ලංකාවේ වසරකට පිළිකා රෝගීන් පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් හඳුනා ගන්නා අතර ඉන් වැඩිම ප්‍රමාණයක් පියයුරු පිළිකා සහ ආහාර මාර් ග පද්ධතිය ආශ්‍රිත පිළිකා වලින් ගොදුරන රෝගීන් බව විශේෂඥ වෛද්‍ය චමල් සංජිව මහතා පැවසීය.ඊයේ (02) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා එසේ පැවසීය.ලංකාවේ පිළිකා රෝගීන් මරණ හතරක් මැද පැණිකන තත්ත්වයකට පත්ව ඇති බව වෛද්‍ය හා අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජිව මහතා පැවසීය.මෙයට හේතුව වී ඇති කරුණ රැසක්ද පවතින බව ඔහු ප්‍රකාශ කළේය.ලොව පවතින ඉතා දියුණු පිළිකා නාශක ඖෂධ ලබාගැනීමට පවතින අපහසුව හා හිඟය ,මහරගම අපේක්ෂා රෝහල තුළ පිළිකා රෝග කල් තියා හඳුනාගත ඉතා අඩු මිල් ගණන් වූ යන්ත්‍රයක් පවා නොමැතිවීම ද බරපතල තත්ත්වයක් බවද ඒ මහතා පැවසීය.පිළිකා විකිරණ ප්‍රතිකාර සඳහා ලෝකයේ පවතින දියුණු ක්ෂණික ක්‍රම වෙනුවට තවමත් කොබොල්ඩ් ක්‍රමය මත ප්‍රතිකාර කිරීම හා රෝගය මත ඇතිවන සංකූලතාවයන් සඳහා ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට පවතින අවස්ථා අඩු වීම වැනි සාධක නිසා බොහෝ පිළිකා රෝගීන් කායිකව සහ මානසිකව දුක් විඳ අඩු කාලයකදී මිය යන බව ඒ මහතා පැවසීය.මෙම තත්ත්වයන් මගහරවා ගනිමින් දියුණු වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දීමටත් ලෝකයේ පවතින නවීනතම විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර රෝගීන්ට ලබා දීමටත් කිරණ වෛද්‍ය ප්‍රතිකාර පහසුවෙන් සිදු කළ හැකි පරිදි මහරගම අපේක්ෂා රෝහල අවට පහසුකම් වැඩිදියුණු කිරීමත් කෙරෙහි රජය අවධානය යොමු කළ යුතු බව ඔහු පවසයි.පිළිකා විකිරණ ප්‍රතිකාර සඳහා දියුණු තාක්ෂණික උපකරණ ගෙන ඒමට උත්සාහ කළ අවස්ථාවේ දී හිටපු සෞඛ්‍ය ඇමතී කෙහෙළිය රඹුක්කැල්ල සමයේදී එම කටයුතු නිසි පරිදි සිදු නොවූ බැවින් නව සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධව කඩිනමින් අවධානය යොමු කොට ආසියානු සංවර්ධන බැංකු යෝජනා ක්‍රමය යටතේ අදාළ පහසුකම් ලබාදීමට කටයුතු කිරීම අගය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.පිළිකා රෝගවලට ගොදුරන රෝගීන්ගේ ජීවන තත්ත්වය කිරී අප දැඩි ලෙස අවධානය යොමු නොකරන බැවින් ඔවුන් බොහෝ කාලයක් දුක් විඳ මිය යෑම කනගාටුවට කරුණක් බව ද ඔහු පවසයි.වසරකට පිළිකා රෝගීන් පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් හඳුනා ගන්නා අතර ඉන් වැඩිම ප්‍රමාණයක් පියයුරු පිළිකා සහ ආහාර මාර් ග පද්ධතිය ආශ්‍රිත පිළිකා වලින් ගොදුරන රෝගීන් බවද ඔහු පැවසීය.ලොව පවතින නවීනතම වෛද්‍ය ප්‍රතිකර්ම රෝගීන්ට ලබාදීම කෙරෙහි රජය අවධානය යොමු විය යුතු වන අතර දැනටමත් හිමොෆීලියා රෝගීන් එවැනි ඉල්ලීම් ගණනාවක්ම සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් සිදු කර ඇති බැවින් නිසි ප්‍රශංසද මිලදී ගැනීම සඳහා අවධානයට ලක් කිරීම වැදගත් බව සඳහන් කළේය.ප්‍රමාණාත්මක සෞඛ්‍ය සේවාව වෙනුවට රෝගීන්ගෙ ජීවන තත්ත්වය උසස් කරන ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් කෙරෙහි රජය අවධානය යොමු කළ යුතු වන අතර ඒ හරහා මහජන ප්‍රසාදය වැඩිදියුණු කර ගැනීමට හැකිවන බවද ඔහු කීය.දූෂිත සහ අකාර්යක්ෂම නිලධාරීන්නගෙන් මිදී කටයුතු කරන්නේ නම් අයවැය මගින් වෙන් කර ඇති මුදල් වලින් උපරිම ප්‍රයෝජන ගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
නිමල් අල්ගෙවත්ත 2025.03.02