ඉතාලි ජාතික දිනය සමරමින් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය විසින් සංවිධානය කළ ජාතික දින සැමරුම් උත්සවය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති Damiano Francovigh මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ කොළඹ දී පැවැත්විණි.
සෑම වසරකම ජුනි මස 02 වැනි දින ඉතාලි ජාතිකයින් ජාතික දිනය සමරනු ලබයි. 1946 වසරේදී ඉතාලි රාජාණ්ඩුව අහෝසි කර එරට ජනතාව ජන රජයක් පිහිටුවීමට ඡන්දය ප්‍රකාශ කර ඇත. එම දිනය ජාතික දිනය ලෙස ඉතාලි ජනතාව සමරනු ලබයි.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් හා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.