මෙවර පළාත් පාලන මැතිවරණයේ දී මේ වන විට මුද්‍රණය වෙමින් පවතින දිගම ජන්ද පත්‍රිකාව අම්පාර දිස්ත්‍රික්කයෛන් දැක ගත හැකි බවත් එහි දිග අඟල් 18 කට ආසන්න වෙන බව රජයේ මුද්‍රණාලාධිපති කේ.ජී.ප්‍රදීප් පුෂ්ප කුමාර මහතා පැවසීය.

අම්පාර දිස්ත්‍රික්කයේ  මෙම පළාත් පාලන ආයතනය සඳහා කණ්ඩායම් 13 ක් තරඟ කරන බවත් මේ වන විට මුද්‍රණ කටයුතු ආරම්භ කර ඇති දිගින් අඩුව ජන්ද පත්‍රිකාවේ දිග අඟල් 06 ක් බවත් එම පළාත් පාලන ආයතනයට පක්ෂ තුනක් පමණක්  තරඟ වදින බව ද ඒ මහතා කීය.

මේවන විට දිස්ත්‍රික් 12 ක පිළිගත් පක්ෂ හා ස්වාධිත කණ්ඩායම්වල ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව ද ඒ මහතා කිය.

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී පළාත් පාලන ආයතන 336 ක් හා පසුව  නාමයෝජනා කැඳ වූ පළාත් පාලන ආයතන 03 ක් ගත කළ පළාත් පාලන ආයතන 339 ක් සඳහා ජන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සිදු කරන්නට සැලසුම් කර ඇති බව ද ඒ මහතා කීය.

ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අදියර තුනකින් සිදු කරන අතර ඒ සඳහා දැනට සේවක පිරිස 1100 කට අධික පරිසක් සේවා මුර ක්‍රමය යටතේ පැය 24 පුරාම සිදු කරමින් සිටින බව ද ඒ මහතා කීය.

මෙවර මැතිවරණයේ දී ජන්ද පත්‍රිකා මිලියන 18 ක් මුද්‍රණය කිරීමට නියමිතව ඇති බවත් එක් චන්ද පොතක ජන්ද පත්‍රිකා පනහක් ලෙස මුද්‍රණ කටයුතු සිදු කරනන්නට සැලසුම් කර ඇති බව ද ඒ මහතා කීය.

පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ජන්ද මුද්‍රණය කිරීම් සිදු වෙමින් පවතින බව ද නිල ජන්ද පත්‍රිකාවලට අමතරව ජන්දයේ දී ජන්ද මධ්‍යස්ථානවලට අවශ්‍ය  අදාළ ලිපි කටයුතු මුද්‍රණ කටයුතු සියයට 60 කට අධික ප්‍රමානයක් මුද්‍රණය කර අවසන් බවත් ඒ මහතා කීය.

පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුද්‍රිත කටයුතු සියල්ලටම අවශ්‍ය කඩදාසි, උපරිම තාක්ෂණික යන්ත්‍ර සුත්‍ර හා සම්පත් සියල්ලම අප සතුව ඇති බවත් පැය විසි හතර පුරාවටම පොලිසීය හා විශේෂ කාර් ය බලකායේ නිලධාරින්ගේ පුර් න  ආරක්ෂාව ඇතිව සියලුම සංවිධාත්මකව සිදු කරන බව ද රජයේ මුද්‍රණාලාධිපති කේ.ජී.ප්‍රදීප් පුෂ්ප කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න