2 වන කොටස
රාජ්‍ය ව්‍යාපාර එහෙම නැත්නම් පරිපාලනය කියන්නේ රජය නමැති අයිතිකරුවා වෙනුවෙන් බඳවාගත් රාජ්‍ය නිලධාරින් කළමනාකරුවන්, සේවකයින් මෙහෙයවනු ලබන ආයතන තමයි රාජ්‍ය ආයතන.
එහෙම නැත්නම් රාජ්‍ය ව්‍යවසායකත්වය.
එහි න්‍යාය ආකෘතිය, සංකල්පය පිළිබඳව අපි තවදුරටත් කතා කරමු.
රජය අයිතිකරුවා වශයෙන් සිටින අතරම යම් යම් නියාමන පරිපාලනමය හා පසුවිපරම් ක්‍රියාවලි මගින් රාජ්‍ය ව්‍යවසායන්හි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් රජය මැදිහත් වෙනවා.
බලයේ ඉන්න ආණ්ඩුවක් තම ප්‍රතිපත්තිවලට අනුව රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය සම්බන්ධව විධිමත් ක්‍රියාකාරී න්‍යාය පත්‍රයක් වසර 75ක් පුරා ව්‍යවසාථාදායකය සතු වුණාද?
රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් වන විට රාජ්‍ය ව්‍යවසායන්හි ඒවායේ බලපෑමක් ඇති වෙනවා.
නමුත් රාජ්‍ය ප්‍රතිපත්තිවල කිසිම වෙනසක් නැතිව රාජ්‍ය සේවකයා අපරාධකරුවන්ට හොර පාස්පොට් හදන එහෙම නැත්නම් ප්‍රචන්ඩත්වය වර්ධනය කරන සංයුතියක් බවට තල්ලු වෙලා කිව්වොත් ඔබ පිළිගන්නවාද?
ලෝකයේ රාජ්‍ය ආයතන කාබාසිනියා වෙලා ගිහිල්ල තියෙනව නම් ඒ බොහෝ විට රාජ්‍ය ආයතනවල අධ්‍යාපනය මනාව ඉටු කරගත් රාජ්‍ය නිලධාරින් මගින් කිව්වොත් වඩාත් නිවැරදියි.
සිංගප්පූරුව වැනි රටක රාජ්‍ය ආයතන ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා.
බටහිර වුණත් එහෙමයි.
රාජ්‍ය ආයතනවල කළමනාකරණය පැහැදිලිව ස්වාධීන නැහැ.
වාණිජමය කටයුතු ආයතනයට සකස් කරගැනීමේ ව්‍යුහයක් සකස් කරලත් රාජ්‍ය ප්‍රතිපත්තිවල නැති තරම්.
විනය පද්ධතිය ආයතනයට සකස් කර ගන්න අවකාශ නැති තරම්.
රාජ්‍ය යාන්ත්‍රණය ඇතුලේ තියෙන රෙගුලාසිවලින් නම් නමට පමණක් කොටුවෙලා තියෙන බව වඩාත් නිවැරදියි.
රජයේ යම් අමාත්‍යංශයක් යටතේ වර්ගිකරණයට ලක් වන නිසා අමාත්‍යවරයකුගේ මැදිහත්වීම බොහෝ විට දකින්නට ලැබෙනවා.
දේශපාලන නියෝජිතයන් රාජ්‍ය ආයතනවල සභාපති අධ්‍යක්ෂක, අධ්‍යක්ෂක ජනරාල්වරුන් කළමනාකරුණ සේවකයින් සියලු පාර්ශ්වයන් හැසිරීම ඍජු ලෙසත් වක්‍ර ලෙසත් රජයක ඉච්ඡා භංගත්වයට නැතිනම් වැටීමට හෝ නැගීමට බලපානවා.
ඒ නිසා රජයේ නිලධාරින්ගේ හැසිරීම එකිනෙකාගේ අරමුණුවලට බලපෑම් ඇති කරන සුළුයි.
ඒ පිළිබඳව මනා විග්‍රහයක් කරුනු ලබන න්‍යායාත්මක සංකල්පමය ආකෘතියක් පැහැදිලි සංයුතියක් ශ්‍රී ලංකා රජය සතුව නැති බව පැහැදිලි කරුණක්.
ඒ බව සනාථ වෙන කරුණු අප්‍රමාණව තියෙනවා.
පැහැදිලිවම ඒ සම්බන්ධව කියනව නම් විනය කාර්ය කළමනාකරණය බොහෝ වෙලාවට ආයතන සංග්‍රහය රාජ්‍ය මූලධර්මවල පැහැදිලිවම තිබෙනවා.
විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පරික්ෂණ විනිශ්චය සභාවනුත් ක්‍රියාත්මක වෙනවා.
ඒ සම්බන්ධව ආයතන සංග්‍රහයේ පැහැදිලිව කරුණු ඇතුළත් වෙලත් තියෙනවා.
නමුත් විධිමත් විනය පරීක්ෂණයක් පවත්වා රාජ්‍ය නිලධාරින් යම් දුරකට සංයුක්ත කර තිබෙනවා නම් බොහෝ වෙලාවට මේ රටේ රාජ්‍ය ආයතනවලින් සුවිශාල මූල්‍ය විනාශයන් වෙන්න පුළුවන්ද?
පරීක්ෂණ විනිශ්චය සභාවක ඇති වැදගත්කම හා විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය තවදුරටත් සාකච්ඡාවට බඳුන් වී ඒ පිළිබඳව පුළුල් න්‍යාය පත්‍රයක් රජය සකස් කළ යුතු වෙනවා.
නමුත් ලංකාවේ ඒ තත්ත්වය බොහෝ වෙලාවට මගහැරිලා සිදුවන්නේ ඊට හාත්පසින් වෙනස් දේවල්.
පසුගියදා එක්සත් ජාතික පක්ෂය 2022 නැත්නම් 2023 මැයි දින රැළියේදී කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් කම්කරු නීති රෙජිමය ප්‍රතිසංස්කරණය කිරීමේ කරුණු 11කින් යුතු න්‍යාය පත්‍රයක් මේ වන විට ඉදිරිපත් කරලා කෙටුම්පනතක් වශයෙනුත් ගොනුවෙලා යනවා.
බලතුළනය තවදුරටත් සේවා යෝජකයන්ට වාසිදායක ලෙස නැඹුරු කිරිම තමයි වර්තමාන කම්කරු ඇමැතිවරයාගේ ඉලක්කය.
නානායක්කාරගේ යෝජනාවලින් මෙතෙක් ස්ථිරව ඉදිරිපත් කළ ඒවා ධනාත්මකව බලන කල අවිනිශ්චිත හා නොසැලකිය යුතු දල සටහනුත් ඒ පනතේ තියෙනවා.
එසේ නැතහොත් අංශයේ වැඩ කරන ජනතාවගේ සාමුහික ශක්තිය දුබල කිරීමට හිතාමතා ගන්නා ලද පියවරයන් රැසක් ද නව කම්කරු නීති යටතේ මතු වී පෙනෙනවා.
ලංකාවට තිබෙන පෞරාණික කම්කරු නීති ආයෝජකයින් ඉවතට හරවන කම්කරු නීතියක් යනුවෙන් නානායක්කාර ඇමතිවරයා ඉදිරිපත් කර තිබුණු මූලික අදහස් අනුව පැහැදිලි අවංකත්වයක් ඒ තුළ නැති බව පේනවා.
නමුත් අප්‍රමාණ නාස්තියක් වන රාජ්‍ය නිලධාරින්ගේ විනාශයන් පිළිබඳව ඒවා මැඩපත්වන්න ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි න්‍යාය පත්‍රයක් සකස් කිරීමට පසුගිය අවුරුදු 75 පුරාම රජයන් හා වර්තමාන රජය උකටලී වී තිබෙන බව පේනවා.
කොහොම හරි පැහැදිලිවම රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාවය දිගින් දිගටම දිගු වෙමින් තිබෙනවා.
ඒ ගැන හොඳ අවබෝධයකින් රජය කටයුතු කරන බවක් ද පේන්න නැහැ.
රාජ්‍ය සේවයේ වගවීම සහ බලතල ක්‍රියාත්මක වීමේදී දූෂිත රාජ්‍ය සේවයක් ඉස්මතු වෙමින් තිබෙනවා.
බලතල අයුතු විදියට පාවිච්චි වෙමින් තියෙනවා.
වගකීමත් වගවීමත් කළ යුතු රාජ්‍ය සේවක නිලධාරියා බොහෝ වෙලාවට සිය වගකීම ඉවත දමා හැසිරෙන නිලධාරි සමාජයක් පෙන්නනවා.
අවසානයේ දකින්න ලැබෙන්නේ අන්ත දූෂිත පරිපාලන රටාවක් පමණයි.
රජයේ සේවා හා රජයේ සැපයුම් ආයතන එකම රාමුවකට කොටුකර තියෙනවා.
ඒ අතරේ යම් සුබසාධනයක් තිබෙනවා නම් ඒ සඳහා ද අවශ්‍ය පියවර අරගෙන විදිමත්ව ක්‍රියාත්මක කරන්න පුළුවන් රාජ්‍ය සේවයේ වගවීම හා බලතල ආයතන මට්ටමින් විමධ්‍යගත කර ආයතනයට බරක් නොවන සේවාවක් සපයන්නත් දූෂණය නැති කරන්නත් පුළුවන් කියන මතයත් ඇතැම් රාජ්‍ය නිලධාරින්ගෙන් මතුවෙනවා. ඒවා හුදෙක් ප්‍රවාද පමණයි.
රාජ්‍ය සේවකයන් නිවසේ තබා රාජකාරි කිරීමේ කාර්යයක් කෙරෙහි රජයේ අවධානයත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් පසුගිය කාලයේදී අවධානය යොමු වුණා.
ඒක සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන්.
රාජ්‍ය සේවකයන් ඉන්නේ මහජන සේවාවන් ඉටු කිරීම සඳහායි.
මහජනතාව එන විට ඔවුන් සේවයේ නැත්නම් එතන සේවාවක් ලබාදෙන්න හැකියාවක් නැහැ.
ඒක ජනතාවට කරන බලවත් අසාධාරණයක්.
මේ බලවත් අසාධාරණයට එරෙහිව විධිමත් විනය ක්‍රියාදාමයකට යන්න රාජ්‍ය ආයතන ප්‍රධානීන් අසමත් වෙලා තියෙනවා.
ලක්ෂ 15කට වැටුප් ගෙවනවා රාජ්‍ය නිලධාරින් වෙනුවෙන්.
ඒ සමස්ත බදු ගෙවන ජනතාවගේ දුක මහන්සිය ලේ දහඩියවලින් ලැබෙන බදු ආදායම තුළින්.
මාසයකට දවස් 26ක් 27ක් වැඩ රාජ්‍ය සේවකයන් දින 20ක් පමණ වැඩ කරලත් ඒ දින 4ත් 5ත් දක්වා අඩු කර ගැනීමට ක්‍රියා කිරීම ගැටලු සහගත තත්ත්වයක්.
දින 20 ක් වැඩ කරන්නත් තවත් පිරිසක් දින 20ට පුරප්පාඩු සඳහා ක්‍රියා කරන්න මැදිහත් නොවන පරිසරයක් බොහෝ වෙලාවට දකින්නට ලැබෙනවා.
මේ තත්ත්වය තවදුරටත් විධිමත් නෛතික ක්‍රියාදාමයක් සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් මැදිහත් වෙනවා වෙනුවට කම්කරුවන් පහළ ස්ථරයේ රාජ්‍ය සේවකයන් වන කම්කරුවා පහළ සේවකයා කොටුකරගන්න කම්කරු නීති ප්‍රතිසංස්කරණය සඳහා සැලසුම් දියත් වෙමින් තිබෙනවා.
ශ්‍රම බලකාය බෙදීම් කරණය කිරීම විධිමත් කොන්ත්‍රාත් ශ්‍රමය බාහිරින් ලබාදීම හා අනියම්කරණය කිරීම සඳහා වෙනත් බල රහිත කිරීමේ ක්‍රියාමාර්ග තමයි ඒ කම්කරු නීතිවල අන්තර්ගතය.
කම්කරු අයිතීන් හෑල්ලුවට ලක් කරන කරුණු 11කින් සමන්විත ආරම්භක ක්‍රියාමාර්ගය මේ වන විට තවදුරටත් පුළුල් වෙලා තියෙනවා.
කොවිඩ් අර්බුදය තුළ කම්කරුවන් දැඩි ලෙස පීඩාවට පත් වූ ආකාරය අප කවුරුත් දන්නා කරුණක්.
ඔවුන්ගේ රැකියා අහිමි වීම, අතරමං වූ අනාරක්ෂිත වටපිටාවක් රට තුළ ඇතිවීම නිසා මේ තත්ත්වය දිගු වුණා.
ආයෝජකයින්ට පක්ෂ පෞරාණික නැත්නම් පැරණි නීතිවලින් අදහස් කරන්නේ රජය එක් දෙයක් පමණයි.
ආරක්ෂිත සේවා ස්ථානයක් සඳහා සේවකයාට තියෙන අයිතිය හා වැදගත් ලෙස රැකියා සුරක්ෂිත භාවයට ඇති හිමිකම බිඳ දැමීම තමයි වර්තමාන කම්කරු ඇමැතිවරයාගේ අරමුණ.
මේ ප්‍රතිසංස්කරණවලින් අදහස් කෙරෙන්නේ මේ වන විටත් ආරක්ෂාව අඩු කරල රැකියා සුරක්ෂිත භාවයත් අවධිමත් භාවයකට ලක් කරන්න පුළුවන්.
මේ තුළින් ශ්‍රමය විශාල ලෙස සූරාකෑමට අයෝජකයින්ට අවස්ථාව සහ පසුබිම සැකසීම මේ පනත තුළ රජය බලාපොරොත්තු වෙනවා.
සාමුහික ශක්තිය විශාල ලෙස ඛාදනය කරන්න තමයි කම්කරුවාගේ සාමුහික ශක්තිය විශාල ලෙස ඛාදනය කරන්න තමයි කම්කරු ඇමැතිවරයාගේ ප්‍රතිසංස්කරණවල ඉලක්කය.
ඇත්ත වශයෙන්ම සාමුහික ශක්තියක් නැති තැන රට නන්නත්තාර වෙන්න තියෙන ඉඩකඩත් වැඩියි.
කම්කරු නීති හෑල්ලුවට ලක් කරමින් රජය බලාපොරොත්තු වන්නේ ආයෝජකයින් ආකර්ෂණය කර ආර්ථිකය නැංවීම වෙන්න පුළුවන්.
ඒ අනාගත ආයෝජකයින් වෙනුවෙන් කරන ලද මාර්ග සංදර්ශනයකුත් වෙන්න පුළුවන්.
කනගාටුදායක ලෙස පාලන තන්ත්‍රය ආර්ථිකය යථාතත්ත්වයට යනවාට වඩා ඛේදනීය තත්ත්වයක් රට තුළ උද්ගත වෙන්න පුළුවන්.
වර්ථමාන ආර්ථික අර්බුදයට හේතුව කම්කරු නීති නොවේ.
ප්‍රතිසංස්කරණය කිරිමට අවශ්‍ය විසඳුම් නෙමෙයි කියලයි අපට හිතෙන්නේ.
ආර්ථිකය අඛණ්ඩව කඩාවැටීමේ තත්ත්වයක පවතින්නේ දුෂ්කරතා හා වංචා සහගත ප්‍රතිපත්ති නිසා පාදඩ දේශපාලනය සංවර්ධනය කිරීමට මාවත් සැකසීම සඳහා ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින්ගේ මැදිහත්වීම මනාව සිදුවුණ නිසයි කිව්වොත් වඩාත් නිවැරදියි.
මෙහෙම තත්ත්වයක් තිබියදී තවදුරටත් ලංකාවේ රාජ්‍ය සේවය ඉතාම කනගාටුදායක තත්ත්වයකින් දිගුවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
කොහොම හරි පොදුවේ ගත් කළ 1972 ඉඳන් 1978 ව්‍යවස්ථාව මගිනුත් රාජ්‍ය සේවය දේශපාලනය කරන කොට විද්වත් එහෙම නැත්නම් පරිපාලන සේවා සංගමය දැඩි නිහඬතාවයක හිඳීම නැත්නම් පිටකොන්දක් නැති රාජ්‍ය සේවකයන්ගේ නිහඬතාවය මේ තත්ත්වය වැඩිදුරටත් දිගු වුණා කියල කියන්න පුළුවන්.
රාජ්‍ය සේවය ස්වාධීන වෙන්න ඕන.
ගුරුවරුන්ට ග්‍රාම නිලධාරින්ට වැනි ඇතැම් වෘත්තීන්වලට ඍජුවම දේශපාලනය කිරීමේ අයිතිය ලබාදීල තියෙනවා.
ඔවුන් බොහෝ වෙලාවට ග්‍රාමීය නාගරික වශයෙන් දේශපාලනය කරනවා.
රාජ්‍ය සේවය අකර්මණ්‍ය වෙලා තියෙන්නේ ඒ සඳහා නිසි ක්‍රමවේදයක් නිසි ප්‍රතිපත්තියක් නැති කම කියල බොහෝ විට විද්වතුන්ගේ සාකච්ඡාවට බඳුන්වෙන කරුණක්.
විනය මුල් කරගෙන නිසි සේවා පද්ධතියක් ස්ථාපිත නොවීමත් ප්‍රධාන සාධකයක්.
හොඳ විනයක් තියෙනවා නම් ඒ සඳහා ලොකු කුඩා කවුරුත් ඊට අනුගත වෙනවා නම් තත්ත්වය යහපත් වෙන්න පුළුවන්.
විනයක් නැති තැනක කිසිසේත්ම සේවයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
රාජ්‍ය සේවය රටට කොහොම හරි මේ වන විට බරක් වෙලා අවසන්.
නිසි කළමනාකරණයක් නොවීම නිසා මේ තත්ත්වය ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළින් ඉස්මතු කරන අවස්ථා තියෙනවා.
ලිපිලේඛන එහාට මෙහාට ගමන් කරමින් සිටින්නේ අසුන් ගැනීමට ඇතැම් විට අසුනක් පවා නොමැති වෙන්නත් පුළුවන්.
කොහොම හරි රාජ්‍ය සේවය තවදුරටත් යහපත් කිරීමට නම් හොඳ විනය ගරුක බහුතරයක් රට තුළ ඒ සඳහා ආයතන සංග්‍රහය තවදුරටත් පුළුල් හා දිගු විය යුතු තත්ත්වයකට යා යුතු වෙනවා.
රාජ්‍ය දෙපාර්තමේන්තුවල හා රාජ්‍ය ආයතනවල සේවකයින් සේවයෙන් පහ කිරිමට පෙර විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමේ ප්‍රභල සාධකයක් ලෙස පිළිගෙන තියෙනවා.
නමුත් සාප්පු හා සේවක පනත යටතේ විනයානුකූල කටයුතු කළයුතු අවස්ථාවක සේවකයකු සේවයෙන් පහ කිරීමට පෙර විධිමත් විනය පරීක්ෂණයක් කළ යුතුයි යනුවෙන් නියමයක් විනය කාර්ය පටිපාටිය පිළිබඳව විධිවිධාන ඇතුළත් ආයතන සංග්‍රහය 2 වන කොටසේ හෝ වෙනත් නීතියක නිශ්චිතව පැහැදිලිව ඍජුව සඳහන් කරල නැහැ.
ඒ වගේම කෝප් කමිටුවල දී බොහෝ වෙලාවට රාජ්‍ය ආයතනවල මුදල් අවභාවිතාව නාස්තිය, භෞතික සම්පත් විනාශ කිරීම පිළිබඳව සඳහන් වෙනවා.
ආයතන සංග්‍රහයක් තියෙද්දී විනය පරීක්ෂණ මණ්ඩල තිබියදී රාජ්‍ය සේවයේ බහුතරයක් රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ සිට කුඩා කණ්ඩායම් දක්වා ඒ ආයතනයේ දූෂිත බව කෝප් කමිටුවලදී බොහෝ විට එළි වෙනවා.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(5) ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි වරදකරුයැයි ඔප්පු කරනු ලබන තෙක් සෑම තැනැත්තෙක්ම නිර්දෝශී යැයි පූර්වානුමාන කළ යුත්තේ යැයි යනුවෙන් මූලික අයිතිවාසිකමක් දක්නට තියෙනවා.
මේ තත්ත්වය එක්තරා විදියකට රාජ්‍ය සේවකයින්ට ගේම් ගහගන්න ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට අවකාශයක් ලබාදෙන ඉඩකඩ වැඩියි.
මොකද බොහෝ වේලාවට රාජ්‍ය සේවකයා වරදක් කරන්නේ නම් ඔහුට එම ආයතනය සමග තිබෙන සියලුම සබඳතා ඉවත් කිරීමේ ප්‍රඥප්තියක් ගොනු වෙන්න අවශ්‍යයි.
එහෙම නැත්නම් තත්ත්වය ඉතාමත් භයානක වෙලා තියෙන්නේ ඒ නිසා වෙන්න පුළුවන්.
මූලික මිනිස් අයිතිවාසිකම් කොහොම වෙතත් සමස්ත රටටම රාජ්‍ය ආයතනවල ක්‍රීඩාව පොදු ජනතාව බදු මුදල්වලින් 500%කින් වැඩි කර අය කරගන්නා විෂමාචාර ප්‍රතිපත්තියක් රජය මේ වන විට දියත් කරලා තියෙනවා.
බොහෝ විට රජයේ නිලධාරින්ගේ විෂමාචාර ක්‍රියාවන් හෝ ප්‍රමාදදෝෂයන් හෝ සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ නීතියන්ට අනුකූලව හැකිතාක් ඉක්මනින් විනය බලධරයන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා අදාළ අනෙකුත් ආයතන ප්‍රධානීන් විසින් ක්‍රියාත්මක විය යුතු අවස්ථාවලදී ක්‍රියාත්මක නොවීම බරපතල ලෙස මේ රට අගාධයට ගෙන යන්නක්.
මේ පිළිබඳව අපි තවදුරටත් සාකච්ඡා කරමු.
ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු