ලෝකයේ වනචාරී යුගය අවසන් කරමින් විවිධ යුග බිහි කරමින් අද ලෝකය ශිෂ්ඨාචාරමත් වෙලා තිබෙනවා.
වනචාරී යුගය අවසන් කරමින් ස්ථාවර භූමියක වාසයට පැමිණි මිනිස් සමාජය ස්වභාදහමේ විවිධ වෙනස්වීම් එදා තේරුම් ගන්න නොදියුණු මානවයාට නොහැකි වුණා.
ඒ නිසා එදා නොදියුණු මානවයා විවිධ නම් යොදා ගනිමින් එම ගහ කොළ මහ වෘක්ෂයන්ට හා සුවිශාල ගල් පර්වතවලට පුද පූජා කරන්න පුරුදු වුණා.
ඉර , හඳ , මහ වර්ෂාවන්ට තැති ගත් නොදියුණු මානවයා ඒ සියල්ලක් දේවත්වයෙන් සැලකීමට පුරුදු පුහුණු වුණා.
මේ විශ්වාසන්ගේ සැබෑව සෙවීම වනගත වූ ගවේෂණාත්මක පුද්ගලයන් තුළින් විවිධ සමාජ දර්ශන ආගමික දර්ශන පහළ වීමට පටන් ගත්තා.
බොහෝ විට එම ඉගැන්වීම් දෙවියන් මුල්කරගත් ආත්මය පදනම් කරගත් ඉගැන්වීම් වුණා.
දෙවියන් මුල් කරගත් , නොගත් මානවයාගේ පැවැත්ම සඳහා ඉදිරිපත් වූ මතවාදයන් සමග ඉන්දියාවේ ජෛන මහාවීර ගෞතම බුදුන් වහන්සේ ප්‍රධාන වෙනවා.
මහාවීරගේ දහම අන්තයට ම ධාර්මික අදහස්වලින් යුක්ත වෙනවා.
මධ්‍යම ප්‍රතිපදාව මූලික කරගත් බුදුරදුන්ගේ ඉගැන්වීම් තුළ මානව ජීවිතයේ විවිධ අංශ සිසාරා යන දහමක් ගැබ් වෙනවා.
එම ඉගැන්වීම්වල ප්‍රායෝගිකත්වය ප්‍රතිපදාවක් ලෙස ක්‍රියාවට නැංවීම සමාජයට මහත් සැනසීමක් වුණා.
බුදුන් වහන්සේගේ දහම ලෝකයා ලෝක සමාජය දෙස ගෙන යාමට සංඝ සමාජය විශාල කාර්යය භාර්යයක් කළා.
එයින් බුදු සමයේ ඇසුර ශ්‍රී ලංකාවට ප්‍රවේශ වන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දීය.
මිහිදු මහරහතන් වහන්සේගේ ලංකාවට පැමිණීමෙන් ලංකාවේ බුදු දහම එදා මෙදා කාලය තුළ සමාජ පටිතයක් බවට පත් වුණා.
මේ තත්වය තුළ ලංකාවේ සංඝ සමාජයට සුවිශාල සමාජ වටිනාකමක් හිමි වුණා.
ඒ හිමි වීම අයුතු ලෙස යොදා ගත් ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම හා භාවිතය නිසා වැරදි ආදර්ශයන් තුළින් නිහඬ සුවිශාල සමාජ විපතක් රටට උරුම වී තිබෙනවා.
ඉන්දියාව තුළ කාලානුරූපීව සංඝ සමාජයේ හටගත් විවිධ මතවාදයන් ද මීට හේතු වුණා.
අනුරාධපුර යුගයේ දී මෙරටට සංක්‍රමණය වූ බෞද්ධ මහයානය ඉන් එකකි.
මහයානය හා හීනයානය නිසා නව භික්ෂු සම්ප්‍රදායන් වළගම්බා රජ දවස වන විට බිහි වී තිබුණි.
මේ වන විට එම භික්ෂු සම්ප්‍රදායන් තුළින් ගොඩනැගුණු ධර්මදර , ධර්මරුචික මෙරටට භික්ෂු සම්ප්රදායක් අද දක්නට නොලැබේ.
අනුරාධපුරයේ මහාවිහාරය පදනම් කරගත් භික්ෂු නිකාය විවිධ පැතිවලට ගමන් කොට නුවර යුගය වන විට දළදා මාලිගාව ප්රමුඛ කරගත් නිකායක් බිහි වී තිබුණි.
ඒ බුරුම රටේ ( වර්තමානයේ මියන්මාරයේ ) සියම් ප්‍රදේශයෙන් ගෙන ආ සියම් නිකායයි.
ශ්‍රී ලංකාවෙන් බුරුමයට ගෙන ගිය උපසම්පදාව ලබා ගෙන නැවත එන භික්ෂු පරපුර මෙරට බිහි වූ බව ශාසන ඉතිහාසයෙන් පෙනේ.
නුවර යුගය වන විට භික්ෂූන් අතර විවිධ ආරවුල් තිබී ඇත.
ඒ ශාසන පරිහානියෙන් පසුව වැලිවිට අසරණ සරණ සරණංකර මා හිමියන්ගේ දැඩි උත්සාහයෙන් මියෙන්මාරයෙන් එනම් සියම් දේශයෙන් උපසම්පදාව ලබා ගෙන සියම් නිකාය නමින් භික්ෂු වංශයක් ඇති කර තිබේ.
පසුව සියම් නිකාය මල්වතු පාර්ශවය වශයෙන් දෙපාර්ශවයකට වෙන්ව ඇත්තේ දේපල හා වෙනත් අයිතිවාසිකම් සමව බෙදා ගැනීමේ ඉලක්කය ඇතිවය.
පසුකාලීනව සියම් නිකායේ ආත්මාර්ථකාමී හැසිරීම හා භාවිතය නිසා තවත් නිකායන් ශ්‍රී ලංකාව තුළ බිහි වී තිබේ.
ඒ පිළිබඳ සැබෑ තොරතුරු සඟවා වසා හැසිරීමට මේ හැම නිකායක් ම සමත් වී තිබේ .
මෙහි දී සියම් නිකාය බුදුන් වහන්සේගේ ධර්මයට පටහැනිව ක්‍රියා කරන කරැණු අතර කුලය පදනම් කරගත් ප්රශ්නය ප්‍රධාන වේ.
මේ නිසා 1803 වර්ෂයේ දී ශ්‍රී ලංකා අමරපුර නිකාය බිහි වේ.
1863 වන විට ශ්‍රී ලංකා රාමඥ මහා නිකාය බිහි වේ.
මේවන විට ඒ තුළින් බිහි වූ අනු නිකායන් හා පාර්ශව අපමණය.
අද වන විට බුරුමය යනු නැතිනම් මියන්මාරය අධිපති දේශපාලනයේ කැතම රාජ්‍යයකි.
ප්රජාතන්ත්රවාදී නායිකාවක් වූ අවුන්සාන් පුකී සිර භාරයට ගෙන ඇත්තේ අත්තනෝමතික හමුදා පාලනයේ හැසිරීම හා භාවිතය තුළිනි.
අමරපුර යනු එදා මියන්මාරයේ නැතිනම් බුරුමයේ යම් ප්‍රදේශයක් පමණි.
එම අමරපුර ප්‍රදේශයේ සත්ගුණවත් යහපත් සමාජ පැවැත්මක් එදා තිබුණා ද අද තිබෙන්නේ දැයි ලංකාවේ ජනතාව සොයා බලා නැත.
විමසීම් කර නැත.
ඒ පිළිබඳ විද්වත් ප්‍රජාව ද නිහඬය.
බුරුමය රාමඥ ප්‍රදේශය පිළිබඳව ද තත්වය එසේය.
පවිත්‍ර ධර්මකාමී ප්‍රදේශවලින් ධර්මය ගෙන ආවනම් අද මියන්මාරය කෙතරම් සුඛිත මුදිත විය හැකි ද?
ආත්මලාභය පිණිසම කටයුතු කරන ලංකාවේ භික්ෂු නිකායන් පිළිබඳ සැබැවින් ම පර්යේෂණාත්මක නිබන්දන සකස් විය යුත්තේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළින් ය.
විවිධ භික්ෂු නිකායන් බිහි වීම තුළ භික්ෂු ශීලය පිළිබඳ විවිධ ගැටළු සමාජයේ ඇති වී තිබේ.
ධර්මය පිළිබඳ මූලික මූලධර්මය භික්ෂූන් සිදු කර තිබේ නම් මෙතරම් පොලිසි , රටට අවශ්‍ය වේ ද?
අධිකරණ අවශ්‍ය වේ ද?
බන්ධනාගාර අවශ්‍ය වේ ද?
එදා පටන් පිරිසිදු බුදු දහම විකෘති කරන අධර්මවාදීන් බිහි වූ බව සිවිල් සමාජය තුළ දෛනිකව වර්ධනය වන විවිධ ගැටළු තුළින් ප්‍රදර්ශනය නොවන්නේ ද?
බෞද්ධ භික්ෂුන්ගේ ශාසනික කටයුතුවල දී ඇතිවන ගැටළු වලින් නිරූපණය නොවන්නේ ද?
ශාසනික පොදු ජන වැඩවල දී ආසන පැනවීම ත්‍රිපිටකය එලි දක්වන උත්සවයේ දී සංඝයාගේ අසමගිය ධර්ම විනය හා විරෝධී පැවැත්ම තුළින් හට ගෙන ඇත්තේ ඔවුන් එකිනෙකා තුළ පාදඩ දේශපාලනයට කඩේ යෑමේ භාවිතයක් හා හැසිරීමක් බව රාජපක්ෂ පවුලට කඩේ යෑමේ තුළින් රටට ප්‍රදර්ශනය කර හමාරය.
මේ තත්වය මනාව ප්‍රදර්ශනය කළේ ගෝඨාභය ජනාධිපති අපේක්ෂකත්වය සදහා ඉදිරිපත් වීමේ දී සංඝ සමාජය දැක් වූ අති දක්ෂ කුසලතාවය නිසායි.
ඒ වන විට ගෝඨාභය රාජපක්ෂ නඩුකර ගණනාවකම විත්තිකරු වී තිබේ.
ඒ විත්තිකරුවා රටට දේශපාලනික චෝදනා ලබා සිටි අවස්ථාවේ දී සංඝ සමාජයට නිවැරදි තීරණය ගැනීමට නොහැකි විය.
එදා විත්ති සමාජයේ වගකීම නොකර මහජන ප්‍රදර්ශනය සඳහා ජනාධිපතිවරයාට ලිපි යැවීම සංඝ සමාජයේ වැදි බණ කලාවේ තවත් පියවරක් නොවේ ද?
සාධනීය පියවර සදහා ත්‍රෛයි නිකායික හිමිවරුන් එදා පියවර ගැනීමට අවංක උත්සාහයක් තිබුනේ නම් ඊට අවකාශ තිබුනේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ශෝඨාභය ඉදිරිපත් වීමේ දීය.
මහජන දේපල සොරා කෑම පිළිබඳව හා රාජපක්ෂ නඩයට විරුද්ධව අධිකරණවල නඩු ගොනු වී ඇති පරිසරයක් තුළ සිය වගකීම පැහැර හැරිය ලංකාවේ භික්ෂු සමාජය සුපුරුදු ලෙස ලිපි මගින් පමණක් ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ කලාව තුළ ඇත්තේ භික්ෂු සමාජය විසින් ප්‍රජාව තවදුරටත් රැවටීමකි.
මේ නිසා අලුත් සමාජ ශිෂ්ඨාචාරයක සාමූහික පරිකල්පනයක් මහජනතාවගේ සුබසාධනය සඳහා ගොඩ නැඟිය යුතුය.
සංස්කෘතික බලය නිර්මාණය කරන භික්ෂු සමාජයේ පාදඩ උවමනාවන් මහජනතාව නිවැරදිව තේරුම් ගත යුතුය.
සාමුහික සමාජ විඥ්ඥානයක් ගොඩ නඟා ගැනීම සඳහා සමාජ මණ්ඩප මහජනතාව විසින් ගොඩ නගා ගත යුතුය.
සමාජ සංවර්ධනය සඳහා සමාජ බලවේගය ඇත්තේ ආගම තුළ නොව පුරවැසි වගකීම් මත බව තේරැම් ගත යුතුය.
ශ්‍රී ලංකාව ශිෂ්ඨාචාර අර්බුදයක පැටලී ගිලී ඇත.
මේ බලවත් විපරිත ආර්තමාර්ථකාමී සමාජ ව්‍යුහය ගොඩනගා ඇත්තේ භික්ෂු සමාජයේ ආර්තමාර්ථකාමීත්වය උදෙසාය.
56 සිට අද දක්වා ගිලී මැදිවී වැරදි උගුල්වලට ගොදුරු කර ඇත්තේ නිකායික , මහනායක යතිවර සමාජයයි.
මේ නිසා සැබෑ ගුරුවරුන් , වෛද්‍යවරුන් , අධ්‍යාත්මික මඟපෙන්වන්නන් , සැබෑ ජනතා නියෝජිතයින් හා කලා කරුවන් පිළිබද නැවත සිතීමට වර්තමාන අර්බුදය තුළින් තෙවන ඇසකින් බැලීමට අපි හුරු පුරුදු වෙමු.
ඒ සදහා සාමූහික පරිකල්පනයේ පුනර්ජීවනය අපි ගොඩ නඟා ගනිමු.
පසුගිය දා කොළඹ පිටකොටුවේ බෝ සෙවන අභියස පැවැත් වූ සංඝ සත්‍යයක් ක්‍රියාව තවත් සුපුරුදු සංඝ ප්‍රයෝගයේ පියවරකි.
- සුමිත් කොඩිතුවක්කු –
You can certainly see your skills in the work you write.
The sector hopes for even more passionate writers like you who aren’t afraid to mention how they
believe. At all times go after your heart.