අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය හා ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වු කාර්යාලය ජාත්‍යන්තර සාම දිනයට සමගාමී සංවිධානය කළ ජාත්‍යන්තර සාම දින උත්සවය ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චංග් මහත්මියගේ සහභාගිත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී අද (22 ) පෙරවරුවේ පැවැත්විණි.
ජාත්‍යන්තර සාම දිනය සමරමින් ජාතික සමගිය පිළිබඹු වන ආකාරයේ විවිධ වැඩ සටහන් සංවිධානය කර තිබු අතර, අධිකරණ අමාත්‍යතුමාගේ සහ ජාතික සමගිය හා සංහිදියාව පිළිබද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් සංවාද මණ්ඩපයක් සංවිධානය කර තිබු අතර, සංහිදියාව පිළිබදව ජනතාවට පවතින ගැටළු ඉදිරිපත් කිරීමේ අවස්ථාව එහිදී ලබා දී තිබුණි.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි චංග්, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රති සංස්කරණ අමාත්‍යාශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මීන් මෙහිදී අදහස් පළ කළ අතර, මහා සංඝ රත්නය ඇතුළු සර්ව ආගමික නායකයින්, ජාතික සමගිය හා සංහිදියාව පිළිබද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( ඒකාබද්ධතා) ආර්.පී.එස්.සමන් කුමාරී, ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වු කාර්යාලයේ සභාපති ජේ.ජේ.රත්නසිරි, එහි අධ්‍යක්ෂ දීප්ති ළමා හේවා මහත්වරුන්, ග්‍රාමීය සංහිදියා කමිටු සාමාජිකයින් ජාත්‍යන්තර සාම දින උත්සවය සදහා එක්ව සිටියහ.
ජාත්‍යන්තර සාම දිනයට සමගාමීව ගැටුම් වැළැක්වීම සහ නිරාකරණයට අවශ්‍ය පසුබිම සකස් කර ප්‍රජාව බල ගැන්වීම අරමුණු කර ගනිමින් සිවිල් සංවිධාන සහ විෂය ප්‍රවීණයන් පොදු ජනතාව සම්බන්ධ කරගත් සංවාද මණ්ඩප, ජාත්‍යන්තර සාම දින උත්සව පරිශ්‍රයේ තබා ඇති පුවරුවක ජාතික සමගිය පිළිබදව අදහස් සටහන් කිරීමේ සමරු පවුර, කලාව තුළින් සංහිදියාව විදහා දක්වන සිත්තම් පවුර වැඩ සටහන, සංහිදියාව පිළිඹිබු වන ආකාරයට පාසල් විශ්ව විද්‍යාල හා විවෘත අයුරින් සේයාරූ, සිතුවම්,කවි නිර්මාණ තරග, චිත්‍රපට ප්‍රදර්ශන හා සංවාද, මෙරට හදුනාගත් විවිධ ජන වර්ග 21 ක් සහ ඔවුන්ට ආවේණික සංස්කෘතික විචිත්‍රත්වය භාෂා රටා ආගමික වටිනාකම් ආහාර සහ ආවේණික ඇදුම් ප්‍රදර්ශනය කෙරෙන කුටි 21 ක් එකම ස්ථානයක දැක ගැනීමට අවස්ථාව ද සංවිධානය කර තිබිණි..
ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වු කාර්යාලය විසින් විශ්ව විද්‍යාල හා පාසල් සිසුන් අතර ජාතික මට්ටමින් පැවැත්වු චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින් සදහා ත්‍යාග සහ සහතික ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න