වසර 74 පුරා බලයට පත් වූ ආණ්ඩු සිය බල සීමාවන් තේරුම් නොගැනීම හා ප‍්‍රජාව සතු පරමාධිපත්‍ය තේරුම් නොගැනීම නිසා ජනතා විරෝධය සැබෑ මහ පොළොව මත නිර්මාණය කරනු ලද ගෝල්පේස් උද්ඝෝෂණ අරගලය අලිඛිත හෝ ස්වස්ථානික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඉලක්ක කරති.
ප‍්‍රජාව ප‍්‍රජාව සදහා පාලනය කිරීම සම්භාව්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. සම්භාව්‍ය යනු සීමිත පිරිසකට හෝ විටින් විට පාලකයින්ගේ අවශ්‍යතා සදහා සිය හැසිරීමක් නොවේ.
ව්‍යවස්ථානූකූල ආණ්ඩු විනය හා නෛතික විරෝධී පරිසර රටාව ඉකුත් කාලය විසින් ගොඩනගන ලද සමාජ දෝංකාරය ගාලූ මෝදර අරගල භූමියේ නිමිත්ත විය.
ලෝකයේ රාජ්‍ය සදහා මහජන අයිතිවාසිකම් හා යුතුකම් වෙනුවෙන් විවිධ ව්‍යවස්ථා බිහිවී තිබේ. ඒවා ලිඛිත, අලිඛිත, නම්‍ය, අනම්‍ය, ඒකීය, සන්ධීය, ස්වස්ථානික වශයෙන් යුතුකම් නිෂ්චිත අරමුණු ඊට ආවරණය වන නීති හා රීති වලින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනය වී තිබේ. විධිමත් ලේඛනයක් අන්තර්ගත නීති රීති ඇත්නම් එය ලිඛිත ව්‍යවස්ථාවකි. ශී‍්‍ර ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ 1978 ව්‍යවස්ථාව ලිඛිත ව්‍යවස්ථාවක් වේ. නමුත් මේ ව්‍යවස්ථා රටේ මූලික ලියවිල්ල සෘජුව හා අනියම් ලෙස අවභාවිතා කිරීම නිසා එහි උත්තරීතර භාවය කෙලසා තිබේ. විධිමත් ලේඛනයකින් තොර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අලිඛිත ආණ්ඩුක‍්‍රම වෙති. ලෝකයේ දියුණු රටවල මේ අලිඛිත ව්‍යවස්ථාව පවත්වාගෙන යන රටවල් අතර අධිරාජ්‍යවාදී රටක් වූ එංගලන්තය ඊට හොද උදාහරණයකි.
නම්‍ය, අනම්‍ය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඕනෑම නීතියක් නිත්‍යානූකූලව වෙනස් කිරීම කළ හැකි බව දේශපාලන විශාරදයෙකු වූ ඩයිසිගේ නිර්වචනයකි.
වෙනස් කිරීම එකම මණ්ඩලයකින්, එකම ක‍්‍රමයකින් සහ වඩාත් පහසුවකින් කළ හැකිනම් නම්‍ය සුඵ වේ. රටේ වැසියන් කෙරෙහි සෘජු බලය කි‍්‍රයාත්මක කරන ආයතන දෙකකින් සමන්විත වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඒකීය හා සන්ධීය වේ. මධ්‍යම පාලන අධිකාරීය තුළ දෙවන ප‍්‍රාන්ත සභා ඇති රටවල මේ ඒකීය සන්ධීය ආණ්ඩුක‍්‍රම කි‍්‍රයාත්මක වේ. ඊට ළගම උදාහරණය දකුණු ආසියාතික රටක් වන ඉන්දියාව වේ.
මේ ආණ්ඩුක‍්‍රම වල පාර්ලිමේන්තුව උත්තරීතර වේ.මධ්‍යම ආණ්ඩුව හා පළාත් ආණ්ඩු අතර ගැටුම් විසදන්නේ අධිකරණයය වේ. පාලන දෙඅංශයටම මනා එකිනෙක සුසංයෝග වූ ආකෘති විසින් සමන්විත ය. ස්වස්ථානික ආණ්ඩුක‍්‍රමයක් යනු අදාළ රටේම අනන්‍යතාවය අනුව උපත ලබන්නක් වේ. එහි ප‍්‍රධාන ලක්ෂණ අතර වෙනත් රටකට යටත් නොවන ස්වදේශිය නිෂේධ බලයකින් සමන්විත ය. මේ තත්වය 1972 ජනරජ ව්‍යවස්ථාව මගින් විස්ථාපිත වී 1978 දක්වා කි‍්‍රයාත්මක විය.
ස්වයංපෝෂීත බව යම් ආණ්ඩුවක් තුළ අන්තර්ගත වන්නේ අදාළ රටේ සිතුම් පැතුම් චර්යා ධර්ම හා ස්වදේශීය, ආර්ථික, සමාජීය, සංස්කෘතික මූලධර්ම වලට අනුකූල වේ.
1978 ව්‍යවස්ථාව තුළ රාජ්‍ය පරිපාලනයේ මූලධර්ම නිර්වචනය කොට නැවත ඒ සදහා මහජන අයිතීන් වෙනුවෙන් කි‍්‍රයා කිරීමට තහංචි පනවා තිබේ. නීතියේ අධිපත්‍ය, බලතල බෙදා හැරීම, ව්‍යවස්ථාදායකයේ උත්තරීතර භාවය, අධිකරණයේ ස්වාධීනත්වය 1978 මුල් නෛතික ලියවිල්ලේ න්‍යායත්මක සදහන්ව ඇත.
මෙකී මූලධර්ම ශී‍්‍ර ලංකාවේ ආණ්ඩු කෙලෙසා ඇති ආකාරය ඉදිරි අපගේ ලේඛන වලින් බලාපොරොත්තු වන්න.
ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ තිබිය යුතු සත්භාවය මහජන නියෝජිතයින් යැයි කියා ගන්නා බහුතරය විසින් සුමට කර තිබීම නිසා ව්‍යවස්ථාව මත යැපීමට ජනධිපතිවරයා ඇතු`ඵ සමස්ථ ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් නැති බව අරගලකරුවන්ගේ ප‍්‍රකාශ වලින් අපට නිරීක්ෂණය වූයේ පසුගිය දින
වල ගෝල්පේස් වටපිටාවේ සංචාරය කිරීමේදීය.

විවරණ 1

  1. අරගලය දේශපාලනය ඉතිහාසයේ අථත් දෙයක් නොවෙයි. රාජ්‍යයේ පරිනාමය අරගලයේ ඉතිහාසය ම විය. පුරවැසියන්ගේ බලය ඍජු ලෙස ග්‍රිසියේ ඇතන්ස් පවෘර රාජ්‍ය වල ක්‍රියාත්මක උනත් පසු කාලිනව එය නියෝජන ප්‍රජාතාන්තික රාමුවක් තුල ක්‍රියාත්මක විමට පටන් ගත් පසු පුරවැසි අයිතින් අභිලාශය න් විවිධ තලවල ක්‍රියාත්මක උනත් රාජ්‍ය පිලිබද හැරල්ඩ් ලැස්කි මැතිතුමා “හොබිස්” උපුටා දක්වමින් පවසන්නේ “ව්‍යවස්ථාපිත නීතිය පන නැති කිසිදු බලයක් නෑති වචන කිපයක් පමනක් බවයි” තව දුරටත් ලැස්කි මැතිතුමා පවසන්නේ ” රාජ්‍යයේ ස්වාධිපත්‍ය බලය දිනාගන්නා පාලකයින ඔවුන්ගේ දැක්ම අනුව මෙම වචන බලගන්වන බවත්ය”
    අප පැහැදිලි ලෙස හදුනාගත යූත්තේ මේ දේශපාලනය සංධර්භයයි. මේය පංතිය අනුව අලිඛිත සම්ප්‍රධායක් ලෙසත් දේශපාලනය ප්‍රවහය අනුව ලිඛිතවත් ප්‍රකාශ වෙනවා..අරගලය හෙට දවස් නිමවිය යුත්තේ පුථල් සමාජ සම්මුතියක් ඇති කර ගැනිමේන් පසුවයි.එය ඉදිරි දශක කිපය ලාංකීය සමාජය ඉදිරියට ගෙනයනූ ඇත..

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න