දුම්‌ පරික්ෂාව වෙනුවෙන්‌ ජනතාව වියදම්‌ කරන මුදලෙන්‌ පරිසර ආරක්ෂාව වෙනුවෙන්‌ වාහන වායු චිමෝචන පරීක්ෂණ භාරකාර අරමුදලට බැරවන 10% ක මුදලින්‌ උපරිම ප්‍රයෝජනය ජනතාව වෙනම නැවත ලබා දීමට මෝටර්‌ රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වායු විමෝචන අරමුදල සිය වැඩසටහන්‌ පුළුල්‌ කරමින්‌ පවනී. මේ සදහා මහජන සහභාගින්වය ද වැඩිකිරීමට වායු විමෝචන අරමුදල මේ වන විටත්‌ ක්‍රියා කරමින්‌ ඇත.

ලොරි,බස්‌ ඇතුළු වාහන වලින්‌ අධික ලෙස පිටවන කාබන්‌ මොනොක්සයිඩ්‌,නයිට්‍රිජන්‌ ඩයොක්සයිඩ්‌, දුවිලි අංශු ඇතුළු මිනිස්‌ සිරුරට අහිතකර වායු නිසා පාසල්‌ සිසුන්‌ ඇතුළු මහජනතාවට පිළිකා රෝග, ස්වසන ආබාධ ඇතුළු විවිධ රෝගාබාධ ඇතිවන බව සෞඛා්‍ය අංශ නිරන්තරයෙන්‌ සඳහන්‌ කරයි.

මෙරට මාර්ගවල දිනපනා වාහන ලක්ෂ 70 ක්‌ පමණ ධාවනය වන අතර,කොළඹ නගරයේ පමණක්‌ දෛනිකව ධාවනය වන වාහන සංඛ්‍යාව මිලියනයක්‌ පමණ බවට ගණන්‌ බලා ඇත.මෙම සමස්න වාහන අතරින්‌ සියයට 30% ක්‌ පමණ කලු දුමාරය පිටකරන බවට අනාවරණය වේ.

මෙලෙස මහජනතාව රෝගී නන්වයන්ට පන්කරමින්‌ වාහන වලින්‌ අධික ලෙස කලු දුමාරය පිටවීම අවම කිරීම සඳහාන්‌,එම වාහන වලට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමටත්‌ වායු විමෝචන අරමුදල විසින්‌ නව වැඩපිළිවෙලක්‌ හඳුන්වාදීමට කටයුතු යොදා කිබේ.

ඒ අනුව,අධික ලෙස කලු දුමාරය පිටකරන ලොරි,බස්‌ රථ ඇතුළු වාහන සම්බන්ධයෙන්‌ වායු විමෝචන අරමුදලේ 070-3500525 යන වට්ස්‌ ඇප්‌ අංකයට ඕනෑම අයෙකුට පැමිණිලි ඉදිරිපන්‌ කල හැකිය.

මාර්ගයේ කලු දුමාරය පිටකරන වාහනයේ ඡායාරූපයක්‌,වාහනය ගමන්‌ කරමින්‌ පැවැති ස්ථානයද සහිතව ඉහත වට්ස්‌ ඇප්‌ අංකයට හෝ වෙබ්‌ අඩවියට යොමු කිරීමෙන්‌ එම වාහන හිමියන්ට විරුද්ධව පියවර ගැනීමට වායු විමෝවන අරමුදල කටයුතු කරනු ලබයි.

කලු දුමාරය අධික ලෙස පිටකරන වාහන සම්බන්ධයෙන්‌ වායු විමෝචන අරමුදලේ නියාමන ඒකකය විසින්‌ නියාමනය කිරීමට නියමිතය.මෙගිදී, පැමිණිලි සහිත වාහන වල අනන්‍යතාවය නහවුරු කරගැනීමෙන්‌ පසු අදාල වාහන හිමිකරුවන්ට එම වාහන පිළිසකර කිරීමට මාසයක සහන කාලයක්‌ ලබාදේ.

එම කාලය තුලදී සිය වාහනයෙන්‌ චිෂ දුමාරය පිටවීම අවම කිරීමට වාහන ගිමියා නිසියාකාරව කටයුතු ‘නොකරන්නේ නම්‌,අදාල වාහනයේ ආදායම්‌ බලපත්‍රය අසාදු ලේඛනගන කිරීමට කටයුතු කෙරේ.එලෙස අසාදු ලේඛන ගනචුවහොන්‌ එම වාහනය නවන්‌ අයෙකුට චිකිණීම හෝ පැවරීමටද නොහැකිය.

මිට අමතරව දිස්ත්‍රික්‌ මට්ටමින්‌ විසිරි පවනින පරිසර නිලධාරීන්‌ සමග එක්ව අධික දුම්‌ පිටකරන වාහන චැටලීම්‌ ක්‍රියාන්මක කරන්නට වායු විමෝචන අරමුදල කටයුතු කරමින්‌ නිබේ. දැනට පළාත්‌ 07 ක්‌ ආචරණය වන ලෙස සිදුකරන වැඩසටහන ඉදිරියේදී උතුරු හා උතුරු මැද ද ආචරණය කිරීමට නියමිනය.

දිවයින පුරා වායු විමෝචන මධ්‍යස්ථාන 460 ක්‌ ස්ථාපිත කර නිබෙන අනර,වායු විමෝචන පරීක්ෂණ ජංගම රථ 70 ක්ද ක්‍රියාන්මක වේ.මෙම මධාංස්ථාන හෝ ජංගම රථවලින්‌ සේවාවන්‌ නිසියාකාරව සිදු නොවන්නේ නම්‌ හෝ ඔබට සිදුවන ඕනෑම අපහසුතාවයක්‌ සම්බන්ධයෙන්ද වායු විමෝචන අරමුදලේ ඉහන වටිස්‌ ඇප්‌ අංකයට හෝ 0112669915 අංකයට පැමිණිලි ඉදිරිපන්‌ කිරීමට හැකිය.

මෙම මධ්‍යස්ථාන වල ක්‍රියාකාරින්වය සම්බන්ධයෙන්‌ මෝටර්‌ රථ ප්‍රවාහන කොමසාරිස්‌ ජනරාල්වරයා ලේ උපදෙස්‌ පරිදි නිරන්නරයෙන්‌ වායු විමෝචන අරමුදලේ නියෝජිතයින්‌ චිසින්‌ පරීක්ෂා කිරීමටද කටයුතු යොදා ඇත.

දුම්‌ පරික්ෂාව වෙනුවෙන්‌ ජනනාව චියදම්‌ කරන මුදලෙන්‌ 10% ක්‌ පරිසර ආරක්ෂාව වෙනුවෙන්‌ වෙන්‌ කරන අනර එම මුදලින්‌ උපරිම ප්‍රයෝජනය ජනතාව වෙනම නැවන ලබා දීම සඳහා ලංකාවම ආවරණය වන පරිදි සංසරණ වායු තන්වය මැනීමේ ජාතික පද්ධතිය සකස්‌ කිරීම සදහා පරිසර අමාන්‍යාශය, ජානික ගොඩනැගිලි පරියේෂණ ආයනනය හා මධ්‍යම පරිසර අධිකාරිය සමග වායු විමෝචන අරමුදල ගිවිසුම්‌ ගතව ඇත. ඒ යටතේ අදාල පද්ධනියක්‌ ක්‍රියාන්මක කිරීමට අවශ්‍ය පිරිවැයද මෙම අරමුදලින්‌ දරනු ලැබේ. නවද පාරිසරික චටිනාකම පිළිබදව උනන්දුවන ආයනන සමග එක්ව සංසරණ චාතයේ ගුණාන්මක බව, සෞඛා අවදානම, රථවාහන කළමනාකරණය ආදී ක්ෂේත්‍රයන්‌ සම්බන්ධ පර්යේෂණාන්මක අධා්‍යනයන්‌ සිදු කිරීම සඳහා දායකන්චයන්‌ ලබා දීමද වායු විමෝචන අරමුදල මගින්‌ සිදුකර ඇන. නවද පාසල්‌ සිසුන්‌, ගුරු විද්‍යා පිඨ සිසුන්‌, කාර්මික විද්‍යාල සිසුන්‌, රාජ්‍ය නිලධාරීන්‌ මෙන්ම පොලිස්‌ නිලධාරීන්ද ද ඉලක්ක කර ගනිමින්‌ දැනුවන්‌ කිරීම්‌ මාසිකව සිදු කරන අතර පාසල්‌ සිසුන්‌ සඳහා නිරසර හුස්ම නමින්‌ සී.ඩී පටයක්‌ දිවයින පුරා පාසල්‌ වෙන මේ වචන විටන්‌ යෙමු කර ඇන.

දුම්‌ පරික්ෂාව වෙනුවෙන්‌ ජනතාව චියදම්‌ කරන මුදලෙන්‌ පරිසර ආරක්ෂාව වෙනුවෙන්‌ වෙන්‌ කරන 10% ක මුදලේ උපරිම ඵල ජනතාව වෙනම නැවත ලබා දීම අරමුණු කර ගනිමින්‌ වායු විමෝවන අරමුදල මෙම වැඩසටහන්‌ වඩ වඩාන්‌ සක්‍රියව ක්‍රියාන්මක කරනු ලබයි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න