2002 සහ 2015 දී 19ය දෙවරක් ගෙනා අතර ඒ දෙසැරේදීම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ලබා දී ඇත. 2002 සහ 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණ 2 සිංහල භාෂාවෙන් ලබා ගත්තොත් 2015 දී 19ය ගෙන එමින් කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය දැන ගත හැකිය. එනම් 2015 දී 19 ගෙනාවේ 2002 දී 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින් බව තේරුම් ගත හැකිය. 2002 සහ 2015 යන වර්ෂ 2දී රනිල් වික්‍රමසිංහ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් 2ක් ගෙනා අතර පුරවැසියන් විසින් ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ 2ක් ලබා දී ඇත. (2002 සහ 2015 දී 19ය දෙවරක් ගෙනා බව මෙරට ජනතාවගෙන් බොහෝ දෙනෙක් දන්නේ නැත.) මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.