පර්යේෂණ ක්ෂේත්‍රයෙහි විද්‍යාඥයින්‌ සහ පර්යේෂකයින්‌ චිසින්‌ සිදු කරන ලද සේවාව සඳහා ඉහළ වටිනාකමක්‌ ලබා දීම පිණිස සහ විද්‍යා ක්ෂේත්‍රයෙහි උන්නතිය සඳහා ලබා දුන්‌ දායකත්වය මෙන්ම අප රටේ ජාතික සංවර්ධනයට

එමගින්‌ ලැබුණු පිටුබලය අගය කිරීම උදෙසා ජාතික විද්‍යා පදනම “ජාතික විද්‍යා පදනමෙහි සම්මාන උළෙල” චාර්ෂිකව සංවිධානය කරයි. මෙම සම්මාන උළෙලේදී “පර්යේෂණ උපාධි අධීක්ෂණය කිරීම” ද ලාංකීය පර්යේෂණ උපාධි අධීක්ෂකයින්‌ සම්මානයට පාත්‍ර කෙරේ. මෙම වසරේදී ජාතික විද්‍යා පදනමෙහි සම්මාන උළෙල අධ්‍යාපන ඇමති, ගරු සුසිල්‌ ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්‌ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්‌, අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන්‌, අමාත්‍යාංශ නිලධාරීන්‌, විශ්ව විද්‍යාල උපකුලපතිචවරුන්‌, විද්‍යාඥයින්‌ සහ ඉංජිනේරුවන්ගේ සහභාගිත්වයෙන්‌ 2024 අප්‍රේල්‌ 04 දින බ්‍රහස්පතින්දා පෙ.ව. 08.30 – 11.30 දක්චා බත්තරමුල්‌ල, “ඉසුරුපයෙහි” අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යාත්මක ආයතනයක්‌ චන ජාතික විද්‍යා පදනම අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙමින්‌ අප රටේ සමාජ-ආර්ථික සංවර්ධනය උදෙසා විද්‍යාව, තාක්ෂණය සහ නවොත්පාදන ප්‍රවර්ධනය කිරීමෙහි

නියැලී සිටී. ඉහළ සුදුසුකම්‌ සහ පරිපූර්ණ පුහුණුවක්‌ සහිත පර්යේෂකයින්ගේ සංඛ්‍යාවේ වැඩිදියුනුවක්‌ සහිතව ජාතික පර්යේෂණ පද්ධතිය ශක්තිමත්‌ කිරීමේ අපේක්ෂාව ඇතිව ජාතික විද්‍යා පදනම විසින්‌ පර්යේෂණ උපාධි අධීක්ෂකයින්‌ සඳහා සහයොගය දැක්වීමේ යො ජනා ක්‍රමයක්‌ චර්ෂ 2011 දී ස්ථාපිත කරනු ලැබීය. පශ්චාත්උපාධි පර්යේෂණ උපාධි අධීක්ෂණය කිරීමට ජ්‍යෙෂ්ට පර්යේෂකයින්‌ පෙළඹවීම, පශ්චාත්‌උපාධි පර්යේෂණ පුහුණුව ප්‍රවර්ධනය කිරීම භා ඒ සඳහා පහසුකම්‌ සැපයීම පිණිස විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන දිරිමත්‌ කිරීම මෙන්ම ගුනාත්මකභාවයට භානියක්‌ සිදු නොවන ආකාරයට ගිවිසුම්ගත කාල සීමාව තුළ පශ්චාත්‌උපාධි පර්යේෂණ උපාධි නිම කිරීම පිණිස

අධීක්ෂකවරුන්‌ දිරිමත්‌ කිරීම තුළින්‌ මෙම අපේක්ෂාව ඉටු කර ගැනීමට ජාතික විද්‍යා පදනම ක්‍රියා කරයි.

දැනුමෙහි පදනම පර්යේෂණ චේ. පර්යේෂණ තුළින්‌ ජනිත කෙරෙන නව දැනුම රටක්‌ සංවර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන අතර එනිසාම පර්යේෂකයින්ගේ සංඛ්‍යාව ඉහළ දැමීම ද සිදු කළ යුතු චේ. ජාතික විද්‍යා පදනම විසින්‌ ප්‍රකාශිත “ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධන සංඛ්‍යානවිද්‍යාත්මක අත්පොත්‌ 2020″ට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියනයකට ශ්‍රී ලාංකීය පර්යේෂකයින්‌ සංඛ්‍යාව 103.4ක අගයක්‌ ගනී. යුනෙස්කෝ වෙබ්‌ අඩවියක්‌ වන (474. (//5. (//16*උ 0. 0/”7′ ට අනුව අඩු-ආදායම්‌ ලාභී රටවල, අඩු-මාධ්‍ය-ආදායම්‌ ලාභී රටවල, සහ ඉහළ -ආදායම්‌ ලාභී රටවල 2020 වසරේදී පුරවැසියන්‌ මිලියනයකට පර්යේෂකයන්‌ සංඛ්‍යාව පිළිවෙළින්‌176.0, 321.5 සහ 4523.3ක්‌ විය. අඩු-ආදායම්‌ ලාභී රටවල පුරවැසියන්‌ මිලියනයකට සිටින පර්යේෂකයින්‌ සංඛ්‍යාවෙහි මධ්‍යනා අගයට වඩා එම අගය ශ්‍රී ලංකාව සඳහා ඉතාම අඩු අගයක්‌ ගනී. එම නිසා, ශ්‍රී ලංකාවේ පර්යේෂකයන්‌ සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා ප්‍රයත්න දැරීම සිදු කළ යුතුමය.

සෑම වසරකම ජාතික විද්‍යා පදනම පුවත්පත්‌ දැන්වීම්‌ මගින්‌ මෙම සම්මානය සඳහා අයදුම්පත්‌ කැඳවයි. දර්ශනපති (14.[2[111) සභ ආචාර්ය (1”[].[0) උපාධි අධීක්ෂකයින්‌ හට මෙම සම්මානය සඳූහා අයදුම්පත්‌ ඉදිරිපත්‌ කළ හැකිය.මෙම යෝජනාක්‍රමය ආරම්භ ලද 2011 වර්ෂයේ සිට මේ දක්වා රටපුරා විශ්ව විද්‍යාල, පර්යේෂණායතන සහ කර්මාන්ත අංශයන්හි සේවයේ නියුතු විද්‍යාඥයින්‌ / ඉංජිනේරුවන්‌ 455කට ජාතියේ ප්‍රවර්ධනයට ඔවුන්‌ විසින්‌ සිදු කරන ලද සේචය ඇගසීමට සම්මාන 240ක්‌ ප්‍රදානය කර තිබේ. මෙම වසරේදී විශ්ව විද්‍යාල සහ පර්යේෂණායතන 17ක පර්යේෂකයින්‌ සහ විශ්චවිද්‍යාල විද්‍යාර්ථීන්‌ 96 දෙනෙකුට සම්මාන 42ක්‌ ප්‍රදානය කෙරෙනු ඇත.

මාධ්‍ය හා වැඩසටහන්‌ කළමනාකරණ අංශය

ජාතික විද්‍යා පදනම 0714491582

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න