බඳුන් විය යුතුයි.
18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා විධිවිධාන රාජ්‍ය සේවය පිළිබඳව හිතකර පැති වූවත් එය මුළුමනින්ම විනාශ කරමින් හිටපු රාජ්‍ය නායකයා වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ඒ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යහපත් පැති යටපත් වුණා.
නමුත් පසුගිය කාලයේ රට තුළ ප‍්‍රජාව තුළින් මතු වූ සමාජ විරෝධයන් හමුවේ ඒ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට යම් දුරකට යථා තත්ත්වයට පත් කරලා තියෙනවා.
නමුත් රාජ්‍ය සේවයත් දේශපාලනඥයත් මනාව රාජ්‍ය දුරාචාරය තුළ නියැලී සිටින ප‍්‍රධාන සාධක දෙකක් මේ මෑතකදී සිදුවීම් පිළිබඳව ඔබට කියාපාන්න බලාපොරොත්තු වෙනවා.

වර්තමාන රාජ්‍ය සේවය දේශපාලනීකරණය වුණේ අද ඊයේ නොවේ.

දේශපාලන බලපෑමට නතුවී ඇති බව විවිධ අය චෝදනා කළත් එය මුදවා ගන්නට පැවති විපක්ෂ දේශපාලන පක්ෂ හෝ රැුඩිකල් දේශපාලන පක්ෂ කිසියම් සමාජ මෙහෙවරක් උත්තේජනයක් සමාජය වෙත හා පාර්ලිමේන්තුව වෙත ගෙන යෑමට අසමත් වෙලා තිබෙනවා.
රාජ්‍ය සේවයට හෝ රාජ්‍ය සේවකයාට හෝ චෝදනා කිරීම තුළින් සිදුවිය හැකි හානිය චෝදනාවල ඇති ස්වරූපයට වඩා බරපතලයි.
රාජ්‍ය සේවයේ හා රාජ්‍ය සේවකයාගේ ස්වභාවය පිළිබඳව වඩා නිවැරදි තක්සේරුවක් කළ හැක්කේ ඇත්තටම මනාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ ඒ සම්බන්ධව හරයාත්මක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග ගොනු වූ පසුව යැයි පී.එෆ්.පී. නිවුස් බලාපොරොත්තු සහගත අදහස්වලින් මතු කිරීමට ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙනවා.
දැන් අපි යොමු වෙමු මොනරාගල එස්.එස්.පී. ගේ ජාවාරම්කාර සමාජ වටපිටාව ගොඩනැගීමට පාදක වුණු සමාජ පසුබිම හා ඊට අදාළ ප‍්‍රවෘත්තිය පිළිබඳ කතා කරමු.
පසුගිය 9 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව අත්අඩංගුවට ගන්නවා.
මේ පොලිස් නිලධාරියාගේ ජාවාරම්කරුවන් සමඟ ගනුදෙනු කිරීමේ සමාජ පරිසරය වර්ධනය කර ඇත්තේ ප‍්‍රබල දේශපාලනඥයෙක් බව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ගොනු වී
තිබෙනවා.

නමුත් ඒ තොරතුරු ඒ සැබෑ නම් පිළිබඳ හෙළිදරව් කිරීමට මේ වන තුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වෙලා තිබෙනවා.
එයත් රාජ්‍ය දුරාචාරයේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදි සඟවා තබා ක‍්‍රියාකරන තවත් රාජ්‍ය දුරාචාර අවස්ථාවක්.

පොලිස් නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර ඇතුළු 6 දෙනකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය 9 දා.
මොනරාගල පිහිටි සිසිර කුමාර මහතාගේ නිල නිවසේ සිවිලිමේ සඟවා තිබූ ගංජා කිලෝ 15ක් අත්අඩංගුවට
ගැනීම මේ යටතේ සිදු වෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අමතරව ඔහුගේ පොලිස් රියදුරු, කොළඹින් ගිය ව්‍යාපාරිකයන් දෙදෙනකු සහ නිධන් හෑරීමට දක්ෂ පුද්ගලයෙකු ඒ අතර වෙනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු සැකකරුවන් නිධන් හෑරීමට සැකකරන ස්කෑන් යන්ත‍්‍රයක් ද මොනරාගල ප‍්‍රදේශයේ සඟවා තිබියදී විශේෂ කාර්ය බලකාය මගින් සොයාගෙන තිබෙනවා.
මේ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ හැසිරීම භාවිතය පිළිබඳව රජය මේ වන විට ඒ සඳහා ගත යුතු විශේෂ පියවර මොනවාද?
මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසක් ප‍්‍රදේශයේ නිධන් හෑරීමේ යෙදී සිටින බව ලැබී
තිබුණු තොරතුරු කාලයකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විමර්ශනය ආරම්භ කර තිබුණේ මීට මාස කිහිපයකට උඩදී.
ඒ පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට මහජන ගෞරවය හිමිවිය යුතුයි.

ජීප් රථයේ සිටි සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ හිතවතුන් සිවු දෙනකු සහ රියදුරු එස්ටීඑෆ් භාරයට ගෙන තිබෙනවා.
පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාරට අයත් මොනරාගල නිල නිවස පරීක්ෂා කළ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එහි සිවිලිමේ සඟවා තිබූ ගංජා ගස් 550ක් සොයාගෙන තිබෙනවා.

ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 15කින් බරයි.

ගංජා තොගය වියලීම සඳහා සිවිලිමේ සැඟවූ බව මේ වන විට හෙළි වී තිබෙනවා.

සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමෙන් හෙළි වූ තොරතුරු මත නිධන් හෑරීමට භාවිතා කරනා ස්කෑන් යන්ත‍්‍රයක් ද බඩල්කුඹුර ප‍්‍රදේශයෙන් පසුව සොයාගැනීමට විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සමත් වෙලා තිබෙනවා.
විමර්ශනවලදී හෙළි වූ අන්දමට සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කාලයක සිට ගංජා අලෙවි කිරීමේ ජාවාරම මහා පරිමාණයෙන් සිදුකර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්විම සඳහා පොලිස්පතිවරයාගේ නියෝගය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ කණ්ඩායමක් පසුගිය ජනවාරි 9 වෙනිදා පෙරවරුවේ මොනරාගල පිටපත්ව ගිය පසු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර උප පොලිස් පරික්ෂක ලෙස පොලිස් සේවයට එක් වූ අතර පොලිස් පරීක්ෂකවරයකු දක්වා උසස්වීමෙන් පසු සහකාර පොලිස් අධිකාරි තරග විභාගයට ඉදිරිපත් වී
තිබෙනවා.

එහිදී සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස්වීම ලබාගැනීමට ඔහුට හැකි වෙලා තිබෙනවා.

එම උසස්වීම ලබාගැනීම දේශපාලන බලපෑම් මත සිදුවූ බවට චෝදනාවක් ද ඒ වන විට ඔහුට එල්ල වී
තිබෙනවා.

මේ තමයි රාජ්‍ය දුරාචාරයේ තවත් පැතිකඩක් මෙවැනි අවස්ථා සිදු නොවීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ගොඩනගා තිබෙන සවිමත් ප‍්‍රතිපාදන කවරේද?
එවැනි සවිමත් විධිවිධාන ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාව තුළ අන්තර්ගත නොවීම නිසා මෙවැනි තත්ත්වයන් රට පුරා වසර 75ක් පුරා දිගු වෙමින් ක‍්‍රියාත්මක වෙමින් පවතිනවා.
උප පොලිස් පරීක්ෂකයෙකු ලෙස සේවය කරද්දී සැකකාර සිසිර කුමාර මහින්ද රාජපක්ෂ රජය සමයේ ප‍්‍රබල ඇමැතිවරයකුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස රාජකාරි කර තිබෙනවා.
එතකොට මහින්ද රාජපක්ෂ යනු මේ රටේ හිටපු අගමැතිවරයෙක්, ඇමැතිවරයෙක්, ජනාධිපතිවරයෙක්. අපි දිගින් දිගටම රාජපක්ෂ පවුල රාජ්‍ය දුරාචාරයේ නිර්මාණකරුවන් බව ප‍්‍රකාශ කරන්නේ ඒ නිසයි.
රාජ්‍ය දුරාචාරයේ පැවැත්ම දිගුව මෙහෙයවීම පසුගිය කාලය පුරා මහින්ද රාජපක්ෂගේ මෙහෙයවීම මත නායකත්වය මත දිගින් දිගටම දිගු වුණා.
ඒ දිගුවීමේ ප‍්‍රතිඵලය අද සමස්ත රටම භුක්ති විඳිමින් ඉන්නවා.

පොලිස් නිලධාරින් චෝදනා එල්ල කරන්නේ රාජපක්ෂ පවුලේ හා ඔහුගේ හිතවත් ඇමැතිවරුන්ගේ බලපෑම් මත මේ පොලිස් අධිකාරිවරයාට උසස්වීම් ලබාගත් බවයි.
එය හුදෙක්ම මේ සිසිර කුමාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පමණක් සීමා කළ යුතු නැහැ.

දැනටමත් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන බහුතරයක් රාජ්‍ය දුරාචාරය යටතේ උසස්වීම් ලබා ඔවුන්ගේ සමාජ විෂමතාවයන් පෙරළා පොදු සමාජයට කාන්දු කිරීමේ සමාජ පරිසරයක් දිගින් දිගටම දිගු වෙමින් තිබෙනවා.
වංචාව, ¥ෂණය එහි ප‍්‍රතිඵලයයි.

සමාජ අසාධාරණය වඩාත් බහුලව පොලිසිය තුළින් මතු වන්නේ ඒ නිසයි.

යම් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගැනීම සිදුවීමේදී එතැනත් රාජ්‍ය දුරාචාරය දියත් වෙන්නේ පුදුම සහගත ලෙස.

අධිකරණයට අදාළ සැකකරු ඉදිරිපත් කිරීමට පෙර අදාළ පොලිස් ස්ථානයේ ඊට අදාළ අංශයේ පොලිස් සැරයන් හා අදාළ අධිකරණයේ තමන්ගේ හිතවත් නීතිඥයින් සමඟ කරන පාදඩ ගනුදෙනුව මත එය මනාව මේ වන විට රට පුරා දියත් වෙමින් තිබෙනවා.
මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් කුඩු ව්‍යාපාරිකයනි් ඒ අතර ප‍්‍රධානයි.

එවැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු පොලිස් අත්අඩංගුවට පත් වූ පසු තමන්ගේ හිතවත් නීතිඥයින් මගින් අදාළ කරුණු තොරතුරු පොලිසියෙන්ම ලබාදී සුවිශාල මුදලක් අදාළ සැකකරුවන්ගෙන් අයකරගෙන ක‍්‍රියාකරන සමාජ වපසරියක් මනාව දියත් වෙලා තියෙනවා.
එවැනි ජාවාරම්කාර නීතිඥයින් තමන්ගේ බලපරාක‍්‍රමය අධිකරණය තුළ ව්‍යාප්ත කරගෙන තියෙන්නේ ඉතාමත් කූඨ ලෙසයි.
කිසිම නිතිමය පදනමකින් තොරව ශබ්ද නගා අධිකරණය ඇමතීම තුළින් සැකකරුට ඇප දීම මනාව සිදුවෙනවා.
ඒ නිසාම එවැනි නීතිඥයින් පිළිබඳව සමාජය තුළ ව්‍යාජ මතවාදයක් ගොඩනැගී තියෙනවා. අසවල් නීතිඥයා ඇල්ලූවොත් ඇප ලබාගන්න පුළුවන්.
එය පළමුවෙන්ම පොලිස් අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ සැකකරු පොලිස් අත්අඩංගුවේ සිටියදීම අසවල් නීතිඥයා අල්ලන්ට පුළුවන් නම් හැබැයි ඔහුට මෙච්චර මුදලක් යනවා කියලා ඔහුගේ දුරකථන අංකය පවා අදාළ පොලිස් නිලධාරියා ලබාදෙන්නේ එයින් 50%ක් අදාළ පොලිස් නිලධාරියාටත් ලැබෙන පරිසරය තුළයි.
මේ ජාවාරම්කාර තත්ත්වය පිළිබඳව පුළුල්ව ඉදිරි කාලයේදී තොරතුරු ගෙන එන්න පී.එෆ්.පි. නිවුස් බලාපොරොත්තු වෙනවා.
කොහොම වෙතත් මේ සංසිද්ධිය අරඹයා වඩාත් පළල් සමාජ දිසාවන් කරා ජනමාධ්‍යය යොමු විය යුතු අවස්ථාවක සිටින බව තේරුම්ගන්න අවශ්‍යයි.
මහින්ද රාජපක්ෂගේ ප‍්‍රබල ඇමැතිවරයෙකුගේ පුද්ගලික ආරක්ෂක වරයෙක් වශයෙන් ක‍්‍රියා කළ සිසිර කුමාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා දක්වා ආ දිගු ගමන් මග පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශය පසු විමර්ශනයක් කළ යුතු නොවේද?
නමුත් පාස්කු ඉරිදා සම්බන්ධ අධිකරණයේ චෝදනා ලබා සිටින නිලන්ත නමැති පොලිස් නිලධාරියාව මේ වන විට රජය පරිපාලන අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම තුළ තවදුරටත් රාජ්‍ය දුරාචාරය සමාජය තුළ ස්ථාපිත වී තිබෙන බව විවිධ සමාජ අංශ මේ වන විටත් චෝදනා නගා අවසන්.
ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 12 දින පාස්කු ඉරිදා නඩු තීන්දුවෙන් නියෝජ්‍ය පොලිස්පති නිලන්ත මහතාට මනා දඬුවමක් මේ වන විට ලබාදී තිබෙනවා.
එවැනි චෝදනා පත‍්‍ර තිබෙන පරිසරයක එවැනි පොලිස් නිලධාරින් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම
තනතුරක වැජඹෙන විට තවදුරටත් රට තුළ පැහැදිලි යහපත් සමාජ සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
එවැනි සමාජ පරිසරයක් සමාජය පුරා සෑම අංශයකටම ව්‍යාප්ත වී තිබෙන සමාජ පරිසරයක් හමුවේ මේ
තත්ත්වය උද්ගත වී තිබෙනවා.

නමුත් මේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස පත් කිරීමට පොලිස් මූලස්ථානයෙන් අනුමැතියක් ලැබී නොමැති බව මේ වන විට වාර්තා වෙනවා.
එතනත් එවැනි තත්ත්වයක් තුළ ඔහු මොනරාගල පොලිස් අධිකාරිවරයා වීම පිළිබඳව පොලිස්පතිවරයාම වගකිව යුතු නොවේද?
මොනරාගල ප‍්‍රදේශයේ ප‍්‍රබලම දේශපාලනඥයෙකුගේ දැඩි බලපෑම මත ඔහුව එම තනතුරට පත් කළ බව පොලිස් ආරංචි මාර්ග මේ වන විට ප‍්‍රකාශ කරනවා.

ඇත්තටම පොලිස්පතිවරයා මේ පිළිබඳව නිල නිවේදනයක් වහාම නිකුත් කළ යුතුයි.

මෙම දේශපාලනඥ නිලමේවරයකු ලෙස සිටි අයෙක් බව මේ වන විට ජනමාධ්‍යයට තොරතුරු ලැබී තිබෙනවා. එම ඒ ප‍්‍රබල ඇමැතිවරයා කවුද?
ඔහු නිසා මේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර පත්කිරීමට සිදුවූ බව පොලිස්පතිවරයා සිය නිල නිවේදනයක් මගින් වහාම ප‍්‍රකාශයට පත් කළ යුතු නොවේද?
සැකකාර පොලිස් අධිකාරිවරයා මොනරාගල කොට්ඨාශය භාරව පැමිණීමෙන් පසු මෙම දේශපාලනඥයාගේ පූර්ණ සහය ඔහුට ලැබී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග තවදුරටත් තහවුරු කරනවා.
පෞද්ගලික පරිහරනය සඳහා ප‍්‍රාඩෝ ජිප් රථය ප‍්‍රදේශයේ ජාවාරම්කරුවකුට අයත් එකක් බව මේ වන විට ජනමාධ්‍යයට තොරතුරු ලැබී තිබෙනවා.
ජාවාරම්කරුවන් සමඟ සිටින අදාළ ප‍්‍රබල ඇමැතිවරයා මේ පාදඩ සමාජ ආකෘතිය නිර්මාණය කිරීමට දායක වූ තත්ත්වය පිළිබඳව වහාම ජනාධිපතිවරයා පරීක්ෂණයක් ආරම්භ කළ යුතු නොවේද?
මොනරාගල එස්.එස්.පී. පරිහරනය කර තිබෙන්නේ ජාවාරම්කරුවෙකුගේ ප‍්‍රාඩෝ රථයක් බව මේ වන විට
ලැබී තිබෙන තොරතුරු අනුව ජනාධිපතිවරයාත් පොලිස්පතිවරයාත් මේ පිළිබඳව පැහැදිලි නිර්වචනයක්
ලබාදිය යුතුයි.

එසේ නැතිනම් අසත්‍යය තොරතුරු නැවත නැවත මතුවන සමාජ වපසරියක් ගොඩනැගෙන්න පුළුවන්.

ඒ තුළින් පොලිස් සේවයේ දැනට සිටින යහපත් පොලිස් නිලධාරින්ට ඉතාම අසුබ තත්ත්වයක් වර්ධනය වෙන්න පුළුවන්.
මේ වන විට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින එක් අයෙක් දේව වරමක් ලැබූ අයෙකු බව පැවසෙනවා.
රාජ්‍ය දුරාචාරය තවදුරටත් ව්‍යාප්ත වෙන්න තවත් ප‍්‍රධාන සාධකයක් තමයි මිත්‍යාව.

සමාජ මිත්‍යාව මේ සමජය පුරා ව්‍යාප්ත වී තිබෙන බව අපි මනාව අපගේ පෙර ලේඛනවලින් පැහැදිලිව තොරතුරු හෙළි කරල තියෙනවා.
නමුත් ජනතාව නැවත නැවත මිත්‍යාව සමඟ සුසංයෝග වෙනවා.

දේවත්වය පන්සල තුළ ගොනු වී තිබීම ඒ තුළ කපුවන්ගේ සංස්කෘතියක් සංවර්ධනය වීම මේ සිද්ධි අරඹයා විහාරස්ථාන ආශ‍්‍රිතව මහ සංඝරත්නය තවදුරටත් ප‍්‍රවර්ධන කටයුතු කරන්නේ දේව පෙරහැරවල් සංවිධානය කරමින්.
මේ සමාජය තවදුරටත් කුණු ගහන, ගඳ ගහන සමාජ වපසරියක් ගොඩ නගන්නේ ඉහළම සාදු ධර්මතා රකින සමාජ සංස්ථාවන් විසින් නොවේද?
භික්ෂු සමාජය මෙහිදී ඉතාම ගැටලූ සහගත තත්ත්වයක් සංවර්ධනය කර තිබෙනවා. භික්ෂු සමාජයේ වපසරියන් පිළිබඳව අපි නැවත නැවත හෙළිදරව් කරන්නේ ඒ නිසයි.
පොලිස් අත්අඩංගුවට විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත් වන විට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිල නිවසින් පිටව ගොස් ඇත්තේ ප‍්‍රදේශයේ දේවාලයකට ගොස් නිධන් හෑරීම සඳහා භාරයක් වීමට බව විමර්ශනවලින් පැහැදිලි වෙනවා.
දෙවියන් තවදුරටත් ඔවුන්ව ආරක්ෂා කර තිබෙනවාද යන්න එයින් මනාව පැහැදිලි වන කරුණක්.

සැකකරුවන් සතුව තිබී දුරකථන හඬපට හා ඡුායාරූප කිහිපයක් ද විශේෂ කාර්ය බලකාය මේ වන විට සොයාගෙන තිබෙනවා.

ඒවායේ නිධන් හැරීම සඳහා සාකච්ඡුා කර තිබෙන බව ද පොලිසිය පවසනවා. නමුත් මේ සියලූ තොරතුරු වැදගත් සාක්ෂි.
නමුත් ඒ සාක්ෂි අධිකරණයට යාමේදී ශුන්‍ය වන්නේ රාජ්‍ය දුරාචාරය රට තුළ ව්‍යාප්ත වී තිබෙන පරිසරයක්
තුළයි.

කොහොම වෙතත් පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධික්ෂණය මෙහෙයුම පිළිබඳව ශ‍්‍රී ලංකා වාසීන් අගය කළ යුතු දෙයක්.
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන ගියත් එය රාජ්‍ය දුරාචාරයේ නිමිත්තක් බවට තවදුරටත් පත් නොවේවැයි පී.එෆ්.පී. නිවුස්වල ප‍්‍රාර්ථනයයි.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න