අධිකරණ ඇමති එක්සත් රාජධානියේ නීතිපති හමුවෙයි.
ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත, මාර්ග ගත ආරක්ෂණ පනත, ඇතුළු ශ්‍රී ලංකාවේ සිදු වන නව නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබදව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ එක්සත් රාජධානියේ නීතිපති, රාජ නීතීඥ, වික්ටෝරියා ප්‍රෙන්ටිස් මහත්මිය දැනුවත් කළේය.
අධිකරණ අමාත්‍යතුමා සහ එක්සත් රාජධානියේ නීතිපතිවරිය පසුගියදා එක්සත් රාජධානියේ දී හමු වු අතර, එහිදී මෙම දැනුවත් කිරීම සිදු කෙරිණ.
එක්සත් රාජධානියේ සිටින ශ්‍රි ලාංකික නීතිඥයින් විසින් ඉටු කරන වැදගත් කාර්යය භාරයයන් පිළිබදවත්, ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් අවශ්‍ය විශේෂඥ සහාය ලබාදීම පිළිබදවත් නීතිපතිවරිය අධිකරණ අමාත්‍යතුමා දැනුවත් කළාය.
ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත, ශ්‍රී ලංකා මහාධිකරණයේ ස්වර්ණ ජයන්ති සැමරුම් උත්සවය පිළිබදව අධිකරණ අමාත්‍යතුමා විසින් නීතිපතිවරිය දැනුවත් කරන ලදී.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශිකා හිරුණි රාජපක්ෂ සහ ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාලයේ (ONUR) සභාපති චරිත් මාරඹේ යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක් වුහ.



