රාජ්‍ය ප‍්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 6 වන පරිච්ෙඡ්දයේ 29 වන ෙඡ්දය මගින් ඝාතනය කිරීම අපගේ පළමු ප‍්‍රවෘත්තියෙන් හෙළිදරව් කරන්නෙමු. මහජන හිමිකම් ලබාදී නැවත පෙරලා වසා දැමීම ශී‍්‍ර ලංකාවේ මූලික නෛතික ලියවිල්ල මගින් කර තිබෙන දැවැන්ත වංචාව වසා දැමීම පැහැදිලිව පහත සදහන් වේ.
දැනුවත්ව හෝ නොදැනුවත්ව ශි‍්‍ර ලංකාවේ බුද්ධිමතුන් ජනමාධ්‍ය, රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධාන පසුගිය වසර 44 පුරාම අදාළ තොරතුරු සමාජ විද්‍යාත්මක පදනමක් මත හෙළිදරව් කිරීමට අසමත් වී තිබේ. රටේ වගකිව යුතු සමස්ත පාර්ශවයන් තොරතුරු හෙළිදරව් නොකිරීමේ ප‍්‍රතිඵලයක් 1978 සිට මේ දක්වා මහජන නියෝජිතයින් කිසිම වාදවිවාදයක දී විචාරාත්මක මේ දක්වා අදහස් දක්වා නැත.
එහි ප‍්‍රතිපලය නිකුත් වන්නේ මාර්ග ආයතනය සිදුකර සමීක්ෂණයකදී ය.
රටේ වෙනසක් සදහා මහජන සමීක්ෂණයේ දී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සදහා සැබෑ සංශෝධිත වෙනස් කළයුතු බවට අදහස් දක්වා ඇත්තේ ඉතා අඩු ප‍්‍රතිශතයකි. එය 15 වේ.
දූෂිත දේශපාලඥයින්ට ඉඩ නොදිය යුතුබව ප‍්‍රකාශ කර ඇත්තේ 24 කි. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 6 වන පරිච්ෙඡ්දයේ 29 වන ෙඡ්දය මගින් සිදුකර තිබෙන නෛතික ඝාතනය මෙහි පසුබිම වේ.
වර්තමාන ආර්ථික, සමාජීය, දේශපාලන හා සංස්කෘතික අර්බුදය අතැඹුලක් සේ ගත්විට මේ නෛතිකව වසා දැමීමේ ඝාතනය ප‍්‍රධාන සාධකයක් බව වාර්තා කර සිටින්නෙමු.
ව්‍යවස්ථාවේ 27 වන ෙඡ්දයේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය මෙහයවීමේ මූලධර්ම හා වගකීම් කාර්ය භාර්ය හා වගකීම් මූලික යුතුකම් පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයා, අමාත්‍යමණ්ඩලය විසින් සැලකිය යුතුබව සදහන් වේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ඇතිකිරීමේ මූලික අරමුණු 27:2 වන ෙඡ්දයේ අනුපිළිවෙළින් නිර්වචනය කර ඇත්තේ මෙසේය.

අ) සියලූ පුරවැසියන්ගේම මූලික අයිතිවාසිකම් සහ නන්වැදෑරුම් නිදහස රජය සපුරාලිය යුතුබව සදහන් වේ.
ආ) ජාතික ජන ජීවිතයේ සියලූ ආයතන විසින් සමාජ, ආර්ථික හා දේශපාලන සාදාරණත්වය ගුරුකොට ගන්නා සමාජ ක‍්‍රමයක් හැකිතාක් සාර්ථකව ඇතිකර ආරක්ෂා කර දීමෙන් ජනතා සුබ සිද්ධිය වර්ධනය කිරීම පවතින ආණ්ඩුවේ වගකීම බව සදහන් කර ඇත.

ඇ) ප‍්‍රමාණවත් ආහාර පාන, ඇදුම් පැලදුම් සහ නිවාස පහසුවද, ජීවන තත්වයේ නිරන්තර වර්ධනය ද විවේකය හා සමාජීය, සංස්කෘතික ඉඩ ප‍්‍රස්තා නිසිපරිදි ප‍්‍රයෝජනයට ගැනීම ද ඇතුලූව ප‍්‍රමාණවත් ජීවන මට්ටමක් සියලූ පුරවැසියන් විසින් තමන්ට සහ තමපවුල් වල සමාජිකයින්ට අත්කර දීමට රජයේ ප‍්‍රධාන මූඛ්‍ය වගකීම බව තහවුරුකර ඇත. නමුත් අදාළ වගකීම ඉටුකිරීමට වර්තමාන ගෝඨාභය මහින්ද රජය අසමත් වී තිබේ. ඒ හේතුකොට ගෙන රටපුරා උද්ඝෝෂණ විවිධ අයුරින් කි‍්‍රයාත්මක වෙමින් තිබේ. රටපුරා උද්ඝෝෂණය ඉකුත්් කාලය පුරා කල්ඉකුත් වෙමින් තිබේ. පාදඩ දේශපාලනය විසින් සෘජු විරෝධ සියල්ලක් නොසලකා හරින්නේ වංචනිකව අදාළ හිමිකම් වසා දැමීමට ව්‍යවස්ථාවෙන්ම ප‍්‍රතිපාදන ගොනු වී ඇතිනිසා බව අප මාධ්‍ය ආයතනය හෙළිදරව් කරන්නේ ඉතා කණගාටුදායක ලෙසය ව්‍යවස්ථාවේ නිර්වචන හා වර්තමාන අර්බුදය යටවීම හා නිර්වචනය පහත සදහන් වේ.
ඈ) රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ආර්ථික කි‍්‍රයාවලියක් තුළින් සහ එකී ආර්ථික කි‍්‍රයාවලිය රටේ සමාජ අරමුණු සහ පොදු අභිවෘද්ධිය අරඹයා මෙහෙයවීම සහ සම්බන්ධීකරණය පිණිස යෝග්‍ය වන සැලසුම් සහ සීග‍්‍ර ලෙස මුලූ රට සංවර්ධනය කිරීමට රජයේ වගකීම පැහැරහැර තිබේ.
ඉ) පොදු ජන යහපතට ඉවහල් වන පරිදි ප‍්‍රජාවගේ භෞතික සම්පත සහ සමාජ ඵලය සියලූ පුරවැසියන් අතර සාධාරණ ලෙස බෙදාහැරීම පැහැරහැර තිබීම නිසා ප‍්‍රජා උද්ඝෝෂණ දෛනිකව වර්ධනය වී තිබේ.
ඊ) නිෂ්්පාදනයේ, බෙදාහැරීමේ සහ හුවමාරු කිරීමේ මාර්ග රජයෙහි රාජ්‍ය ආයතනයන්හි හෝ වරප‍්‍රසාදලත් අතලොස්සක් අතෙහි හෝ ඒකරාශී නොවී සහ මධ්‍යගත නොවී ශී‍්‍ර ලංකාවෙහි සකල ජනතාව අතර විසිරියන ධර්මිෂ්ඨ සමාජ ක‍්‍රමයක් ගොඩනැගිය යුතු බව අදාළ නීතියේ සදහන්ව ඇත. මෙය මුඵමනින්ම වර්තමාන ශී‍්‍ර ලංකා රජය උල්ලංඝණය කරමින් සිටිති.
පාරිභෝගික අධිකාරිය සමස්ත වැටලීම් නවතා තැබීමෙන් හා සෙසු රාජකාරීමය වගකීම් පැහැර හැර තිබේ.
අධිකාරියේ සමස්ත පැවැත්ම සදහා අප‍්‍රමාණ මහහජන මුදල් වැය කිරීම අත්හිටුවීමට හෝ වෙනත් කි‍්‍රයාමාර්ග වලට රජය හෝ අමාත්‍යංශය පියවර ගෙන නැත. මේ පිළිබදව උපායශීලි පියවර සදහා රාජ්‍ය නොවන සහ වෙනත් බුද්ධිමය පාර්ශව සකී‍්‍රය පියවර වලට ගොස් නැත. ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් සිටින සාමාන්‍ය ප‍්‍රජාව නිර්පාර්ශිකව අවධිමත්ව දිවයින පුරා පෙළගැසෙමින් සිටිති. සැබෑ බුද්ධිමතුන් විධිමත්ව මනාව පෙළ ගැසෙන්නේ නම් ජන විරෝධය මනාව කළමණාකරනය කර ගැනීමට හැකියාව රටට ලැබෙනු ඇත. මේ සදහා බුද්ධිමත් ඥාණ මණ්ඩල වල ප‍්‍රවේශයන් ඉදිරිපත් වී නැති පසුබිමක් තුළ එකි විරෝධතා දියවී යන තත්වයක් උද්ගතවී තිබේ.
සැබෑ බුද්ධිමතුන් විධිමත්ව මනාව පෙළ ගැසෙන්නේ නම් ජන විරෝධය මනාව කළමණාකරනය කර ගැනීමට හැකියාව රටට ලැබෙනු ඇත.
නමුත් ගෝඨාභය මහින්ද පවුල් අතරට හා ඔවුනොවුන්ගේ ඥාතීන් හා දේශපාලන නඩ පෝෂණය කිරීමේ ආත්මාර්ථකාමී ධූරාවලිය නිසා සෘජුවම උද්ඝෝෂකයින් අදාළ පාර්ශව නම්කර රූපරාමු මගින් විරෝධතා හෙළිදරව් කරමින් සිටිති.
උ) ජනතාවගෙත් සාදාචාරයෙත්, සංස්කෘතියෙත් තත්වය වැඩිදියුණු කිරීම සහ පෞරෂත්වයේ පූර්ණ වර්ධනය තහවුරු කිරීම වෙනුවට ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගාදෙන අයුරින් ආගම ගෝඨාභගේ හා මහින්දගේ දේශපාලන පැවැත්ම සදහා යොදාගැනීමට විරුද්ධව මහජනතාව කැරළි ගසමින් සිටිති.

ඌ) නූගත්කම සහමුලින් තුරන් කිරීම සහ සියලූ තැනැත්තන්ට අධ්‍යාපනයේ සෑම අවස්ථාවකදීම සර්වසාධාරන හා සමාන ඉඩ ප‍්‍රස්ථා ලබාගැනීමේ අයිතිය උද්ගත වී තිබෙන තත්වය හමුවේ සහතික කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය අසමත් වී තිබේ. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වශයෙන් පත්වූ මහාචාර්යය කපිල ගමගේට ප‍්‍රායෝගික මහපොළවේ අත්දැකීම් නැති නිසා රටපුරා ශිෂ්‍ය ශිෂ්‍යාවන් අගතියට පත් වී තිබේ. මේ නිසා ගුරු මවුපිය උද්ඝෝෂණ මාලාවක් පසුගිය කාලය තුළ ව්‍යාප්ත විය. මෑතක උදාහරණ වූයේ දිවයින පුරා පාසැල් වල අධ්‍යාපන කටයුතු අකර්මන්‍ය වීමය. ව්‍යවස්ථාවේ (27) වන ෙඡ්දයේ අංක 3යටතේ ශී‍්‍ර ලංකාවේ, ස්වධීනත්වය, ස්වෛරීභාවය, එක්සත්බව හා දේශපූර්ණත්වයද රජය විසින් ආරක්ෂා කළ යුත්තේ ය යනුවෙන් පැහැදිලව සදහන් වේ.
ලංකාවේ ඩොලර් සංචිත දේශපාලන අධිකාරීන් මංකොල්ල කෑම පිළිබදව පුවත් දසතින් වාර්ථාවීමේ පසුබිම මත ආර්ථිකය කඩාවැටීමේ ප‍්‍රතිඵලය රට වෙනත් රටවල වහල්බාවයට ගොදුරු කිරීමේ ඉලක්කයක් වර්ධනය වී තිබේ. ඒ අනුව ගෝඨාභය සහ මහින්ද විසින් පවත්වාගෙන යන දුර්වල පාලනය තුළ ව්‍යවස්ථාවේ අදාල ෙඡ්දය මුඵමනින්ම උල්ලංඝණය වී තිබේ.
වෙනත් රටවල ඩොලර් මත යැපීමේ ආණ්ඩුවේ නූගත් හැසිරීම හා භාවිතයට මත ලංකාව ඉන්දියාව සහ චීනයට ගොදුරුවීමේ මාවත ගොඩනැගී ඇති නිසා මහජන විරෝධය දිගින් දිගටම ව්‍යාප්ත වෙමින් තිබේ.
ව්‍යවස්ථාවේ (4) වන ෙඡ්දයේ පරිපාලනය විමධ්‍යගත කිරීමෙන් සහ මහජන කටයුතු වලට සහ පාලන කටයුතු වලට සෑම අවස්ථාවකම ජනතාව සහභාගීකර ගැනීමෙන් ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පදනම සහ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ද රජය විසින් තහවුරුකොට පුඵල් කළ යුත්තේ ය යනුවෙන් සදහන් වේ.
ඒ සියලූ හිමිකම් සියල්ලක් අකී‍්‍රය වී තිබීමෙන් ප‍්‍රජාවගේ නන්වැදෑරුම් අයිතිවාසිකම් ආණ්ඩුව උල්ලංඝණය කර ඇත.
(5) වන ෙඡ්දයේ වාර්ගික, ආගමික, විවිධ භාෂා භාවිතා කරන සහ වෙනත් ජන කොට්ටාස ඇතුඵ ශී‍්‍ර ලංකාවාසී සකල ජනතාව අතර සහයෝගය සහ අනෝන්‍ය විශ්වාසය වර්ධනය කිරීමේ ජාතියේ සංහිදියාව තහවුරු කිරීම ද විශේෂ සැලකිලි හා වෙනස්කම් තුරන් කිරීම සදහා ඉගැන්වීම, අධ්‍යාපනයේදීම සහ ප‍්‍රවෘත්ති සැපයීම යන ක්ෂේත‍්‍ර වල ඵලදායී පියවර ගැනීම ද රජය විසින් කළ යුත්තේ ය යනුවෙන් සදහන් වේ.
අතැඹුලක් සේ අදාළ සියලූ කාර්යයන් වලින් ඵලදායීතාවය කෙසේ වෙතත් සියල්ලක් ශුන්‍ය කිරීම ස`දහා රජයේ හැසිරීම හා භාවිතය හේතු සාධක වී තිබේ.

ව්‍යවස්ථාවේ (6) තුළින් සදහන් කරන්නේ කිසිම පුරවැසියෙකු, වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්තී‍්‍ර පුරුෂ භේදය, දේශපාලන මතය හෝ රැුකියාව හේතුවෙන් යම්කිසි අයුක්තියකට පත්නොවන පරිදි පුරවැසියන්ට දියුණු වීමට සමප‍්‍රස්ථාවන් සැලකීමට රජය වගබලාගත යුත්තේ ය යනුවෙන් සදහන් වේ.
හුදෙක් මායාවක් පමණක් බව අවබෝධකරගත් සමස්ත රට වැසියන් සමස්ත ජාතික, ආගමික, භාෂා, කුල, ගෝත‍්‍ර පුරවැසියන් සමස්තය එක්වනු ඇත්තේ සිය සහෝදර සහෝදරියන් ලෙසය.
එය සමාජ විෂමතාවය පිටු දැකීමේ පරිච්ෙඡ්දයක් වශයෙන් ප‍්‍රදර්ශනය වෙමින් තිබේ.
ව්‍යවස්ථාවේ (7) වන ෙඡ්දයේ ආර්ථිකය සහ සාමාජ වරප‍්‍රසාද හා විෂමතාද මිනිසා විසින් හෝ රජය විසින් හෝ මිනිස් ශ‍්‍රමය අයථා පරිදි උපයෝගී කර ගැන්ම ද රජය විසින් තුරන් කළ යුත්තේ ය යනුවෙන් සදහන් වේ. නමුත් ඒ සදහා පිළිගත් සකී‍්‍රය කි‍්‍රයාකාරීත්වයක් නැතිකම වර්තමාන උද්ඝෝෂණයේ තවත් කැඩපතකි.
(8) වන ෙඡ්දයේ ආර්ථික ක‍්‍රමය කි‍්‍රයාත්මක වීමේදී ධනය සහ නිෂ්පාදන මාර්ග පොදු ජනතාවට හානිකරවන සේ ඒකාරාශී නොවන බවට රජය වගබලාගත යුත්තේ ය යනුවෙන් සදහන් වේ. පාදඩ දේශපාලනකරණය නිසා එම වගකීම හුදෙක් ජනතාවට හානිකර වීම නිසා ප‍්‍රජාව අවධි වී තිබේ. (9) වන ෙඡ්දයේ සමාජ සුරක්ෂිතභාවය සහ සුභසාධනය ඇති කිරීමට රජය වගබලාගත යුත්තේ ය යනුවෙන් සදහන් වේ.
අවාසනාවකට සුරක්ෂිතභාවය කෙසේ වෙතත් අනාරක්ෂිතභාවය වර්තමාන රජය ජනතාව සදහා ගොඩනගා ඇත. එම අනාරක්ෂිතභාවයෙන් මිදීම සදහා අදාළ සුභසාධන හිමිකම් මතුකිරීම සදහා සාමාන්‍ය ප‍්‍රජාව උද්ඝෝෂණය කරති. (10) ජනතාවගේ භාෂා සහ සංස්කෘතින් වර්ධනය කිරීමට රජය සහය විය යුත්තේය යනුවෙන් සදහන් වේ.
දුරාචාරය ආත්ම කොටගත්් සංස්කෘතික අමාත්‍යංශය නූගතුන්ට පැවරීමෙන් රජයේ සැබෑ නිරුවත ප‍්‍රදර්ශනය කෙරේ. අලූත්ම කැබිනට් සංශෝධනයේ වගතුග කතා නොකළ යුතු තරම්ය.
අමාත්‍යවරු හා අමාත්‍යවරියන් පත්කිරීමෙන් රජයේ ප‍්‍රඥාවේ දුගීභාවය පැහැදිලිව ප‍්‍රදර්ශනය වේ.
රජයේ සහ ඔහුගේ පවුලේ උදවියගේ ඉතිහාස සමාජ භාවිතාවන් පසුව විපරම් කිරීමේ දී සංස්කෘතික භාර රාජ්‍ය අමාත්‍යවරිය වශයෙන් පත්කිරීමට ඇය ලබා තිබෙන සමාජ පළපුරුද්ද ප‍්‍රජාවට මනාව විග‍්‍රහ කරගත හැකිය.
(11) ආගමක් අදහන කවරෙකුට වූවද ස්වකීව ආගමික ප‍්‍රතිපත්ති සාක්ෂාත්කර ගැනීමට අවශ්‍ය ආර්ථික හා සමාජ පරිසරය රජය විසින් ඇතිකළ යුත්තේ ය යනුවෙන් සදහන් වේ. හුදෙක් ආගමික ප‍්‍රතිපත්ති පසකලා පූජ්‍ය පක්ෂයේ සුඛෝපභෝගී ජීවන දැක්ම සදහා මහජන මුදල් වැයකර ඇති ආකාරය රජයේ අමාත්‍යංශ හා ආයතන වැයකර තිබෙන මහජන බදු මුදල් අප‍්‍රමාණ සංඛ්‍යාව සැසදීමේ හා එකතු කිරීමෙන් වාර්ෂිකව ගණන් බලාගැනීමෙන් තේරුම්ගත හැකිය.
මේ නිසා පාදඩ පූජ්‍ය පක්ෂයක් තුළින් පවතින රජයක ප‍්‍රශස්ති ගයන පූජ්‍ය සංස්කෘතියක් රටපුරා ව්‍යාප්ත වී තිබේ.
(12) පවුල, සමාජයේ මූලික ඒකකය වශයෙන් රජය විසින් පිළිගෙන ආරක්ෂාකළ යුත්තේ ය.
නමුත් රජයේ පාදඩ හැසිරීම හා භාවිතය නිසා ලාංකික පවුල සිදී බිදී යැමට වර්තමාන ආර්ථික අර්බුදය ඉමහත් පසුබිමක් ගොඩනගා තිබේ.
(13) ළමයින් සහ යෞවනයන් කායික වශයෙන්, මානසික වශයෙන්, සදාචාරාත්මාක වශයෙන්, ආගමික වශයෙන් හා සාමාජික වශයෙන් පූර්ණ වර්ධනයට පත්වන බවට වගබලා ගැනීමටත් ඔවුන් ආත්මාර්ථය පිණිස යොදාගනු ලැබීමෙන් සහ වෙනස්කම් වලට පාත‍්‍ර කරනු ලැබීමෙන් ආරක්ෂාකර ගැනීමටත් හැකිවන පරිදි ඔවුන්ගේ සුභසිද්ධිය රජය විසින් විශේෂ පරිශ‍්‍රමයකින් යුතුව වර්ධනය කළ යුත්තේ ය යනුවෙන් නීතිගත කර තිබේ. එහි හරය පූර්ණ එහා අර්ධ වශයෙන් කඩා කප්පල් කිරීමට රජය කි‍්‍රයා කිරීමේ ප‍්‍රතිඵලය සමස්ත රජයට විරුද්ධව යෞවන නැගිටීම බව වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ප‍්‍රදර්ශනය වෙමින් තිබේ. (14) ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂාකොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුත්තේ ය යනුවෙන් සදහන් වේ. එකී සුරක්ෂිතභාවය වෙනුවට අනාරක්ෂිතභාවය වර්ධනය කිරීමට සිය දේශපාලන නඩ වලට අවකාශ ලබාදීමෙන් පරිසර බහු පරිසර ප‍්‍රශ්න ගණනාවක්ම රටතුළ උද්ගත වී තිබේ. ගම සමග පිළිසදර ජනාධිපති වැඩසටහන් වලදී මහජන විරෝධය ගෝඨාභය රාජපක්ෂට සෘජුව එල්ල වීම නිසා අදාළ වැඩසටහන් නවත්වා තිබේ.
(15) ජාත්‍යන්තර සාමය, සුරක්ෂිතභාවය හා සහයෝගීතාව වර්ධනය කිරීම ද ජාතීන් අතර කටයුතු වලදී ජාත්‍යන්තර නීතිය සහ ගිවිසගත් බැදීම් කෙරෙහි ගෞරවය ඇති කිරීමට උත්සාහ කිරීම ද ධර්මිෂ්ඨ හා සාධාරණ ජාත්‍යන්තර ආර්ථික හා සමාජ ක‍්‍රමයක් ඇති කිරීමට උත්සාහ කිරීම ද රජය විසින් කළ යුත්තේ ය යනුවෙන් සදහන් වේ.
වර්තමාන රජය මෙය මුඵමණින්ම උල්ලංඝණය කරනු ලද බහුකි‍්‍රයාවන් අපමණ ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත වාර්ෂිකව වගඋත්තර බැදීම එක් සාධකයක් පමණි නමුත් ඊට වඩා සාධක අප‍්‍රමාණය තුළින් ශී‍්‍ර ලංකාවාසීන්ට ගොඩනගා ඇත්්තේ ඉච්ඡුාභංගත්වය පමණි (සියලූ සමස්ත බලාපොරොත්තු නැතිකිරීමය.*
විදේශ ණය ගෙවීමට නොහැකි බව ගෝඨාභය මහින්ද රජය ප‍්‍රකාශ කිරීමෙන් සමස්ත ලෝකයටම ලාංකික බංකොලොත්භාවය නිල වශයෙන් ප‍්‍රකාශකර තිබීම දුර්භාග්‍යයකි.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 6 වන පරිච්ෙඡ්දයේ (28) වන ෙඡ්දයේ මූලික යුතුකම් අයිතිවාසිකම් සහ නන්වැදෑරුම් නිදහස කි‍්‍රයාත්මකවීමත් භුක්තිවිදීමත් යුතුකම් හා බැදීම් ඉටුකිරීමෙන් වෙන්ව පැවති නොහැකි බව අනුපිළිවෙළින් පහත සදහන් වේ.
අ) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සහ නීතිය ආරක්ෂාකොට අනුගමනය කිරීම ද?
ආ) ජාතික අභිවෘද්ධිය වර්ධනය කිරීම හා ජාතික සමගිය පෝෂණය කිරීම ද?
ඇ) තමන් විසින් තෝරාගනු ලැබූ රැුකියාවේ හෘද සාක්ෂියට එකගව නොපිරිහෙළා වැඩකිරීම ද?
ඈ) පොදු දේපළ සුරක්ෂිතකොට ආරක්ෂා කිරීම ද? පොදු දේපළ අයථා පරිදි ප‍්‍රයෝජනයට ගැනීම ද හා නාස්කිකරගැනීමට එරෙහිව කි‍්‍රයාකිරීම ද?
ඉ) සෙසු අයගේ අයිතිවාසිකම් සහ නන්වැදැරූම් නිදහස ගරු කිරීම ද?
ඊ) ස්වභාවධර්මය සහ ස්වභාවික සම්පත් රැුක ගැනීමට ද ශී‍්‍ර ලංකාවේ සෑම තැනැත්තෙකුගේම සෙසු අයගේ අයිතිවාසිකම් සහ නන්වැදැරූම් නිදහස ගරු කිරීම ද?
යථෝප්ත සියල්ලක් කෙලෙසීමට හා සුරක්ෂිත කිරීමට රජය අපොහොසත් වීම නිසා මහජන විරෝධාකල්ප දිගුවෙමින් තිබේ.
ප‍්‍රජාවගේ අයිතිවාසිකම් සමස්තය යථෝප්ත පරිච්ෙඡ්ද වලින් නිර්වචනය කර පැහැදිලි කර ඇතත් (29) වන ෙඡ්දයේ විධිවිධාන හේතුකොටගෙන නීතියෙන් කිසිම අයිතිවාසිකමක් නොපැවරෙන බව සදහන් වීමෙන් ශී‍්‍ර ලංකාවේ අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මහජන අයිතීන් නීතියෙන්ම ඝාතනයකර ඇත්තේ මෙසේය. නීතියෙන් කිසිම බැදීමක් ඇති නොවන්නේ ය. රාජ්‍ය ප‍්‍රතිපත්තිය පිළිබද මූලධර්ම සහ මූලික යුතුකම් විනිශ්චයට භාජනය කළ නොහැකි බව (29) වන ෙඡ්දයේ සදහන් කරුණු හමුවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පාදඩ දේශපාලන සංස්කෘතිය සංවර්ධනය සදහා ඉමහත් සේවයක් පසුගිය වසර 44 පුරා පාදඩ දේශපාලන පක්ෂ රටාවට කර තිබෙන ¥ර්භාග්‍ය සේවය වර්තමාන ආර්ථික අර්බුදවල මූලික නිමිත්ත වේ. ඉහත මූලධර්ම වල විධිවිධාන අධිකරණයක් හෝ විනිශ්චය අධිකාරියක් මගින් කි‍්‍රයාත්මක කරවාගත නොහැක්කේ ය. එම විධිවිධාන වලට අනුකූල වීම පිළිබද කිසිම ප‍්‍රශ්නයක් කවර වූහෝ අධිකරණයකට හෝ විනිශ්චය අධිකාරියකට ඉදිරිපත් කළ නොහැක්කේය යන
(29) වන ෙඡ්දයේ කරුණු අනුව පසුගිය කාලයතුළ ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය දුරාචාරය දේශපාලන අධිකාරීන්තුළ සමාජගත වීමට ඉමහත් අනුබලයක් දී ඇත. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ජනතාවගේ හිමිකම් වසා තිබෙන වගන්ති ඉදිරි අනාවරණ කලාප තුළින් තව දුරටත් බලාපොරොත්තු වන්න.