සුදත්ත තිලකසිරි වතුර අදින කොට, නාන්නේ චතුර උමගිලිය පෙරකදෝරුවා ය.

සුනිල් වටගල, හර්ෂණ නානායක්කාර ඇතුළු මාලිමාව පෙරකදෝරුවෝ මාධ්‍යහමු තියලා ඇදගෙනම නානවා.

1.ලාල් කියනවා මාලිමාව ආණ්ඩුව යටතේ නව ව්‍යවස්ථාවක් හදනවා, දැනට තියෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට අමතරව ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ඒ ව්‍යවස්ථාවට අඩංගු කරනවා කියලා.

ඍජු ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද?

ගමේ පවුල් පනහක් ඉන්නව, ගමට රජයේ පාරක් තියෙනවා. වටයක් යන්න ඕන. දුර, කාලය වැඩියි.ගිරිගෝරිස් මුදලාලිගේ පාරම්පරික ඉඩම් මැදින් අලුත් පාරක් කැපුවොත් දුර සහ කාලය අඩුයි. පවුල් පනහ රැස්වෙලා ඡන්ද විමසීම කරනවා. වැඩි දෙනෙක් කැමති ගිරිගෝරිස්ගේ ඉඩම් මැදින් පාර කපන්න. වැඩේ තීන්දුයි! බැකෝ ගෙනාව, කැපුව පාර!

ඔන්න ඕකට තමයි ” සුදා ” ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.

ක්‍රිස්තු පූර්ව යුගයේ ග්‍රීසියේ කඳු අතර ජනගහනය අඩු ගම් තුළ ඔය ක්‍රමය තිබුනලු! භාරතයේත් එවැනි තැන්වල තිබුනලු!

අම්මට සිරි! නේද?

” ගමට ගිහිල්ලා කල්පනා කරල බලන්න අපි මොකක්ද මේ කිව්වේ කියලා ” ලෙස ලාල් නැවත අවධාරණය කරනවා.

වක්‍රව ආමන්ත්‍රණය කරන්නේ වෛර දේශපාලනය මත නඩත්තු කරන මාලිමාව ඡන්ද පදනමට නේද?

මාලිමාව බලය ගනිපු ගමන් ගමේ නඩු අහල, සබ්බුව දෙන්න, ගෙවල් ගිනිතියන්න උඹලට අපි නීතිය හදලා දෙනවා කියලා නේද? තව මාස කීපයක් වෛර චූං එකෙන් රැල්ල පවත්වාගැනීම සඳහා ‘සිල්ලර ඕඩියන්ස් එකට’ ලාල් කතා කෙරුවේ.

විතාරන්දෙනියේ පුංචි මහත්තය ජවිපෙන් මැරුවේ ඔහොම ඍජු ප්‍රජාතන්ත්‍රවාදය අනුව තමයි . අඩුගානේ විතාරන්දෙනියේ මිනිස්සු එක තැනකට රැස්වෙලා තීරණය කරල නොවේ.

ගමේ අපි ජෙප්පෝ රැස්වෙලා තීරණය කෙරුවේ. මමත් එතන හිටිය. මම සහ කරුණේ මල්ලි විරුද්ධව ඡන්දය දුන්න. ඉතිරි අට දෙනා පක්ෂ වුනා. කිරිච්ච් පිහියෙන් ඇනල මැරුව.ඔහු UNP සමිතියේ සභාපති.ජවිපෙ නියෝගය අනුව බැනර් එකක් දාල ප්‍රසිද්ධියේ ඉල්ලාඅස්නොවීම තමයි වරද.

එම අට දෙනාගෙන් දෙන්නෙක් ටයර් සෑයේ ගියා. නායකයා මහරගම රෙදි බිස්නස් කරල කෝටිපතියෙක් වුනා . කප්පම් ගනිපු මුදල් තමයි ආයෝජනය කළේ. දැන් මාලිමාව ප්‍රබල ආධාර කාරයෙක්.
ඉතිරි දෙන්නෙක් අදත් ගමේ එන්නේ නෑ.කරුණේ මල්ලි දැනුත් මාලිමාවට වැඩ. ප්‍රාදේශීය සභා අපේක්ෂක.

  1. ලාල් කියනවා දියුණු රටවල් තුළ දැනුත් ඍජු ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාලු! අපිනම් එහෙම රටක් දන්නේ නෑ සුදා . ඔය පෙරකදෝරුවෝ දන්නවානම් උන්ගෙන් අහල කියපන් මචෝ.

3.ලාල් කාන්ත විසින් මැයි දින වේදිකාවේ පැහැදිලි කෙරුවේ කුමක්ද? රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ලියල තියෙන ” අධිකරණයට අදාළ පරමාධිපති බලයේ මූලික හිමිකම ජනතාව සතුය ” යන කාරණාවලු!

ඉතිං බං ඕක ලාල් කාන්ත ගිරිය කඩාගෙන අමුතුවෙන් කියන්න ඕන දෙයක් ද?

රටේ නීතිය සහ අධිකරණය පිළිබඳ සම්මන්ත්‍රණයක් වැනි තැනකනම් එවැනි කාරණයක් අවධාරණය කෙරුවම ගැලපෙනවා. උඹලා දැන් මැයි රැළි තුළ ව්‍යවස්ථාව පැහැදිලි කිරීමද බං කොරන්නේ?

  1. පෙරකදෝරුවෝ කියනවා ප්‍රධාන අධිකරණ ලැයිස්තුවට අමතරව බිම් මට්ටමේ දී අධිකරණයට සහාය දෙන විනිශ්චය සභා තියෙනවාලු!

ගොවිජන සේවා පනත, සමුපකාර පනත, ගෙවල් කුලී පනත ආදිය උපුටා දක්වනවා. කම්කරු උසාවිය, සමත මණ්ඩල ආදියත් තියෙනවාලු!
(තව එකක් තියෙනවා ” ණය සහන මණ්ඩලය ” ඒක පෙරකදෝරුවන්ට අමතක වුනා)

ඔව් බං, එවැනි විනිශ්චය ආයතන තියෙනවා තමයි. කවුද නැහැයි කිව්වේ?

ඒවා එහෙම තිබිච්චාවෙ!

ඒ තියෙන විනිශ්චය සභා ගැනද ලාල් මැයි රැළියේ කිව්වේ? අහවල් මගුලටද ඒවා ජනතාවට නැවත කියන්නේ? ජනතාව තුන්සිය හැට පස් දවසෙම ඔය ආයතන එක්ක ගනුදෙනු කරනවා නේ බං.

ඒකීය රාජ්‍යයකට අයිති අධිකරණක්‍රමය තුළ යන්න තියෙන පහළටම අධිකරණ බලය විමධ්‍යගතවෙලා කියලා උඹල පෙන්වන නිදසුන්වලින්ම පැහැදිලි වෙනව. ඉතිං ලාල් විසින් තවත් පහළට අධිකරණ බලය බෙදන්නේ කාටද?

උඹලා දැන් මැයි රැළි තුළ කතාකරන්නේ ඔය ව්‍යවස්ථාවෙ තියෙන වගන්ති /ව්‍යවස්ථා ගැන ද? ලංකාවේ අධිකරණයට අමතරව තියෙන විනිශ්චය සභා ගැන ද?

යකෝ මරු ආතල් වැඩක් නේ ඒක!

අඩුගානේ කොල්වින් ආර්. ද සිල්වා වැනි නීති උගතෙක්වත් මැයි රැළියකදී ව්‍යවස්ථාවෙ කරුණු පැහැදිලි කරන්න යනවා ද?

  1. නඩු විභාග ප්‍රමාදය ගැන ලාල් එදා කිව්වේ නෑ.( ඒ ගැන අපේ අදහස පසුව ලියනවා)

මචං, සුදා :

පරමාධිපති බලය ජනතාව සතුය කියලා ව්‍යවස්ථාවෙ ලියල තියෙනවා තමයි. හැබැයි ඒ පරමාධිපති බලය ජනතාවගේ අතේ තියාගෙන ඉන්න තහනම්. ඒක exercise සහ enjoy කරන්න ඕන කියලා ලියල තියෙනවා. අපේ බලය ක්‍රියාත්මකවීම සහ භුක්තිවිඳීම සඳහා නියෝජිතයින්ට පවරන්න ඕනමයි.

පාර්ලිමේන්තු මැතිවරණයේදී කතිරය ගහල නීති හැදීමේ බලය සහ අධිකරණ බලය දෙකම පාර්ලිමේන්තුවට දෙනවා. ඉන්පසු පාර්ලිමේන්තුව අධිකරණ බලයෙන් චුට්ටක් ( වරප්‍රසාද පනත යටතේ ) තියාගෙන ඉතිරි අධිකරණ බලය ” උප කොන්ත්‍රාත් ක්‍රමයට ” විනිසුරුවන් ප්‍රමුඛ අධිකරණ පද්ධතියට පවරනවා.

අප සතු විධායක බලය ජනාධිපතිවරණයේදී කතිරය ගහල විධායක ජනාධිපතිට පවරනව. ඔහු එම විධායක බලය අමාත්‍ය මණ්ඩලය සහ ස්ථිර විධායකය වූ රාජ්‍ය නිලධාරීන් යොදාගෙන රටේ අස්සක් මුල්ලක් නොහැර ක්‍රියාත්මක කරනවා. සරලව කිව්වේ හොඳේ.

අධිකරණ බලයේ මූලික හිමිකම අපිටනම් අපි මොකෝ උසාවි ගියාම විනීතව හැසිරෙන්නේ? උසාවියෙන් එන්න කිව්වම හූජ්ජබර හැදිලා කකුල් වෙව්ලන්නේ මොකෝ?

ඔය පෙරකදොරුවන්ගෙන් මේවාට උත්තර අහල කියපන් ” සුදා “

“තංගල්ලේ අපි” වෙනුවෙන් පුංචිහේවා
2024.05.11

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න