ඉන්දියාවෙන් පරිත්‍යාගයක් වශයෙන් ලැබෙන දුම්රිය එන්ජින් සම්බන්ධව.
උක්ත කරුණ සම්බන්ධයෙනි.
- ඉන්දියානු රජය පරිත්‍යාගයක් ලෙස ලබා දෙන දුම්රිය එන්ජින් පිළිබඳව විවිධ ජනමාධ්‍යයන් ඔස්සේ විවිධ වැරදි මත පළවෙමින් පවතින බව පෙනී යන අතර මෙය නිවැරදි කිරීම සඳහා පහත සඳහන් මාධ්‍ය නිවේදනය ප්‍රවාහණ අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි නිකුත් කරමි. එබැවින් මේ පිළිබඳව මාධ්‍ය විසින් ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කරන මෙන් ඉල්ලමි.
- ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙස එන්ජින් 22 ක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට ඉන්දියාව එකඟ වීමෙන් අනතුරුව මේ පිළිබඳ පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරීන් කණ්ඩායමක් ඉන්දියාවට ගොස් පරීක්ෂා කර ඇති අතර එම එන්ජින් දැනට ශ්‍රී ලංකාවට 2012/13 වසර වල ගෙන් වූ M-10 වර්ගයේ එන්ජින් වර්ගයට සමාන හා ඊට පසු නිශ්පාදිත එන්ජින් බවත් මෙම එන්ජින් වර්ගය වසර දොළහක පමණ කාලයක සිට ශ්‍රී ලංකාවේ භාවිතයේ පවතින අතර වැඩි බරක් ඇති දුම්රිය මැදිරි රැගෙන දුර ධාවනය කිරීමේ හැකියාව පවතින බවත් වාර්තා කර 450.
- දැනට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මේ වර්ගයේ එන්ජින් බල ඇණිය එන්ජින් නමයක් වන අතර මේ වන විට ධාවනය වන දුම්රියන් සඳහා යොදවමින් පවතී. එම එන්ජින් නඩත්තුව පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල වල පුහුණුවක් ද ඇති බැවින් නඩත්තු කටයුතු ද පහසුවෙන් සිදු කළ හැකිය.
- වැඩි මගී ධාරිතාවක් සහිත දුර ධාවනය වන දුම්රිය සඳහා ද භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සඳහාද මෙම නව එන්ජින් යොදා ගැනීමේ හැකියාවක් පවතී. දැනට දෙපාර්තමේන්තුව සතුව වැඩි බරක් සහ දුර ධාවනය කළ හැකි එන්ජින් පමණ අඩුවක් පවතින අවස්ථාවකදී මෙම පරිත්‍යාගය දුම්රිය සේවයට ඉතා වාසිදායක තත්වයක් වන අතර පසුගිය අත්දැකීම් හා සැලකීමේදී මෙම එන්ජින් ඉතා ඵලදායී වන බව දන්වා සිටිමි.
- ඒ අනුව මේ පිළිබඳ මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබාදී වැරදි මත නිවැරදි කිරීමට කටයුතු සලසා දෙන මෙන් ඉල්ලා සිටිමි.
එස්.එස්. මුදලිගේ
දුම්රිය සාමාන්‍යාධිකාරි
කොලින් හරිශ්චන්ද්‍ර