(Lawyers Cricket World Cup – 2023 ) නීතිඥවරුන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පී. සරවනමුත්තු ක්‍රිඩාංගණයේදී (28) පස්වරුවේ ආරම්භ විණි. තරගාවලියේ පළමු තරගය පී .සරවනමුත්තු ක්‍රිඩාංගණයේදී හෙට ආරම්භ වන අතර, අවසන් මහා තරගය එළඹෙන ජනවාරි මස 06 වැනිදා සිංහල ක්‍රිඩා සමාජ ක්‍රිඩාංගණයේදී පැවැත්වේ.
2008 වසරේ ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර දී නීතිඥවරුන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කර ඇති අතර, මීට පෙර අවස්ථා හතකදී ක්‍රිකට් තරගාවලිය පවත්වා තිබේ. එක් කණ්ඩායමක් සදහා නියමිත පන්දුවාර සංඛ්‍යාව 35 කි.
ඉන්දියානු A , ඉන්දියානු B, බංග්ලාදේශ A , බංග්ලාදේශ කණ්ඩායම B, පාකිස්ථානය A, පාකිස්ථානය B , පොදු රාජ්‍ය මණ්ඩලීය, එංගලන්තය, ශ්‍රී ලංකා A, ශ්‍රී ලංකා B වශයෙන් කණ්ඩායම් 10 ක් තරගාවලිය සදහා සහභාගි වෙයි.
විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ, අලි සබ්රි, නීතිපති, ජනාධිපති නීතිඥ, සංජය රාජරත්නම්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති , ජනාධිපති නීතිඥ, කෞශල්‍ය නවරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග, ලෝක නීතිඥ ක්‍රිකට් කවුන්සිලයේ සභාපති, R. Santhanakrishnan, ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් සභාපති නීතිඥ, පියල් මුණසිංහ යන මහත්වරුන් ඇතුළු තරගවදින කණ්ඩායම් නියෝජනය කරන රටවල උසස් නීති නිලධාරීන් ඇතුළු පිරිසක් සමාරම්භක උත්සව අවස්ථාවට එක් වුහ.
තරගාවලියේ සමාරම්භය සනිටුහන් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා විසින් සිදු කළ අතර, කණ්ඩායම් නායකයින් නීතිඥවරුන්ගේ ලෝක කුසලානය සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න