ශ‍්‍රී දන්ත දාතුන් වහන්සේට අපහාස වන අයුරින් විවිධ ප‍්‍රකාශ නිකුත් කළ සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරිකයකු වන සේපාල අමරසිංහ 1940 අංක 9 දරණ පුරාවිද්‍යා පනතට අනුව ඇප දිය නොහැකි වරදක් සිදු කර ඇති බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කර නීතිය ක‍්‍රියාත්මක කරන්නැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය අනුර මනතුංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වන විට ලිඛිතව කරුණු දන්වා තියෙනවා.
ඇත්තටම මේ සිද්ධිය අරඹයා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ක‍්‍රියාශීලී වීම හා මීට පෙර පුරා විද්‍යා පනතට අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හැසිරුණාද කියන ප‍්‍රශ්නය මේ ලේඛනය තුළින් පී.එෆ්.පී. නිවුස් විග‍්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ අනුව 1940 අංක 9 දරණ පුරාවිද්‍යා ආඥා පනතේ පහළොව ඈ වගන්තිය යටතේ ඇපදිය නොහැකි වරදක් වන අතර මෙම පනතේ 31 වන වගන්තිය යටතේ යම් තැනැත්තෙක් යම් සමාජ පන්තියක් විසින් පූජනීය ලෙස හෝ ගෞරවාදරයෙන් හෝ සලකනු ලබන පැරණි ස්මාරකයක් මත ඒ අසල හෝ ඒ සම්බන්ධයෙන් එම පැරණි ස්මාරකය පූජනීය ලෙස හෝ ගෞරවාදරයෙන් සලකනු ලබන තැනැත්තන් පන්තියේ ආගමික හැග’ීම් රිද්දවන හෝ ප‍්‍රකෝප කරවන සුලූ සිදුවීමකට ඉඩ ඇති යම් ක‍්‍රියාවක් කරන යම් තැනැත්තෙකු වරදකරු වන අතර වෙනත් ලිඛිත නීතියකට පටහැනිව කුමක් සඳහන් වූවද මහෙස්ත‍්‍රාත්වරයකු ඉදිරියේ පවත්වනු ලබන
ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට රු. 50,000කට නොවැඩි දඩයකට හෝ අවුරුදු දෙකකට නොඅඩු හා අවුරුදු පහකට නොවැඩි කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම ඔහු යටත් විය යුතු ලෙස පනතේ දක්වා ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යැවූ ලිපියක සඳහන් වෙනවා.
එතකොට අපට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මතු වන ප‍්‍රශ්න කිහිපයක් තිබෙනවා.

එක පුරාවිද්‍යා පනත ඔබ දෙපාර්තමේන්තුව මේ වන විට සිංහල ප‍්‍රකාශනයක් නිකුත් කරලා තියෙනවාද?

සාමාන්‍යයෙන් පනතක සිංහල පිටපත හා ඉංග‍්‍රීසි පිටපත සැසඳීමේදී යම් දෝෂයක් හෝ ගැටලූවක් මතු වූ විට එම පනතේ ඉංග‍්‍රීසි පනත පිළිබඳව ගැටලූ සහගත වූ අවස්ථාවකදී සිංහල පිටපත අනුව එහි අර්ථය නිරූපණය කර ගන්න කියලා බොහෝ පනත්වල දක්නට ලැබෙනවා.
ඒ අනුව ඒ හිමිකම සේපාලට හිමි වෙනවද?

ඒ අනුව මේ සම්බන්ධව ක‍්‍රියාකරන නීතිඥ මහතුන් පැහැදිලිවම ගරු අධිකරණයෙන් සේපාල සම්බන්ධ නඩුවට ඉදිරිපත් වී සිටින නාමල් රාජපක්ෂ මහතා පුරාවිද්‍යා පනතේ සිංහල පිටපතක් ලබාදෙන්න යැයි ඉල්ලීමක් කළ යුතුයි.
ඒ ඉල්ලීම අනුව ඉන්පසුව තමයි මේ පනත පිළිබඳව නෛතික පදනමක් සේපාලට විරුද්ධව ක‍්‍රියාකරන්න
තිබෙනවාද කියලා ඇසිය යුත්තේ.

එසේ නැත්නම් සිංහල පිටපතක් මේ වන තුරු ප‍්‍රකාශයට පත් කර නැත්නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම ඉතාම වැදගත්.
ඒ සම්බන්ධව යම් කිසි නීති සංසදයක් මගින් අදාළ නීති ආධාර ලබාදෙනවා නම් පී.එෆ්.පී. නිවුස් අදාළ තොරතුරු සමඟ ඊට අදාළ තවත් කරුණු පී.එෆ්.පී. නිවුස් සතුයි.
සේපාලගේ ප‍්‍රකාශය මේ වන විට අවභාවිතයට දේශපාලනිකව බහුලව සිදුවෙමින් තිබෙනවා.

පාදඩ දේශපාලනයේ නියැලි සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ අපවාද වසා ගැනීමට සක‍්‍රීයව සේපාලගේ ප‍්‍රකාශය පාදක කරගෙන තියෙනවා.
ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම හා භාවිතය අනුව බොහෝ විට බුද්ධාගමටත් බෞද්ධ ස්මාරකවලටත් අපහාස වූ සංසිද්ධීන් අපමණ තියෙනවා.
රාජ්‍ය අංශයේ ඇතැම් නිලධාරින්ගේ ප‍්‍රකාශ අනුව ඇත්තටම යම්කිසි නීතිමය පදනම අයුතු ලෙස යොදා
ගැනීම බරපතල වරදක්.

මේ අතරින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ප‍්‍රධාන වශයෙන් මේ සිද්ධිය අරඹයා ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව පුළුල්ව සමාජ සංවාදයට ලක් විය යුතු කරුණක්.
දළදා වහන්සේට අපහාස වූ අවස්ථා ඉතිහාසයේ කොතෙකුත් තිබෙනවා.

ඉන් ප‍්‍රධාන වශයෙන් කුරුණෑගල පිටු¥වේ සිරිධම්ම හිමියන්ගේ ප‍්‍රකාශය ප‍්‍රධාන වෙනවා.

මේ සම්බන්ධව පැති ගණනාවක් තිබෙනවා. නමුත් මේ ධාතු වන්දනාව අයුතු ලෙස පාවිච්චි වීම පිළිබඳව පමණක් දැනට කරුණු ඉදිරිපත් කරනවා.
මහනුවර දළදා මාළිගාවේ ඇත්තේ ඌරු දතක් බව සිරිධම්ම හිමියන් මීට ටික කලකට පෙර ප‍්‍රකාශ කළා.

ඉන් බෞද්ධාගමට සිදුවූ අපහාසය පිළිබඳව පුරාවිද්‍යා පනතට අනුව පුරාවිද්‍යා දෙපාර්තමේනතුව සක‍්‍රීය නොවූයේ ඇයි ද කියන ප‍්‍රශ්නය මෙහිදී පොදු ජනතාව ප‍්‍රශ්න කරනවා.
නීතිය ඉදිරියේ රාජ්‍ය දෙපාර්තමේන්තුවල ක‍්‍රියාකාරිත්වය ආත්මාර්තකාමී බව ප‍්‍රදර්ශනය කිරීමක් මෙයින් සිදු වන්නේ නැද්ද?
ජීවමාන බෞද්ධ සංකේතයක් වශයෙන් සැලකීමට වැඩවසම් භික්ෂු සමාජය විසින් ගොඩනගා ඇති සමාජ මතවාදයට අනුව සිරිධම්ම හිමියන්ගේ ඌරු දතකට සමාන කිරීම බෞද්ධ ජනතාවගේ හිත රිදවීමක් නොවන බවට දෙපාර්තමේන්තුව තීරණය කිරීම නිසා ඒ පිළිබඳව නෛතික පියවර නොගත්තේ ද?
කාලාන්තරයක් රට පුරා බෞද්ධ භික්ෂූන් වහන්සේලා වානිජ ධාතු වන්දනා ව්‍යාපාරික වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේදී බෞද්ධ ආගමට සිදුවන අපහාසය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තේරුම් ගැනීමට තිබෙන්නේ අසමත් භාවයක් ද?

ඒ තුළ 1940 අංක 9 දරන පුරාවිද්‍යා පනතට අනුව ක‍්‍රියා කරන්න පුරා විද්‍යා දෙපාර්තමේන්තුව නෛතික පදනමක් නැති නිසාද?
නෛතික තොරතුරු නැතිනම් කාලීන සමාජ අවශ්‍යතාවයට අනුව අදාළ නීති සම්පාදනය කිරීම දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියාගේ වගකීමක් නොවන්නේ ද?
ධාතු වන්දනා ව්‍යාජ වැඩසටහන් සඳහා ඇතැම් ජනමාධ්‍ය නාලිකා අනුග‍්‍රහය ලබාදෙමින් ක‍්‍රියාත්මක වීම තේරුම් ගැනීමට දෙපාර්තමේන්තුවට සාමාන්‍ය බුද්ධියක් නැතිකම ද?
මේ තත්ත්වය තුළ රාජ්‍ය ඒකාබද්ධ අරමුදලින් දෙපාර්තමේන්තුව සඳහා සුවිශාල මුදලක් වැය කිරීම සමාජ අපරාධයක් නොවේද?
රාජ්‍ය දෙපාර්තමේන්තුවක මූලික කාර්ය භාරය විය යුත්තේ පොදු මහජනතාවගේ හිමිකම් විශ්වාසයන් රැුකීම සඳහා අවශ්‍ය නෛතික පියවර ගැනීම නොවන්නේද?
එසේ නැතිනම් පාදඩ දේශපාලනයේ අවශ්‍යතාවලදී පමණක් දේශපාලන ව්‍යාපෘති සඳහා මැදිහත් වීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සදාචාරාත්මක හැකියාවක් තිබෙනවාද යන ප‍්‍රශ්නය මතු වන්නේ නැද්ද?
මේ පිළිබඳව පොදු මහජනතාව අවදිය විය යුතුයි.

මේ සඳහා ඉහත සඳහන් කරුණු සම්බන්ධව වහාම ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම ඉතාම වැදගත් කරුණක්.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න