බෙල්ල වැටේ ජවිපෙ සහ නිවන්සුව මාලිමාව – සර්පයන් කාලෙන් කාලට හැව ඇරීම උන්ට සොබාදහමින් ලැබුනු දායාදයකි. හැව අරින්නට ආසන්න වෙත්ම උන්ගේ පැහැය හා ස්වබාවයේ යම් වෙනසක් පියවි ඇසට බලා ගැනීමට හැකිය. නමුත් හැව ඇරිය පසු නැවතත් පෙර ලෙසම ඒ දීප්තියෙන්ම බබලමින් ඉන්නේ පෙර සිට විෂ ඝෝර සර්පයා මිස අනෙකෙකු නොවන බව සිහි බුද්ධිය සතු ඕනෑම කෙනෙකු දන්නා කරුණකි. විෂ ඝෝර සර්පයාට දම් පාට ඇඳුම් අන්ඳවා මාළිමා ලකූණ දරණ පෙට්ටියක අප වෙත එවූවද උන්ගේ විෂ ඝෝර ස්වභාවයෙහි බිඳකුදු වෙනසක් නොවන්නේමය.වර්තමාන මාලිමාව වටා පෙලගැසෙන මුග්ධයන්ට නොතේරෙන සත්‍යද මෙයමය. එදා 1970 සිරිමාවෝ බණ්ඩාරනායකගේ සමගි පෙරමුණු ආණ්ඩුව එතෙක් පැවති අන්ත ධනේෂ්වරපාලන ක්‍රමයෙන් බැහැරව ජනතාවාදී යැයි එකල සම්මත සමාජවාදී පාලන ක්‍රමයකට රට යොමුකරමින් තිබියදීත් සමාජවාදී දේශපාලනයක නිරත වනවා යැයි කියූ ජවිපෙ ආයුධ සන්නද්ධ කැරැල්ලකට මුල පිරුවේ අද මෙන් එදාද ඔවුනට රටේ ජනතාවට යහපත් යැයි සිතන ගමනකට වඩා කෙසේ හෝ බලය ලබා ගැනීම පමණක්ම වූ අති ධාවනකාරී මග තෝරා ගැනීම නිසාය. විසි දහසක් පමණ තරුණ ජීවිත බිල්ලට දුන් ඒ අසාර්තක උත්සාහයෙන් ජවිපෙ නොනැවතී 88/89 තවත් ලක්ෂයකට ආසන්න ජීවිත ගණනක් බිලි දුන් බව අප සැවොම දනී. තමන්ගේ මතය විවේචනය කරන,කැලෑ නීතියට අවනත නොවන අයට දැලි පිහියෙන් කටවල් කැපීමේ සිට බෙල්ල කපා වැටවල් වල ඇමිණීම දක්වා සහාසික ප්‍රතිචාර දැක්වීම දක්වාම කටයුතු කලා එකල දැනුම් තේරුම් වයසක සිටි සැමට අමතකව නැතැයි සිතමි. ලෝකයේ කවදාවත්ම සාර්තක වී නැති J.K රෝලිංග්ස්ගේ හැරී පොටර්ටත් වඩා විකාර සහගත ලියවිල්ලක් වූ කාල් මාක්ස්ගේ දස් කැපිටාල් මත පදනම්ව එංගල්ස්,ලෙනින් වැන්නන් ලියූ තවත් සුරංගනා කතා මත පදනම්ව ඊණියා සමාජවාදයක්,කොමියුනිස්ට් සමාජයක් පිලිබඳ යුතෝපියානු අදහස යතාර්තයක් බවට පත් කරන ලදී.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න