ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගොස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාවේ ආරක්ෂා කර ඇති බුද්ධ ශාසනය සුරක්ෂිත  කරන ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීමට ලැබේවා…! ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධ ශාසනය ගැන දක්වා ඇති ස්ථාන 6 ගැන ජනතාව දැනුවත් කිරීමට අවස්ථාව ලැබේවා…! ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 ව්‍යවස්ථාවේ දක්වා ඇති බුද්ධ ශාසනය සම්බන්ධ අධිකරණය පිහිටුවා ගැනීමට ශක්තිය ලැබේවා…! ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැති රෝම ලංදේසි නීතිය, මුස්ලිම් නීතිය, තේසවලමේ නීතිය උගන්වද්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාන 06ක ඇති බුද්ධ ශාසනය සම්බන්ධ නීතිය විෂයක් ලෙස නීති විද්‍යාලයේ නීති පාඨමාලාවට ඇතුළත් කර ගැනීමට ලැබේවා…! රාජා භවතු ධම්මිකෝ….. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc (Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න