ලංකාවේ පාර්ලිමේන්තු කාරක සභාවල කාර්ය භාරය එහෙම නැත්නම් කෝප් කමිටුව ක්‍රියාත්මක වීම සම්බන්ධව ඔබ මේ වන විට දන්නවා.
නමුත් ඒ පිළිබඳව හිස් බවකුත් තියෙනවා.
ඒ හිස් බව වෙනස් වෙනවා පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා එහෙම නැත්නම් නිලතල පිළිබඳව ඒ පිළිබඳ ගැටලු‍ අරඹයා උද්ගත වන අවස්ථාවලදී පත්වන විශේෂ කාරක සභාවල හිමිකාරකත්වය, නෛතිකත්වයත් වෙනත් කාරක සභා කෝප් කමිටුවල ක්‍රියාකාරිත්වය හා නමට පමණක් ඒ කාරක සභා ක්‍රියාත්මක වීම පිළිබඳව ජනතාව ප්‍රශ්න කළ යුතු බුද්ධිමතුන් ක්‍රියා කළ යුතු අවස්ථාවක අප ඉන්නේ.
සිය නිර්දේශ අදාළ රාජ්‍ය ආයතන විසින් ක්‍රියාත්මක නොකරන තත්ත්වයක් පාර්ලිමේන්තුවේ කාරක සභා ආංශික අධික්ෂණ කාරක සභා සහ උපදේශක කාරක සභා නමට පමණක් ක්‍රියාත්මක වන තත්ත්වයත් මේ වන විට සමාජය තුළ කතා බහට ලක්වෙමින් තිබෙනවා.
නමුත් ඒ කාරක සභාවල හැසිරිම භාවිතය පිළිබඳ මනා ජනතාවට අවබෝධයක් නැති බව ඔවුන්ගේ කාර්යභාරය විෂය පථය හැසිරිම භාවිතය පිළිබඳව යම් විවරණයක් කළ යුතුයි යන මාවතක අප ඉන්නවා.
ලංකාවේ බොහෝ ජනමාධ්‍යවල තේරිම් කාරක සභා කියල හැඳින්වෙනවා.
කිසියම් නිශ්චිත කරුණක් සම්බ්නධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා පත් කරනු ලබන පාර්ලිමේන්තු කාරක සභා පාර්ලිමේන්තු භාෂාවෙන් හඳුන්වන්නේ විශේෂ කාරක සභා වශයෙන්.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ප්‍රකාර විශේෂ කාර්යයන් සඳහා පත් කරනු ලබන කාරක සභා යටතට තේරීම් කාරක සභාවක් පත් වෙනවා.
ඒ කාර්යභාරයන් අතර විශේෂ කාරක සභාවල කාර්යභාරයන්ට වඩා වෙනස් වූ ස්වරූපයක් ගන්නවා.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු ක්‍රමය යටතේ විශාල මෙහෙයක් ඉටු කරන පාර්ලිමේන්තු කාරක සභා පිළිබඳව සාමාන්‍ය ජනතාවගේ නොදැනුවත්කම නිසා එම කාරක සභාවල නෛතිකත්වය පිළිබඳවත් ගැටලු‍ සහගත තත්ත්වයක් තිබෙනවා.
ලංකාවේ පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන කාරක සභා ප්‍රධාන වශයෙන්f කාටස් පහකට දක්වන්න පුළුවන්.
විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා එහෙම නැත්නම් ස්ථාවර කාරක සභා උපදේශක කාරක සභා, පූර්ණ පාර්ලිමේන්තු කාරක සභා හා විශේෂ කාරක සභා වශයෙන්.
හැබැයි මේ මොන කාරක සභාවකින් වත් පළදායි මහජන සේවයක් සිදු වෙනවාද කියන එක ඉතාම ගැටලු‍ සහගත තත්ත්වයක් තිබෙනවා.
දැන් මේ වන විට ඔබ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය මගින් ඕන තරම් ලංකාවේ කොප් කමිටු හමුවට එන ගෙන්වන රාජ්‍ය ආයතනවල දූෂණ පිළිබඳව ඔවුන්ගේ භාවිතාවන් හැසිරීම් පිළිබඳව අප්‍රමාණව සාකච්ඡාවට භාජනය වෙනවා.
පළමු වර දෙවන වර වශයෙන් ද එම රාජ්‍ය ආයතන ගෙන්වනු ලබනවා.
හැබැයි ඒ එකකටවත් ඊට අදාළ නිලධාරින්ට එරෙහිව නීතිය මනාව ඉටු වෙනවාද කියන ගැටලු‍ව උද්ගත වෙමින් තිබෙනවා.
පාර්ලිමේන්තුවේ කාරක සභාවල මුලසුන දරන හා වෙනත් සාමාජිකයින් හුදෙක් දේශපාලන ප්‍රවාද හමුවේ කිසියම් ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න මේ කාරක සභාවලින් ඔවුන්ගේ හැසිරීම භාවිතය අනුව පෙන්වන ඇතැම් කරුණු අනුව කෝප් කමිටුවල ක්‍රියාත්මක වීමේදී ඉච්ඡා භංගත්වයකුත් පෙනෙන දෙයක්
විශේෂ කාරක සභා යටතට ගැනෙන කාරක සභා අතරින් තේරීම් කාරක සභාව ආංශික අධීක්ෂණ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව යන කාරක සභාවලින් බොහෝ දුරටත් ඉටුවන්නේ පාර්ලිමේන්තුවට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කෙළින්ම අදාළ වන කටයුතුයි කිව්වොත් වඩාත් නිවැරදියි.
කොහොම වෙතත් බොහෝ වෙලාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හිමිකම් හා ඔවුන්ගේ පැවැත්ම සඳහා බොහෝ ආයතන පිහිටුවල තියෙනවා.
ඒ තුළ ජනතාවට මොනතරම් ඵලදායි වනවාද කියන ගැටලු‍ව තවදුරටත් දිගු වෙමින් තිබෙනවා.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මගින් රාජ්‍ය ආයතනවල සහ රාජ්‍ය සංස්ථා හා රජයට පවරාගෙන ඇති වෙනත් ආයතනවල මුදල් පරිපාලනය පිළිබඳ කාර්ය පාටිපාටිය හා සාමාන්‍ය කළමනාකාරිත්වය පිළිබඳ කරුණු පරික්ෂා කර බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පමණක් දැනට සිදු වෙනවා.
මෙහිදී අදාළ ගිනුම් මෙන්ම ඒ පිළිබඳ විගණාධිපතිවරයාගේ වාර්තාව මෙහිදී විමර්ශනයට භාජනය වෙනවා.
කොහොම භාජනය වුණත් දැන් අවුරුදු ගණනාවක සිට හුදෙක් මේ කාරක සභාවල කාර්යභාරය නමට පමණයි කියල පෙනෙන ප්‍රධාන ලක්ෂණයක්.
මේ ගැන ජනතාවගේ බදුමුදල්වලින් යැපෙන මේ සඳහා බොහෝ වෙලාවට ප්‍රවාද හරහා මතුවෙන විරෝධතා පමණක් කාරක සභාව තුළි නැත්නම් කෝප් කමිටු තුළ සිදුවෙන බව ප්‍රශ්න කිරීම්වලට පමණක් සීමාවන වන බව ඒ අදාළ රාජ්‍ය දූෂණ හා සම්බන්ධ රාජ්‍ය බලධාරින් හා නිලධාරින් වගකිව යුතු අයට නිසි දඬුවම් දීමේ ක්‍රමවේදයක් නැහැ.
වරප්‍රසාද පිළිබඳ කාරක සභාව මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාව හා උසස් නිලතල පිළිබඳ කාරක සභාව ද ඒවාට විශේෂ කාර්යන් සඳහා වන කාරක සභාවට ගැනෙනවා.
වරප්‍රසාද පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුව විසින් එම කාරක සභාවට යොමු කරන මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම් පිළිබඳ යෝජනා පරීක්ෂා කර බලා පාර්ලිමේන්තුවට වාර්තා කරනවා.
මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාව මහජනයා විසින් සහන පතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පෙත්සම් පිළිබඳව පරීක්ෂා කර බලා සිය නිර්දේශයන් සමග පාර්ලිමේන්තුවට වාර්තා කෙරෙනවා.
උසස් නිලතල පිළිබඳ කාරක සභාවල කාර්ය වනුයේ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලදුව ඕනෑම රජයේ උසස් තනතුරකට පත් කරන ලද්දා වූ හෝ එවැනි ඕනෑම තනතුරක නිලයක් දැරීමට නම් කරන ලද්දා වූ ඕනෑම පුද්ගලයකුගේ යෝග්‍යතාවය පරීක්ෂා කර බලා ඔවුන් පිළිබඳ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදු වෙනවා.
මෙහිදී මෑත යුගයේ ඒ පිළිබඳ හොඳම උදාහරණය හිටපු අගවිනිසුරුවරිය වන ශිරානි බණ්ඩාරනායක පිළිබඳව සිදුවුණු කාරක සභා ක්‍රියාදාමයයි.
ඒ අනුව ඇගේ තනතුර අහිමි කිරීම දක්වා ඒ විශේෂ කාරක සභාව ක්‍රියාත්මක වුණා.
ඒ පිළිබඳ අප මේ වන විට අදාළ නඩු වාර්තාව දිගින් දිගටම අප වෙබ් සයිඩ් මගින් ප්‍රචාරය කරල තියෙනවා.
පාර්ලිමේන්තුවේ ඒ සහ බී වශයෙන් ස්තාවර කාරක සභා දෙකක් ක්‍රියාත්මක වෙනවා.
මෙම කාරක සභා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක කාරක සභා ලෙසත් හඳුන්වන්න පුලුවන්.
ස්ථාවර කාරක සභාවල කාර්ය භාරය වන්නේ පාර්ලිමේන්තුව විසින් සලකා බැලීම සඳහා ඊට යොමු කරන පනත් කෙටුම්පත් වැඩි වශයෙන් පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ කෙටුම්පත් කිව්වොත් වඩාත් නිවැරදියි.
ඉදිරියට ප්‍රඥප්ති ආදිය පිළිබඳව පුලුල් ලෙස කරුණු විමසා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම මෙහිදී සිදු වෙනවා.
මේ කාර්ය සඳහා අවශ්‍ය තොරතුරු සාක්ෂි ආදිය ලබාගැනීම සඳහා පූර්ණ බලතල මෙම කාරක සභාවලට ලබාදී තිබෙනවා.
මේ තුන්වන වර්ගයේ කාරක සභා වෙත ඇති උපදේශක කාරක සභා විශේෂ ස්වරූපයක් ගන්නවා.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව කැබිනට් මණ්ඩලය විසින් හඳුන්වනු ලබන අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යංශ සංඛ්‍යාවට සමාන උපදේශක කාරක සභා සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ සෑම සැසිවාරයක් සඳහාම පත් කෙරෙනවා.
එම කාරක සභාවල සභාපති ලෙස අදාළ අමාත්‍යංශය භාර අමාත්‍ය වරයා නිල බලයෙන්ම පත්වෙන විදියට අදාළා කාරක සභාවේ සංයුතිය සකස් වෙලා තියෙනවා.
නමුත් ජනාධිපතිවරය යටතේ ඇති අමාත්‍යංශ සම්බන්ධයෙන් වන විට එම අමාත්‍යංශවල නියෝජ්‍ය අමාත්‍යවරු එම උපදේශක කාරක සභාවල සභාපතිවරුන් ලෙස කටයුතු කරන්නත් පුලුවන්.
නමුත් කිසියම් අවස්ථාවක ජනාධිපතිවරයා තමා යටතේ ඇති උපදේශක කාරක සභාවක රැස්වීමකට සහභාගි වන්නේ නම් විධායකයට එහි සභාපති ලෙස කටයුතු කරන්න පුළුවන්.
මේ විදියට සංයුතිය සැදී ඇත්තේ ඒ කියන්නේ බලය අදාළ පාර්ශ්වයට පමණක් කේන්ද්‍ර කරලා.
මේ තුළ මනා විවේචනයක් විචාරයක් බුද්ධිමය සංවාදයක් පාර්ලිමේන්තුව තුළ තිබෙනවාද කියන ගැටලු තත්ත්වයක් මතුවෙන බව දකින්නට ලැබෙනවා.
උපදේශක කාරක සභාවක කාර්ය භාරය වන්නේ අදාළ අමාත්‍යංශය සම්බන්ධයෙන් ඇති පනත් කෙටුම්පත් ව්‍යවස්ථා සඳහා වන යෝජනා පරිපූරක හෝ වෙනත් ඇස්තමේන්තු වියදම් ප්‍රකාශ යෝජනා වාර්ෂික වාර්තා හෝ ලේඛන ඇතුළුව සභාපතිවරයා හෝ පාර්ලිමේන්තුව විසින් මේ විශේෂ කාරක සභාවට යොමු කරනු ලබන කරුනු පරීක්ෂා කර බලා අවශ්‍ය පියවර ගැනීම සඳහා තමයි මේ උපදේශක කාරක සභාවල භූමිකාව වී තිබෙන්නේ.
සැබැවින්ම මේ තිබෙන සංයුතිය අනුව කිසියම් දුරකට මේ තුළ මනා සංවාදශීලී තත්ත්වයක් ගොඩනැගී ඒ පිළිබඳව සැබෑ අවබෝධයක් තුළින් අදාළ කාරක සභාව ක්‍රියාත්මක වෙන්න වපසරියක් තියෙනවාද කියන ගැටලුවත් දකින්න ලැබෙනවා.
අමාත්‍යවරයාට අදාළ හිමිකම එහෙම නැත්නම් ලැදියාවන් සමඟ බැඳී තිබෙන අමාත්‍යංශය සඳහා අවශ්‍ය මූලික කරුණු අතර ප්‍රධාන වන්නේ මහජනතාවට අදාළ කරුණු පිළිබඳව පුළුල්ව සාකච්ඡාවට බඳුන් වීම.
නමුත් පාර්ලිමේන්තුවේ ඒ සඳහා මනා වපසරියක් ඒ තුළ අන්තර්ගත වී නැති බව මේ තුළින් ප්‍රදර්ශනය වන සුළුයි.
ජනාධිපතිවරයා සිය අමාත්‍යංශයක් භාරව ඉන්නවා නම් ඔහු මුලසුන ගැනීම තුළ පුළුල් විචාරශිලී තත්ත්වයක් සෙසු සාමාජිකත්වය තුළින් මතු වෙනවද කියන ගැටලුව පැහැදිලියි.
කොහොම හරිම මෙය සියල්ලක් වසා පාලනය ගෙන යෑමේ කේන්ද්‍රගත රටාවක පැහැදිලි භූමිකාවක් නොවේද?
සභාපතිවරයාගේ අවසරය මත ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට සහභාගිවීමට හැකිවීමත් මෙහි විශේෂ ලක්ෂණයක්.
ඒක අමාත්‍යවරයාට ලැදියාවන් තියෙන, නැත්නම් ජනාධිපතිවරයාට ලැදියාවන් තියෙන අයට මෙයට සහභාගි වෙන්න පුලුවන්.
එහෙම නැත්නම් විචාරයක් සඳහා දැක්මක් සඳහා යම් මන්ත්‍රීවරයෙක්ගේ භාවිතාවක් මේ කාරක සභාවල ක්‍රියාත්මක වීමට මනා වපසරියක් නැතිවීම ඉතාම ගැටලු සහගත තත්ත්වයක් නොවේද කියන පැහැදිලි අවබෝධයක් මේ තුළ ඔබට දකින්න ලැබෙනවා ඇති.
උපදේශක කාරක සභා රැස්වීම් සඳහා අදාළ අමාත්‍යංශවල ඉහළ මට්ටමේ නිලධාරින් ද සහභාගි කර ගන්නවා.
එහෙම නම් ඒ තුළත් තියෙන්නේ ඒ ලැදියාවන් සමග අමාත්‍යවරයා, ජනාධිපතිවරයා සමග ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සිය ගැතිභාවය තවදුරටත් දිගු වීම නොවේද?
මේ නිසා උද්ගතවන ගැටලු පිළිබඳව ඒ අවස්තාවේදීම කරුනු විමසා තීරණවලට එළැඹීමට ඒවාට විසඳුම් ලබාදීමට අවස්ථාව සැලසෙනවා කියල ඔබට පේන්න පුලුවන්.
නිලධාරින් සහභාගි වෙනවා, අදාළ අමාත්‍යවරයාට ලැදියාවන් ඇති මන්ත්‍රිවරුන් සහභාගි වෙන්න අවස්ථාව තියෙනවා.
එහෙම නැත්නම් ජනාධිපතිවරයා ඇමැති මන්ත්‍රිවරුන්ට ඔහුගේ අනුමැතිය මත මෙහි නිලබලයෙන් පත්වෙන අමාත්‍යවරයාට හෝ ජනාධිපතිවරයාට තිබෙන හිමිකම අනුව හොඳ සංවාදයක් ඇතිවනවාද කියන ගැටලුව මතුවෙනවා.
අමාත්‍යංශවලට අදාළව මහජනයාට මුහුණ පෑමට සිදුවන ගැටලු පිළිබඳව මන්ත්‍රීවරුන්ගේ මාර්ගයෙන් කරුණු ඉදිරිපත් කර සහන ලබාගැනීමට ද අවස්ථාවක් මෙතෙක් තිබුණ නම් මේ රටේ දැනට තිබෙන පීඩනය හමුවේ හොඳ වපසරියක් ඒ සම්බන්ධයෙන් නැති බව පැහැදිලියි නේද?
යහපත් ලක්ෂණයක් ලෙස එය අපට පෙනෙන සුළුයි.
නමුත් එවැනි ගැඹුරට සාකච්ඡාවට බඳුන්වන මහජන ගැටලු පිළිබඳව යහපත් ප්‍රතිපෝෂණයක් මේ හරහා සිදුවෙලා නැති බව රටේ දෛනිකව උද්ගතවන ගැටලු ගැන පැහැදිලියි.
එක් එක් උපදේශක කාරක සභාවකට යම් විෂය කරුණක් සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා වාර්තා කිරීම සඳහා අනු කාරක සභා පත් කරන්නත් පුළුවන්.
ඒ මගින් ගැටලු පිළිබඳ වඩාත් සමීප අධ්‍යයනයකට අවස්ථාව තියෙනවා.
නමුත් මේ කොහොම වෙතත් බලය කේන්ද්‍රගත වී තියෙන්නේ අමාත්‍යංශයේ අමාත්‍යවරයා හා ජනාධිපතිවරයාට.
ජනාධිපතිවයාට අදාළ අමාත්‍යංශයේ සම්බන්ධව මේ කාරක සභාවේ හමුවේ ඔහු තමයි තීරණය කරන්නේ මේ මන්ත්‍රීවරු කවුරුන්ද සහභාගි වෙන්නේ කියලා.
අමාත්‍යවරයා සම්බන්ධයෙනුත් එසේමයි.
මේ තත්ත්වය හමුවේ පුලුල් මහජන සංවාදයක් මෙතෙක් සිදුවෙලා නැති බව රට තුළ ගොඩගැසෙමින් ඉදිරියට යන ආර්ථික ප්‍රතිවිපාක හමුවේ මේ සංසිද්ධිය තුළ ඇති ගැඹුර පැහැදිලි වෙනවා.
පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාව අනෙක් පාර්ලිමේන්තු කාරක සභා හා සසඳන විට වෙනත් ස්වරූපයක් ගන්නවා.
පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකයින් වෙනවා.
රැස්වීම් පැවැත්වෙන්නේ ද පාර්ලිමේන්තු සභා ගර්භයේදීමයි.
සාමාන්‍ය පාර්ලිමේන්තු රැස්වීමකදි පැවැත්වෙන ආකාරයටම වාද විවාද ආදිය පැවැත්වෙනවා.
අදාළ කාර්ය පටිපාටිය ගැන අවබෝධයක් නැති කෙනෙකුට මෙහි වෙනස හඳුනාගැනීම පහසු නැහැ පාර්ලිමේන්තු කාරක සභා සම්බන්ධයෙන්.
පාර්ලිමේන්තු කාරක සභාවක් බවට පරිවර්ථනය විය යුතුයැයි යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව පූර්ණ කාරක සභාවක් බවට පරිවර්තනය වෙනවා.
මෙහි කැපී පෙනෙන වෙනසක් වන්නේ කථානායකතුමා තමාට නිශ්චිත අසුනෙන් ඉවත්ව ඊට පහතින් ඇති ලේකම් මණ්ඩලය අසුන්ගෙන සිටින ස්ථානයෙන් අසුන් ගැනීම සිදුවෙනවා.
මන්ත්‍රීවරුන් මුලසුන අමතන විට ගරු කථානායකතුමනි යන ඇමතුම වෙනුවට ගරු සභාපතිතුමනි යන ඇමතුම භාවිතා වෙනවා.
මෙන්න මේ වගේ සංසිද්ධි මේ කාරක සභාවල පේන දෙයක්.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවල කථානායක ඉන්නේ උඩ අසුනේ.
සමස්ත පාර්ලිමේන්තුවම කාරක සභාවක් බවට පරිවර්තනය වෙන යෝජනාව යටතේ මන්ත්‍රීවරුන්ට සභාපතිතුමනි කියල අමතන්න පුළුවන්.
මෙය නාමික ඇමතීමකට තිබෙන වෙනස පමණයි.
නමුත් ජනතාවට අවශ්‍ය වෙන්නේ ජනතාවගේ ගැටලු සම්බන්ධව සක්‍රීය දායකත්වයක් දෙන පාර්ලිමේන්තවක වපසරියක් නොවේද?
කථානායකුතුමා හෝ මුලසුනේ වාඩිවෙන අන් කවර මන්ත්‍රීවරයකු වුණත් කටයුතු කරන්නේ පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙසයි.
වෙනසත් අයෙක් පත් වුණත් සභාපතිවරයා යන යෙදුම තමයි යොදයන්නෙ.
පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලබන සෑම පනත් කෙටුම්පතක්ම පළමු වර කියවීම හා දෙවන වර කියවීමෙන් පසුව කාරක සභා අවස්ථාව පසුකරන්න අවශ්‍යයි.
රජයේ පනත් සියල්ලම පාහේ සාකච්ඡාවට භාජනය වන්නේ පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකදී.
පනත් පිළිබඳ විස්තරාත්මක සාකච්ඡා වන්නේත් මේ අවස්ථාවේදී.
එවැනි පනත් කෙටුම්පත් සඳහා රජයෙන් මෙන්ම විරුද්ධ පක්ෂයෙන් යොමුවන සංශෝධන ද මේ අවස්ථාවේ සාකච්ඡාවට ගැනෙනවා.
එවැනි සංශෝධන සම්බන්ධයෙන් ඡන්දයක් වුණත් විමසන්න පුළුවන්.
පනත් දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ මේ පූර්ණ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවෙන් පසුවයි.
මෙතන නම් යම් සංවාදශීලී තත්වයක් මතුවෙනවා කියන එක ඔබ ජනමාධ්‍ය මගින් ඇතැම් විට දැකල ඇති.
විසර්ජන පනත් කෙටුම්පත් එහෙමත් නැත්නම් සාමාන්‍යයෙන් දන්නා පරිදි අයවැය විවාදයෙන් වැඩි කාලයක් වෙන් කරනු ලබන්නේ පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවේ සාකච්ඡා සඳහායි.
ඒක වර්ෂයකට වරක් ඔබට දකින්න පුළුවන්.
අමාත්‍යංශ පිළිබඳ දීර්ඝ වශයෙන් වාද විවාද ඇති වන්නේ මේ අවස්තාවේදී.
පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවේ සිදුවීම් සභාපති වරයා විසින් සම්ප්‍රදායිකව පාර්ලිමේන්තුවට වාර්තා කරනවා.
එය සිදු කරන්නේ කතා නායක අසුනේ ඉඳගෙනයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම් පිළිබඳව සාකච්ඡා කොට තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ කාරක සභාවක් ලෙස රැස්වීම විශේෂ අවස්ථාවක් ලෙස දකින්නට පුළුවන්.
වෙනත් කාරක සභාවලට වඩා සංවාදශීලී තත්ත්වයක් ද මේ පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාව තුළ දකින්න පුළුවන්.
ඒ නිසා මෙය වරප්‍රසාද පිළිබඳ කාරක සභාවක් ලෙසත් දකින්න පුළුවන්.
තවදුරටත් පාර්ලිමේන්තු කාරක සභාවල තියෙන ගැටලු සහගත තත්ත්වයන් හා එහි සංයුතිය පිළිබඳව අප ඉදිරියට කතා කරමු.

තවත් කොටසක් බලාපොරොත්තු වන්න

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න