ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ මූලිකත්වයෙන්‌ සාම්ප්‍රදායික කර්මාන්නවල නිෂ්පාදන යොදා ගනිමින්‌ “Ceylon Heritage Festival Fashion Show” නමින්‌ ප්‍රදර්ශනයක්‌ සැප්තැම්බර්‌ 27 දින ගාලුමුවදොර හභොටලයේදී පැවැත්වීමට කටයුතු සුදානම්‌ කර ඇත.

ඒ සම්බන්ධයෙන්‌ මාධ්‍ය දැනුවත්‌ කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක්‌ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්‌ ජේ.එම්‌. නිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානන්වයෙන්‌ අද (22) රජයේ ප්‍රචෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ බස්නාහිර පළාත්‌ අධ්‍යක්ෂ ශ්‍රීමාල්‌ ජයනිලක යන මහන්චරුන්‌ සහ ප්‍රවීණ මොස්තර නිර්මාණ ශිල්පිණී සරීටා රාජෙන්ද්‍රන්‌ මහත්මියද සහභාගී විය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න