නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට ලබන වසරේ ජනවාරි මස නව පනත් අටක්……….

අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ යුක්තිය පසිදලීමේ කාර්ය භාරය වඩාත් කාර්යක්ෂම කරමින්  නීති පද්ධතිය යාවත්කාලීන කිරීම  සදහා අධිකරණ අමාත්‍යාංශය විසින් පසුගිය මාස 18ක කාලය තුළ සම්මත කරන ලද නව නීති, අණ පනත් සම්බන්ධයෙන් 2023.12.28 දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

රටක් දියුණු වනවානම් එම රටේ  නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම වඩා වැදගත් බව අමාත්‍යවරයා විසින් සඳහන් කල අතර ආර්ථික වශයෙන් රට ප්‍රකෘත්තිමත් වන්නට පටන් ගත්තා සේම නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා තමන් අධිකරණ අමාත්‍යාංශය භාරගත් දින සිට මේ දක්වා විවිධ නීති අණපනත් 45කට වැඩි සංඛ්‍යාවක් සංශෝධනය කරමින් නව නීති සකස් කිරීමට කටයුතු කල ආකාරය සහ ඉදිරි වසරේ ජනවාරි මස තවත් වැදගත් පනත් අටක් සම්මත කිරීමට සූදානම් බවත් ඉදිරියේදී අවශ්‍යතාවයන් අනුව නව අණපනත් සංශෝධනය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා විසින්  සදහන් කලේය.

අල්ලස දූෂණය නැති කිරීම සඳහා දූෂණ විරෝධී පනත වැනි පනත් සම්මත කරගැනීම තුලින් නාස්තිය හා දූෂණය අවම කරමින් රටේ දියුණුව සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග වඩා යහපත් ආකාරයට ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට සම්මත කර ඇති පනත් ප්‍රමාණවත් බවත් අදාල පනත් හරහා නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීම තුළින්  වඩා යහපත් තත්වයකට රට පත් කිරීම අපහසු නොවන බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කලේ පසුගිය කොඩිඩ් වසංගතය හේතුවෙන් සහ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් රසපරීක්ෂක වාර්තා ලබාගැනීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ගෙන්වීමට තිබූ අපහසුතාවයන් නිසා ප්‍රමාද වී ඇති රසපරීක්ෂක වාර්තා මාස හයක් තුළ කඩිනමින් ලබාදීමට අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කර ඇති බවයි.

මේ දින වල දිවයින පුරා ක්‍රියාත්මක වන පොලිස් මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගන්නා සැකකරුවන් හටද රටේ පොදු නීතියට අනුව කටයුතු කරන බවද මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කරන ලදී.

පසුගිය කාලසීමාව තුල මෙරට ආර්ථීක වශයෙන් මෙන්ම සියළු අංශ වලින් රට අරාජිකත්වයට පත්වූ අවස්ථාවේ රට භාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක තමන් ඇතුළු සුළු පිරිසක් ඉදිරිපත් වී කුඩා කැබිනට් මණ්ඩලයක් පිහිටුවාගෙන රට අරාජිකත්වයෙන් ගලවාගැවනනීමේ අභියෝගය භාරගත් බවත් එසේ රට භාරගෙන කටයුතු කිරීම තුළින් යම් සුභදායී තත්වයට රට පත්කරගැනීමට හැකිවූ බව ද සඳහන් කල අමාත්‍යවරයා පැහැදිලි කලේ හිස්ව තිබූ මහා භාණ්ඩාගාරයේ සංචිත ඉහල නංවාගැනීම කඩිනමින් කලයුතුව තිබූ අතර මේ මොහොත වන විට ඩොලර් සංචිය අපේෂිත මට්ටමට ගෙන ඒමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බවත් සඳහන් කලේය.

මෙම අවස්ථාවට ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය උපදේශක ආචාර්ය හර්ෂ බී අබේකොන් මහතා ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් එක්විය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න