බොරැල්ල රෝහලට අංග සම්පුරණ මහල් (08) කින් සමන්විත  ඇඳන් ධාරිතාව 340 ක් සහිත ගොඩනැගිල්ලක් ඉදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තිරණය කර තිබේ. මේ සඳහා වැයවන මුදල් රුපියල් ලක්ෂ 7500 ක් පමණ වේ.

මෙමගින් යාපනය, නැගෙනහිර, කොළඹ සහ යක්කල යන විශ්ව විද්‍යාලවලින් ආයු වේද, සිද්ධ, යුනානි යන වෛද්‍ය කර් ම යන් පිළිබඳ අධ්‍යයන කටයුතුවල නිරත වන උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂකයින් 600 ක් වෙනුවෙන් සායනික පුහුණු වීම් ලබාදීම වෙනුවෙන් ද එහි පහසුකම් සලසා දීම මෙහි විශේෂත්වයකි. තව ද මෙවැනි පහසුකම් සහිති ස්ථානයක් අවශ්‍ය  බව දිගින් දිගටම ආයු වේද වෛද්‍යවරු පසුගිය කාලයේ ඉල්ලා සිටියහ.

බොරැල්ල ආයු ර් වේද ජාතික රෝහලේ මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමේ සේවාව පුළුල් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන අතර මේ වනවිට ඉදි කෙරෙමින් පවතින මහල් 8 කින් සමන්විත ගොඩනැගිල්ල සමගින් මෙම සේවා කටයුතු විධිමත් කර ඇතැයි අමාත්‍යංශය වැඩිදුරටත් කියයි.

මෙහි දී එහි මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමේ ඉහළ පහසුකම්වලින් සමන්විතව ස්ථාපිත කෙරෙන කාමර සංඛ්‍යාව 82 කි. ශල්‍යාගාර, ඖෂධ නිෂ්පාදනාගාරය , පංච කර් ම ඒකක සහ යෝග අභ්‍යාස ඒකක ආදි සායන ඒකක වේ.

ඉදිරි වසර තුළ දිවයිනට සංචාරකයින් ලක්ෂ 40 ක් ගෙන්වා ගැනීමත්, එකී සංචාරකයින්ට ආයු වේද ප්‍රතිකාර සේවා ලබා දීමටත් මෙන්ම විදේශ විනිමය උත්පාදනය කරන ස්ථානයක් බවට එම රෝහල පත් කිරීමටත්  මේවන විට අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

මෙම කරුණු අනාවරණය වූයේ පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් පරීක්ෂා කරබැලීම සදහා සිදු කරන ලද නිරීක්ෂණ චාරිකාවේ දී ය.

මෙම අවස්ථාවට ආයු වේ ද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය පරාක්‍රම හේමචන්ද්‍ර, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය  වසන්ත පද්මකුමාර, පරිපාලන නිලධාරිනී මයෝමි පෙරේරා යන මහත්ම මහත්මීන් මෙන් ම ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන්, ආයු ර් වේද   වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර් ය මණ්ඩලය එක්ව සිටියහ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න