කාර්මිකකරණය මෙන්ම ෆොසිල ඉන්ධන දහනයෙන්‌ ධාවනය වන රථවාහන හේතුවෙන්‌ මෙන්ම කරුණු රාශියක්‌ නිසා සමස්ත ලෝකයේම වායු දූෂණය ඉහල යමින්‌ පවතී. ඊට සමගාමීව ශ්‍රී ලංකාවේද වායු දූෂණය කෙමෙන්‌ ඉහල නගින බව පෙනේ. පසුගිය දිනවල අපේ වායු ගොෝලයද බෙහෙවින්‌ දූෂණය වූ අයුරු අපි අත්‌ වින්දෙමු. ඒ අනුව ලොකයේ බලපෑම නිසාත්‌ ,රට තුල සිදුවන ෆොසිල ඉන්ධන දහනය ,අධිකව දුම්පිටවන කර්මාන්ත ආදී කරුණු ගණනාවක්‌ නිසා මෙරට වායුගොලයද දූෂණය වන අතර අනාගතයේදී නිසි ක්‍රියාමාර්ග නොගතහොත්‌ මේ තත්වය තවත්‌ දරුණු විය හැකි බව පෙනෙන්නට තිබෙන්නේ යැයි කොළඹ ජාතික රො’ංහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනිළඳු පතිරණ මහතා කියා සිටී.විශේෂඥ වෛද්‍ය අනිඳු පතිරණ මහතා වැඩි දුරටන්‌ පෙන්වා දෙන්නේ මෙම වායු දූෂණය හේතුවෙන්‌ හෘද රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවන ප්‍රවණතාවක්‌ දක්නට ලැබෙන බවයි. විවිධ රටවල මෙම තත්වය දැඩි සේ සැලකිල්ලට ගෙන විවිධ ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන බව පෙන්වා දෙන පතිරණ මහකා ශ්‍රී ලංකාවද මේ තත්වය සම්බන්ධයෙන්‌ විශේෂ උනන්දුවකින්‌ යුතුව කටයුතු කිරීම අතවශ්‍ය යැයි අවධාරණය කරයි.

කෙසේ වෙතත්‌ ශ්‍රී ලංකාවේ මෙම තත්වයන්‌ සම්බන්ධයෙන්‌ කරුණු නිසි ලෙස අනාවරණ කිරීමට තවත්‌ පර්යේෂණ සිදු කල යුතු බවද පෙන්වා දෙන වෛද්‍ය අනිදු පතිරණ පෙන්වා දෙන්නේ දැනටමත්‌ හෘද රෝග අවදානම ඇති පුද්ගලයින්ට දූෂණය වූ වාතය ආශ්වාස ~ප්‍රශ්වාස කරන්නට සිදු වීමෙන්‌ වඩා අගිතකර ප්‍රතිඵල අත්‌ විඳීමට සිදු විය හැකි බවයි . කෙසේ වෙතත්‌ ශ්‍රී ලංකාවේ පවා නගර ආශ්‍රිතව එළිමහනේ ගමන්‌ කරනවිට [([1 95 වැනි මුව ආවරණයක්‌(011895[()පැලඳීම වඩාත්‌ සුදුසු යැයි ඔහු නිර්දේශ කරයි.

ඔහු මේ කරුණු අනාවරණ කලේ ““රඅලුත්‌ සුව පුවන්‌” කල විමසීමකට ප්‍රතිචාර වශයෙනි.(හඬ පටය අමුණා ඇත.වැඩි විස්තර ~ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනිළඳු පතිරණ මහකා – 0777259767) සටහන – ජානක සුනෙත්‌ බණ්ඩාර – 0714327387

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න