අද අපි කතා කරමු ලංකාවේ තිබෙන මේ එළවළු මිලේ මාෆියාව ගැන කවුරුත් දන්නා නොරහසක්
මෙම එළවළු බීජ සිටුවීමට පෙර සිට ඵලදාව නෙළාගන්නා තුරු වෙහෙස මහන්සි වී වැඩ කරන අතර මෙම ඵලදාව ද රැකබලා ගන්නා අසරණ ගොවියා සියලුම අභියෝගයන් වලට මුහුණ පා ඔහු ලාභය වශයෙන් ලබාගන්නේ සොච්චම් මුදලක් පමණි.මෙම එළවළු ප්‍රවාහනය කරන්නන් හට ද ලාභයෙන් කොටසක් බෙදී යයි.එපමණක්ද නොව ඇසුරුම්කරණයේදී සහ ප්රහානයේදී බොහෝ ගැටලු නිසා විශාල ප්‍රමාණයක් මෙම එළවළු අපතේ යයි.මෙසේ අපතේ යන්නේ තවත් පිරිසකගේ පරිභෝජනය සඳහා අත්‍යවශ්‍ය වන එළවළුය.මේ සියලු අසාධාරණකම් හමුවේ සුළු ලාභයක් ලබන අසරණ ගොවියා හා පාරිභෝගිකයන් විශාල පීඩාවකට පත්වන අතර මේ සියලු දේවල් හමුවේ අතරමැදි වෙළෙන්දා විශාල ලාභයක් ලබන අතර මේ සඳහා විසඳුම් ලබාදීමට පවතින ආණ්ඩු මැලිකමක් දක්වන්නේ මන්දැයි සිතේ.ලෝකයේ බොහෝ රටවල මෙවැනි දෑ පාලනය කිරීමට බොහෝ ක්‍රමවේද තිබෙන අතර ඒ සඳහා පියවර ගැනීමට මැලිකමක් දක්වන්නේ මන්ද ?
මෙම වෙළඳපොලේ එලවලු වලට පවතින අසාමාන්‍ය මිල නිසා මෙයින් පීඩාවට පත් වන්නේ අසරණ ගොවියා ත් පාරිභෝගිකයාත් වන අතර අතරමැදි වෙළෙන්දා ඔවුන් සූරා කෑමකට ලක් කරමින් සුවිශාල ලාභයක් උපයා ගනී.මෙම ක්‍රමය නිසා ගොවියා ගොවිතැන අත්හැරියහොත් ඉන් ලැබෙන ප්‍රතිඵලය කුමක් වේවිද?
එම නිසා පවතින ආණ්ඩු මේ අත්‍යවශ්‍ය කාරණයක් වන බැවින් මේ සඳහා කඩිනමින් විසඳුම් ලබාදිය යුතුය.
ඒ සඳහා මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ වලට පාලන මිලක් එකතු කළ යුතු අතර අතරමැදියන්ගෙන් තොර වෙළඳාමක් අප රටේ ස්ථාපිත කළ යුතුය.එය ක්‍රියාත්මක කිරීමේදී එයින් ලැබෙන සියලු ලාභ වරප්‍රසාද ඒ සඳහා කටයුතු කරන නිලධාරීන් හා මැති ඇමැතිවරුන් හට පත් නොවිය යුතුය.
එවිට වැඩි ලාභයක් අසරණ ගොවියා ලබාගන්නා අතර ඔහුගේ ගොවිතැන ද සාර්ථක වනු ඇත.
පාරිභෝගිකයා හටද සුවිශාල අඩු මිලකට මෙම එළවළු ලබා ගත හැකිය.
මෙම ක්‍රමවේද අනෙකුත් ව්‍යාපාර තුළද ක්‍රියාත්මක කරන්නේ කරන්නේ නම් පවතින ආණ්ඩු ගැන අවධානයද යොමු කරනු ඇත.
මේ සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට අවශ්‍ය බලධාරීන් පියවර ගනු ඇතැයි මහජනතාව අවදියෙන් බලා සිටි.
මහනුවර දිස්ත්‍රික්කයේ වාර්තාකරු
කොලින් හරිස්චන්ද්‍ර