ඉන්ධන අර්බුදය නිසා ප්‍රවාහන කටයුතු බොහෝ ප්‍රමාණයක්‌ අඩාල වුණා. ඒ එක්ක ම භාණ්ඩ නිශ්පාදන ක්‍රියාවලිය නිසි ආකාරයෙන්‌ පවත්වා ගෙන යාමටත්‌ උද්ගත වුණා. අසාමාන්‍ය ලෙස මිල වැඩි කිරීම්වලට යොමු වුණා.

මිල ගණන්‌ ඉහළ යාම සමඟ ජනතාවට ඒවා මිල දී ගන්න නොහැකි නම්‌ ජනතාව පත්‌ වන අපහසුතා හමුවේ අධික මිල ගණන්‌ යටතේ මිල දී ගැනීමට නොහැකිව පසු වන ජනතාවට පාරිභෝගික අධිකාරියේ මෙතෙක්‌ ලැබී තිබෙන විකල්පය කුමක්‌ ද?

සහන ලැබිය යුතු සැබෑ පිරිස හදුනාගෙන ඊට වැඩි වටිනාකමක්‌ පාරිභෝගික අධිකාරිය යොමු කරලා තියෙනව ද?

වෙළඳපලක්‌ තුළ හැසිරීම වෙනස්‌ වෙද්‌ දී අක්‍රමිකතා ඇති වෙනවා.

ඒ අක්‍රමිකතා වෙළඳපොළ තුළින්‌ ම නැති කිරිම සඳහා පාරිභෝගික අධිකාරිය ගෙන ඇති වැඩපිලිවෙළ කුමක්‌ ද?

මේ පිළිබඳව පාරිභෝගික අධිකාරියේ කාර්යය භාර්යය ප්‍රශ්න කෙරෙන අප 116%% ඒජන්සිය මඟින්‌ යොමු

කරන ලද ලේඛනය පගත සඳහන්‌ වෙනවා. අක්‍රමිකතා, වංචා, දූෂණ වෙළඳපල තූළ ඉහවහා ගොස්‌ තිබෙනවා.

පාරිභෝගික අධිකාරිය රට පුරා විමධාංගතව ප්‍රාදේශීය ලේකම්‌ කාර්යාල හරගා ක්‍රියාත්මක වෙන තත්වයකුත්‌ තියෙනවා.

පාරිභෝගිකයා ආරක්ෂාව සඳහා ඒ වෙනුවෙන්‌ ම ගරය කොට ගත්‌ පාරිභෝගික අධිකාරියේ හැසිරීම, භාවිතය පිළිබඳව පැහැදිලි විවරණයක්‌ අප නිවුස්‌ ආයතනය බලාපොරොත්තුවෙන්‌ ඉන්නවා.

අදාළ කාරණය පිළිබඳව නොසලකා ගරිනවා ද නැත්නම්‌ පිළිතුරු දෙනවා ද යන්න අප නිවුස්‌ ඒජන්සිය චිමසිල්ලෙන්‌. අධාක්‍්ෂක ජනරාල්‌,

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය,
1, 2 මහළ,
සතොස මහලේකම්‌ කාර්යාල ගොඩනැගිල්ල,
අංක 27,
‘චොක්සොල්්‌ වීදිය,
කොළඹ 02.

ගරු අධ්‍යක්ෂක ජනරාල්‌ තුමණි,

2016 අංක 12 තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කරණු ලබන ඉල්ලීම.

2003 සිට 2021 දක්වා අධිකාරියේ කාර්යය සාධන වාර්ෂික වාර්තා ( සිංහල ) හා පහත සඳහන්‌ සෙසු ලේඛන යථෝක්ත පනත යටතේ මෙයින්‌ ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. ඊට අමතරව පහත සඳහන්‌ ප්‍රශ්නවලට යමථෝක්ත පනත යටතේ තොරතුරුවලට අදාළ පිළිතුරු මෙයින්‌ අපේක්ෂා කරන්නෙමු.

  1. පාරිභෝගික අයිතිවාසිකම්‌ සුරක්ෂිත නොමැති තත්වයක්‌ තූළ පාරිභෝගිකයාට නිවැරදි මිලදී ගැනීමට යා නොහැකි තත්වයක්‌ උද්ගතව තිබෙන බව ඔබ අධිකාරිය අවබෝධ කරගෙන තිබේ ද?
  2. පාරිභෝගිකයින්ගේ ස්වාධිපත්‍ය සුරක්ෂිත වීම ගා සුභ සාධනය පහළ මට්ටමකට තල්ලු වී තිබෙනවා නොවේ ද?
  3. මේ නිසා ලාංකික ව්‍යාපාරවල කීර්ති නාමය හා ප්‍රතිරූපය අගතිගාමී වී ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට තල්ලු වී ඇත්තේ ඔබ අධිකාරියේ වගකීම්‌ ගෙවී ගිය කාලය තුළ මනාව ඉටු නොවූ නිසා නොවේ ද?
  4. මේ තත්වය දිගු කාලීනව වෙළඳ පොළට හා තරගකාරීත්වයට යහපත්‌ පසුබිම සකස්‌ කළ යුත්නේ ඔබ අධිකාරිය විසින්‌ නොවේ ද?
  5. පාරිභෝගිකයාත්‌, ව්‍යාපාරිකයාත්‌ සක්‍රීයව සිය යුතුකම්‌ නිසි ලෙස ඉටු කිරීමේ සමාජ අවකාශය ‘ගොඩ නැගීමේ කාර්යය භාර්යය අධිකාරිය විසින්‌ පැහැර හැරීමේ ප්‍රතිඵලය වර්තමාන අර්බුදයේ ප්‍රධාන නිමිත්ත නොවේ ද?
  6. රටේ වටිනාකම්‌ මතු කිරීම සඳහා සියළු ආර්ථික පාර්ශවයන්‌ සාමුහිකව ක්‍රියා කිරීමට නිදහස්‌ ආර්ථික වෙළඳපොළ ක්‍රමයක්‌ සකස්‌ වීම සඳහා අවැසි පදනම ගොඩනැගුවේ නම්‌ වර්තමාන ශ්‍රී ලංකාවේ විවිධ සමාජ ගැටළු උද්ගත වීමේ පරිසරයක්‌ උද්ගත වන්නේ ද?
  7. පවතින ආර්ථික පසුගාමී තත්වය විශේෂයෙන්‌ ම උද්ගත වූයේ පාලනයෙන්‌ තොර වෙළඳ පොළක්‌ නිර්මාණය වීමට ඉඩ ලබා දී අධිකාරිය හුදකලාව සිටි නිසා නොවේ ද?
  8. වෙළඳ පොළ විෂමාචාර වැඩි වශයෙන්‌ මතුවන විට පැවැති ගා පවතින රජයට අධිකාරිය යෝජනා කළ සමස්තය පැහැදිලිව ඉදිරිපත්‌ කරන්න.
  9. ඒ සදගා ඔබ අධිකාරියට හෝ වෙනත්‌ රාජ්‍ය නියාමන ආයතනවලින්‌ අධිකාරියට අවශ්‍ය න්‍යාත්මක දැනුම නොලැබුන නිසා ද?
  10. දේශපාලන බලපෑම්වලින්‌ අතපෙවීම්වලින්‌ තොරව විනිවිද භාවයෙන්‌ යුතුව ඔබ අධිකාරිය සතු අත්දැකිම්‌ කවරේ ද?
  11. එසේ නැතිනම්‌ පටු දේශපාලන අරමුණු හා න්‍යාය පත්‍ර සමඟ අත්වැල්‌ බැදගත්‌ සභාපතිවරුන්ගේ ඉකුත්‌ කාලවල අන්දැකීම්‌ නිසාද?
  12. වෙළඳ විෂමාචාර සම්බන්ධව හා පාරිභෝගික වගකීම්‌ කඩවීම්‌ සම්බන්ධව ක්ෂණිකව ක්‍රියාත්මක චීමේ මෙගෙයුම්‌ ක්‍රියාවලියක්‌ ඔබ අධිකාරිය සතු නොවීම මේ ප්‍රශ්නවල සැබෑ සමාජ යථාර්තය නොවේ ද?
  13. ඇතැම්‌ පාරිභෝගික පැමිණිලි ගමුවේ ඔබ අධිකාරිය ක්‍රියාත්මක වීමට වසර 02ක්‌ කල්‌ ඉකුත්වන බව නැගෙන චෝදනාවලට අධිකාරියේ පිළිතුර කවරේ ද?
  14. භාණ්ඩයක්‌ මිලදී ගනු ලබන පාරිභෝගිකයකු අනිවාර්යයයෙන්‌ ම එහි ලේබලය හොඳින්‌ කියවා අවබෝධ කර ගත යුතු බවට අධිකාරිය බහුජන අධ්‍යාපනික වැඩසටහන්‌ කවරේ ද?
  15. භාණ්ඩයේ නිෂ්පාදන දිනය, බර, භාණ්ඩයේ මිල, නිෂ්පාදන දිනය, කල්‌ ඉකුත්වන දිනය, නිෂ්පාදකයාගේ තොරතුරු හා අඩංගු ද්‍රව්‍ය පිළිබඳ විස්තර අදාළ ලේඛනයේ මනාව සටහන්‌ වී ඇත්දැයි සොයා බැලීමේ පාරිභොගික පරිචය පාරිභෝගිකයා තුළ සංවර්ධනය කළ යුත්තේ විධිමත්‌ හා අවිධිමත්‌ අධ්‍යාපනික ආකාරයෙන්‌ ම නොවේ ද?
  16. එය සැබැවින්‌ ම පාරිභෝගික තිරසර පරිභෝජනයක්‌ පවත්වා ගැනීම හා රටේ සමස්ත ආර්ථිකය ප්‍රගමනය සඳහා වැදගත්වන දිගුකාලීන උපාය මාර්ගික විවිධ බහු ජන ව්‍යාපෘති රට තුළ ව්‍යාප්ත නොකිරීම වර්තමාන අර්බුදයේ තවත්‌ වැදගත්‌ සාධකයක්‌ නොවේ ද?
  17. දැනුවත්‌ පාරිභොගිකයාගේ පරිචය තූළ රටේ ව්‍යාපාරික ප්‍රගමනයට මූලධර්මය චේතනාත්මකව විය යුතු නොවේ ද?
  18. රටේ සංවර්ධනයට ඉමහත්‌ දායකත්චයක්‌ ලබා දීම සඳහා අධ්‍යාපනික මෙහෙය වීම අධිකාරියේ මූලධර්මය විය යුතු නොවේ ද?
  19. චාණිජ අරමුණු පදනම්‌ කරගනිමින්‌ ගුදු වෙළඳ ප්‍රචාරණයන්ගෙන්‌ තොරව සතෘ්‍යාං හා නිවැරදි පාරිභෝගික දැනුවත්‌ කිරිමේ වැඩසටහන්‌ අධිකාරිය සතු නොවීම අර්බුදයේ වගකිව යුතු පැතිකඩක්‌ නොවේ ද?
  20. ‘වෙළඳපොළ ආර්ථීකය තූළ නිෂ්පාදකයා මෙන්‌ ම වෙළෙන්දා ද තම ලාභාන්නිකය උපරිම කර ගැනීම සදහා ගිජු කමක්‌ දක්වන පරිසරයක්‌ තූළ පාරිභොගික සුභ සාධනයට ඉඩක්‌ නැති වෙළඳ පොළක්‌ නිර්මාණය වී ඇත්තේ දැනුවත්‌ වැඩසටහන්‌ අවම වීම තුළ නොවේ ද?
  21. පාරිභෝගික අයිනිවාසිකම්‌ සම්බන්ධව නිවැරදි පුළුල්‌ වැඩසටහන්‌ අතපසු කිරීමේ පරිසරය තුළ අද පාරිභෝගිකයා එක්‌ වරක්‌ නොව නිරතුරුවම රැවටීමට ගොදුරු වන්නේ අධිකාරියේ පසුගාමී හැසිරීම හා භාවිතය තුළ නොවේ ද?
  22. චර්තමාන උද්දමනය තුළ වෙළඳ විෂමාචාර බගුලව සිදු වන පරිසරයක්‌ තූළ අධිකාරියේ පැවැත්ම සදහා මාසිකව බදු ගෙවන ජනතාවගේ බදු මුදල්‌ වැටුප්‌ සඳහා තවදුරටත්‌ ගෙවීමෙන්‌ මහජනතාවට ඇති ඵලදායී තත්වය කෙබදු ද?
  23. තරගකාරී අතිශයින්‌ සංකීර්ණ අර්බුද මාවතකට තල්ලු වී නිබෙන පාරිභෝගික සමාජයේ ස්වාධිපත්‍ය රැක ගැනීම සඳහා 2023 වර්ෂයේ අධිකාරියේ දැක්ම කවරේ ද?
  24. නමුත්‌ මේ වන විට ලාංකික පාරිභෝගික ස්වාධිපත්‍ය උල්ලංඝනය වී ව්‍යාජ වෙළඳපොලක්‌ ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇති බව අධිකාරිය පිළිගන්නේ ද?
  25. අදවන විට භාණ්ඩයක්‌ මිලදී ගැනීමේ දී ගැණුම්කරුවකු කුවිතාන්සියක්‌ ඉල්ලා සිටීමේ දී බහුතර ව්‍යාපාරික ප්‍රජාවක්‌ බිල්‌ පතක්‌ නිකුත්‌ කිරීම ප්‍රතික්ෂේප කරන තත්වයට රට තල්ලු වී තිබෙන බව අධිකාරිය දැනුවත්‌ ද?
  26. පාරිභෝගිකයා නොමඟ යවන සුළු හෝ රවටන සුළු ක්‍රියාවන්වලට බහුතර ව්‍යාපාරික ප්‍රජාවක්‌ තල්ලු වී ඇත්තේ අධිකාරියේ පෞරුෂය බිඳ වැටීම මත නොවේ ද?
  27. භාණ්ඩ අලුත්‌ ඒවා බව හෝ විශේෂ ප්‍රමිතියකට අයත්‌ බව කියා සිටීම රට පුරාම විවිධ උපක්‍රම මායාව වැළැක්වීම සඳහා මේ වන විට ගෙන ඇති පියවර කවරේ ද?
  28. දේශීය අනනාංතාවය අයුතු ලෙස යොදා ගෙන විදේශීය භාණ්ඩ විකිණීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට පනතේ ඇති විධිවිධාන උපරිම ලෙස යොදා නොගන්නා වටපිටාවක්‌ අධිකාරිය තුළින්‌ ම අභානන්තරිකව ගොඩ නැගී තිබෙනවා නොවේ ද?
  29. අසත්‍ය ප්‍රකාශ කිරීම හෝ එවැනි නොමඟ යවන සුළු වෙනයම්‌ විවිධ ක්‍රියාවන්‌ ගි නිරත වීම ආදී වෙළඳ විෂමාචාර රාශියක්‌ සඳගා පාරිභෝගික පනතේ ඇති විධි විධාන අවම කොට පැමිණිලිකරුවන්ගේ ඉදිරිපත්‌ වීම අවම කිරීමේ මාෆියාවක්‌ අධිකාරියේ නිලධාරීන්‌ තුළින්‌ ම මතූ වී තිබෙනවා නොවේ ද?
  30. එයට විෂමාචාර ලෙස යම්‌ භාණ්ඩයක හෝ ලේබලයක විස්තරයක්‌ හෝ ලකුණු කරන ලද මිලක්‌ ඉවත්‌ කිරීම, වෙනස්‌ කිරීම, කපා හැරීම, මකා දැමීම හෝ විකෘති කිරීම හෝ එවැනි දේ කරන ලද භාණ්ඩ විකිණීමට ඉදිරිපත්‌ කිරීම, නියම කරන ලද මිලකට හෝ ලකුණු කරන ලද මිලකට වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම හෝ විකිණීම සඳහා ඉදිරිපත්‌ කිරීම රට තූළ ව්‍යාප්ත වන උකටලී පරිසරයක්‌ තුළ අධිකාරිය තවදුරටත්‌ ස්ථාන ගත වී තිබීම රටට බරක්‌ නොවේ ද?
  31. භාණ්ඩ නිෂ්පාදනය, සැපයීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම හෝ අලෙවි කිරීම හෝ යම්‌ සේවා සැපයීමට අපොහොසත්‌ වීම ව්‍යංගයෙන්‌ හෝ යම්‌ ආකාරයෙන්‌ රට තුළ දිගින්‌ දිගට ම සිදු වන ප්‍රවණතාවය අවම කිරීම සඳහා අධිකාරිය ගෙන ඇති දීප ව්‍යාප්ත වැඩ පිළිවෙළ කෙසේ ද?
  32. ව්‍යාපාරික සන්තකයේ තබා ගෙන ඇති භාණ්ඩ විකිණීම, ප්‍රතික්ෂේප කිරීම, සැගවීම, භාණ්ඩ තොග රැස්‌ කිරීම බහුලව සිදු වෙන සමාජ පරිසරය වෙනස්‌ කිරීමට අධිකාරිය සතු ක්‍රියාමාර්ග කවරේ ද?
  33. පාරිභෝගික අධ්‍යාපනික ප්‍රවර්ධන වැඩසටහන්‌ බොහෝ විට සිමා වන්නේ පාරිභෝගික ජාතාන්තර දිනය වන මාර්තු 15 වන දිනට පමණක්‌ නොවේ ද?
  34. රාජා ගා පෞද්ගලික ආදී සෑම විවිධ අංශවල තීන්දු නීරණවලින්‌ මගජන පීඩාවන්‌ වළක්වා ගැනීම සඳහා පුළුල්‌ විධිමත්‌ වැඩසටහන්‌ නැති කම නිසා පාරිභොගිකයාගේ මූලික භාණ්ඩ හා සේවා ආහාර. ජලය, ඇදුම්‌, නිවාස, සෞඛ්‍ය ගා සනීපාරක්ෂක සේවා වලට තර්ජනය මතු වී තිබෙනවා නොවේ ද?
  35. මේ නිසා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හානිකර භාණ්ඩ ගා සේවා වලින්‌ පෙර දා මෙන්‌ ආරක්ෂා චීමට ඇති අයිතිය ලාංකික පාරිභෝගිකයාට අහිමි වී නිබෙනවා නොවේ ද?
  36. සත්‍ය තෝරා ගැනීම සඳහා ඉවහල්‌ වන පාරිභෝගික දැනුවත්භාවයක්‌ නැතිකම නිසා අදාළ තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය අධිකාරිය විසින්‌ මහජනතාවට වසා තිබෙනවා නොවේ ද?
  37. නියමිත ප්‍රමිනියට අනුව නිපද වූ නිෂ්පාදිත සාධාරණ මිලක්‌ යටතේ තෝරා ගැනීමට ඇති අයිනිය වෙළඳ බලගත්කාරයට යටත්ව තිබෙනවා නොවේ ද?
  38. රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ දී අධිකාරිය සක්‍රීය දායකත්වයක්‌ හෝ මැදිහත්‌ වීමක්‌ නොවන පරිසරයක්‌ මේ අනුව ප්‍රදර්ශනය නොවන්නේ ද?
  39. අයහපත්‌ භාණ්ඩ සඳහගා අසතුටු දායක සේවා ශ්‍රී ලංකාව තූළ ප්‍රවර්ධනය නිසා පාරිභෝගික අයිතිවාසිකම්‌ කඩවීම්‌ වලට වන්දි හෝ සහන ලබා ගැනීමට අවශ්‍ය පසුබිමක්‌ නිර්මාණය වී නැතිකම මීට අදාළ තවත්‌ සාධකයක්‌ නොවන්නේ ද?
  40. එවැනි පසුගාමී පාරිභෝගික සමාජයක්‌ ගොඩ නැගී ඇත්තේ අධිකාරියෙන්‌ අවැසි දැනුම සමාජයට කාන්දු නොවීම නිසා නොවේ ද?
  41. මෙය අනතුරුදායක හා තර්ජනාත්මක දිවිපෙවතකට පාරිභොගිකයා තල්ලු කිරීමක්‌ නොවන්නේ ද?
  42. පාරිභෝගික ගැටළු ගා අසාධාරණකම්වල දී අධිකාරියේ නිපුණතා යොදා ගනිමින්‌ මැදිහත්ව ක්‍රියාත්මක කිරීමට සක්‍රීය වැඩපිළිවෙලක අවශ්‍යතාවය මෙයින්‌ මනාව ප්‍රදර්ශනය නොවන්නේ ද?
  43. ඇතැම්‌ ව්‍යාපාරික ප්‍රජාව නිසා 2003 වර්ෂයේ සිට ලාංකික පාරිභෝගික විවිධ සූරා කෑම්වලට ගොදුරු වී සිටි මහජනතාව මුදා ගැනීම සඳහා ඔබ අධිකාරිය ගත්‌ පියවර අරබයා වැය කර ඇති රාජ්‍ය මුදල්වලට අදාළ විවිධ ව්‍යාපෘතිවල ප්‍රගතිය හා අසාර්ථක ව්‍යාපෘති ඇත්නම්‌ ඒ පිළිබඳ අධිකාරියේ ස්වං විවේචන ඇතුළත්‌ වාර්තා කවරේ ද?
  44. පාරිභෝගික ප්‍රජාවගේ දැනුවත්භාවය සඳහා අධ්‍යාපනික, සාමාජික, නෛතික වැඩසටහන්වල ප්‍රගතිය තක්සේරු කරගෙන තිබේ ද? නැත්‌ ද? යන්න පැහැදිලි විචාරාත්මකව නිර්වචනය කරන ලද ලේඛන මොනවා ද?.
  45. එවැනි සාක්ෂරතා ඥානයකින්‌ හෙබි සංස්කෘතියක්‌ දැනට අධිකාරියේ පරිපාලනය තූළ ගොඩ නැගී නැතිනම්‌ ඊට අදාළ සාධක ඇතුළත්‌ ලේඛන පසුගිය කාලය තුළ දී විමර්ශනාත්මකව සකස්‌ කර තිබේ ද?
  46. දේශීය මුහුණුවර අයුතු ලෙස යොදා ගෙන සිදු කර තිබෙන වංචනික වෙළදාම්‌ පිළිබඳ අධිකාරිය ගත වූ කාලය තුළ දී තරඟ විරෝධී චර්යයා හදුනා ගත්‌ පරිපාලන වපසරියක්‌ අධිකාරිය සතුව ගොඩනැගී තිබේ ද?
  47. එවැනි අයුතු තරඟ විරෝධී චර්යයා හදුනා ගත්‌ අයුතු සමාගම්‌ පිළිබඳ නාමලේඛනයක්‌ ගා චොදනා ලත්‌ එම සමාගම්වල වපසරිය හදුනා ගැනීම සඳහා මේ වන විට ඔබ අධිකාරිය ගෙන ඇති පියවර කවරේ ද?
  48. පනතේ අංක 34 වගන්තියට අනුව තරඟ විරෝධී චර්යයාවන්‌ පිළිබඳ මෙතෙක්‌ ඒ අධිකාරියට ලැබී ඇති මහජන පැමිණිලිවල පිටපත්‌ හා නෛතික පියවරවලට අදාළ නඩු තනීන්දුවල පිටපත්‌ හා විභාග වෙමින්‌ පවතින නඩුවල චොදනා පත්‍ර ලේඛනවල පිටපත්‌ ගොනුවක්‌ මහජන යහපත සඳහා ඉදිරිපත්‌ කළ හැකි ද?
  49. මේ දක්වා අධිකරණ වෙත ඉදිරිපත්‌ කර ඇති නඩු ගොනුවල දැනට විනිශ්චයන්‌ ලැබී ඇති නඩුවල තීන්දු වාර්තා පිටපත්‌ අප මාධ්‍ය ආයතනයට ලබා දිය හැකිද?
  50. චිභාග වෙමින්‌ කල්‌ ඉකුත්‌ වෙමින්‌ නිබෙන දිවයින පුරා ඇති අධිකරණවල චොදනා පත්‍රවල පිටපත්‌ හෝ අදාළ නඩු අංක අධිකරණ ප්‍රදේශය ඇතුළත්‌ නාමලේඛනයක්‌ වැඩිදුර අපගේ විමර්ශන සඳහා ලබා දිය හැකි ද?
  51. ජන හා සංඛ්‍යාලේඛන දේපාර්තමේන්තුවේ දර්ශකයන්ට අනුව 2007 අගෝස්තු මාසයේ දී ලක්ස්ප්‍රේ 4006 පැකට්ටුවක්‌ වූයේ රු.154/~ ක්‌ ද, ඇන්කර්‌ 4008 පැකට්ටුවක්‌ රු. 158/~ ක්‌ ද, නෙස්ප්‍රේ 4008 පැකට්ටුවක්‌ රු.163/~ කට ද මිල නියම වී තිබුණි.
  52. නමුත්‌ අද තත්වය කෙසේ ද? ඇත්තට ම පාරිභොගිකයා ගසා කන කිරිපිටි වෙළඳාමක්‌ නිබේ. දේශීය කිරිපිටි 4006 පැකට්ටුවක්‌ රු.800/~ ඉක්මවා ඇත. 1kg මිල රුපියල්‌ තුන්දගසකට ආසන්න මුදලකට ආසන්න වී ඇත.කෙටි කාලයක්‌ තූළ දේශීය කිරිපිටිවලට ඩොලරය සැසදීම කොහෙත්‌ ම නොගැළපෙන බව අධිකාරිය තේරුම්‌ නොගැනීම ඉතාම ගැටළු සගගත තත්වයක්‌ නොවේ ද?
  53. ලංකාවේ සමස්ත ජනගහනය ම සමන්විත වන්නේ පාරිභොගිකයින්ගෙන්‌ ය. විවිධ වෙළඳ විෂමාචාර නිසා අගතියට පත්‌ ප්‍රජාව වෙනුවෙන්‌ කඩිනම්‌ සංවේදී වැඩසටහන්‌ සකස්‌ කර තිබේ ද?
  54. පාරිභෝගික අයිනිවාසිකම්‌ සඳහා දීර්ඝ ඉතිහාසයක්‌ තිබෙන බඳුලු ටැම්‌ ලිපියේ අඩංගු කරුණු පුරාවිද්‍යා මහාචාර්යය සෙනරත්‌ පරණවිතාරණ ශූරිහූ මෙසේ විවරණය කර තිබෙනවා නොවේ ද?
    i. දඩ අය කර ගැනීම පිළිබඳ නීති රාජ්‍ය, රාජ්‍යයක නිලධාරීන්‌ සඳහා නීති, වෙළඳ ප්‍රතිපත්ති.ං පාරිභෝගික අයිතිවාසිකම්‌ බදුලුටැම්‌ ලිපියේ සඳහන්‌ කර ඇති විවරණය අනුව ඉර, හඳ, කපුටෙකුගේ සලකුණ සහ බල්ලෙකුගේ සටහන සඳහන්‌ කර තිබෙනවා නොවේ ද?
    ii. ඉන්‌ කියැවෙන්නේ ඉහත සඳහන්‌ අයිතිවාසිකම්‌ ඉර හඳ පවතිනා තුරු ශ්‍රී ලංකාව තුළ ආරක්ෂා කළ යුතු බවත්‌ එසේ නොකරන පාලකයින්‌ හෝ නිලධාරීන්‌ වෙනත්‌ ආත්මයක බල්ලන්‌ හෝ කපුටන්‌ වී ඉපදීමට ඉඩ ඇති බව නොවේ ද?
  55. චර්තමාන අධිකාරියේ භාවිතය හැසිරීම ඊට සැසඳිය ගැකි ආකාරයට තල්ලු වී තිබෙනවා නොවේ ද?

ස්තුතියි,
මෙයට,

…………………………………….

සාමාන්‍යාධිකාරි,
සුමිත්‌ කොඩිතුවක්කු.

මේ පිළිබදව පුළුල්‌ විවරණයක්‌ බලාපොරොත්තුවන්න.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න