නීතියේ අවධානයට යොමු වන සමාජීය කරුණු අප්‍රමාණව තියෙනවා. ඒ අතර විශ්ව සම්භාව්‍ය සිනමා කෘති තුළින් සමාජයට කළ හැකි කාර්යය භාර්යය අපමණයි. එවැනි කාර්යය භාර්යයක් ඉටු කරන රාජ්‍ය අංශය පිළිබඳව තමයි මේ ලිපිය තුළින් කියන්න බලාපොරොත්තු වෙන්නේ.විශ්ව සම්භාව්‍ය සිනමා දැක්ම 42 වන පියවර පසුගිය ජූලි 27 වන දා කොළඹ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා. සිනමාව සමාජ විද්‍යාත්මකව කියවීම ශ්‍රීලංකා පොලිස් නිලධාරීන් වෙනුවෙන් තමයි මේ සිනමා කෘතිය ප්‍රදර්ශනය කළේ. ජායිබාන් ඒ සිනමා පටය තුළින් ඉන්දියානු පාදක ඇතැම් පොලිස් නිලධාරීන් පිළිබඳව විවරණය වෙනවා. ඒ වගේම ඉන්දියානු අධිකරණය පිළිබඳව, ඉන්දියානු පෞද්ගලික මානවවාදී නීතිඥ හා ගෝත්‍රික ඉන්දියානු මානවයින්ගේ ඛේදවාචකයේ එක් පැතිකඩක් විවරණය කරන මේ චිත්‍රපටය පිළිබඳව හා එය ශ්‍රී ලංකා පොලීසිය සඳහා ප්‍රදර්ශනය කිරීම තුළින් ජන මාධ්‍ය අපේක්ෂා කරන්නේ ජන මාධ්‍ය අමාත්‍යංශය අපේක්ෂා කරන්නේ කුමක් ද ඒ පිළිබඳව විවරණයක් කරන්න මේ විචාරය තුළින් බලාපොරොත්තු වෙනවා.
දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය 2005 වසරේ දෙසැම්බර් 10 වන දින සිට ලෝකය පුරා බලාත්මක වෙනවා. ශ්‍රී ලංකාව ද මෙම සම්මුතිය අත්සන් කර අණුමත කර තියෙනවා. දැනට රටවල් 140 ක් මෙම සම්මුතිය අත්සන් කර තියෙනවා. මෙම සම්මුතිය දූෂණයට එරෙහිව දැනට පවතින වඩාත් සවිස්තරාත්මක ලේඛනය යැයි කියන්නත් පුළුවන්. මෙම සම්මුතිය කවරක් සම්බන්ධයෙන් ක්‍රියා කරනව ද? අපරාධ වැළැක්වීමේ පියවර, මැතිවරණ ප්‍රචාරණය සඳහා මුදල් යෙදවීම පාලනය කිරීම, රාජ්‍ය සේවකයින් සඳහා ඔවුන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් නෛතික සංග්‍රහයක් ඇති කිරීම, පෞද්ගලික අංශයේ දූෂණ ඇතුළත් කර තිබීම, දැඩි ගිණුම් හා විගණන ප්‍රමිතීන් නියම කිරීම, සිවිල් සමාජයේ තැනැත්තන් දූෂණයට විරුද්ධව පෙළගැස්වීම, විදේශ බැංකුවල තැන්පත් කර ඇති හොරකම් කරන ලද මුදල් ලබා ගැනීමේ පියවර, සොරකම් කරන ලද වත්කම් නැවත වෙනත් රටවල්වලින් ලබා ගැනීමට අවස්ථාව ලබා දීම. දූෂණය යනු කුමක් ද? මේ සම්මුතිය මඟින් දූෂණයේ අර්ථකතනයක් කරන්නේ නැහැ. එයට අල්ලස මුදල් විශුද්ධිකරණය, ඥාති සංග්‍රහය සහ බලය අනිසි ලෙස යොදා ගැනීම ඇතුළත් වෙනවා. කෙටියෙන් මෙයින් අදහස් කරන්නේ පොදු තනතුරක් පෞද්ගලික වාසි සඳහා භාවිතා කිරීම මෙන්න මේ කරුණෙ දි තමයි මේ ඉන්දියාවේ චිත්‍රපටිය පිළිබඳව අපට වැදගත් වන්නේ.
ඉන්දියානු දුෂ්කර ග්‍රාමිය ප්‍රදේශයක තියෙන ප්‍රාදේශීය පොලිසියක නිලධාරීන් පෞද්ගලික වාසි තකා සිය තනතුර අවභාවිතා කිරීම හා ඒ පිළිබඳව අධිකරණයේ සංවාදය තමයි මේ චිත්‍රපටිය තුළින් කුළුගැන් වී තියෙන්නේ.දූෂණය වර්ගීකරණයක් කරන්න අවශ්‍ය නෑ වඩාත් ම දරුණතම දූෂණය කුමක් ද? අධිකරණයේ සිදු වන දූෂණය ඒ සමාජ ඛාදනය කිරීමක් කරනවා. අධිකරණ කෙරෙහි මහජන විශ්වාසය නැති කරනවා. ඒ තත්වයට නොගොස් ඉන්දියානු අධිකරණය පිළිබඳ තත්වයක් පැහැදිලි කරනවා මේ චිත්‍රපටය තුළින්. ඉන්දියානු අධිකරණය වචනයේ පරිපූර්ණ අර්ථයෙන් ම පිරිසිදු සහ ශුද්ධ ආයතනයක් කියලා කියන්නත් බැහැ. නමුත් එය ඉතාමත් ඉදිරිගාමී ආකල්ප ඇති අසිරිමත් අධිකරණයක් කිවුවොත් වඩාත් නිවැරදි. තමන් වෙත ව්‍යවස්ථාවෙන් පවරා දී තිබෙන කාර්යය භාර්යය හොඳින් ඉටු කරමින් සිටින ඉන්දියානු අධිකරණය පිළිබඳව ඒ හැඩතල තමන් මත මහජන විශ්වාසය ගෞරවයට හේතු වන ලෙස මේ පසුගිය 27 වන දා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී ප්‍රදර්ශනය වූ චිත්‍රපටයෙන් උත්තේජනය වුණා කිව්වොත් නිවැරදියි.
විශ්වාසයට හා ගෞරවයට හේතු වන ලෙස පුරෝගාමී කාර්යය භාර්යයක් ඉටු කරමින් සමාජය කෙරෙහි පමණක් නොව තමන් කෙරෙහි ද විවේචනාත්මක කරුණු සලකා බැලීමට අවශ්‍ය කරන නිහතමානී බව හා නිර්භීතභාවය හිමි කරගත් අධිකරණ ක්‍රමයක් බව 2010 වන විට සාධක ඇතිව ඉන්දියානු අධිකරණය තුළින් ප්‍රදර්ශනය වුණු අවස්ථා තිබුණා. විවේචනාත්මකව ආපසු හැරී බැලීමක් කිරීමට අවශ්‍ය පදනමක් පසුගිය දා ප්‍රදර්ශනය කළ චිත්‍රපටය තුළින් සංකේතවත් කළා. ඉන්දියානු අධිකරණ ක්‍රමයට ඉදිරිගාමී ගමනක යෙදීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන ප්‍රධාන උල්පත මොකක් ද කියලා අපි තේරුම් ගැනීම වැදගත්. ලංකාව බොහෝ අවුල් සහගත තැන්වල ඉන්නවා කියන එක තුලනාත්මකව තේරුම් ගැනීමට අපට පුළුවන්.ඉන්දියානු අධිකරණ ක්‍රමය එහි දර්ශනය ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිඵලයක්. ලෝකයේ තිබෙන සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරින් ඉතාමත් පුළුල් ලෙස ගැඹුරින් සාකච්ඡා කොට ඉන්දියාවේ හා ඉන්දියානු ජනතාවගේ එක්සත්භාවය සමානතාව, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා ජාතික අභිමානය යන සාධක සැලකිල්ලට ගනිමින් සකස් කළ ඉදිරිගාමී ව්‍යවස්ථාවක් ලෙස අපට සලකන්න පුළුවන්.
එම ව්‍යවස්ථාව ඉන්දියානු නිදහස් අරගලයේ තර්කානුකූල හා උත්තරීතර බලයක් ලෙසත් දකින්න පුළුවන්. නිදහස දිනා ගැනීම සඳහා අරගල කල කාලයේ සිට නිදහස දිනා ගෙන ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් පත් කෙරුණු කාලය දක්වා ඉන්දියාව ඇති කරගත යුතු අධිකරණ ක්‍රමය කුමක් විය යුතු ද යන ප්‍රශ්නය දීර්ඝ ලෙස සාකච්ඡාවට කතා බහට ලක් කර තමයි අදාළ ව්‍යවස්ථාව ගොඩනැගී ඇත්තේ කියලා අපට කියන්න පුළුවන්. ඒ පිළිබඳ වාද විවාදවලට රටේ හසල දේශපාලන නායකයන්සේ ම නීතිය හා ව්‍යවස්ථා සම්පාදන විෂයේ හසල දායකත්වයක් ලැබී තිබෙනවා වෙන්න පුළුවන්. ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් ඇති කරගන්නා ඉන්දියානු ව්‍යවස්ථාව ඒ වන විට විෂය පිළිබඳ විටින් විට පළ කරන ලද වාර්ථා විශාල ගණනාවක් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය ඉදිරියේ තිබුණා. ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට අවශ්‍ය වුණේ ඉන්දීය සමාජ විප්ලවයේ සමාජ ඒකාබද්ධතාවය හා සිවිල් නිදහසින් ආරක්ෂකයා ලෙස ක්‍රියාකරන මහජනයාගේ සැකයට හේතු නොවන දේශපාලන ඇඟිලි ගැසීම්වලට ඉඩ නැති හා යට නොවන බියෙන් තොර නිර්භීතව කියා දෙන අධිකරණ ක්‍රමයක් ඇති කර ගැනීමයි.ඒ සඳහා ගොඩනගන ලද අතුරු කමිටු ඇතුළත් විශිෂ්ට ගණයේ ලා සැලකිය හැකි පුද්ගලයෝ එදා ඉන්දියානු සමාජයේ හිටියා. ඒ නිසා පසුගිය දා ප්‍රදර්ශනය වුණු අදාළ චිත්‍රපටිය නිසා මේ කරුණු තහවුරු වෙනවා.
මේ ගැන පැහැදිලි චිත්‍රයක් කතා කරන්න අවශ්‍ය වෙන්නේ ඇයි? දූෂිත ක්‍රමය වෙනස් කරන ක්‍රමයක් රට තුළ ස්ථාපිත කරන්න ලංකාවේ ව්‍යවස්ථාදායකය බොහෝ දුරට අසමත් වෙලා තියෙනවා. ඒ නිසා සදාචාරය, සංස්කෘතිය පමණක් නෙවෙයි නීතිය ද හෑල්ලුවට ලක්වෙන තත්වයකට තල්ලු වෙලා තියෙනවා.හොරකම, වංචාව,දූෂණය,බලය අවභාවිතා කිරීම, වගකීම් පැහැර හැරීම, ජාවාරම් කිරීම, කප්පම් ගැනීම, මිනී මැරීම ලංකාවේ සංස්කෘතිය බවට පත්වෙලා තියෙනවා. වංචාව, දූෂණය, හොරකම, අල්ලස, බලය, තනතුර අවභාවිතා කරන පොලිස් නිලධාරීන් ද බහුලව ලංකාවේ ඉන්නවා. අසල්වැසි ඉන්දියානු සමාජය තුළ ඇති ඒ තත්වය මනාව විදහා දක්වන චිත්‍රපටයක් තමයි පසුගිය දා ජනමාධ්‍ය අමාත්‍යංශය තුළ ප්‍රදර්ශනය වුණේ. ඒ නිසා අදාළ පොලිස් නිලධාරීන්ගේ ප්‍රබුද්ධත්වය හා දැනුම ගොඩනැගීම සඳහා මනා දායකත්වයක් එවැනි ක්‍රම තුළින් සමාජයට පණගැන්වෙන සුළුයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරමාදර්ශී ශ්‍රී ලංකා පොලීසියක් අපට තියෙනව ද? මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන දේශපාලන ඇඟිලි ගැසීම්වලට යට නොවන පොලිස් දෙපාර්තමේන්තුවක් අපට තිබෙනව ද?
ඉන්දියානු සමාජ විප්ලව ආරක්ෂා කරමින් එහි ඉදිරි ගමනට උරදෙන අධිකරණ ක්‍රමයක් ඉන්දියාව තුළ බිහි වෙලා තිබෙනවා.ඊට හොඳම සාක්ෂිය තමයි මේ පසුගිය දා ප්‍රදර්ශනය කළ චිත්‍රපටය. ඒ නිසා පැහැදිලිවම මානව හිමිකම්,මහජන පැමිණිලි පිළිබඳව මේ චිත්‍රපටය තුළින් ඇති කළ සංවාදය තුළින් කිසියම් සමාජ පණිවිඩයක් අප පෙළ ගැස්විය යුතුයි. මූලික අයිතිවාසිකම් යනු, මානව හිමිකම් අතුරෙන් තෝරාගත් සුවිශේෂ කරුණු ගණනාවක් කෙරෙහි නෛතික බලයක් පැවරීම බව අපි තේරුම් ගන්න අවශ්‍යයි. මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක දී යමෙකුට නීතියේ පිළිසරණ ලබාගත හැකි අවස්ථා කිහිපයක් ම තියෙනවා. මානව හිමිකම් හෝ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් සම්බන්ධයෙන් නෛතික පියවර ගත හැක්කේ විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මත සිදුවෙන උල්ලංඝනයකට පමණයි. ඒ බව ඉන්දියානු ව්‍යවස්ථාව තුළත් තිබෙන බව පැහැදිලි වන්නේ අදාළ චිත්‍රපටයේ අන්තර්ගතය තුළින්.
රජයේ සේවයකින් හෝ නිලයකින් සිදු වන හිමිකම් අහිමි කිරීමක් සඳහා ඉන්දියානු නීතිය අනුව පිළිසරණ ඇත්තේ අධිකරණය තුළ කියන එක අදාළ චිත්‍රපටය සනාථ කරන සුළුයි.ලංකාවේ මානව හිමිකම් හෝ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක දී අදාළ පැමිණිලි යොමු කළ හැකි ස්ථාන කිහිපයක් ම තිබෙනවා. එක් ආයතනයක් මඟින් එවැනි අවස්ථාවල දී පිළිසරණක් ලබා ගෙන ඇත්තේ කොහොම ද කියලා තේරුම් ගැනීමත් වැදගත්. ශ්‍රේෂ්ඨාධිකරණය මෙරට මූලික අයිතිවාසිකම් අහිමි වූ අවස්ථාවක පුරවැසියෙකුට නිසි නෛතික ප්‍රතිකර්ම ලබා ගැනීමට ඇති උත්තරීතරම ආයතනයයි. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ හෝ ආසන්න අවස්ථාවක දී කෙනෙකුට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. අදාළ උල්ලංඝනය පිළිබඳව තමන්ට දින 30 ක් තුළ අදාළ පුද්ගලයා හෝ නීතිඥවරයෙකු මඟින් තම පැමිණිල්ල ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ලංකාවේ ගොනු කරන්න පුළුවන්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වන ව්‍යවස්ථාවේ ඒ පිළිබඳ කරුණු දක්වලා තියෙනවා. පීඩාවට පත් පුද්ගලයා විසින් ම පැමිණිල්ල ඉදිරිපත් කරන්න අවශ්‍යයි. එසේ නැති වුවත් එසේ කළ නොහැකි අවස්ථාවල දී සිය සමීපතමයන්ට ඒ සඳහා අවස්ථාව අධිකරණයෙන් ලබා දුන් අවස්ථා ද ශ්‍රී ලංකා අධිකරණය තුළ තිබෙනවා. වරද නිවැරදි කිරීමට සුදුසු වන්දි මුදලක් ලබා දීම වැනි සහනයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා ගන්න පුළුවන්. මානව හිමිකම් කොමිසම ද මානව හිමිකම් උල්ලංඝනය වෙනුවෙන් 1996 අංක 21 පනත යටතේ ස්ථාපනය කර ඇති ආයතනයක්. පසුගිය දිනවල ජනතාවගේ මානව හිමිකම් සුරැකීමට ඇති ඒ ආයතනය තුළ කොමසාරිස්වරු හා සභාපතිවරිය පිළිබදව ගැටලු සහගත තත්වයක් ද උද්ගතව තිබුණා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 ව්‍යවස්ථා සංශෝධනය යටතේ මෙය ස්ථාපනය වුණා. මානව හිමිකම් කොමිසම වෙත ලැබෙන පැමිණිලි විමර්ශනය කර ඒවා සමථකරණයට හෝ සමඟිකරණයට කටයුතු කරන අවස්ථාත් තියෙනවා. හිමිකම් කඩවීමට ලක් වූ පුද්ගලයාට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. අදාළ සිදුවීමෙන් දින 180 ක් තුළ කොමිසමට ලිඛිතව පැමිණිලි කරන්නත් පුළුවන්.මේ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නීතිඥ සහයම අවශ්‍යම නැහැ. එය ලංකාවේ තියෙන ඉතාම වැදගත් කරුණක්. මොකද බොහෝ නීතිඥයින් කොළ කෑල්ලටත් රුපියල් හාර පන්දහක මුදලක් අය කරන අවස්ථා තියෙන නිසා. පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්තුමා ද මානව හිමිකම් උල්ලංඝනයට අදාළව පැමිණිලි භාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 වන වගන්තිය යටතේ එම තනතුර ස්ථාපනය කරලා තියෙනවා.
රාජ්‍ය නිලධාරීන් අතින් සිදු වන ප්‍රමාදයන්, නොසලකා හැරීම්, වෙනත් අයථා සැලකීමක් සම්බන්ධයෙන් යමෙකුට සිය දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්න පුළුවන්. දුක්ගන්නා රාල හෙවත් ඔම්බුස්මන් ලෙස ද ඔවුන් හැදින්වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පිළිබඳ අතෘප්තියට පත් පුද්ගලයාට සිය පැමිණිල්ල ලිඛිතව ඉදිරිපත් කරන්න පුළුවන්.මානව හිමිකම් පමණක් නොව රාජ්‍ය ආයතනයකින් යමෙකුට සිදුවන ඕනෑම අපහසුතාවයක් පිළිබඳව දුක්ගන්නා රාල වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමේ ඇති හැකියාව ලංකාවේ ඇති විශේෂ හැකියාවක්. නමුත් දැන් ඉන්දියානු සමාජයේ අදාළ චිත්‍රපටයේ පෙළ ගැස්වීම අනුව පොලීසියෙන් කෙරෙන අසාධාරණය සම්බන්ධව යාමට තිබෙන එකම ආයතනය ගරු අධිකරණය.
ජාතික පොලිස් කොමිසම පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි විමර්ශනය කිරීම සඳහා කටයුතු කරනවා. ලංකාවේ 17 ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත මෙම කොමිසමට පොලිස් සේවයට අදාළ කාර්යයන් රැසක් පැවරී තිබෙනවා. මෑතක දී ගන්නා ලද දැනට අවුරුදු 15 කට පමණ පෙර පොලිස් නිලධාරීන් සිදු කරන මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් විභාග කිරීමට කොමිසමට බලය ලැබුණා. අදාළ පීඩනයට පත් පුද්ගලයාට ලිඛිතව සිය අසාධාරණය කොමිසමට ඉදිරිපත් කරන්නත් පුළුවන්. නීතිවරයා වෙත ද මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් වන ලිඛිත පැමිණිලි ඉදිරිපත් කරන්න ලංකාවේ පුරවැසියන්ට පුළුවන්. යමෙකුගේ මානව හිමිකම් උල්ලංඝනයක දී අදාළ සිදු වන පැහැදිලි සහ විශ්වාසනීය තොරතුරු හෝ සාක්ෂි සමඟ ඉහත කී ආයතනයන් ට ලිඛිතව ඉදිරිපත් කරන්න පුළුළුන්. ඒවා තැපෑලෙන් යවන්නත් පැමිණිල්ලේ පිටපත් හා තපෑලෙන් යැවීමේ දී ලියාපදිංචි කුවිතාන්සිය ආරක්ෂා කර ගැනීම මෙහි දී ඉතාම වැදගත්
කොහොම හරි එය ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතුවල දී නීති ආධාර සපයන්නත් අධිකරණ අමාත්‍යංශය යටතේ නීති ආධාර කොමිසම ලංකාවේ පැවතී රජයන් ස්ථාපිත කරලා තියෙනවා. මානව හිමිකම් උල්ලංඝනයේ දී තමන්ට සහනයක් ලබා ගත හැකි වඩාත් පහසු සහ උචිත ක්‍රමයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පමණක් නෙවෙයි ඒ සඳහා නීති ආධාර පහසුවෙන් ලබා ගැනීමට ඇති හැකියාව ද අසාධාරණයට පත් වූ අයෙකු ට නීතිය ඉදිරියේ සාධාරණය ඉටු කරගැනීමට ලැබෙන ලාංකික අවස්ථා අප්‍රමාණයි. ඒ කොහොම වෙතත් ලංකාවේ අවසානයේ තත්වය මීට වඩා ඛේදනීයයි කියලා පොලීසිය පැත්තෙන් කියන්න වෙන අවස්ථා තිබෙනවා. ඒ පිළිබඳව මහජන පැමිණිලි ක්‍රියා පිළිබඳ කෙසේ අනාගතය විය හැකිද විය යුතු ද කරුණු සම්බන්ධයෙන් අපි ඉදිරි ලේඛන තුළින් කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.1977 දී ව්‍යවස්ථාදායකය මඟින් හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මානව හිමිකම් යටතේ මානව හිමිකම් කඩ කිරීම පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම පහුගිය කාලය පුරාම ගරු අධිකරණයේ සිදු වුණා. මේ නිසා නීතිය ක්‍රියාත්මක කිරීමේ දී මානව හිමිකම් සුරැකෙන අයුරින් ක්‍රියා කිරීමට බොහෝ විට පොලිස් නිලධාරීන් විශේෂ අවධානය යොමු කිරීමත් ලංකාවේ සිදු වෙනවා. මහජන පැමිණිලි සුළු අපරාධ, බරපතල අපරාධ, සංවිධානාත්මක අපරාධ, පුපුරන ද්‍රව්‍යයන්ගෙන් පහර දී කරන අපරාධ, කැරලි මහජනයාට හා දේපළ වලට හානි සිදු වන අපරාධ ආදී විවිධ අපරාධ පිළිබඳව ක්‍රියා කිරීමේ දී නීතිමය තත්වය තුළ කටයුතු කිරීමට පොලිස් නිලධාරීන්ට සිදු වෙන අවස්ථා අපමණයි. පසුගිය කාලය පුරා අපරාධ වර්ධනය වීමේ ප්‍රවණතාවය තුළ මහජන පැමිණිලි සාර්ථකව විසඳීම ඇත්ත වශයෙන් ම බරපතල අභියෝගයක් ලංකාවේ පොලිස් දෙපාර්තුමේන්තුවට. කොහොමහරි මේ සම්බන්ධව යම් අවබෝධයක් තුළින් ශ්‍රී ලංකාවේ පොලිස් සේවයේ නියුතු අයට සිනමාත්මක අත්දැකීමක් ලබා දීමට ජනමාධ්‍ය අමාතයංශයේ ක්‍රියාත්මක වීම බෙහෙවින් සතුටට කරුණක්. ඒ පිළිබඳව අවශ්‍ය මෙහෙයුම් කටයුතු කරන්නේ සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ආචාර්ය හර්ෂ බී අභයකෝන්. ජනතාව කෙරෙහි පිහිටා ඇති පරමාධිපත්‍ය බලය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ස්ථාපිත කරලා තියෙන්නේ. පරමාධිපත්‍යය බලය අත්හල නොහැකි පරමාධිපත්‍යය බලයට පාලන බලතල මූලික අයිතිවාසිකම් ඡන්ද බලයත් ඇතුළත් වෙනවා. ඒ අනුව සිතීමේ නිදහස,හෘද සාක්ෂියේ නිදහස හා ආගමික නිදහස වද හිංසාවලට අවමන් සහගත සැලකිලි හෝ දඬුවම්වලින් නිදහස නීතිය පසඳලීම නීතිය ක්‍රියාත්මක කිරීම නීතියේ රැකවර්ණය සර්ව සාධාරණ වීම අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන්,දඬුවම් කිරීමෙන් පුද්ගලයන්ට නිදහස ලබා දීම. නමුත් ලංකාවේ පොලීසියේ දී අත්තනෝමතිකව සිරභාරයට ගැනීමත්,රඳවා තබා ගැනීමත්, දඬුවම් කිරීමත් බොහෝ විට සිදු වෙන අවස්ථා අපමණයි. ඒ නිසාම දෝ ලංකාවේ පොලිස් නිලධාරීන් සඳහා මානව දයාව වර්ධනය කර ගත හැකි සිනමා අත්දැකීම් ලබා දීමට ජනමාධ්‍ය අමාත්‍යංශය මැදිහත්ව ක්‍රියාකාරී සැලැස්මක් දියත් කිරීම පිළිබඳව අප අගය කළ යුතුයි.
ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු.