ඇමෙරිකාවට, එංගලන්තයට, ඕස්ට්‍රේලියාවට යන රටේ ඇත්තෝ එහි කලු පැත්ත මිස සුදු පැත්ත රටට ගේන්නේ නැත. ඒ මිලියන 18ක් වූ සිංහල ජනතාවගෙන් ලැබෙනවාට වඩා වැඩි වාසියක් මිලියන 80ක් වන දෙමළ ජනතාවගෙන් ලැබෙන නිසා මෙන්ම සිංහල මිලියන 18ට දේශපාලන, ආර්ථික, නෛතික බලයක් අහිමිකර ඇති නිසාය. මිලියන 80කගේ සහාය ලැබෙන ඩයස්පෝරාවේ ඩොලර්, පවුම් මත මිලියන 18ක් වන සිංහල ජනතාව බේදකිරීමට, අයිතිවාසිකම් අහිමි කිරීමට දේශපාලනය කිරීම වඩා වාසිදායකය. ආසන්නතම උදාහරණය වන්නේ දෙමළ භාෂාවෙන් නීතිය ඉගැන්වීම නතර කිරීමට, නීති විභාග පැවැත්වීම නතර කිරීමට අලි සබ්‍රි අධිකරණ ඇමති, ජයන්ත ජයසූරිය අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාව 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයෙන් අනු නීති පැනවූ විට දෙමළ ඩයස්පෝරාව හෝ සුමන්තිරන්, සම්බන්ධන් හෝ දෙමළ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නා අය එයට එරෙහි වුණේ නැත. ශ්‍රී ලංකාවේ විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ වරදකට ඇගිල්ලක් එල්ල කළ විට ජනතාව ඒ ඇගිල්ලේ දොස් විවේචනය කරන අතර, අධිකරණයේ වරදකට ඇගිල්ලක් එල්ල කළ විට ඒ ඇගිල්ල වරදකරු කිරීම ද මෙහි ප්‍රතිඵලයකි. සිංහල භාෂා අයිතිවාසිකම් අහිමි වන්නේ නම් දෙමළ භාෂා අයිතිවාසිකම් මේ අයට අවශ්‍ය නැත. දෙමළ භාෂා අයිතිය කරළියට ගන්නේ සිංහල භාෂා අයිතිය අහිමි කිරීමට අවශ්‍ය ප්‍රමාණයට පමණක් බව නීති අධ්‍යාපනය දෙමළ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම නතර කිරීමට එරෙහිව ඩයස්පෝරාවේ නිහඬත්වයෙන් පෙනේ. ඇමෙරිකාවට, එංගලන්තයට, ඕස්ට්‍රේලියාවට යන රටේ ඇත්තෝ එහි කලු පැත්ත මිස සුදු පැත්ත රටට ගේන්නේ නැති අතර දෙමළ ජනතාව යොදා ගන්නේ සිංහල ජනතාවගේ භාෂා අයිතිය, ආර්ථික අයිතිය, දේශපාලන අයිතිය අහිමි කිරීමට අවශ්‍ය ප්‍රමාණයට පමණි. මේ සම්බන්ධයෙන් සහ නීතියේ පාලනය ශක්තිමත් කිරීමට වන තවත් නීති යෝජනා මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ වෙනත් නීති ප්‍රතිපාදන මගින් විසඳුම් සෙවීමේ නීති අධ්‍යාපන වැඩසටහන 2022 දෙසැම්බර් 15 සවස 2.30ට කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වේ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න