ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම 2024.04.17 චන දින සිට ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම්‌ කර ඇත.

නව වීසා ක්‍රමවේදය, ඊට අදාල ගාස්තු, සපුරාලිය යුතු අවශ්‍යතා හා ශ්‍රී ලංකාව තුල රැදී සිටියහැකි කාලසීමාව අංක 2360/24 හා 2023.11.27 චන දිනැති අති විශේෂ ගැසට්‌ පත්‍රය මඟින්‌ ප්‍රකාශයට පත්‌ කර ඇත. (අදාල ගැසට්‌ පත්‍රය www.documents.gov.lk වෙබ්‌ අඩවියෙන්‌ බාගත කරගත හැක). අදාළ නව වීසා වර්ග මේ සමඟ ඇමුණුම්ගතව ඉදිරිපන්‌ කර ඇත. (ඇමුණුම I)

දැනට ක්‍රියාත්මක වන ET A (Electronic Travel Authorization) ක්‍රමවේදය වෙනුවට හදුන්වා දෙනු ලබන මාර්ගගත ක්‍රමවේදය වන E-Visa පද්ධතිය GBS Technology Service & IVS Global ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට සූදානම්‌ කර ඇති අතර එහි වෙබ්‌ සබැඳිය පහත දක්වා ඇත. www.srilankaevisa.lk.

මේ පිළිබඳ මහජනතාව දැනුම්වත්‌ කිරීම සඳහා සියළුම මාධ්‍ය ආයතන වෙත දැනුම්‌ දීමට කටයුතු කරන මෙන්‌ කාරුණිකව ඉල්ලා සිටිමි. ඉහත පරිදි මාර්ග ගත ක්‍රමය ඔස්සේ වීසා අයදුම්කිරීම හදුන්වාදීම මගින්‌ වේගවන්ව හා කාර්යක්ෂමව වීසා අයදුම්‌ කිරීම, චීසා ලබා ගැනීම සඳහා පහසුකම්‌ සැලසීම තුලින්‌, විදෙස්‌ සංචාරකයින්ගේ භා ආයොෝජකයින්ගේ ආකර්ශනය ලබා ගැනීම, විදේශ විනිමය ආයෝජනය වැඩි කර ගැනීම තුළින්‌ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වීම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව චේ.

Annex_I_-_Sinhala

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න