ලාංකික සංඝ ඉතිහාසය  භාරතයේ ප්‍රාග් ඉතිහාසය දක්වා යන්නකි. හේතුව බුද්ධිමය සංස්කෘතිකමය සමාජමය දේශපාලනමය හා ආර්ථිකමය  අතර  සබදතාවයකින් බැදී තිබෙන නිසාය.

මහා භාරතයේ   පුනර්බවය ලැබූ ශ්‍රමණ සම්ප්‍රදාය ලංකාව දෙස බැලීමේදී දේපල හිමිකාරිත්වයේ දේපල හිමිකාරිත්වයේ පරිණාමයකට තල්ලු වුයේ කෙසේද යන්න විමසීමේදී ඉන්දියානු පාලන රටාව පිළිබඳව ඔබ ගැඹුරු  අවබෝධයක් විය  යුතුය.

ගවුරවනිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ටත්වය සංඝ සමාජය කුලකවල පැවැත්ම සඳහා පෙර රජ දවස රජවරුන්ට කඩේ ගිය ඉතිහාසයක් ලංකික සංඝ සමාජය සතුය.

දේශපාලනය සඳහා කඩේ ගිය මහා සංඝ රත්නයට රජවරුන්ගෙන් ලැබුනේ ධන උල්පතය.

ඊට උදාහරණ අනුරාධපුර යුගයේ සිට ඇත. නමුත් අප හෙළිදරව් කිරීමට අපේක්ෂිත වස්තු බීජය අරභයා නිමිත්තක් හමුවන්නේ මහනුවර යුගයේ සිටය.

ප්‍රාග් සහ අනුරාධපුර හා පසු යුග දක්වා සංඝ සමාජයේ අවශ්‍යතාවයන් තුලින් ගොඩනැගුණු ලංකික ජන ජිවිතයේ භාවිතය සහ හැසිරීම පසු විමර්ශන වලින් හෙළිදරව් කිරීමට අපේක්ෂා කෙරේ.

එදා පොළොන්නරු යුගයෙන් පසුව ස්වාමින්වහන්සේලාගේ ඉතිහාසය විහාරස්ථානවල දේපල පරිහරණය අඹුදරුවන් පෝෂණය කිරීම හා ගිහි ජීවිතයක් ගත විය.

එදා එය ප්‍රසිද්ධියේ සිදුවිය. අදත් අප්‍රසිද්ධියේ සිදුවේ. ඊට රජුන්ගේ ආවරණ ආරක්ෂාව ලැබුණි. ද්‍රවිඩ සම්භවයක් ඇති රජවරුන් මෙරට රජ කලේ සැකය බිය තුරුළු කරගෙනය. ඉන්දියානු සම්භවයක් ඇති නුවර යුගයේ නායක්කාර් වංශිකයන්ගේ බිය තුරන් වුයේ බ්‍රහ්මචාරී දිවියක් ගෙවූ බෞද්ධ භික්ෂුන්වහන්සේලාටත්ධන උල්පත් නායකත්වය දෙමින්ය.

ඊට ප්‍රති උපකාර රජවරුන්ට සංඝ සමාජය සිදු කලේ ලංකික ප්‍රජවයේ ඉහමොළ වලට රාජ්‍ය පක්ෂපාතිත්වය තුලින් අනුශාෂනා පැවත්විමෙන්ය.

එම සම්ප්‍රදායේ දිගුව පෝෂණය රාජපක්ෂ රනිල් දක්වා අන්තර්ගතයේ ” ආරම්භක විමර්ශනය සහ ගැට විමර්ශනය” ලිපි පෙලේ මෙය පලමුවනියයි.

වසර 74ක් පුර සොරකම දේශපාලනයට ස්නායු ගත කලේ කවුද?

ඉන්දු නිම්න නාගරික දියුණු ශිෂ්ටාචාරයේ සිට වර්තමාන ආගමික තල්ලුව දක්වා ලබා දී ඇති දායකත්වය පුළුල් විමර්ශනයකට ගෙන යන “සඟ ගැට” දිගින් දිගටම කියවීමෙන් ඒ සම්බන්ධ ව ඔබ ප්‍රඥාවන්ත වනු ඇත.

නොසන්සුන්කාරී සමාජ පරිසරයක් හමුවේ ආගම ලබා දෙන උදාර හැඟීම් සමුදාය අයුතු ශ්‍රමණ සම්ප්‍රදාය විසින් සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දීමේ ප්‍රතිඵලය වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලනික ආර්ථික සංස්කෘතියක විවිධ අර්බුදවල මුලයයි. සංඝ සංස්ථා ඉතිහාසයේ සිට ඒ සඳහා දායකත්වය ලබා දී තිබේ.

ගොටාභය බලයට පත් කිරීම සඳහා සංඝ සමාජය වෙනුවෙන් අරමුදල් ආයෝජනය කලේ ගෝලීය ශ්‍රී ලංකික සංසදය නමින් අටවා ගත් ආයතනයකි.

ගොටාභයගේ ප්‍රතිරූපය වර්ධනය සඳහා තිරය ඉදිරියට පැමිණියේ ජාතික භික්ෂු සංසදයයි. ඒ පිළිබඳව පසු විමර්ශන ඉදිරියේදී නිකාය වල මහනායක හිමිවරුන් සම්බන්ධ වූ ආකාරය හෙළිදරව් කිරීමට අපේක්ෂා කෙරේ.

අනුරාධපුර යුගය දක්වා දිවයන ඉතිහාසයේ සංඝ සමාජය ආරම්භ වන්නේ ක්‍රිස්තුපුර්ව තුන්වන සියවසේදීය. විනය පිටකය මිහිඳු මාහිමියන්ගෙන් ඉගෙනුම ලබන්නේ අරිට්ට කුමරුය.උන්වහන්සේගෙන් මහන උපසම්පදාව ලබන අර්රිට්ට ස්ථවීරයන්ගෙන් පසුව ලංකික ප්‍රථම භික්ෂු කණ්ඩායම ශ්‍රී ලංකාවේ බිහි වුහ. ඉන් පසුව මහා විහාර සම්ප්‍රදාය ගොඩ නැගුනත් වළගම්බා රජදවස වන ක්‍රිස්තු පුර්ව පළමුවන සියවස වන විට සංඝ සමාජය දෙඅංශයකට බෙදීම සිදුවිය.

මෙතැන් පටන් සංඝ සමාජයේ සිදුවන අවභාවිතාවයන් හා අක්‍රමිකතාවන් පිළිබද යථා තත්වය හෙළිදරව් කිරීමට ඉතිහාසය පසුගාමී වන්නේ ගෞතම බුදුන් වහන්සේට ලංකික සමාජ ඉතිහාසය දක්වන ගෞරවනීය ශ්‍රේෂ්ටත්වය නිසාය.

දේවානම්පියතිස්ස රජ සමයේ මිහිදු මාහිමියන් වහන්සේගේ පැමිණීම සමග බුද්ධාගම ගසට පොත්ත මෙන් ලංකික සමාජය සමග පසුව බද්ධ විය.

ක්‍රිස්තු පුර්ව තුන්වන සියවස සමාජ ආර්ථික දේශපාලන සාධකයන් සමග බෞද්ධ සමාජ සංස්කෘතිය සමාජ ගත වීම සිදු විය. රජපවුලේ සාමාජිකත්වය ශාසනයට සුසංයෝග වීම එදා ලංකා ශාසනය ආරම්භයේදී සිදුවීම පසුකාලීනව භික්ෂුවගේ දේශපාලන බලපෑමට ප්‍රධාන සාධකයක් විය.පසුව ඇතිවූ රාජ්‍ය ධුරාවලියේදී රජ පවුල් වලින් ශාසනයට එක්වූ සාමාජිකත්වය ඉතාම සීමිත විය.

ගෞතම බුදුන්වහන්සේට ඇති ගෞරවය අඅයුක්ති සහගත ලෙස භුක්තියට සවිකර ගන්න භික්ෂු සමාජය මේ වන විට ඇති නවීන සුඛෝපභෝගී ජිවිත රටාවක් ගෙන යමින් තිබේ.

බුදු සසුනට ඇති ගෞරවනීයත්වය අයුතු ලෙස භාවිත කරමින් ලාංකික සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙමින් භික්ෂූහු වැජඹෙති. ඊට රාජ්‍ය නායකත්වය උඩගෙඩි දෙති.පැවැති හා පවතින රාජ්‍යයන්ද භික්ෂු සමාජයේ භෞතික ප්‍රයෝජනය සඳහා මහජන ප්‍රාග්ධනය වැය කරති. මහජන ප්‍රසාදය දින ගැනීම සඳහා ආගමට මුවාවී භික්ෂු සමාජය මුදලින් තනතුරුවලින් හා භෞතික අවශ්‍යතා තරකර ගන්නේ පවතින රජයෙන් පමණක් නොවේ. විපක්ෂයද ඊට අදාලය. මේ පිළිබඳව පසු විමර්ශන ඉදිරියේදී මහා භාරතයේ ශ්‍රමණ ප්‍රභවය දක්වා කරුණු වලින් බලාපොරොත්තු වන්න.

මොහෙන්ජෝධරෝ  හරප්පා ශිෂ්ටාචාරය ප්‍රාග් (ප්‍රාග් යනු කෞතුක ලේඛන  හා ශිලා සම්පත් නැති යුගයයි) ඉන්දයාවේ පැරණි අන්තර් ජාතික වෙළදාමසමාජ සංස්කෘතිය දියුණුව පැවති ශිෂ්ටචරයකි.

ඓතිහාසික සලකුණු නැති යුගය ප්‍රාග් යනුවෙන් සඳහන් වුවද “අසිරිමත් භාරතය” කෘතියේ සඳහන් පරිදි ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත්ව අපමණ සලකුණු සඳහන් වේ.

ඉරානය ඉරාකය තෘණ බිම් ආශ්‍රිත ආක්‍රමණික ගෝත්‍රික කණ්ඩායම් මොහෙන්දෝ ජාරෝ  හා හරප්පා මුල් වාසීන් පලව හරිමින් ආර්ය ජනාවාස බිහිකළ බව ඉතිහාස පොත පතේ සඳහන් වේ (මේ පිළිබඳව සරල සුගම ප්‍රශ්න හා පිළිතුරු ඊළඟ පියවරෙදී බලාපොරොත්තු වන්න).

ධාරානිපාත මහා වර්ෂා විසින් ගඟා ගොඩබිම් තරණය කල නිසා මොහෙන්දෝ ජාරෝ හරප්පා ශිෂ්ටාචාරය විනාශ වූ බව තවත් මතයකි.

ඒ පිළිබඳව විචාරයක් කිරීමට මෙය අවස්ථාව නොවේ. පසු ලිපියකින් විචාරයක් කිරීමට අපේක්ෂා කෙරේ.

ඉන්දු නිම්නය කරා පර්සියානු ඉරක ගෝත්‍රික වැසියන්ගේ ආක්‍රමණය ආර්යගමනය වශයෙන් ඉතිහාසයේ සඳහන් වේ.

මුල් වැසියන්ගේ ආගමික සාමාජික හා සංස්කෘතික ලක්ෂණ ආර්ය චින්තනයට පසුකාලීනව ගොනු වී තිබේ.

ආර්ය ආක්‍රමණික සිදුවීමට පෙර පැවති දියුණු අධ්‍යාත්මික සංවර්ධනය ආක්‍රමණිකයාගේ ඇගයීමකට ලක් වී නැත.

බ්‍රාහ්මණ සංස්කෘතිය ඉන්දියාව තුල ප්‍රවර්ධනය වන්නේ ඉන් පසුවය.

ගිහි ජීවිතය එහි හරයයි.

ලෞකික අරමුණු පාදක වූ බ්‍රහ්මචාරී, ගෘහස්ථ, වානප්‍රස්ථ යනුවෙන් කොටස්කර තිබේ.

බ්‍රාහ්මණ සම්ප්‍රදායේ හරය සැප සම්පත් වර්ධනය කර ගැනීමය.

අධ්‍යාත්මික සංවර්ධනය සන්යාසි අවස්ථාවේ සංවර්ධනය සඳහා බ්‍රාහ්මණ ධර්මයේ ඉඩක් නැත.

සිත දියුණු කිරීමෙන් උසස් මානසික සංවර්ධනය පිළිබඳ යෝගීන් මොහෙන්ජෝධරෝ හරප්පා ශිෂ්ටාචාරය      දක්වා දිවයයි. ඒ බව සනාථ කරන්නේ පුරාවිද්‍යාත්මක සාධකයන්ය.

ආර්ය ගෝත්‍රික සමාජ කණ්ඩායම් ඉන්දියාවට ප්‍රවේශ වන විට මුනිවරයකුගේ යැයි සැලකිය හැකි ප්‍රතිමාව යෝගාචාර වරයකුසේ සැලකිය හැකි රුව මිට උදාහරණයකි.

දේව විශ්වාස, යාග හෝම, පුද පුජාදී චාරිත්‍ර ඉක්මවා ධනය දියුණු කරගත් මොහෙන්ජෝධරෝ හරප්පා ශිෂ්ටාචාරය විනාශ කරන්නේ ආර්ය සංස්කෘතිය විසිනි.

එය සිදුවන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය අශ්‍රිතව ආර්ය පදිංචියත් සමගය.

ලෞකික ජීවිතය භෞතික සැප සම්පත් ආගමික හරය පදනම්කරගෙන බ්‍රාහ්මණ චර්යාව විය.

ගඟා නදී නිම්නය ආශ්‍රිතව ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ව්‍යප්තවුයේ මොහෙන්දෝජරෝ හරප්පා ශිෂ්ටාචාරයේ ආභාෂය නිසාය.

මේ පිරිසට ගිහි ජිවිතයේ ශුන්‍යතාවය අවුලක් විය.

ලෞකික සුඛ විහරණයට ප්‍රමුඛත්වය   ලබාදුන් ආර්ය සමාජය බ්‍රහ්මචාර්ය, ගෘහස්ථ, වානප්‍රස්ථ සන්‍යාසි ආශ්‍රම හතරක පරිසරයක් තුල ශ්‍රමණ සංස්කෘතියක් ඉන්දියාවේ ගඟ නදී නිම්නය ආශ්‍රිතව බහුලව ව්‍යාප්ත වුහ.

සංසාර විමුක්තිය, ආත්ම විමුක්තිය, අධ්‍යාත්මික පාරිශුද්ධිය  ඉන්දියාවේ ශ්‍රමණ සංකල්පවල ආරම්භයයි.

ඉන්දු නිම්න ආශ්‍රිත ප්‍රදේශ සාරවත්විය. හිම ආශ්‍රිත ප්‍රදේශ දියවියාම මේ සාරවත් සමාජ පරිසරයට හේතුවක් විය හැකිය.

ගංගා ආශ්‍රිත සම්පත් ගොඩබිමට ගංවතුර ගැලීම තවත් සාධකයක් විය හැකිය.

ආක්‍රමණික ආර්ය පුරවැසියන් අතර පසුකාලීනව ගැටුම් වර්ධනය විය.

කෘෂි කර්මාන්තය ආශ්‍රිත වෙනත් කර්මාන්ත වල නියැලී සිටි පුරවැසියන් යුද්ධය සඳහා යෙදවීම පාලක පක්ෂය අත්කරගත් ප්‍රධානීන්ගේ අරමුණ විය.

බදු මුදල් ගෙවීමට සිදුවීම නිසා ස්වාභිමානයෙන්  ජීවත්වූ පිරිස දිගින් දිගටම කලකිරීමට පත් විය. සමාජ අසාධාරණය වර්ධනය විය.

ලෞකික සැප සම්පත් වලට වඩා ලෝකෝත්තර සුවය පැතීම ඉන්දියාවේ   ආරම්භ වන්නේ ඉන්පසුවය.

පුරවැසියන් ස්වයං අධ්‍යාත්මය සොයා ගංගා නදී නිම්න කරා තල්ලුවන්නේ එවැනි පරිසරයක් සංවර්ධනය වීම නිසාය.

මේ අනුව බලනවිට අධිපති පාලකයන් සමාජ අසාධාරණය, හා පුරවැසි අයිතිවාසිකම් සූරා කෑ ඉතිහාසය ආර්ය ආක්‍රමණිකය දක්වා දිවයයි.

ගිහි ජිවිතය නිසරු බවට පුරවැසියා පත් කරන්නේ පාලක සමාජ සංස්කෘතිය විසිනි. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශය ඇතුළු ගංගා නිම්න අශ්‍රිතව ශ්‍රමණ සමාජය  සංවර්ධනය වන්නේ ඉන් පසුවය.

ස්වභාව ධර්මය අශ්‍රිතව පුද්ගලයාගේ හා ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගැනීමේ බුද්ධි ගවේෂණය ස්වයං උත්සාහය වර්ධනය වන්නේ ඉන් පුවය.

මේ සිද්ධීන් අරභයා රුපාන්තර කිරීම අපහසුය.

දකුණු ආසියාවේ ප්‍රධාන රටක්වන ඉන්දියාව අශ්‍රිතව ශ්‍රමණ සංවිධානය සමාජ ගත වන්නේ අධිකාරිවාදී පාලක රටාවන්ගෙන් හෙම්බත් වන පුරවැසියන්ගෙනි.

පීඩනය හමුවේ අධ්‍යාත්ම සුවය කරා යන පුරවැසියන්ගෙන් පසුකාලීනව ශ්‍රමණ සම්භවයට අයත් ප්‍රධාන ගුරුකුල බිහිවේ.

ශ්‍රමණ සම්ප්‍රදායට අයත් ශාස්තෘවරුන් අතර පුරණ කස්සප, මක්කලි ඝෝසාල, පකුට කච්චායන, අජිත කේශකම්බලී, සංජය බෙල්ලට්ටපුත්ත, නිගන්ට නාථපුත්ත ප්‍රධාන වෙති.

උත්සාහ දරන්නා, ප්රිශ්‍රමයෙහි යෙදෙන තැනැත්තා, ශ්‍රමණ යන නාමය ලබා ඇත.

අධ්‍යාත්මික ප්‍රබෝධය ඒකායන පරිශ්‍රමය දරන්නා ශ්‍රමණ නම් වෙති.

ලෝකයේ හා ශ්‍රී ලංකාවේ ශ්‍රමණ වී සිටින බහුතරයගේ චර්යාවන් සලකා බැලීමේදී ශ්‍රමණ යන පරිසමාප්ත අර්ථයෙන් හදුන්ව දිය හැකිද ?

පින් පව් පිටු දැක කෙලෙස් පරමාර්ථ පිටු දැක සිත දමනය කරගත් භික්ෂු ධුරාවලියක් ශ්‍රී ලංකාව  සතුද?

සුත්‍ර නිපාතයේ සඳහන් පරිදි ලංකාවේ භික්ෂුව නුවනින් යථාර්ථාවබෝධය අරමුණු කරගෙන ක්‍රියා කරනවාද?

සිරුරට දුක දැනීම හා දුක් පමුණුවා ගැනීම ඉන් උසස් මානසික ප්‍රබෝධයක් විශ්ව දර්ශනයක් උපදවා ගැනීම ඉපැරණි වේද ශ්‍රමණ යෝගියාගේ අරමුණ විය.

දිගු කෙස් කළඹකින් කිලිටි වස්ත්‍ර වලින් සමන්විත මුනිවරුන් පිලිබදව භාරත ප්‍රාග් ඉතිහාසය කරුණු සඳහන් කර ඇත. ලෞකික ජීවිතය හැර දමා අධ්‍යාත්මික පරිසරයට ප්‍රමුකත්වය ලබාදුන් යෝග වෘත්තිය බ්‍රාහ්මණ සමාජය පිළිගන්නේ නැත. බුද්ධ කාලයේ ජීවත් වූ ශ්‍රමණ නිකායන් දහයක් පිළිබඳව අංගුත්තර නිකායේ සඳහන් වේ.

සංවිධානය වූ බ්‍රාහ්මණ සමාජය තුල ගිහි ජීවිතය හැර දමා ශ්‍රමණ භූමියට ප්‍රවේශ වීමට බාධා නොවිය.

ලෞකික සැප සම්පත්වලින් ලැබෙන තාවකාලික සුවයට වඩා යථා අවබෝධය හා මානසික සංයමය එදා ශ්‍රමනභව ලැබූ භික්ෂුව සතු විය.

අද තත්ත්වය ඊට ප්‍රතිවිරුද්ධවය.

කුල ගෝත්‍ර භේදයකින් තොරව ශ්‍රමණයකු ලෙස පැවිද්ද ලැබීමට භාරත සමාජය තුල එදා පුරවැසියෙකුට අවස්ථාව ලැබුණි.

ලංකාවේ නිකායන් අතර අස්ගිරි නිකායේ කුලය සාධක කරගත් බෞද්ධ කටයුතු මෙහෙයවති.

එදා ඉන්දියාවේ නිගන්ට, පරිබ්‍රාජක, ආජීවක, ජටිල, මුණ්ඩ, බ්‍රහ්මශ්‍රාවක, මගන්ධික, තෙදන්දික, අවිරුද්ධක, ගෝධමක, හා දෙවධම්මික ශ්‍රමණ නිකායන්වල ශ්‍රමණයකු වීම සඳහා කුලය සැලකුවේ නැත.

පසුකාලීනව බිහි වූ බෞද්ධ සමාජ ධර්මතාවල කුලය සාධකයක් වශයෙන් සැලකුවේ නැත.

නමුත් ඊට වසර ගණනාවකට පසුව ලංකාවේ බිහි වූ අස්ගිරි නිකායේ භික්ෂුවක් වීම සඳහා කුලය සලකා බැලීම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එරෙහි වීමකි.

– සුමිත් කොඩිතුවක්කු –

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න