මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ප්‍රධාන රාජකාරියක් වන්නේ ආහාර පරිහරණ ආයතන පරීක්ෂා කිරීම් සහ ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාදීම සඳහා ආහාර නිෂ්පාදන ලියාපදිංචියේ සිටම ක්‍රියාත්මක වන ව ක්‍රියාවලිය නියාමනය කිරීමයි. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ දී විශේෂයෙන්ම ආහාර පරිහරන ආයතන පරීක්ෂා කිරීම හා ඒ සඳහා සුදුසු හෝ නුසුදුසු බවට වන නිර්දේශ ලබාදීම ඉතා වැදගත්වේ. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්‍රථම ව්‍යාපාර නාම ලියාපදිංචියකදී ඒ සඳහා නිර්දේශ ලබාදීම වැනි කාරණා ඉතා වැදගත් වන්නේ මේ නිසාය.
මේ අනුව පසුගිය වසරක කාලය තුළ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සහ වෙළඳ බලපත්‍ර ලබා ලෙස සඳහා නිර්දේශ ලබාදීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා ලැබුණු ඉල්ලීම් ප්‍රමාණය 88763කි . ඉන් පරීක්ෂා කරන ලද ගණන 7849කි මෙම ආයතන පරික්ෂා කිරීම් වලින් අනතුරුව සුදුසු බවට වන නිර්දේශ ලබා දී ඇත්තේ සඳහා වන අතර ඒ අනුව ආහාර පරිහරණ ආයතන ලෙස පවත්වාගෙන යාම සඳහා සුදුසු තත්ත්වයේ ස්ථාන සහිත සහ නිවැරදි කිරීම් සහිතව භාවිත කළ හැකි ස්ථාන ලෙස හඳුනාගෙන ඇත්තේ පසුගිය වසර තුළ ආරම්භ කරන ලද ව්‍යාපාර වලින් හැට අටදාස් හාරසිය හතක 68407 ප්‍රමාණයක් බව සඳහන් කළ යුතුය.
මෙම ඉල්ලීම් කරන ලද නුසුදුසු ස්ථානවල පවත්වාගෙන යාමට අපේක්ෂිතව තිබූ ව්‍යාපාරයන් සඳහා නිර්දේශ ලබා නොදීමත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා ගැනීමෙන් අනතුරුව නැවත පරීක්ෂා කොට නිර්දේශ ලබාදීමටත් නියමිතය. මීට අමතරව දැනට පවතින පරිසරය තත්ත්වයන් වලට හානි කරනු ලබන හෝ පරිසර තත්ත්වයන් වලට යම් පීඩාකාරී තත්ත්වයක් ඇතිකරන කර්මාන්ත සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සක්රීයවයට දායක වෙයි.
පරිසර බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය මධ්‍යම පරිසර අධිකාරිය හා ඒකාබද්ධව පළාත් පාලන ආයතන වෙතින් සිදු කරනු ලබන නමුත් එහිදී තාක්ෂණික උපදේශකයෙතු ලෙස මෙයට එක්වන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරැන් එවැනි පරිසර බලපත්‍ර ලබා දීමේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. මේ අනුව පසුගිය වසර තුළ පරිසර බලපත්‍ර ලබා ගැනීම සදහා වන් ඉල්ලීම් 5172ක් ලැබී ඇති අතර පන්දහස් අසූවක (5080)ප්‍රමාණයක් පරික්ෂා කොට ඇත. එහිදී පරිසර තත්ත්වයන් නියාමනය කිරීමේ ක්‍රමවේදයන් වලටම අනුව බලපත්‍ර නිකුත් කරන ලද ස්ථාන සංඛ්‍යාව 4556කි .
මේ අනුව පරිසර සෞඛ්‍ය කටයුතු සහ ආහාර සෞඛ්‍ය සම්බන්ධයෙන් ව්‍යාපාරයක් ආරම්භයේ සිටම අදාළ ස්ථාන පරික්ෂා කර බලා මහජනතාවට පීඩාකාරී නොවන ආකාරයෙන් අදාළ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ගෙන් උපදෙස් ලබා ගැනීමට හැකියාව පවතී. එසේ සිදු නොවන ස්ථාන සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කිරීමේ හැකියාවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සතු වන බැවින් එකී ව්‍යාපාර සම්බන්ධව ලබාදෙන නිර්දේශය අනුව සෑම ව්‍යාපාරිකයෙක්ම අදාල ව්‍යාපාරය පවත්වාගෙන යා යුතුය. එසේ නොමැතිව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරැන් තම ව්‍යාපාර පවත්වාගෙන යාමට අවස්ථාව ලබා නොදෙන්නේ යැයි චෝදනා කිරීමට වඩා තම පවතින ව්‍යාපාර සෞඛ්‍ය සම්පන්නව මහජනතාවට පීඩාවක් නොවන ආකාරයෙන් පවත්වාගෙන යාමට හැමවිටම සෑම ව්‍යාපාරිකයෙක්ම උත්සුක වීම අත්‍යවශ්‍ය වේ. ඒ තම ව්‍යාපාරය මහජන සෞඛ්‍ය හානියක් නොවන ආකාරය පවත්වාගෙන යාමේ දැඩි අවශ්‍යතාවය නිසාමය
ඩබ් ඩී රෝෂන් කුමාර
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය