ලංකාවේ මේ වන විට ඉතාමත්ම ධනාත්මක චින්තනය පස්සට යමින් යැපුන් මානසිකත්වය ප්‍රවර්ධනය වෙමින් තිබෙනවා.
ඒක මනාව ප්‍රදර්ශනය කරන අස්වැසුම වැඩ පිළිවෙල එයට හොඳම උදාහරණයක්.
මේ වන විට සමාජයේ බොහෝ විට යම් කඩයකින් මහාමාර්ගයේ ගමන් ගමන්නා පුරවැසියකුගෙන් කිසියම් දෙයක් සොරාගෙන යැපෙන සමාජ සංස්කෘතියක් සංවර්ධනය වෙමින් තියෙනවා.
එය ප්‍රධාන හේතුව රටේ ආර්ථික ව්‍යසනය හා ගැටලු‍වයි.
ඒ ගැටලු‍ව යැපුම් ආර්ථිකය තවදුරටත් සංවර්ධනය වෙන්න බලපාල තියෙනවා.
ලංකාවේ බොහෝ විට මේ තත්ත්වය හමුවේ පොලිසියවලට එන පැමිණිලි ප්‍රමාණය දිගුවෙමින් තියෙනවා.
අවසානයේ දැඩි ප්‍රහාරයන්ට ඉන් අනතුරුව සිරගතවීම්වලට පුරවැසියන් පත්වෙමින් තියෙනවා.
ඊට හොඳ සාධකයක් ලිසිං සම්බන්ධව පසුගිය දිනක මහ බැංකුවට කඩා වැටුණු අගතියට පත් පාර්ශ්වය.
ඔවුන්ට දවසක දෙකක හෝ සිරබත් කෑමට සිදුවුණා.
මේ විදියට සමාජය තවදුරටත් ගැටුම් කාරී තත්ත්වයකට තල්ලු‍වෙමින් තියෙනවා.
හද කම්පා කරවන සිද්ධීන් දිගින් දිගටම සිදු වෙනවා.
දරිද්‍රතාව, ආර්ථික පීඩනය හා අන්ත අසරණකම දරාගන්නට නොහැකි තත්ත්වයක් තුළ පුරවැසියන් විවිධ දේවලට විවිධ නීති විරෝධී පැතිවලට තල්ලු‍වෙමින් තියෙනවා.
ඒ නිසා ලංකා සමාජය අප්‍රමාණ පීඩාවන්ගෙන් පෙළෙන සමාජයක් මේ වන විට බිහිවී තිබෙනවා.
නමුත් අපි ගෝලීය දේශපාලන, ආර්ථික, සාමාජීය, සංස්කෘතික, ආගමික සන්දර්භයන් ගැන කතා කරනවා.
ඊට පණ පොවනවා.
ඒ බලවේගත් එක්ක ධනාත්මක චින්තනය ගැන කතා කරනවා.
නූතන රාජ්‍ය දේශසීමා සංවිධාන ආයතන පක්ෂ හා ආගම් ඉක්මවා යන තත්ත්වයක් ද මේ අතර දකින්නට ලැබෙනවා.
භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා කරන ලබන ආයෝජනයන්වල අවදානම අවම තත්ත්වයකට පත් කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් රජය සතු නොවීම නිසා යැපුම් ආර්ථිකය, යැපුම් මානසිකත්වය රට තුළ දිසාගත වෙමින් තිබෙනවා. (හම්බන්තොට වරාය, හම්බන්තොට ගුවන්තොටුපල, කොළඹ නෙළුම් කුළුණ යන උදාහරණ කිහිපයක්)
නිෂ්පාදනය සම්බන්ධයෙන් ආයෝජනය තේරුම්ගත හැකි තත්ත්වයකට අපහසු තත්ත්වයක්ද මේ අතර තියෙනවා.
යම් දේශපාලන පක්ෂයක් ආගමික සංස්ථාවක රජයක්, රාජ්‍ය ආයතනයක් යම් අන්තර්ජාතික සංවිධානයක් කරනු ලබන සේවාවන් ඇතුළු සේවාන් ලබාගැනීමේ අවශ්‍යතාවයක් ද එය මනාව විග්‍රහ කිරිමේ රටාවක්ද රට තුළ නැහැ.
විවිධ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් වන ආයෝජන විවිධ ප්‍රතිරූපයන්ගෙන් පෙනී සිටින දේශපාලන සංස්කෘතියක් නම් මනාව ප්‍රදර්ශනය වෙනවා.
අනවශ්‍ය අප්‍රමාණ ගොඩනැගිලි ඉදිකිරීම්වලින් අද වැය බර දරන්නේ ලාංකික සාමාන්‍ය ප්‍රජාවයි.
අදාළ ඉදිකිරීම් සඳහා ලබාගත් විදේශ ණය නිසා රට සමස්තයක් ලෙස අගතියෙන් අගතියට ගොදුරු වෙලා අවසන්.
විදේශ ණය බර කන්ද සීග්‍ර ලෙස ඉහළ යමින් තිබෙනවා.
නිෂ්පාදකයා දායකයා අරමුදල් සම්පාදකයා ආදී යෙදුම්වලින් සිදුවෙන සමාජ ආර්ථික සුබසාධනය මනාව විග්‍රහ වෙන්නැති පරිසරයක්ද තියෙනවා.
අවදානම් ආයෝජනය තවදුරටත් රට තුළ දිගු වෙමින් තියෙනවා
අලෙවිකරණයට මග හෙළි පෙහෙළි කරන ධනාත්මක චින්තනය හා නිෂ්පාදනය මුල්කොටගත් ආර්ථික සාධක හරහා ගොඩනැගුණු ධනාත්මක චින්තන සංස්කෘතියක් රට තුළ නැතිකම නිසා තවදුරටත් තත්ත්වය උග්‍ර වෙමින් තිබෙනවා.
මේ නිසා හද කම්පාකරවන බොහෝ සිද්ධීන් සිදුවෙමින් තියෙනවා.
සමෘද්ධි ලාභීන් බොහොමයක් පසුගිය අස්වැසුම වැඩසටහන යටතේ ඉවත් වෙලා නුසුදුස්සන් තේරීම අනුව රටේ ඉතාම අර්බුදකාරී තත්ත්වයක් මතු වුණා.
කුසගින්නට තම දරුවන් හඬන විට තම දරුවන්ට බත් කරන්නට දෙන්නට සම්බෝලයක් හදාගන්න අසල වත්තක පොල්ගෙඩියක් කඩා ගන්නා පුරවැසියෙක් සඳහා ගම්මු එකතුවෙලා දඬුවම් දුන්නේ ඉතාම දඩබ්බර ලෙස.
වත්තේ හිමිකරු සහ ඔහුගේ සහචරයන් පිරිස එක්ව ඒ පුද්ගලයාව අල්ලා ගන්නවා.
මේ සිද්ධිය සිදුවන්නේ මාරවිල ප්‍රදේශයේ.
මේ තත්ත්වය පිළිබඳව මෙවැනි අවස්ථා දිගින් දිගටම සිදු වෙනවා.
මේ පොල්ගෙඩිය කඩාගන්න ගිය පියාව නිරුවත් කරනවා, ගසක බඳිනවා ම්ලේඡ්ඡ පහරදීමේ අදාල පිරිස සිදු කරනවා.
ඒ සියල්ලක් ජංගම දුරකථනයෙන් වීඩියෝ කිරීමට අදාල පුරවැසියන් සිදු කරනවා.
අනතුරුව ඒ සිද්ධිය අන්තර්ජාලයටත් යොමු කරනවා.
මේ සමාජයේ තියෙන කටුක අද්දැකීම තේරුම්ගැනීමට පුරවැසියන් සතු දැනුම පිළිබඳවත් ප්‍රශ්නයක් එහිදී මතුවෙනවා.
මෙයින් පෙන්නුම් කෙරෙන්නේ කුමක්ද?
කෲරතර, පාපී සමාජයක විකෘතිය නෙමෙයිද?
අවසානයේ සිදුවන්නේ එහි නිරුවත් කරන පියාගේ දරුවන්ට පාසල් යන්නට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන්නේ එම සමාජ හැසිරීම හා භාවිතය නිසා.
සිය දරුවන්ගේ කුසගින්න නිවීමට නොහැකිවීම හේතුවෙන් ඇති වූ පීඩනය දරාගන්න නොහැකිව වැලිපැන්න ප්‍රදේශයේ යම් පියකු ගෙල වැළලාගෙන මිය යනවා.
මේ වගේ සිද්ධින් අප්‍රමාණව සිදුවෙමින් තියෙනවා.
මේ අතර තවදුරටත් රාජ්‍ය සේවය තියෙන ගැටලු‍ ඉතාම ගැටලු‍ සහගත තත්ත්වයක් තුළ තත්ත්වය තවදුරටත් උගු වෙමින් තියෙනවා.
රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි කියන එක අමුතුවෙන් කිව යුතු නැහැ.
ඇයි රාජ්‍ය සේවය අකාර්යක්ෂම කියලා ඒ වගේම ඇයි රාජ්‍ය සේවය පාඩු ලබන්නේ කියලා නිලධාරින් දේශපාලන අධිකාරින් දිගින් දිගටම ලැජ්ජාවක් නැතිව දොඩවනවා.
මේ සේවාවන් රජයේ අයිතිය තිබෙනවා සේම මේ තත්ත්වය ඇති වී තිබෙනවයි කියන එක යොදාගෙන රජයේ ආයතන පෞද්ගලික කරණය කිරිම තවත් ගැටලු‍වක් මතු කරනවා.
ඇතැම් දරුවන්ගේම පාසල් නොයෑම හා ගුරුසේවය මනාව ඉටුනොවීම වැනි කතාවක් තවදුරටත් සංවර්ධනය වෙමින් තියෙනවා.
රාජ්‍ය සේවයේ ප්‍රධාන වශයෙන් අංශ දෙකක් තියෙනවා.
එයින් රාජ්‍ය දේපාර්තමේන්තු හා අමාත්‍යංශ වැනි ඍජු රාජ්‍ය ආයතන හා රජයට අයත් වානිජ හා කර්මාන්ත වැනි ආයතනවල පරිපාලන ව්‍යුහයන් ආකාර දෙකකින් සමන්විතයි.
මේ අයගේ කාර්යභාරය බොහෝ වෙලාවට අකාර්යක්ෂමතාවය රටේ සංවර්ධනයට දිගු ගැටලු‍ ඇති කරනවා.
අයිතිය රජය සතුවීම නිසා රජයේ සේවකයා සිය රාජ්‍ය දේපල පරිහරණයේදී නොසැලකිල්ල මත ක්‍රියා කරනවා.
රාජ්‍ය ආයතනය කාබාසිනියා කරලා ඒ තුළ රට තුළ යැපුම් මානසිකත්වයක් සංවර්ධනය කරමින් ඉන්න රාජ්‍ය අංශය බොහෝ විට වර්ජන, තර්ජන හා ඉවත්වීම් සිදු කරනවා.
අස්වැසුම ක්‍රියාකාරිත්වය පිළිබඳ ගැටලු‍වේදී එය උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන්.
සමෘද්ධිය අහෝසි කර අස්වැසුම සඳහා පිරිස් තෝරාගැනීමේ වැඩපිළිවෙළ ආරම්භයේ සිටම ගැටලු‍ සහගත තත්ත්වයක පැවතියා.
මේ නිසා අභියාචනා ලක්ෂ 10ක් ඉදිරිපත් වුණා.
ගැටලු‍ සහගත තත්ත්වයක් පවතින නිසා සංවර්ධන නිලධාරින් හා ක්ෂේත්‍ර නිලධාරින් අභියාචනා කමිටු රාජකාරිවලින් ඉවත් වන්න මේ වන විට කටයුතු සූදානම් වූ බව පසුගිය මුල් සතියේ හෙළිදරව් වුණා.
එය සංවර්ධන සේවා නිලධාරින්ගේ සංගමය මගින්.
අස්වැසුම අභියාචනා හා විරෝධතා සලකා බැලීමේදී නිසි ක්‍රමවේදයක් නොමැතිකම තමයි මේ තුළින් ඊට සාධක වූ ප්‍රධාන නිමිත්ත.
අභියාචනා කමිටු රාජකාරිවලින් පහුගිය 9 වනදා සිට ඉවත් වන බව සංවර්ධන සේවා නිලධාරින්ගේ සංගමය සඳහන් කර තිබුණා.
අභියාචනා ලක්ෂ 10ක පමණ හා විරෝධතා 30 දහසකට අධික ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා තිබුණා ඒ වන විට.
ඒ අනුව ප්‍රතිලාභීන් තෝරාගැනීම සඳහා කමිටු පත් කරල තියෙනවා.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් කමිටු පත් කරල තිබුණා.
එම කමිටුවල ප්‍රාදේශීය ලේකම් බලධාරින් සංවර්ධන නිලධාරින්, ක්ෂේත්‍ර නිලධාරින් ඇතුළත්ව තිබුණා.
ඒ අනුව අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කර තිබෙන පිරිස් කමිටුවලට කැඳවා තොරතුරු විමසීම සිදුකර ප්‍රතිලාභීන් තෝරාගන්නා ලෙසට රජයේ ඉහළ බලධාරින් විසින් කමිටුවලට උපදෙස් ලබාදී තිබුණා.
මේ සියල්ලකින්ම හෙළිවන්නේ මොකක්ද?
පවතින අර්බුදය ජයගත නොහැකි බවද?
ඊට සාධක අතර රජයේ නිලධාරින්ගේ අයුතු විරෝධතා හා ඉවත්වීම් බලපාන්නේ නැද්ද?
අභියචනා ඉදිරිපත් කළ පුද්ගලයා වැරදි තොරතුරු ලබාදීමට කටයුතු කළොත් ගැටලු‍ සහගත තත්ත්වයට පත්වන නිසා අදාළ මූලික සමීක්ෂණයේදී සමෘද්ධි සංවර්ධන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඉවත් වීමේදී ඊට විකල්පයක් ලෙස රජය ගත්තු පියවරවල අසාර්ථක ප්‍රතිඵල භුක්ත විඳිමින් තිබෙනවා.
ඒ පිළිබඳ මීට පෙර ලිපියකින් ඔබට තොරතුරු අනාවරණය කළා.
මේ නිසා යළි යළිත් අස්වැසුම වැඩසටහන ගැටලු‍ සහගත තත්ත්වයට පත්වෙලා තියෙනවා.
අදාළ පුද්ගලයන්ගේ ආදායම් තත්ත්වයන් නිවැරදි ලෙස සලකා බලා නියම සුදුස්සන් තෝරාගැනීමේ කටයුතු ග්‍රාම නිලධාරි මට්ටමින් ඉටු කළ යුතු බව සමෘද්ධි සංවර්ධන හා ක්ෂේත්‍ර නිලධාරින් වැඩිදුරටත් පවසනවා.
සෑම දේකම අවසානය විධිමත් නිෂ්පාදන ආර්ථිකයක් නැති කම නොවේද?
ධනාත්මක චින්තනය රට තුළ ව්‍යාප්ත කිරීමට අසමත් වීම නොවේද?
ධනාත්මක චින්තනය දෝෂ පරීක්ෂා කිරීමට ඒ සඳහා ප්‍රතිරෝධී තරම තේරුම් ගැනීමට නිවැරදි බුද්ධිමය සමාජ මණ්ඩප රට තුළ ගොඩනැගී තිබීමේ අඩුපාඩුකම් අත්හැරීම් දෝෂ සහගත නොගැලපීම්වල ප්‍රතිඵලය නොවේද?
පැහැදිලිවම දිගින් දිගටම රටේ අර්බුද මතු වන්නේ නිෂ්පාදන ආර්ථිකයකින් ස්වයංපෝෂිත වන රටක් අපට අහිමිවීම නිසා නොවේද?
වෙළෙඳපොළ ආර්ථිකයේ මුල්තැන ගන්නේ නිෂ්පාදනය බෙදාහැරිම අලෙවිකරණයයි.
සෞඛ්‍යය, යුද්ධ සේවය, අධ්‍යාපනය, ආගමික සේවාවන් ආදී සේවය සඳහා රටේ ජාතික ආදායම සංවර්ධනය වන්නේ ධනාත්මක චින්තනයක් තුළින්.
ධනාත්මක චින්තනයේ නොපෙනන පැත්ත වටහා ගැනීමට අලෙවිකරණයේ ක්‍රියාකාරිත්වය හා නිෂ්පාදනයේ ප්‍රභවය හා දිගුව විමසා බැලීම ඉතාම වැදගත්.
වෙළෙඳපොළ පරීක්ෂණය කර නිෂ්පාදකයා පාරිභෝගිකයා නැත්නම් සේවාලාභියාට අවශ්‍ය පර්යේෂණාත්මක පත්‍රිකා සකස් කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් රජය සතු නොවීම මීට ප්‍රධාන සාධකයක්.
භාණ්ඩයේ හෝ සේවයේ ස්වභාවය නිෂ්පාදකයාට යථා තත්ත්වය පැහැදිලි වෙන විධිමත් අධ්‍යාපන රටාවක් පාසල තුළ නැතිකම මෙහි ආරම්භය කියලා කියන්න පුළුවන්.
නිෂ්පාදනය යනු ආයෝජකයා යටතේ ක්‍රියාකරන වැටුප් ලබන තාක්ෂණික නිලධාරියෙක් වෙන්න පුළුවන්.
නිෂ්පාදිත භාණ්ඩ හෝ සේවය පිළිබඳව අනගි ලෙස පාරිභෝගිකයා නැත්නම් සේවාලාභියාව දැනුවත් කිරීමත් වැදගත්.
ආයෝජකයා අලෙවි කරණයට ගෙවීම් කරනු ලබනවා
අනගි ලෙස අදහස් වෙන්නේ අදාළ භාණ්ඩයේ හෝ සේවයේ රුව, ගුණ, ලාබය විකල්ප ප්‍රයෝජන තත්ත්වයන් තරගකාරී භාණ්ඩයන් හා සේවාවලට වඩා ඇති වාසය වර්ණවත් ලෙස අලංකාර ලෙසත් පොළොඹවනු ලබන ආකාරයයි.
අලෙවිකරණයේ සාර්ථකත්වය රඳා පවතින්නේ අදාළ භාණ්ඩ හෝ සේවය නිෂ්පාදනයේදී වූ වරදක් අඩුපාඩුවක් අත්හැරීමක් දෝෂයක් හෝ නොැගලපීමක් අකා මකා දමා පාරිභෝගිකයාට නැතහොත් සේවාලාභියාට ගෙන යෑමේ හැකියාව මතයි.
එවැනි තත්ත්වයක් අපේ රටේ නැතිකම නිසා බොහෝ වෙලාවට ගොඩනැගී තිබෙන්නේ යැපුම් ආර්ථිකයක ඡන්දය ලබාගැනීමේ දේශපාලන සංස්කෘතියක්.
භාණ්ඩ හා සේවා පරිමාණයෙන් විශාල ලෙස නිෂ්පාදනය කිරීම අවශ්‍යයි.
මහාපරිමාණයේ නිෂ්පාදනයන් තුළ යෙදවුම් නිමැවුම් අතර ඇත්තේ ඉතා දීර්ඝ සංකීර්ණ ක්‍රියාවලික්.
භාණ්ඩයකදී මෙන්ම සේවයකදී එක ලෙස ප්‍රශ්න තියෙන්න පුළුවන්.
එවැනි ක්‍රියාවලින් හටගන්නා දෝෂයන් හඳුනාගන්නේ කොහොමද කියන පසුබිම සඳහා හොඳ නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලිය පැහැදිලි කරන අධ්‍යාපන රටාවක් පාසල විශ්වවිද්‍යාලය හා නොවිදිමත් අධ්‍යාපනය තුළින් නොලැබීම තවත් ගැටලු‍වක්.
යම් දෝෂයක් එහි ප්‍රතිවිපාකය ඉන් සිදුවන වැය බර අවසානයේ දරන්නේ රටේ ජනතාවයි.
ඒ බර මේ වන විට විවිධ බදු වල මුහුණුවරින් ජනතාව අත්විඳිමින් ඉන්නවා.
දෝෂයක් හඳුනාගැනීම නිෂ්පාදනයේ ඕනෑම ස්ථරයකදී සිදු කරන්න පුළුවන්.
එහෙත් දෝෂය ඉවත් කිරිම කළ හැක්කේ එම නිෂ්පාදන ක්‍රියාවලිය තුළ හොඳ අධ්‍යාපනයක් ලැබූ පාර්ශවලට පමණයි.
චීනයට ඒ සඳහා හොඳ පුහුණුව ලැබී තිබෙනවා.
ඒ නිසා ඔවුන් සුපිරි පංතියේ චීන නිෂ්පාදන ලෝකයේ ධනවත් රටවල්වලට යවනවා.
ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවලට යම් දෙවන ශ්‍රේණියේ නිෂ්පාදන තමයි එවන්නෙ.
ඒ නිසා ඊට ප්‍රධාන සාධක වෙලා තියෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ සිට අලෙවිකරනය දක්වා ඔවුන් ලබාතිබෙන පුහුණුව අධ්‍යාපනයයි.
ඒ නිසා චීනය ලෝකය අපුරු ආයෝජකයින් සොයාගෙන ඉන්නවා.
නමුත් අපට ආයෝජකයින් සොයාගැනීමේ අපහසු තත්ත්වයක් විවිධ අපහසුතා තත්ත්වයන් විවිධ මුහුණුවරින් තියෙනවා.
අනුන්ගේ ධනය නැත්නම් කොටස් ප්‍රාග්ධනය අනාගත ධනය නොහොත් නව ප්‍රාග්ධනය ලෙස යොදා ගන්නා ක්‍රමයක් ද අපේ අධ්‍යාපනය තුළ නැතිකම තවත් ගැටලු‍වක්.
කොහොම හරි මේ සියල්ලක් රටේ උද්ගත වෙමින් දිගුවෙමින් තියෙනවා.
ලංකාවේ විශාල බලවතුන් කෝටි ප්‍රකෝටිවලින් සොරකම් කරනවා.
දැවැන්ත ව්‍යාපාරිකයින් ප්‍රකෝටි ගණනින් බැංකුවලට පොලු‍ තියනවා.
නමුත් දේශපාලන අධිකාරි බලය තුළ එම දූෂිත පිරිස් යහතින් සහ සැහැල්ලු‍වේන ජීවත් වෙනවා.
මෙවැනි කරුණු දිගින් දිගටම දිගුවෙමින් ජනතාව කුසගින්න දරාගන්න බැරි තත්ත්වයට පත්වෙලා ඉන්නවා.
වැඩවසම් දේශපාලනයට හෝ වැඩවසම් චින්තනයට හෝ තවදුරටත් පැවැත්මක් නැතැයි විකල්ප දේශපාලන පක්ෂ කෑමොර දුන්නත් තිබෙන තත්ත්වය තවදුරටත් දිගු වෙමින් තියෙනවා.
වේගයෙන් නූතන පරම්පරාව මානව නිදහසට ගරු කරන සත්‍යවාදීව කටයුතු කරන මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටින වාමාංශික එහෙම නැත්නම් රැඩිකල් දේශපාලනයක් රටේ තිබෙනවැයි කියලා ප්‍රදර්ශනය වුණත් සැබෑ යථාර්ථය සඳහා ගැඹුරු දේශපාලනයක් වෙත නැමියාවක් වෙත වාමාංශික හෝ තරුණ රැඩිකල් තරුණ කොටස් යොමු වී තිබෙනවාද කියන ප්‍රශ්නයකුත් මතු වෙනවා.
රැඩිකල් තරුණ පරම්පරාව සිය දේශපාලන ප්‍රවාහය එය මනාව හැදෑරූ චින්තනාත්මක ධනාත්මක සංකල්පය නවීකරණයත් සමග ගොනු කරගෙන ඉන්නවද කියන ගැටලු‍වත් තවදුරටත් දිගු වෙමින් තිබෙනවා.
කොහොම හරි ඉතිහාසයේ දෙමවුපියන් තමයි බොහෝ වෙලාවට අදාළ දේශපාලනය තීරණය කරේ.
නමුත් වර්ථමානයේ බොහෝ වෙලාවට තරුණ රැඩිකල් දේශපාලනය ඉදිරියට දිගුවෙමින් තිබෙන බව ප්‍රදර්ශනය වෙන සුළුයි.
නමුත් එය යතාර්ථයද කියන ප්‍රශ්නය මතු වෙනවා.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න