2025.02.27අයවැය මගින් සෞඛ්‍ය වෘත්තීවේදීන්ට සිදුකරන ලද කප්පාදු වලට එරෙහිව රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාරය සාර්ථක සෞඛ්‍ය වෘත්ත්ය සමිති පැවැසුහ.සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය,අතුරු වෛද්‍ය හා හෙද සේවා කාර්යමණ්ඩලය ඊයේ (27) දීන දහවල් 12 ට සේවාව පවත්වා ගනිමින් රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණය කරමින් හා කලු පටි බඳිමින් රජයට විරෝදධය පළ කළහ.රජයට ලබාදී ඇති සහන කාලය තුළ විසඳුමක් ලබා දීමට අපොහොසත් වුවහොත් ඉදිරි සතියේ සංඛේත වැඩ වර්ජන ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමට සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සමේලනය ඒකමතිකව තීරණය කර ඇති බව විශේෂඥ වෛද්‍ය රවි කුමුශේෂ් මහතා පැවසීය.ගැටලුව විසඳීම සඳහා සෞඛ්‍ය ඇමතිවරයා ඉල්ලා සිටි දින 07 කාලය ලබා දෙමින් ලබන තුන් වෙනිදා තෙක් වර්ජනයකින් තොර විරෝධතාවයන් පවත්වන්නට මේ අනුව තිරණය කර තිබේ. නොව සේ නම් ලබන 04 වෙනිදා සිට රටපුරා සංඛේත වැඩ වර්ජනයක් දියත් කරන බව ද ඒ මහතා කීය.මේ අනුව සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය අතුරු වෛද්‍ය හා හෙද සේවා කාර්යමණ්ඩලය ලබන 04 වෙනිදා සිට රටපුරා සංඛේත වැඩ වර්ජනයක් දියත් කරන බව ද ඒ මහතා පැවසීය.අයවැයෙන් කප්පාදුකල විස්සෙන් එකේ දීමනාව නැවත ස්ථාපිත කරණු !අය වැයෙන් කප්පාදු කල එකසිය හැටෙන් එකේ අතිකාල අනුපාතය නැවත ලබා දෙණු !අහෝසිකල කළමණාකරණ පුහුණුව යළි ස්ථාපිත කරණු ! යන තේමාවන් එක් කරිමන් ලංකාවේ සෞඛ්‍ය සේවයට සම්බන්ධ වූ පිරිසක් මෙසේ උද්ඝෝසණ ව්‍යාපාරයට එක්ව සිටියහ.සෞඛ්‍ය ප්‍රශ්න විසඳන විදිහ අනුරගෙයි රනිල්ගෙයි වෙනසක් නැති බව සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පැවසීය.සෞඛ්‍ය වෘත්තිකයින් හැමොටම ප්‍රශ්ණයක් තියනවා කියලා රෝහල් වලින් එළියට බැහැ පරිපූරක වෛද්‍ය හෙද,අතුරුවෛද්‍ය වෘත්තිකයෝ සතියක් පුරා කෑ ගහනවා. අනුර කුමාර ජනාධිපති වෛද්‍ය නිලධාරී සංගමයට විතරක් සාකච්ඡා දෙනවා.මොකක්ද අධිරාජ්‍යවාදී රනිල් ජනාධිපතිතුමයි සහොදර අනුර ජනාධිපතිතුමාගේ තියෙන වෙනස. කතාවට විතරක් හැමොටම සමානව සලකනවා. වැඩ කරණකොට රනිල්ටත් වඩා උඩ පන්තියට ගැතියි.එකම ප්‍රශ්නය තියනකොට පාර්ශවකාරයෝ සියල්ලම එකට තියාගෙන වැඩ කරන එක තමා දියුණු සම්මතය. එහෙම ක්‍රම වෙනසක් දකින්න තමයි මිනිස්සු මේ ආණ්ඩුව පත් කර ගත්තෙ.අනුරට බැරිනම් සෞඛ්‍ය සේවාවට සමානව සලකන්න. ඒ වගකීම ඉටු කරන්න කියලා අපි වෛද්‍ය නිලධාරී සංගමයෙන් ඉල්ලනවා.අද සෞඛ්‍ය සේවාවට බෙදුණු තීරණයක් දුන්නොත් ඒක බලපාන්නේ රටෙ ඉන්න මහ ජනතාවට. ඒ නිසා හැමෝගෙම ප්‍රශ්නය තේරුම් අරගෙන උත්තර හදන එක රටක ජනාධිපතිවරයෙක්ගේ වගකීමක් වෙනවා.මෙවර අයවැය යෝජනාවලියේ වැටුප් සංශෝධනය හරහා තම වැටුප් කප්පාදුවකට ලක්ව ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.ඊයේ රටපුරා රෝහල් ඉදිරිපිට විරෝධතාවයක් පැවැත් වූහ. මේ සම්බන්ධයෙන් රජය අවධානය නොවූ නොකළහොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගවලට යොමුවන බවද ඔවුන් පැවසූහ. මෙම වැටුප් සංශෝධනය අනුව මාර්තු මස වැටුපට වඩා අඩු වැටුපක් අප්‍රේල් මාසයේ ගෙදර ගෙන යාමට සිදුව ඇති බවද ඔවුන් එහිදී කියා සිටියහ.උද් ඝෝෂණ සටන් පාඨ මෙසේ ය.@ දියව් දියව් – අපට දියව්විස්සෙන් එක – අපට දියව්දියව් දියව් – අපට දියව්මෙතෙක් දුන්න – OT එක…@ විජ්ජාවන් – පෙන්නාලාඕටි එකට – කෙළවාලාවැඩි පඩි දෙන – සූත්තරේකියාදුන්නෙ – කව්ද බොලව්@ සෞඛ්‍යයේ – විදි අයිතියකපා දාල – එකසිය හැටතිහෙන් එකක් – මොකටද බොලවිස්සෙන් එක – දියව් අපට@ ආණ්ඩුවක් – ආණ්ඩුවක් මහජයගෙ – ආණ්ඩුවක්අපි හැදුවා – ආණ්ඩුවක් වෘත්තිකයට – පාණ්ඩුවක්@ වැංගු ගැහිලි – එපා බබෝවැඩි සැලකිලි – එපා බබෝ@ අපිට තිබුණ – විස්සෙන් එකඅපට තිබුණ – එකසිය හැටඅපට දෙන්න – ලාල් බබෝ@ සමස්ථයේ – සංගම් ටිකඉස්සර නම් – වැඩ වර්ජනඅයවැය ගැන – බොරු කිය කියනලින්දවත් – අන්දනවාඉන්න හිතෙන – රටක් රටක්@ දෙන්න ආව – ආණ්ඩුවක්යන්න හිතෙන – තැනටද දැන්වැඩ කරන්නෙ – ආණ්ඩුවත්තිබිච්ව එක – අඩු කරලා@ සෞඛ්‍යයම – පොඩි කරලාවෘත්තිකයට – විනකරලාඅයවැය දැන් – කියයි කතා@ අපිට ඕනෙ – අපෙ අයිතියමෙතෙක් වින්ද – අපෙ අයිතිය@ චන්දෙට පෙර – දෙනව කිව්වසෞඛ්‍යයේ – අපෙ හිමිකම@ වෘත්තිකයට – වින කරලාවිශමතාව – වැඩි කරලාදීමනාව – අඩු කරලාසමව ඉන්න – බැහැනෙ මෙයා ආදි වශයෙනි.
මුල් පිටුව පුවත් පරිපූරක වෛද්‍ය වර්ජනය මාර්තු 4 වැනිදා සිටසියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය අතුරු වෛද්‍ය...