ගරු කතානායකතුමනි.. රට වටේම ගංවතුර.. මේවා නිකන් වැසි නෙවෙයි.. අපේ ගමේ රණ්බණ්ඩා මාමා මේවාට කිව්වේ අනෝරා වැසි කියලා.. 🤌🤌🤌 ආණ්ඩුව පත් වෙලා මාස දෙකකට වැඩියි. පාර්ලිනේන්තුවෙත් තුනෙන් දෙකක් අරන්.. ඇමතිලාත් දිවුරුම් දීලා නියෝජ්‍ය ඇමතිවරුත් දිවුරුම් දීලා. පුදුම හදිස්සියක් තිබ්බෙ බලය ගන්න. රට වටේ පවුල් දාස් ගාණක් අවතැන් වෙලා. ඒ අහිංසක මිනිස්සුන්ට සහන සලසන්නෙ නැද්ද? කෝ බලය ගන්න තිබ්බ හදිස්සිය මේවාට.. මේවා ආණ්ඩුද? මේවා ආණ්ඩු නෙවේ පාණ්ඩු.. 🤌🤌🤌

වෙනදා රටේ ස්වේච්ඡාවෙන් සේවය කරන මිනිස්සු එලියට බහිනවා. පහුගිය කාලෙ ආණ්ඩු ආවාම තරුණයෝ තාප්ප පාට කලා. එවන් කැපවීමක් කරපු තරුණ පරපුරක් ඉන්න රටක් මේක. ඒකට මේ ආණ්ඩුව. ගංවතුරකින් විපතට පත් වෙලා ඉන්න මිනිහෙකුට උදව්වක් කරන්න මිනිහෙක් ගෙදරින් එලියට බහින්නෙ නෑ.. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.. 🤌🤌🤌 මේ පොඩි කාලෙට මේ ආණ්ඩුව ජනතාවගේ ප්‍රසාදය අහිමි කරගෙන.. ලැජ්ජයි.. චීයා.. 🤌🤌🤌

ඒ මදිවට රටේ ජනාධිපති. මරු ජනාධිපති. 🤌🤌🤌 ජනාධිපති මන්දිරයට නිලධාරීන් ගෙන්නලා කියනවා තාක්ෂණික දත්ත මත පදනම් නොවී අදාල ක්ෂේස්ත්‍ර වලට ගිහින් ගංවතුරෙන් විපතට පත් වූවන්ට සහන දෙන්නලු. ඇයි එයාත් ගිහින් ඒවා බලලා ඒ ඒ ප්‍රදේශ වලදිම නිලධාරි මුණ ගැහුනානම් නරකද? අර පස්ස තියාගෙන යන කෝටි ගාණක් වටින BMW X5 එක තෙමෙනවාද? 🤌🤌🤌 කාර් එකේ දොර ඇරන් බැස්සට වැඩක් නෑ.. දුප්පත් නිර්ධන පංතියේ පුරවැසියාගෙ දුක දැනෙන්නෙ නැත්නම්.. මරු ජනාධිපති එයා 🤌🤌🤌 මේ මාස දෙකට ට්‍රිලියනේකට වඩා ණය අරන්.. කරපු වැඩක් තියෙනවාද? එහෙම නායකයෙක්ගෙ අවධානය ගංවතුරෙන් අවතැන් ජනතාවගේ පැත්තට හරවන්න හදන අපටත් පිස්සුද කියලා හිතෙනවා 🤌🤌🤌

උතුරට ගං වතුර. ත්‍රස්ත හිතවාදී අය තමන්ගේ ත්‍රස්ත නායකයෝ සමරනවා. ආණ්ඩුව මොකක්ද කියන්නේ.. මලගිය ඥාතීන් සමරන්න නිදහස දෙනවලු. මේ තමයි එයාලා ඡන්දෙට කලින් උතුරේ මිනිස්සුන්ට දුන්න පොරොන්දු. 🤌🤌🤌 මරු ඥාතීන් සැමරිල්ල ඒක. සමරන එක සමරනවා ආයේ ලොවෙත් නැතිවෙන්න 🤌🤌🤌 අපි රතුයි කහයි කොඩි දාගෙන, නියඟලා මල් දාගෙන, යුද්ධයෙන් මියගිය ත්‍රස්ත නායකයන්ගෙ පිංතූර ගහහෙන සැමරුවානම් මොකද වෙන්නෙ.. ඊට පහුවදාට අපි හිරේ. අපි සමරන්නෙ කෝමද, පූජ්‍ය පක්ෂයට දානයක් දීලා.. බණක් කියවලා.. යුද්ධෙ කාලෙ කො ටි අතින් මියගිය අනුරාධපුරේ සිරිපාල අයියාගෙ පුතාව එහෙම සමරනවාද.. නෑ.. 🤌🤌🤌 මේ කොටි සල්ලි. මේ රටේ ඒකීයභාවයට, භෞමික අඛණ්ඩතාවයට කරන හානි තමයි මේ..ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා.. දකුණටයි උතුරටයි හැඳි දෙකකින් බෙදන්න එපා.. 🤌🤌🤌 මේ රටේ හැමෝටම එක නීතියක් තියෙන්න ඕන. ගරු කතානායක තුමනි, අපි ඔබට යෝජනා කරනවා.. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කරලා විමර්ශණය කරන්න.. දින දෙකක විවාදයක් ලබා දෙන්න. නැත්නම් මේ විහිලු තව දුරටත් ඉස්සරහාට යනවා 🤌🤌🤌 පාලකයන්ගේ වැරදි නිසා, මේ රට දෙකඩ වෙන්න දෙන්න බෑ.. 🤌🤌🤌

යාපනේ මුණියන්ඩි, ත්‍රීකුණාමලේ අන්වර්, නුවරඑලියේ රාජරත්නම්, පොළොන්නරුවේ ගුණපාල මේ ඔක්කොගෙම වගාවන් ඉවරයි. මේ මිනිස්සු වහ බොන්න කලින් ගංවතුරෙන් වූ පාඩුව ගෙවන්න 🤌🤌🤌 ඒ අහිංසක ජනතාවගේ ගෙදර තිබ්බ ප්ලාස්ටික් පුටුවේ ඉදන් ගංවතුරට ගහගෙන ගිහිල්ලා. අම්පාරේ පාසැල් දරුවො හයක් ට්‍රැක්ටරයක් පෙරලිලා එකම තැනදි ජීවිතක්ෂයට පත්වෙලා. ඒ වෙනුවෙන් මේ රජය අද වෙනකන් මොකද කලේ.. 🤌🤌 ඉස්සර මෙහෙම දෙයක් වුනාම පාලකයෝ අඩු ගාණෙ කෙහෙල් ගෙඩියක් හරි බෙදුවා. ඒ ගැන අපට විවේචන තියෙනවා.. 🤌🤌🤌 හැබැයි එහෙම හරි බෙදුවා. අද ආණ්ඩු පක්ශෙම මන්ත්‍රීවරු 158ක්. එක්කෙනෙක් ගියාද ඒ අවතැන් ජනතාව බලන්න.. නෑ.. මේ පාලකයන්ට තියෙන්නෙ වියළි හදවත්. අරහෙ ගංවතුර වැඩක් නෑ. මෙහෙ අර රටින් ආපු අබාද ඇබාද කොබාද මන්දා බෑන්ඩ් වල සංගීත බලන්න යනවා. මේ පාලකයොද.. නල්ල මලේ පාලකයො. මෙහෙව් ඇමතිලා පුලුවන් පොල්පිත්තෙන් කපා ගන්න 🤌🤌🤌 නෙද්දකින්… 🤌🤌

ඒ නිසා ගරු කතානායකතුමනි, මේ පිළිබඳව ඔබතුමාගෙ ගරු අවධානය යොමු කරන්න. ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීම දිරිමත් කරවන්න. නැත්නම් මේ ජනතාවට වෙන්නෙ මේ ගංවතුරටම පනින්න. 🤌🤌🤌

:::: මෙහෙම කතාවක් ආපහු පාර්ලිමේන්තුවේ අපට අහන්න පුලුවන් වෙයිද?:::

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න