ලංකාවේ දේශපාලනය ආර්ථික හා සමාජීය හා සංස්කෘතිය අගාධය කරා ගමන් කිරීමේ තවත් සෙවනැල්ලක් පසුගියදා වාර්තා වුණා.
ඒ ශ්‍රී ලංකා නීතිඥ සංගමය දෙවන වරටත් ජනාධිපතිවරයා ගෙන්වාගෙන අධිකරණයේ ඉහළම පුටුවේ සිටි පහළ පුටු දක්වා විනිශ්චයකරුවන් කැඳවා සමුළු පැවැත්වීම.
මේ තුළ දේශපාලන අධිකාරිය ව්‍යංගයෙන් කරන බලපෑම පැහැදිලියි.
ඒ පිළිබඳව තවදුරටත් කරුණු විවරණය කරන්න අද බලාපොරොත්තු වෙනවා.
කාලයක් තිස්සේ රට තුළ වර්ධනය වුණු විවිධ දේශපාලන මතවාද තියෙනවා.
රනිල් වික්‍රමසිංහ දේශපාලනය සඳහා ආගම විශේෂයෙන් බුද්ධාගම විකුණූ හැටි පැහැදිලි වෙන කරුණක් පසුගියදා වාර්තා වුණා.
ඒ 2014 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ පිළිබඳව හෙළිදරව් කිරිම තුළ.
මහින්ද රාජපක්ෂ වෛතුල්‍යවාදය එහෙම නැත්නම් බෞද්ධ ලංකාවේ සමාජය නොමග යවනවා යන්න ඔහුගේ එදා නිකුත් කර තිබෙන පොත් පිංචකින් පැහැදිලි වී තිබෙනවා.
ඒ පිළිබඳව වෛතුල්‍යවාදය පූර්ණ හෙළිදරව්වක් කිරීම අප පසුවට තබාගෙන මේ රටේ දේශපාලනය සඳහා බුද්ධාගම විකුණන හැටි අපි වටින් විට නැවත නැවත මේ වන විට කරුණු හෙළිදරව් කරලා තියෙනවා.
රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂගේ වෛතුල්‍යවාදය විවිධ අයුරින් විග්‍රහ කරල තියෙනවා 2014 වර්ෂයේ පොත් පිංචකින්.
නමුත් අද ඒ වෛතුල්‍යවාදී මහින්ද රාජපක්ෂගේ හැසිරීම භාවිතය මනාව ඉටු කරන අවතාරයක් බවට රනිල් වික්‍රමසිංහ පත්වී තිබෙන බව 2023 මැයි මස 4 වන දින රාත්‍රී සවස සියත ප්‍රවෘත්ති විකාශනයෙන් හෙළිදරව් වුණා.
කොහොමහරිම අධිකරණයේ විශ්වාසනීයත්වයට අගෞරවයට හානිවන අයුරින් රජය ක්‍රියා කරනවා.
එසේ නොකළ යුතු බව ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුපක්ෂයේ සියලු‍ම පාර්ශ්වයන් මගින් දකිනවා.
ඒ වගේම වැඩමුළුවලදී අධිකරණයට සම්බන්ධ ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් විධායකය සිය උත්සවවලට ගෙන්වා ගැනීමෙන් වැළකී සිටීම සදාචාරාත්මකයි.
නමුත් ඒ සදාචාරය බිඳගෙන අධිකරණයේ ඉහළම පුටුවේ සිට පහළ අධිකරණය දක්වා විනිශ්චයකරුවන් ගෙන්වාගෙන කොළඹ පැවැත්වූ සමුළුව පිළිබඳව අප විවරණයක් කර මාස ගණනක් ගියේ නැහැ.
විධායකය සමග සම්බන්ධ වෙන්න සිය තනතුරු රැකගන්න මෙවැනි ව්‍යාපෘති රාජ්‍ය අංශයේ විවිධ කොණවලින් මානවලින් ක්‍රියාත්මක වෙනවා.
අධිකරණයේ තියෙන ප්‍රබල හැකියාව ඒ හැකියාව සමාජ යහපත සඳහා ගෙන ඒම අගවිනිසුරුගේ සිට පහළ අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වගකීමක්.
දේශපාලනික හෝ වෙනත් ශාස්ත්‍රීය හෝ වෙනත් නීතිමය සමුළුවක මුවාවෙන් විධායක ජනාධිපතිවරයා හා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් විනිශ්චයකරුවන් ගෙන්වා මේ කරන කෝලම් සමුළු පිළිබඳව ජනතාව අවධියෙන් ඉන්න ඕන.
මේ පිළිබඳ විපක්ෂනායකවරයා පැහැදිලි ප්‍රකාශයක් කරල තිබුණ.
කොහොම වෙතත් අධිකරණයේ කාර්යභාරය විය යුත්තේ දේශපාලන අධිකාරින් සමග සමුළුවට සහභාගිවීම රාත්‍රී භොජ්න සංග්‍රහවලට සහභාගිවීම නොවේ.
අධිකරණයේ පැහැදිලි දර්ශනය මතවාදය විය යුත්තේ ලංකාවේ කාලයක් සිට නඩු පමාව නිසා ඇති වී තිබෙන සමාජ ව්‍යසනයන් පිළිබඳව තේරුම්ගෙන නඩු පමාව අවම කිරීම සඳහා කාලින පියවර ගැනීමයි.
දේශපාලන දර්ශනවාදී මතවාදයන්ගෙන් තොරව ක්‍රියාකාරි ලංකාවේ අධිකරණ පද්ධතිය සකස් විය යුතු බව අප කා තුළත් හැගීමක් තියෙනවා.
2014 වෛතුල්‍ය වාදයක් ගැන රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂගේ දේශපාලන දුරාචාරය නිර්වචනය කරමින් පොත් ප්‍රකාශයට පත් කරනවා.
එහි ප්‍රතිඵලය ඔහු සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙමින් යහපාලන ආණ්ඩුවක් බිහි වෙනවා.
ඒ ආණ්ඩුව දේශපාලන විසඳුම් ඉක්මනින් විසඳීමට හෝ ඒ සඳහා විසඳුම් මාවතක් පිළිබඳව හෝ තොරතුරු ස්ථාපිත කරන්න ප්‍රතිපත්ති සකස් කිරීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වශයෙන් එදා අසමත් වුණා.
ලංකාවේ රාජ්‍ය තන්ත්‍රයේ ස්වභාවය කුමක් විය යුතුද යන්න පැහැදිලි දර්ශනයක් නැතිකම මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක්.
ලංකාවේ පැල පදියම් වී තිබෙන දේශපාලන පසුගාමිත්වය එහෙම නැත්නම් රාජ්‍ය දුරාචාරය මේ සියල්ලටම පසුබිමයි.
මේ පසුගාමී දේශපාලන මතවාදයන් හඳුනාගැනීමට දේශපාලන අධිකාරින් ප්‍රයත්නයක් නොදැරීමත් ප්‍රතිපත්ති සම්පාදකයින් ඒ ගැන ක්‍රියා නොකිරීමත් ඉහළ අධිකරණවලින් ඒ පිළිබඳව නිර්වචන ලබානොදීමත් මීට ප්‍රධාන හේතුවක්.
අධිකරණයේ බලය යටපත් වූ තත්ත්වයක් පවතින තාක්කල් ලංකාවේ රාජ්‍ය තන්ත්‍රය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තන්ත්‍රයක් බවට පත්වෙයි කියල හිතන්න බැහැ.
ප්‍රජාතන්ත්‍රවාදය යාවත්කාලීන කිරීම හා ඒ සඳහා හිමිකම් රැකදීම ගරු අධිකරණයක ප්‍රධාන වගකීමක්.
රාජ්‍ය දුරාචාරයේ නියැලී සිටින රාජ්‍ය ප්‍රධානීන් සමග රාත්‍රී භෝජන සංග්‍රහවලට සහභාගි වෙමින් අධිකරණයේ විනිශ්චයකාරවරුන් සමාජයට නිහඬව ප්‍රකාශ කරන්නේ කුමක්ද?
අප ඒ පිළිබඳව ඉදිරි ලේඛනවලින් තොරතුරු බලාපොරොත්තු වෙමු.
අබලන් වූ රාජ්‍ය පාලන තත්ත්වයක් තමයි ලංකාවේ දැනට තියෙන්නේ.
ඒ නිසා පවතින ආණ්ඩුව සාර්ථක ආණ්ඩුවක් නෙවේ.
ඒ බව යහපාලන ආණ්ඩුවෙනුත් සනාථ කළා.
ඊට පසු බිහි වූ රාජපක්ෂ ආණ්ඩුවලිනුත් පැහැදිලි වුණා.
නිරෝගී රාජ තන්ත්‍රයක් පවතින තාක් කල් යහපාලන සමාජ පද්ධතියක් බිහිවෙන්න පුළුවන්.
සංවර්ධනය තුළින් රාජ්‍ය තන්ත්‍රය පිළිබඳ ගැටලු‍ විසඳී යනු ඇතැයි අපට විශ්වාස කරන්න බැහැ.
බඩු අඩු කිරීමෙන් එහෙම නැත්නම් ඩොලරයේ රුපියලේ වටිනාකම මතුවීම තුළින් සුලු‍ සුලු‍ පරිභෝජන ද්‍රව්‍ය මිල අඩුවීමෙන් ඒ රජය යහපත් යැයි විශ්වාස කරන්න බැහැ.
500%කින් ගෑස් මිල වැඩි වී ඒ කියන්නේ රුපියල් එක්දහස ගණනට තිබූ ගෑස් මිල පස් ගුණයකින් ආසන්න මුදලකින් වර්ධනය වී රුපියල් 100, හාරසිය ගණන්වලින් විටින් විට අඩු කිරීමෙන් මේ රජය බලාපොරොත්තු වුණේ කුමක්ද?
අයුතු රාජ්‍ය පරිපාලනයක් නොවේද?
ශක්තිමත් රාජ්‍ය තන්ත්‍රයක් නැති රටක් බවට ශ්‍රී ලංකාව මේ වන විට පත් වී අවසානයි.
රටේ සංවර්ධනය සාර්ථක කළ හැකි අත්දැකීම් විද්වත් සමාජ පන්තිය තුළින් සමාජ ගත කරන්නත් අසමත්වෙලා තියෙනවා.
ලාංකික රාජ්‍ය තන්ත්‍රයේ වර්ධනයට අධිකරණයේ නඩු පමාවත් ප්‍රධාන හේතුවක්.
ඒ නිසා සංවර්ධනයටත් බාධා පැමිණෙනවා.
හඳුනාගත යුතු මේ ප්‍රශ්නය අපේ ප්‍රතිපත්ති සම්පාදකයින් තවමත් තේරුම්ගෙන නැහැ.
මේ සඳහා ඇති විය යුතු බුද්ධිමය අවධිවීම තවමත් සිදුවී නැහැ.
පේනමානයක ඒ පියවර තිබෙනවා යැයි කියලවත් පැහැදිලි නැහැ.
සිදුවෙන්නේ නවැත නැවත අධිකරණයේ ඉහළ තනතුරුවල සිටින අය විධායකය සමග සමීප ඇසුරු පවත්වාගෙන යමින් ඒ ඇසුරු තුළින් තමන්ගේ හිමිකම් තනතුරු තවදුරටත් රැකගැනීමේ මාවත් දිගුවීම පමණයි.
එවැනි මාවත් අහිමි වූ අගවිනිසුරුවරුන් බොහෝ විට පෙරළා ඔවුන්ගේ අභිමතාර්තයන් ඉටු නොවීම නිසා පැවති විධායකයට බලපෑම් කළ අවස්ථා අප මේ වන විට හෙළිදරව් කර තිබෙනවා.
ලංකාවේ රාජ්‍ය තන්ත්‍රයේ ඇති වී ඇති ගැටලු‍ හුදෙක් ආණ්ඩු පිළිබඳ ගැටලු‍වක් සේ වරදවා තේරුම්ගැනීම පැහැදිලි සත්‍යයක් නොවේ.
රට තුළ ඇතිවන සියලු‍ම දේශපාලන සංවාද විකෘති වූ තත්ත්වයක දැනට තියෙන්නේ.
රාජ්‍ය තන්ත්‍රයක ඇති වී ඇති ප්‍රශ්න හුදෙක් ආණ්ඩු මාරුවකින් හෝ විවිධ ව්‍යවස්ථා මාරුකිරීමකින් සිදු කළ හැකි දෙයක් නොවේ.
ඒ බව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නඩු තීන්දුවලදී ඊට කාලීන නඩු ගොනුවීමේදී යම්කිසි නිර්වචනයක් ලබාදීමේ වැදගත්කමක් තියෙනවා.
නමුත් විධායකය සමග සමීප ඇසුරු පැවැත්වීම, රාත්‍රී භෝජන සංග්‍රහවලට සහභාගිවීමෙන් ඔවුන්ගේ භූමිකාව කුමක්ද යන්න ජනතාවට තේරුම්ගැනීමට අපහසු දෙයක් නෙමෙයි.
හුදෙක් දේශපාලන ඕපාදූප පමණක් මහජනයා වෙත තබා බොහෝ දේශපාලන කථිකයින් ජනතාවගේ කාලය කා දමන තත්ත්වයක් තිබෙනවා.
ඒ පිළිබඳව නැවත නැවත කතා කිරීම අද ඒ සඳහා වේලාව ගත කිරීමත් සුදුසු නොවේ.
නඩු විසඳීමේ පමාව පිළිබඳ ගැටලු‍ව ලංකාවේ මුල්බැසගත් සමාජ ව්‍යාධියක් බව ගරු විනිශ්චයකාරතුමන්ලාට තේරුම්ගැනීමට උනන්දු නොවීම රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින් ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ග නොගැනීම ඉතාමත් කනගාටුවට කරුණක්.
එක් පැත්තකින් නීතිඳ ප්‍රජාව පැමිණිල්ල හා විත්තිය ගසාකෑම සිදුවෙනවා.
තව පැත්තකින් ජීවන ගමනම අදාළ නඩුව සඳහා වැය කිරීමට යාමෙන් පුරවැසියාගේ පවුල් ජීවිතය, සමාජ ජීවිතය ව්‍යාධියකට තල්ලු‍ කරලා තිබෙනවා.
මේ නඩු පමාව නිසා.
තීරණාත්මක පියවර ඇතැම් වෙලාවට පනත් කෙටුම්පත් මගින් පාර්ලිමේන්තුවට සාකච්ඡා බඳුන් කරපු අවස්ථා තිබෙනවා.
ඒ කෙටුම්පත් ව්‍යවස්ථා විරෝධීද යන්න ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විවාදයට භාජනය වූ අවස්ථා ද තිබෙනවා.
මේ පනත් කෙටුම්පත් ඉදිරිපත් කර ඇති මූලික යෝජනාව එදා වුණේ ලංකාවේ මහාධිකරණවල නඩු ඇසීම, නඩුව පටන් ගත් දින සිට අවසානය දක්වා නොකඩවා එදිනෙදා නඩු ඇසිය යුතු යන්න ඒ පනත් කෙටුම්පත්වල හරය වුණා.
එදිනෙදා නොකඩවා නඩු ඇසීම යෝජනා කර තිබුණේ, වංචා දූෂණ හා රජයේ දේපළ සූරාකෑම වැනි අංශවලට පමණයි.
එදිනෙදා අඛණ්ඩව නඩුවක් අසා අවසන් කිරීම යන මූලධර්මය මේ පනත්වල අන්තර්ගත වුණා.
නෛතික යුතුකමක් බවට පත් කිරීමට පාර්ලිමේන්තුව පෙන්නුම් කරන තත්ත්වයක් ද ප්‍රදර්ශනය වුණා.
සියලු‍ම බරපතල අපරාධ සම්බන්ධයෙන් එදිනෙදා නඩු ඇසීමේ සම්ප්‍රදාය ලංකාව තුළ නැවත වරක් ස්ථාපිත කිරීමට අවශ්‍ය විධිවිධාන සකස් කරගත යුතු තත්ත්වයක තිබෙනවා.
කොහොම වෙතත් වර්තමාන අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ කුමක්ද?
රාජ්‍ය අංශයේ වංචා දූෂන පමණක් නොව පෞද්ගලික අංශයේ වංචා දූෂණ සෙවීමටත් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බවයි.
මේ සියල්ලක් සාකච්ඡාවට භාජනය වීම පමණයි මෙතෙක් සිදුවී තිබෙන්නේ.
නෛතික කෙටුම්පත සමකාලීන ලාංකික සමාජය කෙරෙහි සිදු කරන බලපෑම අවම කිරීමට ගන්නා පියවර සීමා සහිත තත්ත්වයක් තිබෙනවා.
ඊට ප්‍රධාන හේතුව රාජ්‍ය දුරාචාරය දෛනිකව යාවත්කාලීන වෙමින් පැවතීම.
නඩු ඇසීම පමා කිරීම සම්බන්ධයෙන් ලංකාවේ දැනට ඇති තත්ත්වය සමාජයට අහිතකර පමණක් නෙවෙයි අතිශය විනාශකාරී ප්‍රතිඵල ලබාදෙන අගතිගාමී සමාජ පරිසරයක් වර්ධනය කරල තියෙනවා.
පොදුවේ සමාජය පුරා පැතිර ඇති ප්‍රධාන සංකල්පයක් බවට මේ තත්ත්වය පත්වී තිබෙනවා.
සාධනීය අධිකරණ සේවයක් ලාංකීය ජනතාවට අහිමි වී තිබෙනවා මේ තත්ත්වය නිසා.
මේ තත්ත්වය තේරුම්ගත් ඇතැම් විනිශ්චයකාරවරු මහෙස්ත්‍රාත් අධිකරණවල සිට මහාධිකරණ අභියාචනාධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඉන්නා බවත් තේරුම් යන්නේ ඇතැම් නඩු තීන්දු කඩිනම්ව සිදුවීම නිසයි.
ඒ විනිශ්චයකාරවරු රටේ සංවර්ධනයට සුවිශාල දායකත්වයක් ඒ තුළින් නිහඬව ලබාදෙනවා.
ඇසීමේ පමාව තුළින් ස්ථාවර වූ සමාජයක් ලංකාවේ නිර්මාණය වී තිබෙන බව අප කවුරුත් තේරුම්ගත යුතු කරුණක්.
බරපතල අපරාධ මර්දනය කරගැනීම ස්ථාවර සමාජයක් ඇති කිරීමට අත්‍යවශ්‍ය කොන්දේසියක්.
ස්ථාවර සමාජයක් යනු රටේ සිදුවන අපරාධ නිසා අවුල් සහගත තත්ත්වයට පත් නොවන සමාජයක්.
අපරාධ අධික විට සමාජයක පවතින සියලු‍ම අංශයන් අවුල් සහගත තත්ත්වයකට පත් වන්න පුළුවන්.
තත්කාලීන ලාංකික සමාජය තුළ එවැනි අස්ථාවර තත්ත්වයක් පවතිනවා.
මේ අස්ථාවරත්වය අරාජිකත්වය දක්වා ව්‍යාප්ත වී ඇති බව අප කවුරුත් තේරුම්ගන්න ඕනා.
මේ අස්ථාවරත්වය හා අරාජිකත්වය හමුවේ එය සමාජය තුළ ප්‍රදර්ශනය වෙමින් තිබියදී ඉහළි අධිකරණවල ගරු විනිශ්චයකාර මහතුන් විවිධ භෝජන සංග්‍රහයවලට එක් වෙමින් දුරාචාර දේශපාලන අධිකාරියට අත්වලැක්වීම කොපමණ සාධාරණ ක්‍රියාවක්ද?
එය සමාජයේ යහපැවැත්මට බාධා කරන්නේ නිහඬව නොවේද?
බරපතල අපරාධ යන්න තුළින් විවිධකාර ක්‍රියාකාරිත්වයන් සිදු වෙනවා.
එය මිනිස් ජීවිත පිළිබඳ ඇති කරන තර්ජනය ප්‍රධානයි.
මිනී මැරුම් රට තුළ වර්ධනය වෙන්න මේ නඩු පමාව ප්‍රධාන සාධකයක්.
බරපතල තුවාල කිරීම් දෛනිකව මේ වන විට ලංකාවේ සිදුවෙමින් තිබෙනවා.
ජීවිත නැති කිරීමට තැත් කිරීම ආදිය මිනිස් සිරුරට අදාළ අපරාධ විවිධ අයුරින් විවිධ මුහුණුවරින් මේ වන විට පසුවෙන සමාජ භූමිකාවන් තුළ ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරු විධායකයේ රාත්‍රී භෝජන සමග එක්වීම කොපමණ සුදුසු ක්‍රියාවක්ද?
ඒ පිළිබඳව නැවත නැවත ජනතාව තේරුම්ගත යුතු කරුණක්.
දේපළ පිළිබඳ ආරක්ෂාවට විරුද්ධව සිදුවන අපරාධ දැන් දැන් වර්ධනය වෙමින් තිබෙනවා.
මංකොල්ලකෑම, හොරකම, අන්සතු දේ නීති විරෝධී ආකාරවලින් අත්පත් කරගැනීම මීට ප්‍රධාන හේතුවක්.
කොළඹ ප්‍රධාන නගරයේ මේ සිද්ධිය සිදුවෙන්නේ 50කට අධික සංඛ්‍යාවක් කාර්යාල ගොඩනැගිලි මධ්‍යම රාත්‍රියේ පැමිණ පහරදීම සිදුවෙනවා.
මේ භෝජන සංග්‍රහය නුවරඑළියේ පැවතෙද්දී එදිනම මෙවැනි ක්‍රියාකාරකම් සිදුවෙන්නේ සමාජයට බරපතල විකෘතියක් සංකේත කරමින් නොවේද?
රාජ්‍ය හෝ පෞද්ගලික අංශයට අදාළ වැඩකටයුතු පුද්ගලික ලාබය සඳහා පාවිච්චි කිරීම තුළින් මතුවන අපරාධ විශාල වශයෙන් මේ වන විට මතුවෙමින් තිබෙනවා.
රජයේ දේපළ පෞද්ගලික පරිහරණය කිරීම ඉන් ප්‍රධානයි.
රාජකාරියට අදාළ වැඩකටයුතුවලින් පෞද්ගලික ලාබ ලබාගැනීම තවත් පැත්තක්.
රජයේ කොන්ත්‍රාත් අයුතු ලෙස යොදාගනිමින් පෞද්ගලික ලාබ අත්පත්කරගැනීම රාජ්‍ය හා පෞද්ගලික දේපළ සම්බන්ධයෙන් සිදුවිය හැකි අපරාධ ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ දූෂණය හා වංචාව අදාල පනත්වලින් නිර්වචනය කර තිබෙනවා.
නමුත් අපරාධ සිදුවෙමින් පවතිනවා.
මෙය කුමක්ද? එසේ වන්නේ කෙසේද?
විධායකයේ සිට පහළ සිවිල් සේවකයා දක්වා සිදුවන දූෂණ අප්‍රියාව නිසා නොවේද?
වගකීම පැහැර හැරීම විධායකය අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය සේවකයින් මනාව ඉටු කරගෙන යන කරුණක්.
පැහැර ගැනීම මගින් රට වැසියන්ට වන හානිය අලාභදායක තත්ත්වය සාපරාධී ක්‍රියාවන් ලෙස ලංකාවෙන් නීතිය තුළ නිර්වචනය වී තිබුණත් අපරාධ දිගුව දිගින් දිගටම සිදුවෙමින් පවතිනවා.
රජය වෙනුවෙන් යම් කටයුත්තක කිරීම සඳහා නිලධාරියෙකුට පවරා ඇති බලතල අයුතු ලෙස භාවිතා කරමින් ක්‍රියා කරන සමාජ සංස්කෘතියක් දිගින් දිගටම පේනවා.
විවිධ කණ්ඩායම් වලට විශේෂයෙන් දේශපාලන අධිකාරින්ගේ කණ්ඩායම්වලට අලාභදායී හෝ හානිකර ක්‍රියාවන්වලදී රජය කඩිනම් පියවරගන්නා අවස්ථාත් තිබෙනවා.
නමුත් සාපරාධී ක්‍රියාවන් දිගින් දිගටම ඒ සම්බන්ධ නඩු කටයුතු ඇදෙමින් තිබෙනවා.
රජයක් සතු ප්‍රධානම යුතුකම කුමක්ද?
සියලු‍ම පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීමයි.
නමුත් රජය පුරවැසියන්ගේ නෛතික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සමත් වෙලා නැහැ.
ජනතාව ආරක්ෂා කිරිම රජය සතු පරම යුතුකම වෙනවා.
රජයක් මිනිසුන් විසින් නිර්මාණය කරගන්නේ සමාජයක ජීවත්මෙදි අයකුට විරුද්ධව කටයුතු කිරීම තුළින් විවිධ හානි හා අලාභ ඇතිවීම වළක්වාගැනීමටයි.
බලය ඇති රජය රාජ්‍ය නිලධාරින් ඒ සඳහා අවශ්‍ය සිය රජකාරි ඉටු නොකරන පරිසරයක් දුරාචාර දූෂිත රාජ්‍ය පාලනයක් තුළින් මතුවීම වළක්වන්න බැහැ.
හිරිහැර කිරීම්වලින් ජනතාව මෙන්ම එකිනෙකා පුද්ගලයා ආරක්ෂා කරදීමේ වගකීම රජය සතුයි.
ආරක්ෂාව පිළිබඳව මේ ප්‍රධාන යුතුකම් මොනයම් ආකාරයකින් හෝ පැහැර හැරීමට රජයකට ඒ දෙස නොබලා ප්‍රතිපත්ති තීරණ දිගින් දිගටම මතු කිරීම ක්‍රියාවට නැංවීම ප්‍රධාන වගකීමක්.
ජනතාවගේ ආරක්ෂාව සපුරාලීමට හැකි ආකාරයෙන් නීති සකස් කිරීමත්, සකස් කරගත් නීති ක්‍රියාවට නැංවීමත් රජයක පරම යුතුකමයි.
ඒ යුතුකම මනාව ඉටුවෙන්නෙ නැති පරිසරයක් දැන් දිගු වී තිබෙනවා.
අපරාධ මර්දනය සඳහා ක්‍රියා කිරීමට ඉන්නේ ශ්‍රී ලංකා පොලිසිය.
නමුත් අපේ වර්තමාන පොලිසිය පිළිබඳ නිසි ලෙස අධීක්ෂණය කෙරෙන්නේ නැති තරම්.
අධිකරණය මාධ්‍යය කොටගෙන තමයි පොලිසිය හැසිරෙන්නෙ.
අපරාධ වළක්වාගැනීම සඳහා පරීක්ෂණ කරන පොලිසිය බොහෝ විට ඒ අපරාධ පිළිබඳව නිසි පරීක්ෂණය කිරිමට අසමත් නිසා අධිකරණයෙන් අදාළ චෝදනා පත්‍ර ලබන අපරාධකරුවන් නිදහස් වෙන අවස්ථා අපමණයි.
පොලිසියේ අපරාධ පිළිබඳ පැමිණිලි ලියා ගන්නවා.
ඒ ගැන පරීක්ෂණ පවත්වනවා.
නමුත් රාජ්‍ය සංස්ථාවට සාධාරණ ආකාරයකින් ක්‍රියාත්මක විය හැකි අධිකරණයක් විසින් කෙරෙන නඩු ඇසීමේ ක්‍රියාමාර්ග කඩිනම් වූ විට පමණයි.
අපරාධ මර්දනය හා ස්ථාවරයන් අතර ඉතා දැඩි සම්බන්ධතාවයන් තියෙනවා.
අධිකරණයේ සමස්ත රාජ්‍ය සංස්ථාව නිසි ලෙස අධීක්ෂණය නොකොලොත් ඒ නිසා සමස්ත අපරාධ මර්දනය කිරීමේ ක්‍රියාවලිය අවුල් සහගත තත්ත්වයකට මේ වන විට පත් වී තිබෙනවා.
මේ අවුල් සහගතක තත්ත්වය නිරාකරණය කර දීමට වෙන කිසිදු සංස්ථාවකට හැකියාවක් නැහැ.
අධිකරණය අකාර්යක්ෂම ආකාරයට කටයුතු කළොත් ඒ නිසා සමාජය තුළ සිදුවන සියලු‍ ක්‍රියා විශාල වශයෙන් අවුල් සහගත තත්ත්වයකට පත් වෙමින් යනවා.
නඩු ඇසීමේ ක්‍රියාවලිය ඉක්මනින් සිදු නොවීම ප්‍රධාන හේතුවක්.
රටේ පවතින දහසකුත් ආරවුල් නිරාකරණය කරගත නොහැකි ආරවුල් බවට වර්ධනය වෙන තත්ත්වයකට ප්‍රදර්ශනය වෙමින් තිබෙනවා.
රටේ ආරවුල් උග්‍ර කරන සංස්ථාවක් බවට ලංකාවේ අධිකරණය පත් නොවීමට වගකීම ඇත්තේ ඉහළ අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ හැසිරීම හා භාවිතය තුළයි.
ඒ ක්‍රියාවලිය වගකීමෙන් යුතු ආකාරයෙන් හා සාධාරණ ආකාරයෙන් සිදු කිරීමට ලංකාවේ අධිකරණවලට තිබෙන හැකියාව දුරාචාර දේශපාලන අධිකාරින් සමග එක්වීමෙන් සිදු කරන්න පුලු‍වන්.
ලංකාවේ දැනට පවතින අකාර්යක්ෂමතාවයට අවශ්‍ය පිළියම් යෙදීම ඒ සඳහා විධිමත් න්‍යාය පත්‍රයක් සකසා ගැනීම ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අධිකරණ අමාත්‍යංශයේ වගකීමක්.
නඩුවක් විසඳීමට අවුරුදු 17ක් 30ක් ඊටත් වැඩි කාලයක් දිග්ගැස්සෙන තත්ත්වයක් තියෙනවා.
අවුරුදු 17ක් වනාහි වැඩිහිටි අයකුගේ ජීවිතයේ විශාල කාලයක්.
එවැනි කාලයක් පුරා නඩු ඇසීම් පමා කිරීම් තුළින් සමාජයේ ඇති දහසකුත් ආරවුල් නිරාකරණය නොවී යහපත් සමාජ පැවැත්මට ඇති මාවත අවහිර වී තිබෙනවා.
ඒ නිසා එදිනෙදා අඛණ්ඩව නඩු ඇසීමේ සම්ප්‍රදායක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත අදාළ ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක කළ යුතුයි.
දැනට පවතින විධිවිධාන හා ප්‍රතිපාදන අනුව ඒ සඳහා යම් දුරකට හෝ ගරු විනිශ්චයකාරුවරුන් පෙළඹවීමේ කාර්ය ඇත්තේ අධිකරණ සේවා කොමිෂමටයි.
අධිකරණ සේවා කොමිසමේ ප්‍රධානියා වන්නේ කවුරුද?
අග්‍රවිනිශ්චයකාරතුමයි.
අග්‍රවිනිශ්චකාරතුමා මේ සඳහා මැදිහත්ව වඩා යහපත් පාලනයක් ස්ථාවර කිරීම සඳහා දායකත්වය ලබාදීම නෛතික වගකීමක් යුතුකමක්.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න