නීතීඥවරයෙකුට තමන් පවරන නඩුවක නීතිඥවරයා ලෙස පෙනී සිටිමින් තමන්ගේ නඩුව පවත්වාගෙන යාම වැළක්විය හැකිද? විදවතුන් නිතර විමසන  වැදගත් නීති ප්‍රශ්නයකි. නීතියේ පාලනය පිළිබඳ ප්‍රශ්නයකි. නීතියට ඇති සාධාරණ ප්‍රවේශය පිළිබඳ ප්‍රශ්නයකි. නීතියේ රැකවරණය පිළිබඳ ප්‍රශ්නයකි. සමාජ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයකි. නීතීඥවරයෙකු තමන් පවරන නඩුවක  නීතිඥවරයා ලෙස පෙනී සිටීමින් එම නඩුව පවත්වාගෙන යාම බොහෝවිට මෙරට අධිකරණවල දක්නට ලැබේ.  එය දීර්ඝ කාලයප් පැවති පිළිගත් සම්ප්‍රදායක්ද, නීතියට අනුකූල තත්ත්වයක්ද, බොහෝ නීතිඥවරුන් අනුගමනය කරන ක්‍රියාවක්ද වෙයි. මෙම ලිපිය ලියන නීතිඥවරයාද පුද්ගලිකව කරුණු ඉදිරිපත් කරමින්  ‍ පනත් කෙටුම්පත් අභියෝග කරමින් ජයගත් අයෙක්වන අතර (කියවන්න 2021 ජූලි 06 අඟහරුවාදා පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව 1387-1449 පිටු)  වෙනම රටක් වෙනුවෙන්  අරමුණු පරමාර්ථ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) ව්‍යවස්ථාව, ජනාධිපතිවරයාට එරෙහි මූලික අයිතිවාසිකම් නඩු මෙන්ම, විවිධ පුද්ගලයන් විසින් ගෙන ආ නඩු නිමිතිවලට එරෙහිව සිවිල් අභියාචනා මහාධිකරණයේද පුද්ගලිකව නඩු පවරා නීතිඥවරයෙකු ලෙසම පෙනී සිට ඇත. නීතීඥවරයෙකුගේ වෘත්තීය කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 136 ව්‍යවස්ථාව මගින් පාලනය කරන අතර ඒ අනුව 1988 ශ්‍රේෂ්ඨාධිකරණයේ (නීතීඥවරයන් සඳහා වූ වෘත්තීය පැවැත්ම සහ ආචාරධර්ම පිළිබඳ) රීති, 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත මගින් එය විධිමත් කර පාලනය කර හැඩගස්සවා ඇත. නීතීඥවරයෙකු තමන් පවරන නඩුවක  නීතිඥවරයා ලෙස පෙනී සිටීමින් එම නඩුව පවත්වාගෙන යාම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නොවන වෙනත් ආකාරයකින් වැළැක්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 9, 10, 11, 12, 14, 28, 121, 126, 134, 136 ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමකි. එමෙන්ම සිවිල් නඩු විධාන සංග්‍රහ පනතේ 834 වගන්තිය මගින්ද විනිසුරුවරු සහ නීතිඥවරුන්ගේ වරප්‍රසාද ගැන දක්වා ඇති අතර එයද උල්ලංඝනය කිරීමකි. එම නීති ප්‍රතිපාදන නොතකා නීතීඥවරයෙකු තමන් පවරන නඩුවක  නීතිඥවරයා ලෙස පෙනී සිටීම වළක්වන එනම් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නොවන වෙනත් ආකාරයකින් වළක්වන තැනැත්තන්ට එරෙහිව 1969 අංක 22 දරන රාජ්‍ය (සිවිල් වරදෙහිලා වගකීම්) පනත (State (Liability in Delict) Act), දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තියේ වැරදි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතාන්විතව උල්ලංඝනය කිරීම, 2007 අංක 56 දරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනත යටතේ නඩු නිමිති හටගන්නා අතර, මහේස්ත්‍රාත් අධිකරණයේ, දිසා අධිකරණයේ, මහාධිකරණයේ, අභියාචනාධිකරණයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා සහන, වන්දි ලබා ගත හැකිය. (නීතීඥවරයෙක් අධිකරණයේදී තමන්ගේ වෘත්තීය සැඟවීම, සැඟවෙන ආකාරයට ක්‍රියා කිරීම වරදක් වන බවද, නීතිඥවරයෙකු අපරාධ නඩුවක චූදිතයෙකු වන විට සහ තමන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නඩුවක් විභාග කරන විට මේ තත්ත්වය වෙනස්වන බවද එහිදී නීතීඥ වෘත්තීය තත්ත්වය අහිමි කරවන බවද ලේඛකයාගේ අදහසයි.) 

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න