4 කොටස
ගරු ඩිලාන් පෙරේරා මහතා කාරක සභාවෙන් ඉල්ලීමක් කරමින් 2012 නොවැම්බර් මස 06 වැනි දින අදාළ යෝජනාවේ 1 සහ 2 වැනි චෝදනා පිළිබඳව විමර්ශනය කිරීමට තීරණය කර ඇති බව සිහිපත් කළේය. මේ අවස්ථාවේදී සාක්ෂිකරුවන් කැඳවීමට කාරක සභාව තීරණය කරන ලද අතර සාක්ෂිදීම සඳහා පහත සඳහන් සාක්ෂිකරුවන් කැඳවන ලදී.

  1. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ශිරානි තිලකවර්ධන මහත්මිය
  2. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා
  3. ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් දුමින්ද ප්‍රභාත් මුදුන්කොටුව මහතා
  4. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් අමිතා චන්ද්‍රසේකර මිය
  5. සී/ස ට්‍රිලියම් රෙසිඩන්සිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ජනක රත්නායක මහතා
  6. ප්‍රසිද්ධ නොතාරිස් අරොෂි පෙරේරා මිය
  7. ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි රසල් ද මෙල් මහතා
  8. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල මහතා
  9. සී/ස. ට්‍රිලියම් රෙසිඩන්සිස් සමාගමේ නීති අධ්‍යක්ෂ ප්‍රසිද්ධ නොතාරිස් ඩී. කේ. අබේගුණවර්ධන මහත්මයි
  10. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් මල්ලිකා සමරසේකර මහත්මිය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (බදු ප්‍රතිපත්ති) දීපානි හේරත් මහත්මිය
  11. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරි එච්. එම්. හෙන්නායක බණ්ඩාර මහතා
  12. මහජන බැංකුවේ වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඩී. එම්. ගුණසේකර මහතා
  13. ලංකා බැංකුවේ වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඩී. එම්. ගුණසේකර මහතා
  14. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක නරාල් ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා
  15. රිවිර ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන කර්තෘ සිසිර පරණතන්ත්‍රී මහතා
  16. අධිකරණ සේවා කොමිෂන් සබාවේ ලේකම් මංජුල තිලකරත්න මහතා
    ඒ අනුව ඉහත සඳහන් සාක්ෂිකරුවන් කාරක සභාව ඉදිරියට කැඳවන ලද අතර පහත දැක්වෙන තීරණයට එළැඹීම සඳහා 1 වන පරිශිෂ්ටයේ දැක්වෙන ලිපි ලේඛන සැලකිල්ලට ගන්නා ලදී.
    පළමු චෝදනාව පිළිබඳව කරන ලද විමර්ශනවලයේදී කමිටුව හමුවට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර ශිරානි තිලකවර්ධන මැතිනිය, ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් මුදුන්කොටුව මහතා, ට්‍රිලියම් රෙයිඩන්සිස් සමාගමේ විධායක අධ්‍යක්ෂ ජනක රත්නායක මහතා, ට්‍රිලියම් රෙසිඩන්සිස් සමාගමේ නීති නිලධාරි දර්ශි කල්‍යාණි අබේගුණවර්ධන මහත්මිය හා නීතිඥ හා ප්‍රසිද්ධ නොතාරිස් අරෝසි පෙරේරා මහත්මිය යන සාක්ෂිකරුවන් කැඳවන ලදී. මීට අමතරව ශිරානි බණ්ඩාරනායක මැතිනිය විසින් විශේෂ ඇටෝර්නි බලපත්‍රයක් උපයෝගී කරගනිමින් සිය නැගණියගේ හා මස්සිනාගේ නමින් මිලදී ගන්නා ලද ට්‍රිලියම් රෙසිඩන්ස්හි Sunset Wing හි පිහිටි 2C/F2/P4 දරණ මහල් නිවාස ගනුදෙනුවට අදාළ ලේඛන 20ක් ලේඛනගත සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන ලද අතර ඒවා X10-1 සිට X10-19 දක්වාත්, X10-X වශයෙනුත් ලකුණු කොට මෙම වර්තාව අමුණා ඇත. තවද, R262/2009 දරණ නඩුවේ 2010.05.06 දිනැති කාර්ය සටහනද X5 ලෙස ලකුණු කොට ඉදිරිපත් කරන ලදී. කමිටුව ඉදිරියේ ඉහත කී චෝදනාවට අදාළව ඉදිරිපත් වූසාක්සි පිළිබඳ සම්පිණ්ඩනයක් පළමුව ඉදිරිපත් කරනු කැමැත්තෙමි.
    මුලින්ම ඉහත කී චෝදනාවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණවිනිශ්චයකාර ශිරානි තිලකවර්ධන මැතිනිය කමිටුව ඉදිරියට පැමිණ දෙන ලද සාක්ෂිය මෙකී චෝදනාවට අදාළ කරුණු පිළිබඳව නිවැරදි නිගමනයකට පැමිණීම සඳහා කමිටුව බෙහෙවින්ම උපකාර විය. එතුමිය කමිටුව ඉදිරියට පැමිණ දිවුරුම් දී සාක්ෂි දෙමින් ගෝල්ඩන් කී නඩු සමූහය යනුවෙන් හඳුන්වන ලද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරන ලද බිඳ වැටුණු ගෝල්ඩන් කී සමාගම ඇතුළ සමාගම් ගණනාවක තැන්පත්කරුවන් විසින් සහන ඉල්ලා පවරන ලද නීති කාත්‍යයන් පිලිබඳ විස්තරාත්මක විග්‍රහයක් කාරක සභාව වෙත ලබාදෙන ලදී.
    එතුමියගේ සාක්ෂි අනුව තැන්පත්කරුවන් 9000කට අධික ප්‍රමාණයක ශෝචනීය දුක්ගැනවිලි පරීක්ෂා කර බලා ඔවුන්ට නීතියේ රැකවරණය ලබාදෙමින් සහනයක් සලසාදීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නව නිර්මාණශීලී ක්‍රියාදාමයක් වෙත ප්‍රවේශවීමට සිදුවූ බව උදාහරණ සහිතව කමිටුව වෙත ඉදිපත් කරන ලදී. තැන්පත්කරුවන් 9000කගේ නඩු වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කිරීමෙන් විය හැකි අධික වියදම් ප්‍රායෝගික අපහසුතාවය හා නඩු රාශියක් වෙන් වෙන්ව විසඳීමේ ඇති අපහසුතාවයන් ගැන සලකා බලා මෙම නඩු සියල්ලම එක්ව කැටිකොට විසඳීමට සියලු‍ පාර්ශ්වයන්ගේ එකගතාවය ලබාගනිමින් තම අබිමතය පරිදි තැන්පත්කරුවන්ට දිස්ත්‍රික් උසාවියෙන් සහන සැලසා ගැනීමට ද ඉඩ තබමින් මෙකී නීති කෘත්‍යයන් විනිශ්චය කිරීමට කටයුතු කරන ලද ආකාරය එතුමිය පැහැදිලි කර දෙන ලදී. වසර 3 ෟ/2ක් තිස්සේ හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන්. සිල්වා මහතාගේ සමයේ ආරම්භ කරන ලද මෙම නඩු විභාගයේ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකකු වශයෙන් එතුමිය දිගටම කටයුතු කළ බවත්, ඉමහත් කැප කිරීමෙන් හා මහන්සියෙන් මෙම නීති කෘත්‍යයන්ට අදාල ගැටලු‍ සහ පසුබිම තමා අධ්‍යයනය කළ බවත් එසේ එතුමිය ලබාගත් අත්දැකීම් තුළින් මෙම නීති කෘත්‍යය විසඳීම වඩාත් සුදුසු හෙයින්. තුමිය ද මෙම නීති කෘත්‍යයන් විනිශ්චය කරන විනිසුරු මඩුල්ලට අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු බව සරත් එන්. සිල්වා අගවිනිසුරුතුමා විශ්‍රාම යාමට පෙර ප්‍රකාහ කළ බවත් කමිටුව ඉදිරියේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කරන ලදී.
    අග්‍රවිනිශ්චයකාර සරත් එන්. සිල්වා මැතිතුමා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඉහත කී ගෝල්ඩන් කී නඩු විභාගය සඳහා පත් කරන ලද විනිශ්චය මණ්ඩලයේ සභාපති විනිශ්චයකාරවරිය ලෙස තමා කටයුතු කරන ලද බවත්, අඩු තරමින් තැන්පත්කරුවන්ට තමන් තැන්ප්ත කළ මුදලින් 65%ක ප්‍රමාණවත් හිමිකරදීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට එකී විනිසුරු මඩුල්ල කටයුතු කළ බවත් එතුමිය පෙන්වා දුන්නාය. මේ සඳහා පාර්ශ්වකරුවන් හා නීතිඥයන් අතර එකගතාවයක් ඇතිකර ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් නඩු අංක 262/09 දරන නීති කෘත්‍යයේදී 2010.05.06 වැනි දින විවිධ සමාගම් යටතේ පාලනය කරන ලද දේපළ රැකගනින් ඒවා අයථා ලෙස පාලනය කිරීම වළක්වාලමින් එකී දේපළ තුළින් ඉහළම ආදායමක් ලබාගෙන ඒවා තැන්පත්කරුවන් අතර බෙදාදීමේ ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් කොට එය ඉහථ කී නීති කෘත්‍යයේ නියෝගයක් ලෙස ඇතුළත් කළ බවත්. එකී නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා විසින් ඉදිරිපත් කරන X5 ලෙස සලකුණු කරන ලද ලේඛනයේ සඳහන් කර ඇති බවත් පිලිගත්තාය. කාරක සභාව එකී නියෝගයයේ පහත සඳහන් ඡේදයට සිය දැඩි අවධානය යොමු කරන ලදී.
    “This Court also directs the Committee of Chartered Accountants to pursue all negotiations for the sale of other properties by advertising and calling for quotations with a view to obtaining the highest going prices on these properties. No properties to be alienated without the express permission of this Court. For the moment, the properties to be disposed would be
  17. Pioneer Tower (Head Office Building)
  18. Trillium Residencies (Sale of the housing units)
  19. Cellestial Residencies
    ඒ අනුව
  20. Pioneer Tower (ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල)
  21. Trillium Residencies (නිවාස ඒකක විකිණීම)
  22. Cellestial Residencies
    යන දේපල බැහැර කිරීම කළ යුත්තේ වරලත් ගණකාධිකාරිවරුන්ගේ කමිටුව මගින් එකී ගනුදෙනු පිළිබඳව සාකච්ඡා කොට විකිණීමට අදහස් කරන දේපල පිළිබඳ දැන්විම් පළකොට ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසු ලබාගනු ලබන වැඩිම මිලට ඒවා විකිණිය යුතු බවත්, කිසිම දේපලක් උසාවියේ ප්‍රකාශිත අවසරයක් නොමැතිව අන්සතු කළ නොහැකි බවටත් තීරණය කර ඇත.
    මෙය ඉතාමත් වැදගත් වන්නේ මෙකී චෝදනාවේ සඳහන් දේපලට මෙම උසාවි නියෝගය කෙළින්ම බලපවත්වන බැවිනි. මෙම නියෝගය උල්ලංඝනය කර ඇති ආකාරය පසුව සාකච්ඡා කිරීමට කමිටුව අදහස් කරයි.
    ඉහත කී 2010.05.06 වැනි දින ලබාදෙන ලද නියෝගයෙන් පසු මෙම නීති කෘත්‍යය විනිශ්චයකාරවරුන් 05 දෙනෙකු ඉදිරියේ විභාග කළ යුතුය යන ඉල්ලීමක් පාර්ශ්වකරුවකුගෙන් ඉදිරිපත් වූ බව තිලකවර්ධන මැතිණිය ප්‍රකාශ කළාය. එම අවස්ථාවේ එතුමියත්, විනිසුරු මඩුල්ලලේ අනෙකුත් විනිශ්චයකාරවරුන් දෙදෙනාත් එකී ඉල්ලීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 ව්‍යවස්ථාව යටතේ තීරණය කළ යුත්තේ අගවිනිසුරුතුමිය විසින් බව පෙන්වා දෙවින් තීරණයක් සඳහා එතුමිය වෙත ඉදිරිපත් කළ බවත් එතුමිය ඒ පිළිබඳව තීරණයක් නොදී එකී නීති කෘත්‍යය විභාග කිරීම අගවිනිසුරුතුමියගේ සභාපතිත්වයෙන් වූ තිදෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දී කළ බවත් මෙයට හේතුව කුමක්දැයි තමන් නොදන්නා බවත් ප්‍රකාශ කළාය. මෙම කාරණය කාරක සභාවේ දැඩි විමතියට හා අවධානයට ලක් විය. පාර්ශ්වකරුවකු විසින් පස් දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නඩු විභාගය පැවැත්වීමට කරන ලද ඉල්ලීම පිළිබඳව තීන්දුවක් ලබාදීමේ පුර්ණ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 ව්‍යවස්ථාව යටතේ පැවරෙන්නේ අගවිනිසුරුතුමා හෝ තුමිය වෙත බව මෙම කමිටුව අවධාරණය කරයි. ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවේ 132 (2) (ii) මෙසේ ප්‍රකාශ වේ.
    at the request of two or more Judges hearing any mater ; or On the application ofa party to any appeal, or matter if the question involved is in the opinion of the Chief Justice one of general and public importance,
    Direct that such appeal, proceeding or matter be heard by a bench comprising five or more Judges of the Supreme Court.
    මේ අනුව ඉතා පැහැදිලිව පෙනී යන්නේ මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු අවස්ථාවකදී එය අග්‍රවිනිශ්චයකාර තුමා හෝ තුමිය විසින් ම එකී කාරණය තීරණය කළ යුතු බවයි. තිලකවර්ධන විනිශ්චයකාරතුමියගේ සාක්ෂි අනුව ඉතා පැහැදිලිව පෙනී යන්නේ මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කළ අවස්ථාවකදී එය අග්‍රවිනිශ්චයකාරතුමා හෝ තුමිය විසින් ම එකී කාරනය තීරණය කළයුතු බවයි. තිලකවර්ධන විනිශ්චයකාරතුමියගේ සාක්ෂි අනුව ඉතා පැහැදිලිව අගවිනිසුරුතුිමය මෙවන් තීරණයක් ලබාදීම වුවමනාවෙන්ම පැහැර හැර ඇති බවත් මේ පිළිබඳව එතුමිය අග්‍රවිනිහ්චයාකාරතුමියට දැන්වූ බවත්, එසේ දැන්වූ පසු ද තිලකවර්ධන මැතිනිය අතැුළු අනෙකුත් විනිශ්චයකරුවන් ඉවත් කොට මෙම නඩුව අගවිනිසුරුතුමියගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරුවරුන් තුන් කට්ටුවකගේ යටතට විභාගයට ගැනීමට කටයුතු කළ බවත්ය. ශිරානි තිලකවර්ධන විනිශ්චයකාරතුමියගේ සාක්සිය කිසිදු පැකිලීමකින් තොරව සත්‍යය හා විශ්වාසනීය සාක්ෂියක් ලෙස සැලකීමට කමිටුව තීරණය කරන ලදී. ඒ අනුව මෙම නීති කෘත්‍යයේදී අග්‍රවිනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායක මැතිනියගේ ක්‍රියාකලාපය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට පටහැනි මෙන්ම දැඩි සැකයට තුඩුදෙන කරුණකි. විශේෂයෙන් මෙවැනි වාතාවරණයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියක් නොමැතිව අන්සතු කළ නොහැකි ට්‍රිලියම් නිවාස සංකීර්ණයේ නිවාසයක් සිය සොහොයුරිය හා මස්සිනාගේ නමට මිලදී ගැනීමට එතුමිය කටයුතු කිරීම කෙරෙහි කමිටුව සිය දැඩි අවධානය යොමු කළේය. තමා විසින් අසනු ලබන නඩුවක වස්තු විෂය වූ එහි නියෝගයන්ට පටහැනිව මිලදී ගැනීමකට නීතිය පිළිබඳව හසල දැනුමක් ඇති අග්‍රවිනිශ්චකාරවරිය ඉදිරිපත් වීම විමතියට කරුණකි. මෙම සැකය වඩාත් තහවුරු වනුයේ කමිටුව ඉදිරියේ සාක්ෂි දුන් ජනක රත්නායක මහතාගේ සාක්ෂියෙනි. ඔහු ප්‍රකාශ කර සිටියේ තමා ට්‍රිලියම් රෙසිඩන්සිස් සමාගම ඇතුළු සමාගම් රැසක විධායක අධ්‍යක්ෂ ඇතුළු තනතුරු දැරූ බවත්, මෙම නීති කෘත්‍යයේ පාර්ශ්වකරුවන් වූ සමාගම් ගණනාවක ඉතා ක්‍රියාකාරි ඉහළ මට්ටමේ පුද්ගලයෙකු වූ බවත්ය.
    ජනක රත්නායක මහතා තමා මෙම 262/2009 දරණ නඩුව සඳහා ද ඉදිරිපත් වූ බවත් තමාට එරෙහිව ලබාදුන් සමහර නියෝගයන් පිළිබඳව ඔහු විරුද්ධත්වයක් ප්‍රකාශ කොට කටයුතු කළ බවත් පිළිගත්තේය. මේ අතර, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා තමා හට දුරකතනයෙන් කතා කරමින් ට්‍රිලියම් රෙසිඩන්සි බද්ධ නිවාසයක් තමාගේ බිරිඳ වන අග්‍රවිනිහ්චයකාර ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ නැගනිය හා මස්සිනාට මිලදී ගැනීමට අවශ්‍ය බව ප්‍රකාශ කළ බවත් ඉන් අනතුරුව නිවාසය පරීක්ෂා කිරීමේ පහසුකම් ලබාදුන් බවත් ශ්‍රේස්ඨාධිකරණ විනිශ්චයකාරවරියක් නිසා මිලින 1.6ක වට්ටමක් නිවාසයේ වටිනාකමින් ලබාදුන් බවත් ප්‍රකාශ කළේය. මෙම ගනුදෙනුව පිළිබඳව දීර්ඝ වශයෙන් ජනක රත්නායක මහාතගෙන් ප්‍රශ්න කරන ලදුව තමා මෙම වට්ටම ලබාදුනනේ ඉදිරියේ දී යම් වාසියක් හෝ උපකාරයක් විනිශ්චයකාරතුමියගෙන් ලබාගැනීමේ අදහසින් දැයි ඇසූ ප්‍රශ්නයට ඔහු පිළිතුරු දීමෙන් වැළකී සිටියේය. මෙම තත්ත්වය මෙම ගනුදෙනුව පිළිබඳව කමිටුවට ඇති වූ සැකය තව තවත් උච්ඡ මට්ටමක් කරා ගෙන ගියේය. ජනක රත්නායක මහතා සිය සාක්ෂියේ දී තවදුරටත් කියා සිටියේ ශිරානි බණ්ඩාරනායක මැතිනිය ගෙවන ලද සෑම ගෙවීමකටම අදාළ චෙක්පත්හි ඡායා පිටපත් තමා පරිස්සමින් තබාගත් බවය. වෙනත් කිසිම ගනුදෙනුවකදී එසේ නොකළත් මෙම ගනුදෙනුවේදී එසේ චෙක්පත් තබා ගැනීමට හේතුව කුමක්දැයි විස්තරකර දීමට ජනක රත්නායක මහතා අපොහොසත් විය. තවද, කමිටු සාමාජිකයෙකු ජනක රත්නායක මහතාගේ ප්‍රශ්න කර සිටියේ ට්‍රිලියම් රෙසිඩන්සි සේවකයෙකු රැකියාවෙන් පහ කිරීමට යම් සිද්ධියක් ඇති වී ද යන්නයි. එවිට ඔහු කියා සිටියේ ශිරානි බණ්ඩාරනායක විනිශ්චයකාරතුමිය තනිවම වාහනය පදවාගෙන මෙම නිවාසයට නිරතුරුව පැමිණෙන බවත්, එකී එක් අවස්ථාවක දී එතුමියට එහි සිටි මුස්ලිම් ජාතික සේවකයෙකු ගරුසරු නොදැක්වූ බවට කරන ලද පැමිණිල්ලක් අනුව එම සේවකයා සේවයෙන් පහ කරන ලද බවද ඔහු පිළිගත්තේය. මෙයින් ඉතා පැහැදිලිව පෙනී යන්නේ ශිරානි බණ්ඩාරනායක මැතිනියත් ජනක රත්නායක මහතාත් අතර ඉතා සමීප සබඳතාවයක් ගොඩනැගී තිබූ බවයි. එකී ජනක රත්නායක මහතා ආයෝජනය කරන හා ඔහුට මූල්‍යමය ප්‍රතිලාභයක් ඇති සමාගම්වලට අදාළ ඉතා ප්‍රශ්න සහගත නඩු කිහිපයක් ඔහුගෙන් මිලියන 1.6ක වට්ටමක් ලබාගෙන සිය නැගෙනිය හා මස්සිනා වෙනුවෙන් ම මිලදීගැනීමේ ක්‍රියාවලියක යෙදීමෙන් පසු අග්‍රවිනිශ්චයකාරවරිය ශිරානි තිලකවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු විනිසුරු මඩුල්ලෙන් එකීනීති කෘත්‍යය විනිසුරුකරුවන් 05ක් ඉදිරියේ විභාග කරනු වෙනුවට තමාගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීම නීති විරෝධී මෙන්ම සදාචාර විරෝධී ක්‍රියාවක් බව කාරක සභාව නිගමනය කරයි. මෙය කිසිසේත්ම අගවිනිසුරු ධුරය හොබවන අයෙකු විසින් කළ යුතු ක්‍රියාවක් නොවේ.
    තවද, ශිරානි තිලකවර්ධන විනිශ්චයකාරතුමිය සිය සාක්ෂියේ පැහැදිලිව ප්‍රකාශ කළේ මෙම ට්‍රිලියම් ගනුදෙනුවලට අදාළ ව බලවත් විෂමාචාරයක් ජනක රත්නායක විසින් කර ඇති බව එතුමියට පෙනී ගිය හෙයින්. ඔහුට විරුද්ධව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස එතුමිය රහස් පොලිසියට නියෝග කළද එය ඉටු නොවූ බවයි. තමාට එරෙහිව එවැනි පියවරක් ගත් තිලකවර්ධන විනිශ්චයකාරතුමිය මෙම නීති කෘත්‍යයෙන් ඉවත් කිරීමට ජනක රත්නායක මහතාට අවශ්‍ය ව තිබූ බව ඉතා පැහැදිලි වේ. එතුමිය විසින් දෙන ලද විශේෂ නියෝගයකට පටහැනිව අධිකරණයේ අවසර නොලබා අධිකරණය නියම කළ ක්‍රියාමාර්ගයෙන් නොගෙන ට්‍රිලියම් රෙසිඩන්සි නීති නිලධාරි අබේගුණවර්ධන මහත්මියත් එය පිළිගෙන ඇත. පෙර විනිසුරු මඩුල්ලේ සභාපති විනිශ්චයකාරතුමිය විසින් ඉහත කී වංචාව පිළිබඳව පරීක්ෂණ පපැවැත්විය යුතු යැයි රහස් පොලිසියට නියෝග කළ ජනක රත්නායක නමැති පුද්ගලයා සමග ඉතා ළගින් ආශ්‍රය කරමින් ඔහුගෙන් මිලියන 1.6ක වට්ටමක් මෙම දේපළ සඳහා ලබාගනිමින් ක්‍රියා කළ අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහ්තිමයගේ එම ක්‍රියාකලාපය කිසිසේත් අනුමත කළ නොහැකිය. සිය නැගෙණිය හා මස්සිනා වෙනුවෙන් ලබාගන්නා ලද දේපලට අදාළ අංක 895 දරන ඔප්පුව සහතික කළ නාලිනී අබේගුණවර්ධන නීතිඥවරිය කමිටුව ඉදිරියේ සාක්ෂි දෙන ලදී. මෙම දේපළ මිලදී ගැනීමට පෙර විකිණීමේ ගිවිසුමකට දෙපාර්ශ්වයක් ඇතුළත්ව සිටි බවත්, විකිණීමේ ගිවිසුමේ උපලේඛනයේ ගෙවීමේ ක්‍රමවේදය සඳහන්ව ඇති බවත් එතුමිය පිළිගත්තාය. එසේම, ජනක රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේ මෙම ගනුදෙනුවට අදාළ මුදල් චෙක්පත් මගින් ගෙවූ බවය. සමාගමේ නීති නිලධාරිවරියක් වශයෙන් දීර්ඝ කාලයක් සේවය කළ පළපුරුද්ද නීතිඥ හා නොතාරිස්වරියක වන එතුමිය එම ඔප්පුවේ සහතික කිරීමේදී මුදල් ගනුදෙනු වූ ආකාරය පිළිබඳව මෙසේ සහතික කර ඇත.
    “I do further certify and attest that out of the said consideration of Rs. 26,125,000/- a sum of Rs. 19,362,500/-% was paid by cash prior to the execution of this presence and the balance sum of Rs. 6,762,500/- was paid bycheque baring No. 489-161dated 20/07/2012 drawn by National Development Bank Pnvilege Banking at the execution of these presents”
    එනම්, මෙම ඔප්පුව අත්සන් කිරීමට පෙර රු. මි. 1:.362,500/-ක මුදල ශිරානි බණ්ඩාරානයක මැතිනිය විසින් මුදලින් ගෙවා ඇති බවය. මේ පිලිබඳව ප්‍රශ්න කිරීමේදි එතුමිය ප්‍රකාශ කළේ එය එතුමියට සිදුවූ වැරදීමක් බවයි. විකිණීමේ ගිවිසුමක් අත්සන් කොට ගෙවීමේ ක්‍රමවේදයක් පිළිබඳ එකගත්වයකට පැමිණ චෙක්පත් මගින්ම මුදල් ගෙවි යැයි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියෙකු ප්‍රකාශ කරන විටක ඔප්පුව සහතික කළ නීති නිලධාරිනිය එම මුදල මුදලින් ගෙවූ බව සහතික කිරීම මෙම ගනුදෙනුව පිළිබඳ ඇති බලවත් සැකය තව තවත් ඉස්මතු කරන්නේය.
    ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය සිය උත්තරයෙහි මේ පිලිබඳව කරුණු දැක්වීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 269/09 නඩුවේ 2010.05.06 දින දරණ නියෝගයේ කොටසක් පමණක් උපුටා දක්වමින් මෙසේ ප්‍රකාශ කර ඇත.
    In the circumstance there was no restriction for the sale of any of the housing units of Trillium from 6.5.2010.
    In the circumstance from 6.5.2010 the housing units in Trillium residencies were in effect not a property in the list of properties in case 262-2009 that could not be alienated.
    අග්‍රවිනිශ්චයකාරතුමිය මෙහිදී කරුණු වුවමනාවෙන්ම යටපත් කර ඇති බව පැහැදිලිවම පෙනී යයි. එතුමිය 2010.05.06 දරන නියෝගයේ පළමු වැනි කොටස පමණක් ඉදිරිපත් කරමින් ආවරණ ලබාගැනීමට උත්සාහ දරා ඇත. එහි විහේෂයෙන් පහත දැක්වෙන කොටස
    “This Court also directs the Committee of chartered Accountants to pursue all negotiations for the sale of other properties by advertising and calling for quotations with a view to obtaining the highest going prices on these properties. No properties to be alienated without the express permission of this Court. For the moment, the properties to be disposed would be”
    එතුමිය වුවමනාවෙන් ම යටපත් කොට ඇත. එහෙයින්, එම දේපල එතුමිය කියන පරිදි අන්සතු කළ හැකි දේපලක්බවට පත් වී නොමැත. මෙම නඩු වාර්තාව නිරතුරුව පරිශීලනය කළ අග්‍රවිනිශ්චයකාරතුමිය මෙසේ කටයුතු යටපත් කිරීම එතුමියගේ වාසිය සඳහා වුවමනාවෙන්ම සිදුකර ඇති බවට පැහැදිලි නිගමනයකට පැමිණීමට අප කාරක සභාවට කිසිදු ගැටලු‍වක් නොමැත. එතුමියගේ උත්තරයෙන් සඳහන් වන පහත සඳහන් කොටසට කාරක සභාව සිය දැඩි අවධානය යොමු කරන ලදී.
    “Cases bearing numbers 262-09, 191-09 and 317-09 referred to in the charge were meant to be taken up together. On 23.8.2011 a motion was filed asking that the matter be heard by a bench of 5 judges. This motion was submitted to our client, who made order that the motion be supported before the bench which sat on 29.6.2011, which was Hon. Justice Thilakawardene, Justice Ekanayake and Del) P.C.J.”
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 ව්‍යවස්ථාවට අනුව විනිසුරුවරුන් වැඩි සංඛ්‍යාවක් ඉදිරියේ නිති කෘත්‍යයක් විභාග කිරීමේ නියෝගය ලබාදිය හැක්කේ අගවිනිශ්චයකාරතුමියට පමණක් බව පැහැදිලිව තිබිය දී එකී මෝසම 2011.06.29 වැනි දින තිලකවර්ධන විනිශ්චයකාරතුමිය, ඒකනායක විනිශ්චයකාරතුමිය හා ඩෙප් විනිශ්චයකාරතුමාගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ තහවුරු කළ යුතු යැයි කරන ලද නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය. එවැනි නියෝගයක් ඉටු කිරීමට තිලකවර්ධන විනිශ්චයකාරතුමිය ඇතුළු සෙසු විනිසුරුවරුන් බැඳීසිටින්නේ නැත. ඉන් අනතුරුව එතුමිය තම සභාපතිත්වයෙන් යුතු විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එකී මෝසම සම්පූර්ණයෙන්ම අමතක කරමින් විභාගයට ගැනීමට එතුමිය තීරණය කළ පදනම කුමක්දැයි සිය උත්තරයේ දක්වා නොමැත. එයින් කමිටුවට පැහැදිලිව ගම්‍ය වන්නේ එතුමියට සැගවීමට යමක් ඇති බවත් වුවමනාවෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අග්‍රවිනිශ්චයකාරවරිය වශයෙන් තමා වෙත පැවරී ඇති යුතුකම් හා වගකීම් ඉටු කිරීම පැහැර හැර ඇති බවයි.
    අග්‍රවිනිශ්චයකාරවරියගේ පිළිතුර පුවත්පත්වල පළ වූ පසු හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා කතානායකතුමා වෙත පැහැදිලි කිරීමේ ලිපියක් එවා ඇත. එය කතානායකතුමා මෙම කමිටුවේ අවධානය වෙත යොමු කර ැති අතර, එය කාර්ය සටහන්වල කොටසක් ලෙස ඉදිරිපත් කර ඇති අතර, එය පැහැදිලි කිරීම අනුව අගවිනිසුරුවරියගේ පිළිතුරේ සඳහන් හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා ට්‍රිලියම් නඩුව විභාග කළ බව ප්‍රතික්ෂේප කර ඇති අතර එකම දිනක පමණක් කැඳවීම් අවස්ථාවක මෙම නඩුව තමන් ඉදිරියට පැමිණි බවය ද ඒ සඳහා වෙනත් දිනයක් ලබාදීම හැර තමා එම නඩුව විභාග කිරීමට කිසිදු දිනයක සහභාගි නොවූ බව එතුමා පැහැදිලි කර ඇත. එසේම, මංජුල තිලකරත්න මහතා සහකාර ලේකම්වරයකු ලෙස බඳවාගන්නා ලද්දේ එම කාලයේදී බවත්, ඔහුට එරෙහිව පරපතල චෝදනා පසුව එල්ල වූ බවත්, ඒ පිළිබඳව කරන ලද පරීක්ෂණයෙන් පසු ඔහු පිළිබඳව තීන්දුවක් ගැනීමට සහභාගි වූ අධිකරණ සේවා කොමිෂන් සභා රැස්වීමේදී කිසිදු තීන්දුවක් ගැනීමට වර්තමාන අගවිනිසුරුවරිය දැඩි ලෙස අකමැති වූ බවද අශෝක ද සිල්වා මහතා තම පැහැදිලි කිරීමේ දක්වා ඇත. එම සම්පූර්ණ ලිපිය කාර්ය සටහන්වලට අමුණා ඇත.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න