එළඹෙන සදඳූදා පාසැල්‌ අධායන වාරය ඇරඹීමට පෙර සෙනසුරාදා සහ ඉරිදා පාසැල්‌ පරිශ්‍ර පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක්‌ සංවිධානය කිරීම අගය කල යුතුය. මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන්‌ වලදී ගස්‌ අතු කැපීම හා අතු ගෑමට පමණක්‌ අවධානය යොමු නොකොට ඩෙංගු මදුරුවන්‌ බෝ විය හැකි ස්ථාන සම්බන්ධයෙන්‌ වැඩි අවධානයක්‌ යොමු කිරීම ඉතා වැදගත්‌ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය නිලධාරී ළහිරු කොඩිතුවක්කු මහතා පවසයි.සාමානාංයෙන්‌ වැඩි පිරිසකගේ අවධානය යොමු නොවන එහෙන්‌ ඩෙංගු මදුරුවන්‌ බො වීමට හැකි ස්ථාන කිහිපයක්‌ සමීක්ෂණ වලදී හඳුනාගෙන තිබේ,

කලක්‌ නිස්සේ පරිහරණය නොකල හෝ අබලන්ව පවතින වැසිකිලි ඇතැම්‌ පාසැල්වල කිබිය හැකිය.එබඳු වැසිකිලි සිස්ටන්‌ ක්‍රියාත්මක තත්වයේ පවතී නම්‌ ඒවා ක්‍රියාත්මක කර ජලය යොදා හොඳින්‌ සෞදා (11(15[])) හැරීම කල යුතුය.ක්‍රියාකාරී නැති අන්‌ හැර දැමූ වැසිකිලි චල ජලය රැඳී තිබෙන ස්ථාන කිබිය හැකිය.

ඇතැම්‌ පාසැල්‌ පරිශ්‍ර වල ජලය එකතුවන කුඩා ටැංකි හෝ අලංකාරය පිණිස සකස්‌ කල කුඩා පොකුණු වැනි ස්ථාන තිබේ. ඒවායේ ජලය ඉවත්කර මතුපිට පෘෂ්ට හොඳින්‌ අතුල්ලා පිරිසිදු කල යුතුය. එසේ කටයුතු නොකර දැනට ඇති ජලය ඉවත්‌ කිරීමෙන්‌ පමණක්‌ සෑහීමට පන්‌ විය නොහැකිය.

පසුගිය දිනවල විභාග මධාංස්ථාන ලෙස යොදාගත්‌ පාසැල්‌ මෙන්ම එසේ යොදා නොගත්‌ පාසැල්‌ වල පාසැල්‌ පරිශ්‍ර වල පවා පිරිසිදු කරන අයගේ ඇස නොගැටුනු ප්ලාස්ටික්‌, පොලිතින්‌ අපද්‍රව්‍ය පැවතීමට හැකිය. නිසි විමසිල්ලෙන්‌ සම්පූර්ණ පාසැල්‌ පරිශ්‍රයම පරීක්ෂා කරමින්‌ හෙට සහ අනිද්දා යන දෙදින පචිත්‍රතා වැඩසටහන්‌ ක්‍රියාත්මක කරන්නේ නම්‌ ඩෙංගු මදුරුවන්‌ බෝ වීමට හැකි එබදඳූ තැන්‌ ඉවන්‌ කිරීමට හැකියාව ලැබෙනු ඇත.ශ්‍රමදානය අවස්ථාවේදීම ඉවත්‌ කල නොහැකි එබඳු ද්‍රව්‍ය පසුව හැකි ඉක්මනින්‌ පාසැල්‌ පරිශ්‍රයෙන්‌ ඉවත්‌ කරන තුරු තබා ගන්නේ නම්‌ වහලකින්‌ ආවරණය වූ ස්ථානයක තැබීම වැදගක්‌ වේ. එම ද්‍රව ආශ්‍රිතව ජලය පිරී මදුරුවන්‌ බොවීමේ අවදානම එමගින්‌ වැලැක්විය හැකිවෙයි. පාසැල්‌ වන්ත ගැන අවධානය යොමු කරන අතර තුර ගොඩනැගිලි තුලද ජලය සුළු වශයෙන්‌ හෝ රැඳී තිබෙන ස්ථාන හෝ බඳුන්‌ නිබිය හැකිය. එසේම සුහුඹුල්‌ මදුරුවන්‌ දැනටමත්‌ රැඳී සිටීමට හැකි කළු හෝ තද පැහැ තිර රෙදි ආදිය සම්බන්ධයෙන්‌ විශේෂ අවධානයක්‌ යොමු කර එම මදුරුවන්‌ ඉවන්‌ කිරීම කල යුතු යැයි වෛද්‍යා ළහිරු කොඩිතුවක්කු මහතා පෙන්වා දෙයි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න