(බුද්ධාගමේ හර පද්ධතිය කිහිප දෙනෙකු විසින් වචනයෙන් බිඳවීම සහ එයට ලබා දීමට යන කායික දණ්ඩන නෛතික ප්‍රතිචාර මගින් බුදු දහමේ සාරයට අත්විය හැකි අහිතකර ප්‍රතිඵල ගැන අවබෝධයක් නීතිය ඇසුරෙන් ලබා දීම මෙම ලිපියෙන් අපේක්ෂා කරයි.) තලේබාන් ක්‍රමයට බුද්ධ ශාසනය ආරක්ෂා කළ නොහැකි අතර, රෝම ලංදේසි නිතියෙන් ද බුද්ධාගම ආරක්ෂා කළ නොහැක. අන් ආගමික විනිසුරුවරු බුද්ධාගම හෝ බුද්ධ ශාසනය සම්බන්ධ තීරණ ගැනීමේ නෛතික සහ සදාචාර සම්පන්න සාක්ෂරතාවය තිබේද? කාති අධිකරණ වලට ඉස්ලාම් හැර කතෝලික හෝ බෞද්ධ විනිසුරු පත් වෙයිද? ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ බුද්ධ ශාසනය සම්බන්ධ නීති අධ්‍යාපනය ලබා දෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ සිංහල ඉංහ්‍රීසි වෙනස තේරුම් ගැනීමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 ව්‍යවස්ථාවේ බුද්ධ ශාසන අධිකරණය පිහිටුවීමත් වහා නොකළහොත් බුද්ධාගම අනාරක්ෂිත වනු ඇත. බුද්ධාගමේ දහම සම්බන්ධ කාරණාවලදී කායික දණ්ඩන පනවා නැති අතර, බ්‍රහ්ම දණ්ඩනය පමණක් සීමිත අවස්ථාවක දඩුවමක් ලෙස පනවා ඇත. බුද්ධාගම අවිහිංසාවාදී, මෛත්‍රීය පතුරවන දහමකි, ඉගැන්වීමකි. එය බාර්බේරියන් වර්ගයට ඇද දැමීම තේරුම් නොගතහොත් රටත්, සමාජයත් තවත් අර්බුදයට ඇද දමයි. චූලෝදර මහෝදර ආරවුල වැළැකූ, ලිච්ඡවී පාලනය කියා දුන් බුදු රජාණන් වහන්සේගේ දහම පලිගැනීම, වෛරය නොව මෛත්‍රීය වෙතටය. නහී වේරේන වේරානී, සම්මන්තීධ කුදාචනං. අවේරේනච සම්පත්තී, ඒස ධම්මෝ සනන්තනෝ…. (වෛරයෙන් වෛරය නොසංසිඳේ, අවෛරයෙන්ම වෛරය සංසිඳේ. මෙය ලෝක ධර්මතාවයකි.) පාඨයෙන් ජපානයට පවා බෝම්බ හෙළීම සම්බන්ධයෙන් වෛර නොකිරීම ගැන පාඩම් කියා දුන්නේ ශ්‍රී ලංකාව බව අමතක නොකළ යුතුය. ධර්මිෂ්ඨ සමාජය ක්‍රියාත්මක විය යුත්තේ ආගමික කරුණු ගැන වෛරයෙන් සහ පළිගැනීමෙන් ක්‍රියා කිරීමෙන් නොව සාකච්ඡාවෙනි, විවාදයෙනි. තලේබාන් ක්‍රමයට බුද්ධාගමට ප්‍රමුඛත්වය දීමත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමත් කළ නොහැකිය. එසේ කිරීම බුද්ධ ශාසනයේ පිරිහීමට හේතු වෙයි. බුද්ධාගමට සහ බුද්ධ ශාසනයට අගෞරව කරන අයට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව සමග කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය යටතේ පොලීසියට නඩු පැවරිය හැකිය. නීතියේ සිංහල නුගමුල, ෆීනික්ස් නීති සාර සංග්‍රහය.දුරකථන 0712063394

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න