ජාතීන් අතර පවතින අනවබෝධයට මුලික හේතුව භාෂාව නිවැරදිව තේරුම් නොගැනීමයි.
අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ගමේ, නගරයේ, වතුකරයේ සියලු දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය එක හා සමාන විය යුතුයි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ මධ්‍යම පළාතේ ජනතාවට පවතින ලේඛන සම්බන්ධ නීතිමය ගැටළු නිරාකරණය සහ අවශ්‍ය වෙනත් නීති සහන ලබාදීමේ වැඩ සටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන ජංගම සේවා වැඩ සටහනෙහි සමාරම්භක උත්සවයට අද (16) පෙරවරුවේ නුවරඑළිය නගර සභා පරිශ්‍රයේ දී එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ ද සදහන් කළේය.
උතුරු නැගෙනහිර පළාත් මුලික කර ගනිමින් අපි මේ ජංගම සේවා වැඩ සටහන් ආරම්භ කළා. උතුරු නැගෙනහිර ඇතැම් පුද්ගලයින්ට තමන් ශ්‍රී ලාංකික පුරවැසියෙක් යන්න තහවුරු කිරීමේ හැකියාව පවා තිබුණේ නැහැ. උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවට පැවති ගැටළු සදහා විසදුම් ලබාදීමෙන් පසුව අපි මධ්‍යම පළාත මුලික කර ගනිමින් මේ ජංගම වැඩ සටහන ආරම්භ කළා. මේ රටේ සියලු ජනතාවට සතුටින් ජීවත් විය හැකි වටපිටාවක් අපි ස්ථාපිත කළ යුතුයි. ජනතාවට පවතින ප්‍රශ්න විසදීමට අධිකරණ පද්ධතිය පවතිනවා. එහෙත් අධිකරණ පද්ධතිය තුළින්ම පමණක් තමන්ට පවතින ප්‍රශ්න සදහා විසදුම් ලබා ගැනීමේදී ජනතාවට විවිධ ගැටළු පවතිනවා. ඒ නිසාම සමථ මණ්ඩල ක්‍රමය ස්ථාපිත කර තිබෙනවා. සාමාන්‍ය ජනතාවට පවතින නීතිමය ගැටළු සදහා නොමිලේ නීති සහාය ලබා ගැනීමට නීති ආධාර කොමිෂන් සභාව මගින් කටයුතු කරනවා .ඒ යටතේ පසුගිය මාස දහය තුළ පමණක් නොමිලේ නීති ආධාර සහාය පුද්ගලයින් එක් ලක්ෂ හැට දහසකට ලබා දී තිබෙනවා. මේ රටේ පාලකයින් ලෙස සියලු දෙනාට එක හා සමානව සැලකීමට රජයක් ලෙස අපි බැදී සිටිනවා. මේ රටේ සියලු ජනතාවට කිසිදු භේදයක් නොමැතිව ලබා දිය යුතුයි. නගරයේ දරුවාටාත්, ගමේ දරුවාටත්, වතුකරයේ දරුවාටත් ලබා දෙන අධ්‍යාපනය එක හා සමාන විය යුතුයි. එ සදහා රජයක් ලෙස ලබන වසරේ අපි නව අධ්‍යාපන ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරනවා. ඒ තුළින් පවතින අධ්‍යාපන අසමානතා දුරු කිරීම අරමුණයි. අපේ රටේ සිංහල , දෙමළ මුස්ලිම් ජනතාව අතර පවතින අනවබෝධයට මුලික හේතුව භාෂාව නිවැරදිව තේරුම් නොගැනීමයි. එය අපි අනාගත පරපුරට උරුම කළ යුතු නැහැ. මේ රටේ සියලු ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි ජාතික සමගිය හා සංහිදියා කමිටු පිහිටුවීම ආරම්භ කළා . ඒ යටතේ මේ වන විට ග්‍රාම සේවා වසම් දොළොස් දහසක් ආවරණය වන පරිදි සංහිදියා කමිටු පිහිටුවා තිබෙනවා. එම කමිටු හරහා ගමේ සමගිය සංවර්ධනය පිළිබදව වු කටයුතු ක්‍රියාත්මක කිරීම අරමුණයි. ජනතාව අතර ඇති උගත්කම හා ආර්ථික තත්වය සම්බන්ධයෙන් වු විෂමතා දුරු කිරීම සිදු කළ යුතු බව ද අමාත්‍යතුමා සදහන් කළේය.
මධ්‍යම පළාතේ ජනතාවට පවතින ලේඛන සම්බන්ධ නීතිමය ගැටළු නිරාකරණය සහ අවශ්‍ය වෙනත් නීති සහන ලබාදීමේ වැඩ සටහන යටතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්ක මුලික කර ගනිමින් එම පලාතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 35 තුළ පසුගිය 04 වැනිදා සිට 14 වැනිදා දක්වා ජංගම සේවා වැඩ සටහන් ක්‍රියාත්මක වු අතර, ඒ යටතේ පුද්ගලයින් විසි දහසදකට වැඩි සංඛ්‍යාවක් ප්රතිලාභ ලබා ගෙන තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 07 ක් ක්‍රියාත්මක වන අතර එහි ග්‍රාම සේවා වසම් 491 ක් ක්‍රියාත්මකයි.
උප්පැන්න, විවාහ සහ මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධ ගැටලු සහ එම ලේඛන ලබා ගැනීම සම්බන්ධ ගැටළු විසදීම, ජාතික හැදුනුම්පත් ලබා ගැනීම, සංශෝධනයන් සිදු කිරීම, සහ නැති වු හැදුනුම්පත් සදහා දෙවන පිටපතක් නිකුත් කිරීමට අදාළ සේවාවන් සැපයීම, ඉඩම් සම්බන්ධ විශේෂ සමථ මණ්ඩල පිළිබදව දැනුවත් කිරීම, හානි පූර්ණයන්ට අදාළ වන්දි ලබා ගැනීම සදහා ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ගේ ගොනුවල පවතින අඩුපාඩු සම්පුර්ණ කිරීම, අතුරුදහන් වු තැනැත්තන් පිළිබද විමර්ශන පැවැත්වීම සහ එම විමර්ශනවලට අදාළ අත්‍යවශ්‍ය ලේඛණ සම්පුර්ණ කිරීම, සමථකරණය පිලිබදව දැනුවත් කිරීමේ වැඩ සටහන් පැවැත්වීම, නීති උපදෙස් ලබාදීම හා නීති සායන පැවැත්වීම මෙම ජංගම සේවාව තුළි දී සිදු විය.
මෙම ජංගම සේවය සදහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව, හානි පුර්ණය සදහා වන කාර්යාලය, අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලය, ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලය, සමථ මණඩල කොමිෂන් සභාව හා නීති ආධාර කොමිෂන් සභාව ඇතුළු රාජ්‍ය අයතන නිලධාරීන් මෙම විශේෂ ජංගම සේවාව සදහා සහභාගි විණි.
නුවරඑළිය ප්‍රධාන ජංගම සේවයට සමගාමීව ග්‍රාම නිලධාරී වසම් මුලික කර ගනිමින් ස්ථාපිත කර ඇති සහජීවන සංගම් සදහා සහතික පත්‍ර ප්රදානය කිරීම හා රාජ්‍ය භාෂා පාඨමාලාව සම්පුර්ණ කළ පිරිස් සදහා සහතික පත් ප්රදානය කිරීම ද සිදු විය.
අධිකරණ, හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( ඒකාබද්ධතා) ආර්.පී.එස්.සමන් කුමාරී, නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා බෝධිමාන්න යන මහත්ම මහත්මීන්ද මෙහිදී අදහස් පළ කළහ.
අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව වු කාර්යාලයේ සභාපති නීතිඥ මහේෂ් කටුලන්ද, ජාතික සමගිය හා ප්‍රති සන්ධානය සදහා වු කාර්යාලයේ සභාපති චරිත් මාරඹේ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ජංගම සේවා වැඩ සටහනෙහි සමාරම්භක උත්සව අවස්ථාවට සහභාගි වුහ.