අවිහිංසාව පදනම් කර ගත් ආගම් අදහන අප කිසිදු අවස්ථාවක බෙදිය යුතු නැහැ – අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ නුගේගොඩ ශාන්ත ජොන් විද්‍යාලය විසින් සංවිධානය කළ 2023 JOHNIANS CAROLS නත්තල් උත්සවයට හා නත්තල වෙනුවෙන් ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පද රචනය කළ ගීත තුනක් එළි දැක්වීමේ උත්සව අවස්ථාවට එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී අද පෙරවරුවේ ( 22) එක්වෙමිනි.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අසිරිමත් උපත සමරන නත්තල් උත්සවය වෙනුවෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් සිංහල භාෂාවෙන් රචිත ගීත දෙකක් සහ ඉංග්‍රිසි භාෂාවෙන් පද රචනය කළ ගීතයක් එළි දැක්වීම 2023 JOHNIANS CAROLS නත්තල් උත්සවයට සමගාමීව සිදු විය.
ආමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පද රචනය කළ නත්තල් කුමරුන් ගීතය කාලශූරී ලතා වල්පොල මහත්මිය විසින් ගායනා කරනු ලබන අතර, ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ මහතා සංගීත අධ්‍යක්ෂණය කර තිබේ.
අචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පද රචනය කළ දුගී මගී යාචකයින් ගීතය මර්වින් පෙරේරා මහතා විසින් ගායනය කරන අතර, ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ මහතා සංගීත අධ්‍යක්ෂණය කර තිබේ.
අචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පද රචනය කළ ඉංග්‍රිසි භාෂාවෙන් රචිත නත්තල් ගීතය හර්ෂ කොස්තා මහතා විසින් ගායනා කරන අතර, නදුන් සෙව්වන්දිකා විසින් සංගීත අධ්‍යක්ෂණය කර ඇත.මෙහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
නුගේගොඩ ශාන්ත ජොන් විද්‍යාලය ලක්ෂ සංඛ්‍යාත දරුවන්ගේ නෙත් පෑදු කීර්තිමත් විදුහලක් බව අප සියලු දෙනා හොදින් දන්නවා. ශ්‍රී ලාකීකයින් වන අප අනාදිමත් කාලයක් පුරා සමරනු ලබන සංස්කෘතික මංගල්‍යයක් ලෙස නත්තල් උත්සවය හදුන්වා දිය හැකියි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශනා කළ සාමයේ පණිවිඩය ක්‍රිස්තියානි ජනතාවට පමණක් නොව මුළු ලොවටම අනුකම්පාවෙන් දේශනා කළා. ඒ නිසාම යේසුස් වහන්සේ මුළු ලෝකයටම අයිතියි. අපේ රට තුළ සමරනු ලබන අනෙකුත් ආගමික උත්සවවලට වඩා නත්තල් උත්සවය විශේෂයි. ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන ආගම් හතරම අවිහිංසාවාදය පදනම් කරමින් දේශනා කර තිබෙනවා. අවිහිංසාව පදනම් කර ගත් ආගම් අදහන අප කිසිදු අවස්ථාවක බෙදිය යුතු නැහැ. යේසුස් වහන්සේගේ උපත සමරන නත්තල් උත්සවය වෙනුවෙන් ගීත කිහිපයක් පද රචනය කරමින් දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබදව සතුටු වන බව ද අමාත්‍යතුමා සදහන් කළේය.
ශාන්ත ජොන් විද්‍යාලයීය ගුරුවරුන්, සිසුන් නත්තල් නාට්‍ය, කැරොල් ගීත ඉදිරිපත් කිරීම කළ අතර, දේවගැති දෙව්සිරි පීරිස් පියතුමා විසින් නත්තල් පණිවිඩය ඉදිරිපත් කරන ලදී.
නුගේගොඩ ශාන්ත ජොන් විද්‍යාලයේ විදුහල්පති, එස්.ඩී.එන්.ගුණරත්න මහතා විසින් පිළිගැනීමේ කථාව සිදු කළ අතර, ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ මහතා අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පද රචනය කළ නත්තල් ගීත පිළිබදව පැහැදිලි කරමින් අදහස් පළ කළේය.
2023 JOHNIANS CAROLS නත්තල් උත්සවයට සමගාමීව ශාන්ත ජොන් විද්‍යාලයීය ක්‍රිස්තියානී සංගමයේ නිලධාරීන් සදහා නිල ලාංඡන පැළදවීම ද සිදු විය.
සර්ව ආගමික නායකයින්, ප්‍රවීණ ගායන ශිල්පී අමල් පෙරේරා, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලයේ සභාපති චරිත් මාරඹේ, අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක හර්ෂ බී. අබේකෝන් යන මහත්වරුන් ඇතුළු විද්‍යාලයේ නියෝජ්‍ය හා සහකාර විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් හා ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් 2023 ජොනියන්ස් කැරොල් උත්සවය නැරඹීමට එක්ව සිටියහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න