ලංකාවේ පාර්ලිමේන්තුව ක්‍රියා කරන්නේ කොහාට ද කියන ප්‍රශ්නයක් මතුවෙන සුළුයි. රටක පාලනය සමබරව පවත්වාගෙන යාම පහසු කාර්යයක් නොවේ. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ප්‍රධාන ආයතන තුන මඟින් රාජ්‍ය යාන්ත්‍රනය ක්‍රියාත්මක වෙනවා. මේ ආයතන ස්වාධීන වූ තරමටම බලතුලනයත් සිදුවෙන බව සාමාන්‍ය පිළිගැනීමයි. නමුත් වර්තමානයේ කිසිඳු රාජ්‍යයක එවැනි පැහැදිලි බලය බෙදීමක් හෝ බලතුලනයක් ඇති බවක් පෙනෙන්නට නැත. රාජ්‍ය පාලනයේ දී මේ ආයතනවලට විශේෂිත වූ කාර්යයන් මෙන්ම පොදුවේ සාමූහිකව ක්‍රියාත්මක කළ යුතු කාර්යයන් ද තිබීම ප්‍රායෝගික තත්වයක්. බලය සම්බන්ධයෙන් මේ ආයතන අතර ගැටලු සහගත තත්වයක් ඇති වීමද ප්‍රකට කරුණක්.
මේ තත්වයන් හමුවේ විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන ආපසු කැඳවීමේ බලය විෂයභාර අමාත්‍යවරයාට පවරා දෙන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ප්‍රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි දැන් සමාජයේ විවිධ අංශවලින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වී තිබෙනවා. මේ සම්බන්ධව කතා කරන කොට කතා කළ යුතු තවත් පැති ගණනාවක් තිබෙනවා. ලංකාවේ ව්‍යවස්ථාදායකය කිසියම් රාමුවක වැඩ කළ යුතුයි.
පෞද්ගලික මන්ත්‍රීවරුන් යනුවෙන් මෙහි දී අදහස් කරන්නේ අමාත්‍යධූර හෝ නියෝජ්‍ය අමාත්‍යධූර නොදරන මන්ත්‍රීන්. එවැනි මන්ත්‍රීවරයෙක් තමයි කැටගොඩගේ කියන්නේ. විපක්ෂයේ මෙන් ම රජයේ සාමාන්‍ය මන්ත්‍රීවරුන් මේ නමින් හැඳින්වෙනවා. සම්ප්‍රදායක් ලෙස ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ නමින් පෞද්ගලික පනත් කෙටුම්පත් ඉදිරිපත් කෙරෙන්නේ නැහැ. කිසිඳු තැනක ලිඛිතව මේ සඳහා තහනමක් පනවා නැහැ. මෙවැනි පනත් කෙටුම්පත් වාර්ථා කිරීම සඳහා අමාත්‍යංශවලට යොමු කිරීමේ දී ගැටලු පැන නැගිය හැකි තත්වයන් අප්‍රමාණයි. සම්ප්‍රදායක් ලෙස ඇමතිවරු මෙවැනි පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමෙන් වැළකී ඉන්නවා. නමුත් එසේ ඉදිරිපත් කරන අවස්ථා ද නැත්තෙම නැහැයි කියලා කියන්නත් අපහසුයි.
අදාළ බලය විෂයභාර අමාත්‍යවරයාට පැවරීමෙන් මහජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය වන බව පෙන්වා දෙමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කර පෙත්සම් ගොනු වී තිබෙනවා. පනත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන්න යැයි අදාළ පෙත්සම්වලින් ඉල්ලීම් කර තිබෙනවා. කොහොමහරි එම මහ නගර සභා ආඥා පනතට සංශෝධනයක් එක් කිරීමේ අරමුණින් පාර්ලිමේනතු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබීම පිළිබඳව ආණ්ඩු පක්ෂයේ දේශපාලන සදාචාරය පිළිබඳව ගැටලු සහගත තත්වයක් මේ වන විට උද්ගත වී තිබෙනවා. මේ පිළිබඳව අප වෙනම කතා කළ යුතුයි.
මේ වෙන කොට ජූලි 5 වන දා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට මේ අදාළ යෝජනාව ඉදිරිපත් වී තිබුණා. විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන ආපසු කැඳවීමේ සහ එසේ ආපසු කැඳවනු ලබන පළාත් පාලන ආයතනවල නිල කාලය නිර්ණය කිරීමේ බලය ද අදාළ පනත් කෙටුම්පතෙන් විෂයභාර අමාත්‍යවරයාට පවරා දී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් පළාත් පාලන ආයතන වසර 4 කට වරක් මැතිවරණ පැවැත්විය යුතු බවට නීතියේ සඳහන්ව තිබෙනවා. මේ ආකාරයෙන් නිල කාලය දීර්ඝ කිරීමේ බලය විෂයභාර අමාත්‍යවරයාට පැවරීමෙන් මහජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය වන බවද අදාළ පෙත්සම්වල සඳහන් වෙලා තිබෙනවා. මේ අවස්ථාවේ දී පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ පනත් කෙටුම් කවරේ ද යන්න ඔබ දැන ගත යුතු කරුණක්. ඒ සම්බන්ධව යම් විවරණයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
රජයේ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා මාර්ගයට වඩා තරමක් වෙනස් ක්‍රියාමාර්ගයක් පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල දක්වා තිබෙනවා. මේ පිළිබඳ විධි විධාන අංක 47 සහ 48 දරන පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල කරුණු දක්වා තිබෙනවා. පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් බොහෝ විට ඉදිරිපත් වන්නේ සමාජ සේවා ආයතන, ආගමික සිද්ධස්ථානවලට සම්බන්ධ සමිති සමාගම්, පෞද්ගලික ධනය යොදා පොදු යහපත සඳහා පවත්වා ගෙන යන ආයතන යනාදිය සංස්ථාගත කිරීම සඳහායි කිවුවොත් වඩාත්ම නිවැරදි. මෙවැනි ආයතන සංස්ථාගත කිරීම මඟින් ඒවාට කිසියම් නීතිමය පිළිගැනීමක් ඇති වීම මෙයට මූලික හේතුවක් ලෙස දක්වන්න පුළුවන්.
රජයට අදාළ කටයුතු සම්බන්ධයෙන් වුව ද පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමේ අයිතිය පෞද්ගලික මන්ත්‍රීවරුන්ට මේ අනුව තිබෙන බව පෙනී යනවා. ඇතැම් අවස්ථාවල දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත් පවා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ලෙස ඉදිරිපත් කර තිබෙනවා. මෙහි දී ජයන්ත කැටගොඩගේ මේ යෝජනාව හුදෙක්ම පොදුජන පෙරමුණ පක්ෂයේ නැත්නම් පොහොට්ටු පක්ෂයේ නායකයා ලෙස අනියම් ලෙස පිළිගැනෙන බැසිල් රාජපක්ෂගේ යන ජන මතයක් ද තිබෙනවා. බැසිල් රාජපක්ෂගේ අවශ්‍යතාව මත මේ ක්‍රියාදාමය මතු වුණා කියලා තමයි බොහෝ දේශපාලන විචාරකයින් සඳහන් කරන්නේ.
සංස්ථාගත කිරීමකට අදාළ නොවන කරුණක් පිළිබඳව ඉදිරිපත් වන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 47 හි දක්වා තිබෙනවා. ඒ අනුව අදාළ මන්ත්‍රීවරයා විසින් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අවසරය ලබා ගන්න අවශ්‍යයි. ඒ සඳහා යෝජිත පනත් කෙටුම්පතේ අරමුණු සහ ප්‍රමුඛයන් පැහැදිලි කරමින් එකී පනත් කෙටුම්පතේ සිංහල සහ දෙමළ පිටපත් එහි ඉංග්‍රීසි පරිවර්තනයක් සහ අදාළ යෝජනාව සමඟ පාර්ලිමේන්තු මහ ලේඛම්වරයාට භාරදිය යුතුයි. එය මේ වන විට ජයන්ත කැටගොඩ මහතා මඟින් සිදු කර තිබෙනවා.
මෙහි ගැටලු සහගත තත්වය ඒක නොවේ. ස්වෛරී ශ්‍රී ලංකාවක් සඳහා ගැටලු සහගත තත්වයක් උද්ගත වී තිබෙන සමාජ වපසරියක තමයි මේ පනත් කෙටුම්පත ඉදිරියට එන්නේ. කෘෂි නිෂ්පාදන ආර්ථිකය ඇතුළු නිෂ්පාදන ආර්ථිකය බිඳ වැටී තිබෙන යුගයක රටේ ඡන්ද හකුලා ඇති අවස්ථාවක මේ වගේ පනත් කෙටුම්පතක් මතු වීම ඉතාමත් ගැටලු සහගත තත්වයක්. මහ ලේඛම්වරයා පනත් කෙටුම්පත භාෂා තුනෙන් ම රජයේ ගැසට් පත්‍රයේ මේ වන විට පල කර තියෙනවා. පල වූ දින සිට සතියක් කාලයක් ගිය පසු ඒ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ ඇතුළත් කරනු ලබනවා. අවසරය සඳහා වන යෝජනාව අදාළ මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු වෙනත් මන්ත්‍රීවරයෙකු විසින් එම යෝජනාව ස්ථිර කරන්න අවශ්‍යයි. ඒ යෝජනාවත් මේ වන විට ස්ථිර කරලා තියෙනවා.
පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පළමු වර කියවීම ලෙස සලකන්නේ අවසරය ලබා ගැනීමයි. අවසරය ලැබුණු පසු පනත් කෙටුම්පතක් ලෙස මුද්‍රණය කරනවා. එම මුද්‍රිත පිටපත් අදාළ විෂය භාර අමාත්‍යවරයා වෙත වාර්ථා කිරීම සඳහා යොමු කරනු ලබන්නේ ඉන් පසුවයි. මේ මුල් අවස්ථාවේ දී පනත් කෙටුම්පත පිළිබඳව කිසිඳු සාකච්ඡාවක් සිදු වෙන්නේ නැහැ. පනත් කෙටුම්පත අමාත්‍යවරයා වෙත යොමු කිරීමෙන් පසුව එහි වාර්ථාව ලැබෙන තෙක් හෝ එසේ නොලැබුණහොත් යොමු කළ යුතු දිනයේ සිට මාස 6 ක් ගත වන තෙක් හෝ පාර්ලිමේන්තුව ඒ පිළිබඳව ඉදිරි පියවරක් ගන්නේ නැහැ. ඇමතිවරයාගේ වාර්ථාව ලැබුණු පසුව හෝ මාස 6 ක් ඉක්ම ගිය පසු දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ ඇතුළත් කරනු ලබනවා.
සංස්ථාගත කිරීම සඳහා වන පනත් කෙටුම්පත් පිළිබඳව විධි විධාන ස්ථාවර නියෝග 48 හි දක්වා තිබෙනවා. ඒ අනුව එවැනි පනත් කෙටුම්පත් පරමාර්ථ හා එහි සාමාන්‍ය ස්වභාවයක් පිළිබඳ ප්‍රකාශය සිංහලෙන්, දෙමළෙන්, ඉංග්‍රීසියෙන් ආණ්ඩුවේ ගැසට් පත්‍රයේත් ජනරජයේ ප්‍රචාරය වන ප්‍රවෘත්ති පත්තරවලත් යටත් පෙදෙසින් එක් සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි පත්තරයකත් ප්‍රසිද්ධ කොට ඒ පිළිබඳව මහජනතාවට කරුණු දැනුම් දීම නීතියේ යථා තත්වයයි.
පාර්ලිමේන්තුවේ අවසරය ඉල්ලීමට එක් මසකට පෙරවත් එම දැන්වීම් පල කරන්න අවශ්‍යයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවසරය ඉල්ලීම සඳහා මුලින් කී අවශ්‍යතාවන්ට අමතරව මෙම දැන්වීමේ පිටපතක් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ඉදිරිපත් කරන්න අවශ්‍යයි. මේ දෙයාකාරයේ පනත් දෙයාකාරයේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අනුගමනය කරන සෙසු ක්‍රියාමාර්ග බෙහෙවින්ම සමාන වන සුළුයි. දෙවන වර කියවීමෙන් පසු පනත් කෙටුම්පත ස්ථාවර කාරක සභාවකට හෝ ඇමතිවරයෙකු හෝ නියෝජ්‍ය ඇමතිවරයෙකු ඉදිරිපත් කරන යෝජනාවකට අනුව විශේෂ කාරක සභාවකට යොමු කරනවා. එම කාරක සභා වාර්ථාව ලැබුණු පසුව එය සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලබනවා. අදාළ කාරක සභාවට පනත් කෙටුම්පතේ යම් වගන්ති සංශෝධනය කිරීමට, ඉවත් කිරීමට හෝ අලුතින් වගන්ති ඇතුළත් කිරීමට හෝ යෝජනා කරන්න පුළුවන්. පාර්ලිමේන්තු කාරක සභා වාර්ථාව සලකා බැලීමෙන් පසුව තෙවන වර කියවා පනත සම්මත කරගනු ලබනවා. කථානායකවරයා අදාළ සහතිකය අත්සන් කිරීමෙන් පසුව එය මෙරට නීතියේ කොටසක් බවට පත් වෙනවා.
ආයතන සංස්ථාගත කිරීම සඳහා වන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් සම්මත කරවා ගැනීම පහසු වෙන්න පුළුවන්. රාජ්‍ය කටයුතුවලට අදාළ මෙවැනි පනතක් සම්මත වන්නේ ඉතාමත්ම කලාතුරකින්. එසේ සම්මත වූවත් එවැනි පනතක් ක්‍රියාත්මක කිරීමේදී ද බොහෝ ගැටලු සහගත තත්වයන් උද්ගත වන බව කැටගොඩ මහතා තේරුම් ගන්න අවශ්‍යයි. එහෙම නැත්නම් පොදු ජන පෙරමුණේ පොහොට්ටු පක්ෂය ඒ ගැන තේරුම් ගැනීම ඉතාම වැදගත්. ලංකාවේ ස්වෛරීභාවය ඒකීයතාවය හා නිදහස ස්ථාපිත වී නැති පරිසරයක මෙවැනි පනත් කෙටුම්පත් මතු වීම ඉතාම අනාගත ශ්‍රී ලංකාවට ගැටලු සහගත තත්වයක් උද්ගත කරනවා.
ලංකාවේ පාර්ලිමේන්තුව පර්යේෂණාත්මකව එහෙම නැත්නම් න්‍යායාත්මකව තොරතුරු සොයා බලා ඇකඩමික් ක්‍රියාදාමයන්වලට මැදිහත් වීම අවම තත්වයක තමයි තිබෙන්නේ. නවෝත්පාදනයන්ගෙන් සමන්විත මූලික වශයෙන් කෘෂිකර්මාන්තය මත පදනම් වූ සමෘද්ධිමත් සමතුලිත ජාතික ආර්ථිකයක් ගොඩ නැගීමට පෞද්ගලික මන්ත්‍රීවරුන් මෙතෙක් අදාළ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරලා තිබෙනව ද කියන ප්‍රශ්නය මතු වෙනවා.
ජාතික සම්පත් ධනය හා පරිසරය පුරවැසියන්ගේ හා ඔවුන්ගේ අනාගත පරම්පරාවේ ප්‍රයෝජනය සඳහා මේ සමාජය ගොඩ නැගීමේ යාන්ත්‍රනයක් සංවිධානය කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රීවරුන් ඇකඩමික් (ශාස්ත්‍රීය) ආකාරයේ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරලා තියෙනව ද? ජාතික සමගිය, මහජන ආරක්ෂාව, සුභ සාධනය හා සහ ජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කිසියම් පෞද්ගලික පනත් කෙටුම්පත් ඉදිරිපත් කර තිබෙනව ද?
විනය, වගකීම් සහ වගවීම සමඟ දක්ෂ මානව සම්පත් සංවර්ධනය කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රීවරුන් වෙහෙසී පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තියෙනව ද කියලා මතු වෙන ප්‍රශ්න ගණනාවක් උද්ගත වී තිබෙන්නේ මේ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත නිසා. නීතියේ ආධිපත්‍ය සහ යුක්තිය පසඳලීමේ ස්වාධීනත්වය තහවුරු කරන ජාතික රාජ්‍යයක් ගොඩනැගීමට උරදෙන යෝජනා ඇතුළත් පනත් කෙටුම්පතක් මේ ලංකාවේ දැනට සිටින මන්ත්‍රීවරුන්ගෙන් පෞද්ගලික පනත් කෙටුම්පතක් වශයෙන් ඉදිරිපත් වී තිබෙනව ද?
ස්වාධිපත්‍ය සහ ජාතික අනන්‍යතාවය ආරක්ෂා කරමින් නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් මත පදනම් වූ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව සියලු ම රාජ්‍යයන් සමඟ සබඳතාවයන් වර්ධනය කර ගැනීමේ අභිලාෂය මතු කරන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක අවශ්‍යතාවය මේ මොහොතේ තදින් ම රටට දැනෙන අවස්ථාවක්. ඒ නිසා ඒ පිළිබඳව රටේ විශේෂඥ දැනුමක් සහිත වෘත්තිකයන්ගෙන් ප්‍රමාණික බුද්ධිමතුන්ගෙන් අදාළ තොරතුරු ලබා ගෙන ක්‍රියා කරන්න අපේ රටේ ව්‍යවසථාදායකයේ මන්ත්‍රීවරු ඇබ්බැහි වෙලා තියෙනව ද?
වංචාව හා දූෂණය අදූරදර්ශී අකාර්යක්ෂම දේශපාලන පරිපාලන නායකත්වය සහ අවිධිමත් ආර්ථික කළමනාකරණය පසු ගිය වසර 75 පුරාම රට තුළ ගොඩනැගුනු ඛේදවාචක සංස්කෘතිය ඉවත් කිරීම සඳහා අවශ්‍ය පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ පනත් කෙටුම්පතක් මේ වන විට ඉදිරිපත් වී තිබෙනව ද? ලංකාවේ පසු ගිය වසර 75 තුළම ගැඹුරුත ම ආර්ථික අගාධයක ගිල්වා ඇති බව තේරුම් ගෙන මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්‍රියාකරනව ද? ජන වර්ග අතර වාර්ගික හා ආගමික සහජීවනය ඇති කර ගනිමින් සමෘද්ධිය සහ ආර්ථික තිරසාරකත්වය කරා මේ රට මෙහෙයවීමට අවශ්‍ය පනත් කෙටුම්පතක අවශ්‍යතාවය පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනාවලින් සමන්විත ව ඉදිරිපත් වී තිබෙනව ද? ගැඹුරු දැක්මක් සහිත සැලැස්මක් නිර්මාණය කිරීමේ හැකියාව අපේ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සතු ද? ඒ සඳහා සැලැස්මක් හෝ ඉලක්කගත වැඩ පිළිවෙළක් තිබෙනව ද? ගැටලු සහගතයි නේද?
සමාජයේ හා පාරිසරික තිරසාරත්වය ළඟා කරගනිමින් ආර්ථික ස්ථාවරත්වයක් ගොඩ නඟමින් හා ඒකීය රාජ්‍යක් ස්ථාපිත කිරීමෙන් ගෞරවනීය රටක් ස්ථාපිත කිරීම මන්ත්‍රීවරුන්ගේ ප්‍රධාන හරය විය යුතුයි නේද? කැටගොඩගේ යෝජනාව තුළ ඇත්තේ පොදු ජන පොහොට්ටු පෙරමුණ පක්ෂයේ පෞද්ගලික අභිලාෂයන් නොවේ ද? මෙය ඉතාම ගැටලු සහගත තත්වයක්. සමාජය තුළ ප්‍රශ්න කරමින් ඉන්න වපසරියක් අපට එදිනෙදා සාකච්ඡාවට බඳුන් වන කරුණුවලින් පැහැදිලි වෙනවා. කෘෂි නිෂ්පාදන ආර්ථිකය ඇතුළු නිෂ්පාදන ආර්ථිකයකට ප්‍රමුඛත්වය දෙන කරුණු සොයා හඹා යන මන්ත්‍රීවරුන්ට ප්‍රඥාව ලැබේවා යැයි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා ඉදිරි දැක්මක් සඳහා දැනුම සොයා ගත යුතු අපේ ව්‍යවස්ථාදායක සභාවේ සියලු ම නියෝජිතයින්ට ප්‍රඥාව ඥාන මණ්ඩලයක් හරහා යෑමේ භාග්‍ය උදාවේවා යැයි අපි ප්‍රාර්ථනය කරමු.
පෞද්ගලිකව ලැබිය හැකි දේ ගැන නොව රටට පොදුවේ ලැබිය හැකි සුභ සෙත අපේක්ෂාවන් එහෙම නැත්නම් බලාපොරොත්තු, කාලය, ශ්‍රමය, හා හැකියාවත් පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරුන් සිය භූමිකාවේ දී තේරුම් ගන්න අවශ්‍යයි. විටෙක අපේ බොහෝ මන්ත්‍රීවරුන් පොදු මහජනතාවට සාධාරණ යුක්ති සහගත තත්වයක් ගොඩනගන්න උත්සහ ගන්නවා. ඒ වගේම ඒ මන්ත්‍රීවරුන්ගෙන් බිහිවෙන නායකයින් පසු කාලීනව පාලකවරු වගේම පාලක හොරුත් වෙනවා.
දැන් ජයන්ත කැටගොඩ ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පත පිළිබඳව ඇත්තටම පාලක හොරු බවට පත්වන්නට ගන්නා උත්සහයක් ද කියලා බොහෝ විට පසක් වන සුළුයි. ඒ නිසා ද දන්නේ නෑ රජයේ නීතිපතිවරයා තමන්ගේ වගකීම සිය ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වන විට දැනුවත් කරලා තියෙනවා. ලංකාවේ රාජ්‍ය නායකයා විධායක බලතල සහිත ජනාධිපතිවරයා. උපරිමාධිකරණයක් සහිත අධිකරණ පද්ධතියකින් යුක්තිය පසඳලීම සිදුවෙනවා. මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේනතුවට ව්‍යවස්ථාදායක බලතල පැවරී තිබෙනවා. ඒ බලතල තිබුණු පලියටම අයුතුසහගත පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් ඔහුගේ හෝ ඇයගේ නෛතික දැනුම පිළිබඳවත් සමාජ හැසිරීම පිළිබඳවත් අවබෝධ වන සුළුයි.
අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලය ජනාධිපතිවරයා විසින් පත් කරගනු ලබන තත්වයක් තමයි අපේ රටේ තියෙන්නේ. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු ඡන්දය ප්‍රකාශය කිරීමට අයිතිය නැහැ. පාර්ලිමේන්තුවේ කටයුතුවලට සහභාගී වීමේ අයිතිය නමුත් තියෙනවා. ඒ බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය දිනවල ප්‍රකාශනය කළා ඔහුගේ භාවිතය හා හැසිරීම තුළින්. උපරිමාධිකරණය සඳහා විනිසුරුවරයන් පත් කිරීමේ අවසාන බලධාරියා වන්නේ ජනාධිපතිවරයායි. මේ අනුව පැහැදිලි වන්නේ යම් ප්‍රමාණයක බලය බෙදීමක් මෙන්ම බලතල තුලනයක් සහිත පාලන තන්ත්‍රයක් ලංකාවේ ක්‍රියාත්මක වන බවයි. නීති සෑදීම නැත්නම් ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව අධ්‍යනයකට අවශ්‍ය පසුබිම මෙවැනි මාතෘකා තුළින් අප ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වන ව්‍යවස්ථාවේ මෙහෙම සඳහන් වෙනවා. නීති සෑදීමේ බලය පාර්ලිමේන්තුවට පවරා දීම සම්බන්ධව. 75 අතීතයට ද බලපාන්නා වූ නීති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර හෝ විධිවිධානයක් පරිචින්න කරන්නා වූ හෝ ආණුක්‍රම ව්‍යවස්ථාවට යම් විධිවිධානයක් එකතු කරන්නා වූ හෝ නීති ඇතුළුව නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට ඇත්තේ ය යනුවෙන් සඳහන් වෙනවා. එහෙම වුවත් මෙහෙමත් සඳහනක් තියෙනවා. ඇ. ත. පා. (අ) ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ එහි යම් කොටසක ක්‍රියාකාරිත්වය අත්හිටවන්නා වූ නීතියක් තැනවීම හෝ
(ආ) ආණුඩුක්‍රම ව්‍යවස්ථාව පරිචින්න කරන්නා වූ නීතියෙන්ම ඒ වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවනු ලබන්නේ නම් මිස ආණුඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින් ම පරිචින්න කරන්නා වූ නීතියත් පැනවීම හෝ පාර්ලිමේන්තුව විසින් නොකළ යුත්තේ ය.
දැන් ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාගෙන් නව පනත් කෙටුම් පතත් එවැනි තත්වයක් යටතේ තමයි තියෙන්නේ. නීති සෑදීමේ දී පාර්ලිමේන්තුවට ඇති බලතල මෙන්ම එහි සීමාවන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වලා තියෙනවා. සියලු ම නීති සහ අනු නීති පැනවීම නැතහොත් සෑදීම ද මේ සියලු ම නීති සහ අනු නීති පළකිරීම ද ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනයක් ද ඇතිව සිංහල දෙමළ භාෂා දෙකෙන් ම විය යුත්තේ ය යනුවෙන් නීති පැන වීමේ දී යොදා ගත යුතු භාෂාව පිළිබඳ විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 න් වන ව්‍යවස්ථාවේ දක්වා තිබෙනවා.
රටේ, රජයේ හෝ සමාජයේ යම් අවශ්‍යතාවයක් සඳහා පොදු නීතියක් පැන වීමේ දී ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය යයි. ඒ සඳහා ගනු ලබන මූලික පියවර වන්නේ ඊට අදාළ සියලු ම කරුණු ඇතුළත් කොට පනත් කෙටුම් පතක් සකස් කිරීම යි. එසේ සකස් කරනු ලබන පනත් කෙටුම්පතක් මූලික වශයෙන් රජයේ පනත් කෙටුම්පත් සහ පෞද්ගලික මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන පනත් කෙටුම්පත් වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්. රජයේ පනත් කෙටුම් පතක් සකස් කිරීමේ මූලික කටයුතු ඉටු කරනු ලබන්නේ අදාළ අමාත්‍යංශය හෝ දෙපාර්තමේන්තුව විසින්. මෙහි දී අදාළ නීතිය බලපාන පාර්ශ්වයන්ගෙන් අදහස් විමසා අවසාන යෝජනා ඉදිරිපත් කිරීම අදාළ අමාත්‍යංශයේ හෝ දෙපාර්තමේන්තුව වෙත පැවරුණු වගකීමක්.
එම අදහස් හා යෝජනා පදනම් කරගෙන පනත් කෙටුම්පත් කිරීමේ කාර්යය ඉටු කරනු ලබන්නේ රජයේ නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින්. එසේ සකස් කරනු ලබන පනත් කෙටුම් පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ රටේ වෙනත් නීතියකට පටහැනි ද යන්න සොයා බැලීමේ පරම වගකීම පැවරී තිබෙන්නේ රජයේ නීතිපතිවරයාටයි. ඒ පරම වගකීම ඔහු පසුගිය දා ප්‍රදර්ශනය කරා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට. එය රජයේ යහපත් දැක්මක් දකින්න පුළුවන් අවස්ථාවක්. නම්ත් දේශපාලනික නායකත්වය හා පොහොට්ටුව අතර තිබෙන ගැටුමක යම් විකල්ප ක්‍රියාමාර්ගයක් ද කියලා අප දන්නේ නැහැ. කොහොමහරි එම අදාළ කැටගොඩගේ පනතට එරෙහිව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු පනතට විරුද්ධව බහුතරයේ මතය වුණේ තුනෙන් දෙකක ඡන්දයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවයි. කොහොමහරි එවැනි පරිසරයක් තුළ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිවරයා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට දක්වලා තිබෙන්නෙත් වැඩිම ඡන්දයකින් එහෙම නැත්නම් තුනෙන් දෙකක ඡන්දයකින් මෙය සම්මත විය යුතුයි කියලා. ඒ කියන්නේ නීතිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ පනත් කෙටුම්පත නීතියට පටහැනි බව අනියම් ලෙස හුවා දැක්වීමක් මින් ප්‍රදර්ශනය කරවන සුළුයි. කරුණු කෙසේ වෙතත් වර්ථමාන පොදු සමාජය ප්‍රබුද්ධයි. සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙන සුළු ක්‍රියාවන්වලට ඉදිරිපත් වීමට පෙර පාර්ලිමේන්තුවේ පත්කළ හෝ මහජන මන්ත්‍රීවරු තේරුම් ගත යුතුයි.
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කතානායකවරයාට අද හෙටම සිය තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දීමට නියමිතයි. පාලකවරු පාලක හොරු වන්නේ නීතිය අයුතු ලෙස යොදා ගෙන හැසිරීමට ක්‍රියාකරන අවස්ථා තුළින් ඇති කරන හිතකර සහ අහිතකර ප්‍රතිඵල පිළිබඳ ගවේෂණාත්මක විග්‍රහයකට යන විටයි. ඒ නිසා ජයන්ත කැටගොඩගේ මේ පනත් කෙටුම්පත පිළිබඳවත් තුලනාත්මකව විග්‍රහ කිරීමට සමාජයට අවකාෂය ඒ තුළින් ලැබී තිබෙනවා. කොහොමහරි මේ වන විට රටේ එහෙම නැත්නම් පාලක පක්ෂයේ අධිකරණ අමාත්‍යවරයා විජයදාස රාජපක්ෂ. ඔහු සාමාන්‍ය නීතිය නොදන්නා පුරවැසියෙකු එහෙම නැත්නම් මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු නොවේ. ඔහු නීතිය මනාව දන්නා ඇකඩමික් එහෙම නැත්නම් ශාස්ත්‍රීය ගුණාත්මක හැසිරීමක් භාවිතාවක් ඔහු තුළින් පසුගිය කාලය තුළින් ප්‍රදර්ශනය වූ අවස්ථා තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවත් ඇත්තේ අධිකරණ අමාත්‍යංශය යටතේ. මේ පිළිබඳව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මත ඉදිරි වැඩිදුර විස්තර අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ලිව්වේ සුමිත් කොඩිතුවක්කු.