ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරා ගැනීමේදි විවිධ ක්‍රමවේද ඔබ භාවිතා කරනවා.

පොල් :-
හොලවලා නැත්නම් තට්ටු කරල බලනවා.

බිත්තර :-
එහි කුකුල් අසුචි තැවරී නැති , සෙලවෙන්නෙ නැති,
ඔබට ජල බදුනකට දැමිය හැකි නම් එය ගිලී පවතී නම් පරිභෝජනයට සුදුසුයි. බිත්තරය පාවෙන්නෙ නම් හෝ දුර්ගන්ධයෙන් යුක්ත නම් එවා නරක් වු බිත්තර වේ.

හාල්:-
ගුල්ලන් නොමැති , වර්ණ නොගැන්වු සහල් ,
( මෙය පරික්ෂා කිරිමට ජලය ස්වල්පයකට හාල් ස්වල්පයක් දැමු විට ජලය වර්ණවත් වේ.)

මිරිස් :-
කරල් මිරිස් ගෙන එය පිරිසිදු කර බ්ලෙන්ඩර් කිරීමෙන් ( ඇඹරීමේන් ) සකස් කර ගත හැකිය.

කුඩු මිරිස් ගන්නවා නම් වෙළදසැල් තුල බහුලව ඇත්තේ සහල් පිටි සහ ලුණු කලවන් කරන ලද මිරිස් කුඩුය. ( එය පරික්ෂා කිරිමට මිරිස්කුඩු ස්වල්පයක් ජල භාජනයක් තුලට දැමිමේදී හාල් පිටි කැට් ගැසිමක් දක්නට ලැබේ,ලුණු රසයක් ලැබේ.)

තෙල් :-
මිළදි ගැනිමේදී පොල් තෙල් සහ ෆාම් තෙල් හදුනා ගැනිමේදි පොල්තෙල් මිදිමට ලක් වන අතර ෆාම් තෙල් එසේ නොවෙ. එය තවදුරටත් තහවුරු කර ගැනිමට පැය 2ක් පමණ ශීතකරණය තුල තැබීමේන් හදුනාගත හැකිය.

මාංශ වර්ග :-
මාංශ වල පැහැය දුබුරු පැහැති නම් එය නුසුදුසු මාංශ වේ.

නැවුම් මාංශ හදුනා ගන්නේ කෙසේද ?

කුකුල්,තාරා,හා මාංශ හා වෙනත් පක්ෂී මාංශ රෝස පැහැති වේ.
කාලය ඉකුත් විමත් සමගම මෙම මාංශ දුඹුරු පැහැයට පත් වේ.

හරක් ,ඌරු ,එළු බැටළු මාංශ
මෙය ඉතාමත් දිප්තිමත් රතු පැහැති විය යුතුයි
මෙයද කාලය ඉකුත්විමේදි කුණු ලේ පැහයට පත්වේ. (මෙම මාංශ වර්ග පරිභෝජනයට ගැනිමේදී ප්‍රමාණය අඩු කල යුතුයි)

ඒ මෙන්ම ටින් කල සහා ලේබල් කරන ලද ආහාර තෝරා ගැනිමේදී වැදත් කරුණු කිහිපයක් බැලිය යුතුයි.

  • භාණ්ඩයේ නම
  • භාණ්ඩ නිෂ්පාදන ආයතනයේ නම.
  • නිශ්පාදිත දිනය.
  • කල් ඉකුත්වීමේ දිනය.
  • කාණ්ඩ අංකය.
  • නැවත ඇසුරුම් කරන ලද භාණ්ඩයක් නම් නැවත ඇසුරුම් කල දිනය.
  • අඩංගු ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ආවරෝහන පිලිවෙලට.
  • යොදා ඇති රස කාරක හා වර්ණකාරක
  • නිෂ්පාදකයාගේ ලිපිනය, දුරකථන අංකය ආදී තොරතුරු කිහිපයක්
  • මිට අමතරව තවත් ලෙබල් සම්බන්ධව තොරතුරු තිබිය යුතුයි .

මේ පිළිබඳව ඔබ දැනුවත් විය යුතුයි.
යම් ආහාරයක් මිලදී ගැනිමේදි එයට ඔබ ගෙවන මුදලට සාදාරන වටිනාකමක්, පෝෂ්‍යදායි බවක් , ගුණාත්මක බවක් ඇති භාණ්ඩ මිලදි ගැනිමට සැලකිලිමත් වන්න.

ආර්.එම්.සදුන් හේමන්ත
මහජන සෞඛ්‍ය පරීක්ෂක

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න