ජාත්‍යන්තර භාෂා 6ක් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගෙන ඇත. එකී භාෂා 6 වන්නේ ප්‍රංශ, ස්පාඤ්ඤ, රුසියන්, චීන, අරාබි සහ ඉංග්‍රීසි භාෂාවන් ය. එකී ජාත්‍යන්තර භාෂා 6 අතරෙන් ශ්‍රී ලංකාවේදී ඉංග්‍රීසියට පමණක් ප්‍රමුඛස්ථානය දෙන්නේ ශ්‍රී ලංකාවේ නාසි – ඉංග්රීසින්ගේ බලපෑමත්, ශ්‍රී ලංකාවේ නාසි – ඉංග්‍රීසීන් අනෙක් ජාත්‍යන්තර භාෂා 5 නොදන්නාකමත්, 1815 සිට එංගලන්තය විසින් ශ්‍රී ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පාලනය කිරීමත්ය. වර්ෂ 1948 සිට වසර 74කට වැඩි කාලයක් ඉංග්‍රීසියට පමණක් ප්‍රමුඛස්ථානය ලබාදී ශ්‍රී ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පාලනය ගෙන යාමට දේශපාලන පක්ෂවලට බෙදී සිටින නාසි – ඉංග්‍රීසි කණ්ඩායම්වලට හැකි විය. එසේ වුවත් රට දියුණු වුණාද? බෙදුම්වාදය නතර වුණාද? යන්න විද්වතුන් ගැඹුරින් සාකච්ඡාවට ලක් කළ යුතුය. ii වන ලෝක යුද්ධයේදී ජරමනියේ ඇඩොල්ෆ් හිට්ලර් ප්රමුඛ නාසීන් ජනසංහාරක් කළේය. නාසින්ගේ පාලනය යුරෝපයේ සාමය බිඳී ගියේය. වර්තමානයේ නේටෝවේ සහාය ලැබෙන යුක්රේනය සහ රුසියාව අතර යුද්ධයකි. ඒ අතර ආසියාවේ නේටෝවක් ගැනද සාකච්ඡා ඇත. මේ දිනවල ඉංග්‍රීසි ජාතික භාෂාවක් කිරීමේ උත්සාහයද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සමාජය හමුවට ගෙනවිත් ඇත. ඉංග්‍රීසි ජාතික භාෂාව කිරීමට යාම ශ්‍රී ලංකාවේ දියුණුවටද, ඉන් බෙදුම්වාදය අවසන් වෙයිද, ආසියාවේ නේටෝවට ලංකාවේ අනාගත බැඳීම වෙනුවෙන්ද යන්න තීරණාත්මක ප්රශ්නය. රුසියාවට සහ චීනයට එරෙහිව ගොඩනගන ආරක්ෂක වළල්ලක් ලෙස ආසියාවේ නේටෝවට ශ්‍රී ලංකාවද එහි සාමාජිකත්වය ගැනීම ගැනද සාකච්ඡාවක් ඇත. ඒ සඳහා පෙර සූදානම් කිරීමක් ඉංග්‍රීසි ජාතික භාෂාව කිරීමෙන් බලාපොරොත්තු වන්නේද යන්නද විවාදිත කරුණුය. ශ්‍රී ලංකාවේ නාසි – ඉංග්‍රීසි බලහත්කාරය රටේ තිරසර සංවර්ධනයට, නීතියේ පාලනය පිහිටුවීමට, සාධාරණ සමාජයකට, අධිකරණයේ ස්වාධීනත්වයට, යහපාලනයට, වගවීමට, සමාජ ප්රජාතන්ත්රවාදයට අහිතකර ලෙස බලපා ඇති බවද ඒ සමගම ජනතාව අතර සාකච්ඡාවක් ඇත. ජාතික විදුලි අවශ්‍යතාවය වෙනුවෙන් රුසියාවෙන් සහ ප්‍රංශයෙන් න්‍යෂ්ටික බලාගාර තාක්ෂණය ලබා ගැනීම ගැනද පරමාණුක බලශක්ති අධිකාරිය සාකච්චා පවත්වන බවද මාධ්‍යයේ පළවෙයි. ශ්‍රී ලංකාවේ නාසි – ඉංග්‍රීසි බලහත්කාරය දෙමළ ජනතාව මාර්ගයෙන් යොදවා ගැනීම කාලයක සිටම සිදුවිය. ඒ සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ.
1. වාහන වලින් ශ්‍රී අකුර ඉවත් කිරීම.
2. බලය බෙදන්න 13වන සංශෝධනය ගෙන ඒම.
3. දෙමළ රාජ්‍ය භාෂාව කිරීම.
4. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම.
5. 13 වන සංශෝධනයෙන් දකුණේ පළාත් 7ක පිහිටවූ අධිකරණ වලින් සිංහලෙන් නඩු විභාග කිරීම නීතියට පටහැනිව වැළැක්වීම.
6. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැරදි ලෙස නතර කිරීම.
7. රජයේ දේපල පුද්ගලීකරණය කිරීම.
8. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහලෙන් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලා සිටියද එය ලබා නොදී පාර්ලිමේන්තු වරප්‍රසාද නොතකා සිටීම.
9. සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ ඇති වෙනස යටපත් කරවීම.
10. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 ව්‍යවස්ථාවේ දක්වා ඇති බුද්ධ ශාසන අධිකරණ නොපිහිටුවීම. ශ්‍රී ලංකාවේ නාසි – ඉංග්‍රීසින්ට තවදුරටත් ඉඩදෙමුද? ආසියාවේ නේටෝවද? රුසියාවේ – ප්‍රංශයේ න්‍යෂ්ටික තාක්ෂණයද? යන්න ගැන ජනතාව අවධානයෙන් සිටිය යුතුය. ඒ අන්දෙයක් නිසා නොව ආසියාවේත්, ශ්‍රී ලංකාවේත් සාමය රඳා පවතින්නේත්, බුද්ධ ශාසනය සුරක්ෂිත වන්නේත් ශ්‍රී ලංකාවේ නාසි – ඉංග්‍රීසින් පාලනය කිරීමට ජනතාව දක්වන සමත්කම මතවන හෙයිනි. ජාත්‍යන්තර භාෂා 6ට සමතැන ලබා දෙමු…! ජාත්‍යන්තර භාෂා 6ම ජාතික භාෂා කරමු…! ආසියාවේ සාමය සුරකිමු…!
අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීතීඥ නීති ග්රන්ථ කර්තෘ, මුද්‍රිත/විද්‍යුත් මාධ්‍ය ලේඛක සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.