කටුනායකට අලුත් ඇතුළුවීමේ කවුන්ටර රැසක්….
අලුත් ගුවන් සමාගම් වලට ඇරියුම්…..
සංචාරක ව්‍යාපාරයට නව ගැම්මක්……..
ගරු ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදී විශේෂයෙන් මෙරට අභ්‍යන්තර ගුවන්ගමන් රජයෙන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තීරණය වුණි.
මේ වන විට සංචාරකයින්ගේ පැමිණීම ශ්රීඝ්රයෙන් වැඩි වෙමින් පවතින බැවින් ගුවන්තොටුපොළ පහසුකම් හැකිතාක් පුළුල් කිරීමට තීරණය වුණි. දැනට පවතින ඇතුලු විමේ කවුන්ටර (check – in counters) 20 ක ප්‍රමාණයක් වත් එකතු විය යුතු බවට තීරණය වු අතර ඒ සඳහා අවශ්‍ය ස්ථාන නීරික්ෂණයක් ද විය.
තව ද පහසුකම් වැඩිදියුණු කර වෙනත් ජාත්‍යන්තර ගුවන් සමාගම් වලට ද අප ගුවන්තොටුපොළට ආරාධනා කරන්නට තීරණය වු අතර වසරකට මිලියන 12 ක පමණ ගුවන් මගීන් ප්‍රමාණයක් 2028 වන විට අපේක්ෂා කරන බැවින් ඊට සුදානම් වීමට අවශ්‍ය උපදෙස් අමාත්‍යතුමා විසින් ලබා දුනි.
මේ සියලු කටයුතු සංචාරක ව්‍යාපාරය හා බැදී තිබෙන බැවින් මෙරට ප්‍රධානතම ආදයම් මාර්ග අතර ඇති සංචාරක ව්‍යාපාරය ඉහළ මට්ටමකට ගෙන ඒමට මෙම පියවරයන් ඉවහල් වන බව පැහැදිලි විය.
මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා, අමාත්‍යංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී පෙරේරා, ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ, සංචාරක මණ්ඩලයේ සභාපති බුද්ධික හේවාවසම්, සිවිල්ගුවන්සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සභාපති චීෆ් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ඇතුලු බොහෝ නිලධාරීන් පිරිසක් මේ විශේෂ සාකච්ඡාවට එක් විය.