ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙතයි.
වර්ථමාන අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යෝජනා සඳහා පසුබිම් වන අන්තර්ගත කරුණු පහත සඳහන් වේ.
ඇත්තටම උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහා උසස් අධ්‍යාපන විෂය පථයන් පුළුල්වීම පිළිබඳව පුළුල් විය යුතු අප්‍රමාන කරුණු ඇත.
ඒ සියල්ලක් මේ යෝජනා විදියට දැනට අන්තර්ගත කරන්නේ නැත.
අපි ඉන් කීපයක් පමණක් මතු කිරීමට අපේක්ෂා කරමු.
ලංකාවේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සිය ප්‍රතිසංවිධාන කටයුතු කිරීම සඳහා පළමුවෙන්ම උසස් අධ්‍යාපන ක්‍රියාවලිය නැවත ලංකාවේ වර්තමාන අවශ්‍යතාවය සඳහා ගැලපෙන පරිදි ගොඩනැගීමට නම් පළමුවෙන්ම පාසල් අධ්‍යාපනය වටා ඇති ටියුෂන් මාෆියාව පිළිබඳව සිය අවධානය පළමුවෙන්ම යොමුවිය යුතු වේ.
ඒ පිළිබඳව පසුව කරුණු ඉදිරිපත් කිරීමේ හිමිකම තබාගෙන දැනට උසස් අධ්‍යාපනයේ මූලික වෙනස්විය යුතු අවස්ථා සහ රජයට හිමිකර ගත හැකි සංවර්ධනාත්මක යෝජනා පැති පිළිබඳව අවධානය යොමු කිරීමට වඩාත් උනන්දු විය යුතු පැති කිහිපයක් කතා කරන්න කරුණු යෝජනා කරන්න අප බලාපොරොත්තු වෙනවා.
ලංකාවේ බොහෝ විට නීති අධ්‍යාපන අවස්ථා ඉඩකඩ සීමාවිම නිසාම පුරවැසියන් මුහුණ දී තිබෙන ගැටලු‍ අප්‍රමාණයි.
නීතිය පිළිබඳව පුරවැසියා සතු දැනුම අවම වීමේ පරිසරය තුළ ලංකාවේ නීතිඥයින් සහ නීතියට අදාළ ආයතන සමාජය සූරාකෑමේ මාවතක නිරතව ඉන්නවා.
උදාහරණයක් විදියට කාලාවරෝධය නැත්නම් කල් ඉකුත් වීමේ නිතිය පිළිබඳව පොදු ජනතාවට ඇත්තේ සාමාන්‍ය අවබෝධයක් හෝ අවබෝධයක් නැති තරම්ය.
ඉඩම්වලට අදාළ කාලාවරෝධ නීතිය ඒ වගේම හවුල් ඉඩමක කාලාවරෝධය පරවශතා සහ කාලාවරෝධය ඉඩමක් උකස් කිරීම හෝ බැඳුම්කරයක් මත තබා ඇති විටක උද්ගතවන ප්‍රශ්න.
හවුල් ව්‍යාපාර ගිවිසුම් පොරොන්දු නෝට්ටු විනිමය බිල්පත් හෝ ලිඛිත පොරොන්දු ගිවිසුම්වලදී මතුවෙන ගැටලු‍.
වාචික ගිවිසුමක් මත නඩු පැවරීමේ කාලසීමාව කිසියම් අලාභයක් හෝ හානියක් සම්බන්ධයෙන් වන්දි ලබාගැනීමේදී ඇතිවන ගැටලු‍.
කාලාවරෝධ ආඥා පනතේ යම් වගන්තියක ඇති හිමිකම් පිළිබඳව නොදැනුවත්කම.
හරහස් හිමිකම් පෑමේ හෝ හිලව් කිරීමට අදාළ නඩුවලදී මහජනතාව පැටලෙන අවස්ථා.
කාලවරෝධී නීතියේ 12 වන වගන්තියේ ඇති කරුණු.
විවාහ නඩුකර හෝ රජයේ අයිතිවාසිකම් සම්බන්ධ කාලවරෝධී බලපෑම පිළිබඳව මතුවෙන ගැටලු‍.
මූලික අයිතිවාසිකම් නඩු හා කාලපගමනය පිළිබඳ මතුවන ගැටලු‍.
මියගිය අයකුගේ අන්තිකම කැමති පත්‍රය සම්බන්ධයෙන් කාලප ගමනය.
සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ කල් ඉකුත් වීමේ නීතිය.
සිවිල් නඩු විධාන සංග්‍රහයේ 84 වන වගන්තිය යටතේ උත්තරය ඉදිරිපත් කිරීම හෝ පෙනී සිටීම පැහැර ඇත්නම් ඒ නඩුව වහාම අධිකරණය විසින් ඒකපාක්ෂිකව විභාග කරන පරිසරයක ඇතිවන ගැටලු‍.
සිවිල් නඩු විධාන සංග්‍රහයේ 86(2) වගන්තිය යටතේ ඒක පාර්ශ්විකව තීන්දුවක් අවලංගු කිරීමට හැකිවන අවස්ථා පිළිබඳව ජනතාවගේ නොදුනුවත්කම්.
උත්තරවාද සංශෝධනයට අදාළ කාලසීමාව සිවිල් නඩුවක සාක්‍ෂි ලැයිස්තුවට අදාළ කාලාපගමනය.
නිශ්චිල දේපල විකිනීමට අදාළ අධිකරණ තීන්දුවට බලපාන කාලසීමා නීතිය.
නඩුවක් නතර කිරීමට අධිකරණය ආඥා කිරීමට අදාළ කාලසීමාව.
රජයට එරෙහිව පවරන සිවිල් නඩුවල කාලාපගමනය පිළිබඳ පොදු මහජනතාවගේ නොදැනුවත්කම.
විවාහයක් අවලංගු කිරීමේ තීන්දු ප්‍රකාශයක් නියත කිරිමට බලපාන කාලසීමාව පිළිබඳව පොදු ජනතාවගේ නොදැනුවත්කම.
අභියාචනයන්ට අදාළ කාලාවරෝධී තත්ත්වය.
මෙවැනි ගැටලු‍ අරභයා ඉන්පසුව මතුවන්නේ ඉඩම් ආරවුල් සම්බන්ධ නීතිමය ගැටලු‍ තත්ත්වයන්.
මේ නිසා මේ වන විට රට පුරාම බහුතරයක් ඉඩම් ආරවුලක් උද්ගතවන අවස්ථාව මොනවාද? ඊට අවශ්‍ය නෛතික පියවර මොනවාද? පොදු මහජනතාව නොදනී.
හවුල් අයිතිවාසිකම් ඇති අවස්ථාවකදී භුක්ති විඳීමට ඇති අපහසුතා මත ඇතිවන ආරවුල්.
ඉඩමක මායිමක හෝ පාරක් සම්බන්ධව මතුවන ආරවුල්.
කාලාවරෝධය මත හිමිකම් පෑම මත ඇතිවන ආරවුල්.
ඉඩමක ප්‍රමාණය පිළිබඳ මතුවන ආරවුල.
එකම ඉඩමකට එක් අයකුට වැඩි ගණනක් අයිතිවාසිකම් කීමේදී හවුල් අයිතියක් අවස්ථාවලදී (මතුවන ආරවුල්).
ඉඩමක් පිළිබඳ වන යම් සාධන පත්‍රයක් අවලංගු කිරීම පිළිබඳ ආරවුල්.
යම් ඉදිරිපත් කිරීමක් නතර කිරීම හෝ ඉවත් කිරීම සඳහා වන ආරවුල්.
රජයෙන් හිමි වූ දේපළක පසු අයිතිය පිළිබඳ ගැටලු වන අවස්ථාවලදී මතුවන තත්ත්වයන් පිළිබඳව පොදු ප්‍රජාව නොදැනුවත්කම.
යම් දේපළක් පිළිබඳ හවුල් අයිතිවාසිකම් තිබීම නිසා ඇතිවන ආරවුල්.
ඇත්තටම මෙවැනි ගැටලු අරඹයා මහජනතාවගේ නොදැනුවත්කම අයුතු ලෙස භාවිතා කරන රාජ්‍ය ආයතන හා නීතිඥ ප්‍රජාව පුදුම සහගත ලෙස ජනතාවගේ හිමිකම් අහිමි කිරීමට මැදිහත් වී තිබෙන සමාජ පරිසරයක් ගොඩනැගී තිබීම නිසා ලංකාවේ නීතිඥ වෘත්තිය පැහැදිලිවම වඩාත් පළල් ආකෘතියකින් ඒ විෂය පථය සහ ඒ සඳහා ඉගෙනුම සඳහා අවශ්‍ය අවස්ථාවන් මතු කිරීමට රජයේ මැදිහත්වීම වර්තමානයේ ඉතාම වැදගත්ය.
අයිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට රාජ්‍ය ආයතන බොහොමයක් තිබෙනවා.
එවැනි අවස්ථා පිළිබඳව පවුල සම්බන්ධ නීති කවරේද?
විවාහය සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පණත යටතේ විවාහයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?
විවාහය නිත්‍යානුකූලව ලියාපදිංචි කරන්නේ කොහොමද?
උඩරට නීතියේ දීග සහ බින්න විවාහ වල වෙනස කුමක්ද?
චාරිත්‍රාකුළ විවාහය, විවාහ වීමේදී තහනම් නෑකම් මොනවාද?
විවාහයක් අවලංගු වන අවස්ථා මොනවාද?
විවාහයක් අවසන් කරන්නේ කෙසේද?
විවාහයක් ශුන්‍ය හා බලරහිත කරන්නේ කෙසේද?
දික්කසාද නඩුවලදී පොදු ප්‍රජාව දැනගත යුතු කරුණු.
ද්වේශසහගත ලෙස හැර යාම යනු කුමක්ද?
සැකය නිසා බිරිඳ විසින් සැමියා අතහැර යාම නීතියේ ප්‍රතිපාදන කෙසේද?
අඹුසැමියන් දෙදෙනා වෙන් වෙන් වෛවාහක වැරදි දෙකක් කර ඇති විට තත්ත්වය කුමක්ද?
ලිංගික බෙලහීනතාවය පිළිබඳ අධිකරණයකදි තත්ත්වය කුමක්ද?
දෙදෙනාගේ කැමැත්ත මත දික්කසාදයක් ලබාගැනීම සඳහා ගත යුතු පියවර කෙසේද?
දික්කසාද දීමනා පිළිබඳ අවබෝධය කුමක්ද?
මුස්ලිම් නීතිය යටතේ දික්කසාද පිළිබඳව ගැටලු එහෙම නැත්නම් පවුල හා ඊට අදාළ නීති පිළිබඳ සලකා බැලීමේදී විවාහය හා දික්කසාද නඩු, නඩත්තු, දරුවන්ගේ භාරකත්වය, කුලවත්දා ගැනීම, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ආදී කරුණුවලදී මැදිහත්වීමට සුවිශාල මුදල් සම්භාරයක් රාජ්‍ය අංශය වැය කරමින් නඩත්තු කරන ආයතන අප්‍රමාණව ඇතත් නමුත් එය පොදු ප්‍රජාවට කාන්දු නොවීමේ සමාජ පරිසරය හමුවේ අංග සම්පූර්ණ පලදායි ප්‍රතිඵල අත්වී නොමැති බව කණගාටුවෙන් වුවත් කිව යුතු කරුණක්.
ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ ආර්ථික හෝ සමාජ තත්ත්වය ස්ත්‍රී පුරුෂ භාවය, කුලය, ආගම හෝ ජාතිකත්වය හෝ ආබාධිත භාවය නොසලකා යුක්තිය සඳහා සමාන ප්‍රවේශයක් ඇති සමාජයක් නිර්මාණය කිරීමට නම් ලංකාවේ නීතිඥ වෘත්තිය වඩාත් බහුතරයක් අතරට ඒ අධ්‍යාපනය පුළුල් වීමේ අවශ්‍යතාවය මෙයින් යෝජනා කරනවා.
පවුල හා බැඳි නීතිය නඩත්තුව හා භාරකාරත්වය ගෘහස්ත ප්‍රචණ්ඩත්වය තුළින් ඇති වී තිබෙන කරුණු කාරණා අනුව කාන්තාව නීතිඥයකු ඉදිරියට යාමේදි විවිධ ගැටලු සහගත තත්ත්වයන් මතුවෙන අවස්ථා අප්‍රමාණයි.
දරුවන්ගේ භාරකාරත්වය දරුවකු කුලවද්දා ගැනීම හෙවත් දරුකමට හදාගැනීම විවාහ පොරොන්දු කඩ කිරීම, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය මේ ආදී කරුණුවලදී නිතිඥයෙකුගේ සහය ලබාගැනීමට මැදිහත් වීමේදී අදාළ නීතිඥයාගේ විවිධ උපායශීලී සූරාකෑම නිසා විවිධ සමාජ ගැටලු විසරණය වී තිබෙනවා.
මේ නිසා ලංකාවේ මේ ගැටලුව අරඹයා වැදගත් මාවතක් සකස් විය යුතු බව මෙයින් යෝජනා කරනවා.
ඊට උදාහරණයක් වශයෙන් කරුණු ඉදිරිපත් කරන්නේ නම් ලංකාවේ නීතිඥ විභාගය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් නීති පීඨයට සිසුන් බඳවාගැනීම සඳහා 2021 කරන ලද විභාගය අරඹයා ගැටලු සහගත තත්ත්වයක් උදාහරණයක් වශයෙන් මෙහිදී ඉදිරිපත් කිරීමේදී ඒ පිළිබඳව අදාළ ගැටලු සහගත තේමාව හා අන්තර්ගතය ඔබට අවධාරණය වනවා ඇත.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් නීති පීඨයට සිසුන් බඳවා ගැනීම සඳහා වාචිකව පවත්වනු ලැබූ විශ්වවිද්‍යාල නීති පීඨ ප්‍රවේශ විභාගය සඳහා 2021 වර්ෂයේදී ආසන්න වශයෙන් සිසුන් 10,000ක් පෙනී සිටියා.
එයින්ම පෙනී යනවා ලංකාවේ නීතිය ඉගෙනීම සඳහා සුවිශාල බහුතරයක් අපේක්ෂිතව ඉන්නා බව.
මෙය නිදහස් අධ්‍යාපනය තුළ නොමිලේ නොවන මනා මුදලක් අය කිරීමේ පදනම මත මේ විභාග රටාව සහ පාඨමාලා රටාව පුළුල් වන්නේ නම් වඩාත් උචිතය.
2021 වර්ෂයේ 10,000ක් සමඟ පෙනී සිටි අපේක්ෂකයින්ගෙන් සමත් වන 700ක් 800ක් පමණ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධිය හැදෑරීම සඳහා තෝරාගනු ලැබුවා.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයීය ප්‍රවේශ විභාගය එක් ප්‍රශ්න පත්‍රයකට ලකුණු 100 බැගින් හිමිවන ප්‍රශ්නපත්තර 3කින් සමන්විතයි.

  1. සාමාන්‍ය බුද්ධිය.
  2. ඉංග්‍රීසි භාෂාව
  3. අවබෝධය
    යම්කිසි අපේක්ෂකයකු විභාගය සමත් වීමට නම් ඉහත එක් ප්‍රශ්න පත්‍රයකට ලකුණු 25%කට වැඩි ප්‍රමාණයක් ඉක්මවිය යුතු වූවා.
    2021 වසරේ පැවති ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල නීති පීඨ ප්‍රවේශ විභාගයේ සමත් වූවන්ගේ ප්‍රතිඵල සටහන පරීක්ෂා කිරීමේදී පැහැදිලිව පෙනී යන කරුණ නම් දමිළ මාධ්‍යය සිසුන්ට එනම් අවබෝධය, ප්‍රශ්නපත්‍රය හා සාමාන්‍ය බුද්ධිය දෙමළ මාධ්‍යයෙන් පෙනී සිට සමත් වූ සිසුන්ට සාපේක්ෂව සිංහල සිසුන් එනම් සාමාන්‍ය බුද්ධිය හා අවබෝධය ප්‍රශ්න පත්‍රයට සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සමත් වූ සීමිත පිරිසක් වීම අරඹයා ඇති වූ ගැටලු සහගත තත්ත්වය පිළිබඳව රාජ්‍ය අංශය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම තුළින් ලංකාවෙ රාජ්‍ය භාෂාව සිංහල භාෂාවට ප්‍රමුඛස්ථානයක් දීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 4 වන වගන්තිය යටතේ නීතිය පිළිබඳව උල්ලංඝනය වූ අවස්ථා සහ පසු අවස්ථා පිළිබඳව විවරණය කිරීමට ඉදිරි කරුණුවලදී බලාපොරොත්තු වෙනවා.
    2021 වසරේ විභාගයට සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයින් 12,075ක් පෙනි සිටි අතර ඉන් සමත් වී ඇත්තේ 466ක් පමණි.
    එහෙත් දෙමළ මාධ්‍යයෙන් විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයින්ගෙන් මුස්ලිම් සිසුන්ද ඇතුළත්ව ගණන 3887ක් හා අතර ඉන් 332 දෙනෙක්ම විභාගය සමත් වී ඇත.
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් අපේක්ෂකයින් 1735ක් පෙනී සිට ඉන් සමත් වී ඇති ගණන මේ සංඛ්‍යාලේඛන සටහන් අනුව අවබෝධය ප්‍රශ්න පත්‍රයට සිංහල භාෂාවෙන් පෙනී සිටි සිසුන් හා අවබෝධ ප්‍රශ්නපත්‍රයට දෙමළ භාෂාවෙන් පෙනී සිටි අපේක්ෂකත්වය අතර පැහැදිලි ලෙසම ඉහළ වෙනසක් තිබුණත් සමත් වීමේ ගණන හා වැඩි ප්‍රතිශතයක් සලකා බැලීමේදී සිංහල මාධ්‍යයේ සිසුන්ට විවෘත විශ්වවිද්‍යාලීය නීති අධ්‍යාපන වරම් අහිමි වී ඇති බව අවිවාදාත්මක තත්ත්වයකි.
    2021 වසරේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයීය නීති පීඨ ප්‍රවේශ විභාගයට පෙනී සිටි සමස්ත අපේක්ෂකයින් ගණන 17,693ක් වන අතර ඉන් 12,075ක් සිංහල මාධ්‍යය සිසුන් වන අතර 3,887ක් දෙමළ මාධ්‍ය සිසුන් වේ.
    1735 ඉංග්‍රීසි මාධ්‍ය සිසුන් වූ බව තවදුරටත් පැහැදිලි කිරීමට පුළුවන්.
    අපේක්ෂකයින්ගේ සමත්වීම සැලකිල්ලට ගෙන බැලීමේදි සිංහල මාධ්‍ය සිසුන් 466ක් දෙමළ මාධ්‍ය සිසුන් 187ක් හා මුස්ලිම් සිනු 134ක් එය ප්‍රතිශතයක් ලෙස පිළිවෙලින්, 57%ක් 23.8%ක් හා විභාගය සමත් අපේක්ෂකයින්ගේ හා ඔවුන්ගේ අවබෝධය ප්‍රශ්න පත්‍රයට ලබාගත් ලකුණු ප්‍රමාණයන් අනුව තවදුරටත් විග්‍රහ කරන්නේ නම් තත්ත්වය මෙසේය.
    සිංහල මාධ්‍යයෙන් අවබෝධය ප්‍රශ්න පත්‍රයට පෙනී සිටි අපේක්ෂකයන් අතරින් වැඩිම පිරිසකට එනම් 280කට ලකුණු 41 සිට 60 අතර සිංහල ලකුණු හිමි වී ඇති අතර දෙමළ මාධ්‍යයෙන් අවබෝධය පත්‍රයට පෙනී සිටි සිසුන්ගෙන් 239ක් හා 61 – 84 ප්‍රශස්ත ලකුණු පරාසයක් ඒ තුළ සිට තිබෙනවා.
    සිංහල භාෂාව ප්‍රශ්න පත්‍රයට ලකුණු 81 සිට 100 දක්වා ලබාගත් සිසුන් කිසිවකු නොමැති අතර දෙමළ මාධ්‍ය සිසුන් අතරින් 5ක් 81 – 100 දක්වා පරාසයේ ලකුණු ලබාගෙන තිබෙනවා.
    අවබෝධය ප්‍රශ්න පත්‍රයට ඉංග්‍රීසි භාෂාවෙන් පෙනී සිටි සිසුන් සලකා බැලුවොත් 41 – 60 දක්වා සිසුන් 96ක් ද 61 – 80 සිසුන් 64ක් හා 81 – 100 දක්වා සිසුන් දෙදෙනෙක් ලකුණු ලබාගෙන තිබෙනවා.
    මේ අනුව සමත් සිසුන් ඔවුන්ගේ අවබෝධය ප්‍රශ්න පත්‍රයට ලබාගෙන ඇති ලකුණුවලින් පෙනී යන්නේ භාෂා ප්‍රශ්න පත්‍ර තුළ සිංහල සිසුන්ගේ ලකුණු කප්පාදුවට ලක්ව ඇති බව නොවේද?
    සිංහල මාධ්‍යය සිසුන්ගේ සහ දෙමළ භාෂා සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයට ලබාගත් ලකුණු පිළිබඳව ද විමසා බැලිය යුතු වෙයි.
    ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයට සිංහල සිසුන් බහුතරයක් 61 – 70 දක්වා ලකුණු ලබාගෙන ඇත.
    සංඛ්‍යාවත්ම එය 128කි.
    එමෙන්ම 81 – 90 දක්වා ලකුණු ලබාගත් සිසුන් 90ක් හා 91 සිට 100 දක්වා ලබාගත් එක් සිසුවෙක් ද සිට තිබේ.
    දමිළ මාධ්‍ය සිසුන් ඉහළ පරාසවල ලබාගත් ලකුණු අනුව 61 සිට 70 දක්වා 76ක් ද 81 සිට 90 දක්වා සිසුන් දෙදෙනෙක් ද සිට තිබෙනවා.
    91 සිට 100 දක්වා ලකුණු ලබාගත් කිසිදු දමිළ සිසුවකු ඉඳ නැහැ.
    මේ අනුව පෙනී යන වැදගත් කරුණ නම් ඉංග්‍රීසි භාෂා හැකියාව අනුව දමිළ සිසුන්ට වඩා සිංහල සිසුන් ඉදිරියෙන් සිටි බව පෙනී යන කරුණක් නොවේද?
    විවෘත විශ්වවිද ්‍යාලය නීති පීඨ ප්‍රවේශ විභාගයට සිංහල දෙමළ හෝ ඉංග්‍රීසි කුමන භාෂාවකින් පෙනී සිටියද සාමාන්‍ය බුද්ධිය ප්‍රශ්න පත්‍රය සියලු දෙනාට එක සේ බලපාන ප්‍රශ්න පත්‍රයකි.
    මන්ද තර්කනය, ගණිතය, භාෂාව අනුව වෙනස් වන දෙයක් නොවේ.
    සියලු දෙනාටම ගැටලුවක අවසන් පිළිතුර ලෙස ලැබෙන්නේ එකම අගයකි.
    සාමාන්‍ය බුද්ධිය ප්‍රශ්න පත්‍රයට සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන් අතරින් 71 දෙනකු ලකුණු 51 සිට 60 දක්වා පරාසයේ ලකුණු ලබාගනිද්දී එම පරාසයේ ලකුණු ලැබූ දමිළ සිසුන් හා ඉංග්‍රීසි සිසුන් පිළිවෙළින් 18ක් හා 16ක් යනුවෙන් කරුණු හෙළිවී තිබෙනවා.
    සිංහල සාමාන්‍ය බුද්ධිය සඳහා සිංහල මාධ්‍යය සිසුන් වාර්තා කළ උපරිම ලකුණු පරාසය 81 සිට 90 දක්වා වෙනවා.
    සිංහල මාධ්‍ය සිසුන් 26ක් එම ලකුණු පරාසයට ළඟා වී ඇති අතර එම පරාසය තුළ සිට දෙමළ සිසුන් ගණන 4ක් විය.
    ඉංග්‍රීසි මාධ්‍යය සිසුන් දෙදෙනකු 81 සිට 90 දක්වා ලකුණු පරාසයේ සිට තිබෙනවා.
    මේ අනුව සිංහල මාධ්‍ය සිසුන් ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්නපත්‍රයට හා සාමාන්‍ය බුද්ධිය ප්‍රශ්න පත්‍රයට අතිසාර්ථක ලෙස පිළිතුරු සපයා ඇති බව ලකුණු සටහන් අනුව පෙනී යන කරුණක්.
    එය එසේ නම් සිංහල මාධ්‍ය සිසුන්ගේ විභාගය සමත් වීමේ ශක්‍යතාව අවම වීමට හේතුව කුමක්ද?
    පැහැදිලිවම මෙයට හේතුව අවබෝධ ප්‍රශ්න පත්‍රය තුළ ඔවුන්ට ලකුණු ලබාදීම සීමා කර තිබීම නොවේද?
    මේ අනුව 2021 ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල පීඨ ප්‍රවේශ විභාගයේ සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ට අත්ව ඇති ඛේදවචකය නැවත වරක් මේ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට අත්වීමේ පරිසරයක් දැනටමත් උද්ගත වී තිබෙනවා.
    විවෘත විශ්වවිද්‍යාල නීති ප්‍රවේශ විභාග අපේක්ෂකයින් වන මේ විභාග ප්‍රතිඵලය තවත් හේතු කීපයක් නිසා පිළිගත නොහැකි බව සඳහන් කිරීමට සිදුවී තිබෙනවා.
    ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් නීති ප්‍රවේශ විභාගය තුළින් ප්‍රතිඵල නිකුත් කළ බව නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවේ 2022 ජූලි 18 වන දිනය.
    එහෙත් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල නිල වෙබ් පිටුවෙන් අපේක්ෂකයින් බහුතරයකට ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමට නොලැබුණු බව පැහැදිලි කර ගත යුතුයි.
    අඅඅගටමරමඅ්ර්හ්ගකන වෙබ් අඩවිය මගින් එල්එල්බී ප්‍රවේශ විභාගය සමත් වූවන්ගේ බව සඳහන් කරමින් නාමලේඛනයක් ඉදිරිපත් කර තිබු මොහොත වන විටත් විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්ට තමා විභාගය සමත් හෝ අසමත් බව තහවුරු කෙරෙන පිළිගත හැකි සාධකයක් ඒ වන විටත් තිබුණේ නැත.
    2022.07.20 දින ටමරමඅ්ර්හ්ගකන වෙබ් අඩවිය විසින් එල්එල්බී ප්‍රවේශ විභාගය සමත් නාමලේඛනය පල කරන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හෝ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ඔවුන්ගේ නිල වෙබ් පිටුවල සමත් වූ අපේක්ෂකයින්ගේ නාමලේඛනයක් පල කර නොතිබූ අවදියකය.
    අදාළ වෙබ් අඩවිය විසින් නිකුත් කරන ලද ප්‍රතිඵල ලේඛනය අපේක්ෂකයින් 787ක ලේඛනයක් වූවද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් පිටුවේ පළ කළ නාමලේඛනයට වඩා එක් අපේක්ෂකයකු ඇතුළත්ව නම් 788කින් යුත් නාමලේඛනයක් නිකුත් කොට තිබීම ගැන ගැටලු සහගත තත්ත්වය තේරුම්ගත යුතුය.
    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව 2022.07.20 දින උක්ත විභාගය සමත් අපේක්ෂකයින්ගේ නාම ලේඛනය සිය නිල වෙබ් අඩවියේ පළ කරන ලදී.
    අතිශය රහසිගත ලේඛනයක් විභාග දෙපාර්තමේන්තුවටත් පෙර 2022.07.20 දින අඅඅගටමරමඅ්ර්හ්ගකන වෙබ් අඩවිය විසින් නිකුත් කරන්නේ කෙසේද යන්න සැක සහිත නොවේද?
    එමෙන්ම අද වන විට එම වෙබ් අඩවිය එම නාමලේඛනය තම වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට ඒ දිනවලම ක්‍රියාකර තිබීමෙන් අදාළ සැකය තීව්‍ර නොවන්නේද?
    අඅඅගටමරමඅ්ර්හ්ගකන වෙබ් අඩවිය මගින් එල්එල්බී ප්‍රවේශ විභාගය සමත් වූවන්ගේ යැයි සඳහන් කරමින් නාමලේඛනයක් ඉදිරිපත් කරන ගමන්ම විභාග අපේක්ෂකයින්ට තමන් විභාගය සමත් ද අසමත් ද යන බව තහවුරු කරන සාධකයක් නොතිබුණු බව මෙහි සඳහන් කළ යුතුය.
    අදාළ වෙබ් අඩවිය විසින් නිකුත් කරන ලද ප්‍රතිඵල ලේඛනය අපේක්ෂකයින් 787ක ලේඛනයක් වූවද, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් පිටුවේ උක්ත වෙබ් පළ කළ නාමලේඛනයට වඩා එක් අපේක්ෂකයකු ඇතුළත් නම් 788කින් යුතු නාමලේඛනයක් නිකුත් කොට තිබීම පිළිබඳ තවත් ගැටලුවක් නොවන්නේද?
    2022.07.20 වන දින අඅඅගටමරමඅ්ර්හ්ගකන වෙබ් අඩවිය විසින් එල්එල්බී ප්‍රවේශ විභාගය සමත් නාමලේඛනය පල කරන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමෙන්තුව හෝ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයීය ඔවුන්ගේ නිල වෙබ් පිටුවල ප්‍රකාශ වූ අපේක්ෂකයින්ගේ නාමලේඛනයක් පල කරන නොතිබූ පසුබිමක වීම මේ තත්ත්වය හා මාෆියාව පිළිබඳ තිරය පිටුපස ඇති කතාව සනාථ කරන සුලුය.
    යම් කිසි විභාගයක ප්‍රතිඵල අනුව එකම ලකුණු ලබාගත් සියලු අපේක්ෂකයින්ට සමස්ත දිවයිනේම දිස්ත්‍රික් මට්ටමින් හෝ කලාප මට්ටමින් එකම ස්ථානය :ඍ්බන* හිමිවේ.
    එකම ස්ථානය හිමි සිසුන් එක් ඒකකයක් ලෙස ගණනය කරන බව ඔබ දන්නා කරුණක්.
    පදනම් විරහිත මතවාද මත පිහිටා තර්ක කිරීම හෝ වෙනත් පෞද්ගලික ලාභාපේක්ෂාවෙන් කිසියම් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට අගතියක් නොවීමට රජය ක්‍රියා කළ යුතු නොවේද?
    විශේෂයෙන්ම නීති ක්ෂේත්‍රය වැඩි උත්තරීතර වෘත්තියක් මෙසේ බාල්දුවට ලක් කිරීමේ පරිසරයක් මේ වන විට උද්ගත වී තිබෙනවා.
    ඇත්තටම ලංකාවේ වඩාත් රාජ්‍ය අංශයට අදායම් උපයාගැනීමට හැකියාව ඇති නීති පාඨමාලාව සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළම පුළුල් කර ඒ පිළිබඳව සිංහල මාධ්‍යයෙන් සිසුන්ට නීතිය ඉගෙන ගැනීමේ ඉඩ ප්‍රස්ථා මතු කරන්නේ නම් ප්‍රධාන සමාජ අවශ්‍යතාවයක් සැපිරෙන බව පිළිගත යුතු කරුණක්.
    ඒ තුළින් පොදු ප්‍රජාව නීතිඥ ප්‍රජාවගෙන් අත් විඳින පීඩාකාරී අධික මූල්‍ය සූරාකෑම අත්විඳින ජනතාව පෙරළා රජයේ කීර්තිනාමයට හා ජනප්‍රියතාවයට ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතු කරන්නේ නම් පවතින ආණ්ඩුවේ ජනප්‍රියතාවයට අත්වැලක් වනු ඇත.
    ලංකාවේ නීති අධ්‍යාපනය පිළිබඳව සිංහල භාෂාවෙන් නීතිය ඉගෙනීමේ හා සිංහල භාෂාවෙන් නීතිය ඉගැනීමේ අයිතිය ලබාදීමේ ප්‍රතිඵල භුක්ති විඳීමට ලංකාවේ බහුතර තරුණ ප්‍රජාවට මේ වන විට අහිමි වී තිබේ.
    නමුත් හිටපු අධිකරණ ඇමැති අලි සබ්රි මහතා අධිකරණ ඇමැති සමඟ ඔහුගේ සහයෙන් 2020.12.30 අංක 2208/13 අති විශේෂ ගැසට් පත්‍රයට අනුමැතිය ලබාදී එකී අයිතිය අහිමි කළ අවස්ථාවේ සංස්ථාගත නීති අධ්‍යාපනය සභාවේ සාමාජිකයන්ගේ නම් ලැයිස්තුව මෙසේය.
    ගරු ජයන්ත ජයසූරිය (අගවිනිසුරු, ජනාධිපති නීතිඥ)
    ගරු ඩී. ද ලිවේරා (නීතිපති)
    ගරු බී. පී. අලුවිහාරේ (ජනාධිපති නීතිඥ)
    ගරු කේ. සිසිර ජේ. ද ආබෲ
    එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා (එවකට ලේකම් – අධිකරණ අමාත්‍යංශය)
    සංජය රාජරත්නම් මහතා (එවකට වැඩ බලන සොලිස්ටර් ජෙනරාල් – ජනාධිපති නීතිඥ)
    ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා (ජනාධිපති නීතිඥ)
    මහාචාර්ය වී. ටී. තමිල්මාරන්
    ප්‍රියන්ත නවාන මහතා (ජනාධිපති නීතිඥ)
    කේ. නවරත්න මහතා
    කේ. ඉන්ද්‍රතිස්ස මහතා (ජනාධිපති නීතිඥ)
    තිස්ස විජේගුණවර්ධන මහතා (ජනාධිපති නීතිඥ)
    ධම්මික දසනායක මහතා
    සාවිත්‍රි විජේසේකර මහත්මිය
    ඉන්දිරා සමරසිංහ මහත්මිය (ජනාධිපති නීතිඥ, විදුහල්පති, ලේඛකාධිකාරි සංස්ථාගත නීති අධ්‍යාපන සභාව)
    ලංකාවේ නීති අධ්‍යාපනය පිළිබඳ සංස්ථාගත නීති අධ්‍යාපනය පිළිබඳ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ ආකෘතිය වෙනස් වී එය සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දක්වා ව්‍යාප්ත විය යුතු ප්‍රතිසංවිධානය විය යුතු තත්ත්වයක් උද්ගත කළ යුත්තේ පහත සඳහන් කරුණු නිසාය.
    භාෂාව පිළිබඳ තීරණයක් ගැනීමේදී නෛතික තත්ත්වය පිළිබඳව පසුවට හෙළිදරව් කිරීමේ හිමිකම හා විභාග පැවැත්වීම පිළිබඳව නෛතික තත්ත්වයද පසුවට කතා කිරීමේ අයිතිය දැනට තබාගැනේ.
    1991 අංක 18 දරන රාජ්‍ය සේවා කොමිෂන් සභාව සිය නෛතික ප්‍රජා වගකීම ඉටු නොකිරීම පිළිබඳවත් ඉදිරි කාලයේදී කරුණු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වෙනවා.
    ඒ වගේම 276 වන නීති අධ්‍යාපන සභා ආඥා පනත යටතේ වෙනම කරුණු ගොනු කරන්න හා අදාළ මාධ්‍ය විවරණ ඉදිරියට අප ආයතනය විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා.
  4. විශ්වවිද්‍යාලවල බහුතරයක් ගොඩනැගිලි කාර්යක්ෂම ලෙස භාවිතා නොකරන පරිසරයක් තුළ එම හිස් ගොඩනැගිලි මුදල් අය කර නීති පාඨමාලා සඳහා යොදා ගැනීමට හැකියාව ඇත.
  5. නීති අධ්‍යාපන සභාවේ ආකෘතිය සෙසු විශ්වවිද්‍යාල පරිසරයන් තුළ ගොඩනැගීම.
  6. නීති අධ්‍යාපනය පුළුල් කිරීම මගින් රැකියා අවස්ථා බහුල වීමේ ප්‍රවණතාවයක් මතු වීම.
  7. රැකියා අවස්ථා පුළුල් වීමේ විකල්ප මාවත් විවර වීමේ අවස්ථා ඉස්මතු විය හැකිය.
  8. සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපන අවස්ථා පුළුල් වීමෙන් රටේ බහුතරයකට සාධාරණත්වය ගොඩනැගීම එමගින් සිදුවේ.
  9. යථෝක්ත පූර්ව විවෘත විශ්වවිද්‍යාල 2021 සිද්ධිය මගින් අප පෙන්වා දුන්නේ නීතිය ඉගෙනුම සඳහා තිබෙන තරගකාරිත්වය පිළිබඳ එක් උදාහරණයක් පමණි.
    එම යතාර්ථය තේරුම් ගැනීමට ඔබ කාරක සභාවට මනා පිටුවහලක් එයින් ලැබුණා යැයි සිතේ.
    ප්‍රතිජනනාත්මක එළැඹුමක අවශ්‍යතාවය
    දැනුම පුපුරා යන යුගයක දන්නාදේ දෛනිකව ශීග්‍රයෙන් වෙනස් වෙමින් තිබේ.
    කාලීන අවශ්‍යතාවයන්ට අනුගත වෙමින් දන්නා දේ ප්‍රතිචාරාත්මක එළැඹුමක අධ්‍යයතන රජය සිටිනවා යැයි විශ්වාස කෙරේ.
    උසස් අධ්‍යාපනය ලබන කලා අංශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉගෙනුම හා අවසානයේ ඉදිරිපත් කෙරෙන පර්යේෂණ නිබන්ධන වලින් පර්යේෂණ ගැටලුව, අධ්‍යාපනයේ අරමුණ, පර්යේෂණ ක්‍රමවේදය, ක්ෂේත්‍ර අධ්‍යාපන ක්‍රමය, සමාජ සමීක්ෂණය, ප්‍රශ්නාවලි ක්‍රමය, සම්මුඛ සාකච්ඡා ක්‍රමය, නිරීක්ෂණ ක්‍රමවේදය, පර්යේෂණ ආචාරධර්ම, නිවැරදි දත්ත සොයා යෑම, අදාළ ව්‍යාපෘතිය අධ්‍යයනයදි ඇතිවන ගැටලු හා අවසානයේ සමාලෝචනය හා නිගමන ඉදිරිපත් කරමින් ඔවුහු සිය නිබන්ධන විශ්වවිද්‍යාලවලට භාරදෙති.
    ඔවුහු වාර්ෂිකව උපාධි, පශ්චාත් උපාධි ලබති.
    ආචාර්ය මහාචාර්ය පසුකාලීන පර්යේෂණ නිබන්ධන ලියති.
    මෙකී නොකී පර්යේෂණාත්මක නිබන්ධන ලාංකික සමාජ සංවර්ධනය සඳහා යොදාගත් ක්‍රමවේදයක් අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයින් මෙතෙක් සමත් වී තිබේද යන ප්‍රශ්නය මතුවෙන සුළුයි.
    වර්තමාන ලංකාවේ බහුතරයක් උපාධිධාරීන් ඉගෙනුම ලබා ඇත්තේ න්‍යායාත්මක දැනුමට පමණි.
    මේ නිසා පර්යේෂණ තේමාවන් තෝරාගැනීමේදී ශ්‍රී ලංකාවේ පොදු සමාජයට සංවර්ධනයට ඉවහල් වන විෂය පථයන් තෝරාගැනීමට සුදුසු විශ්වවිද්‍යාල ආශ්‍රිත ආචාර්ය මණ්ඩල සාමුහිකත්වයක් මෙතෙක් සමත් වී නැත.
    දැනුම අධ්‍යාපනය ලබන විෂය පථය ආශ්‍රිතව තුළනාත්මකව හඳුනාගැනීමේ කුසලතාවයන් දැනට තිබෙන උසස් අධ්‍යාපන පාඨමාලාවල අන්තර්ගතද?
    එවැන්නක් ප්‍රකාශිත වන්නේ නම් ශ්‍රී ලංකාව මේ වන විට වඩාත් දියුණු රටක් විය යුතු නොවේද?
    විශ්වවිද්‍යාලවලින් වාර්ෂිකව බිහිවන උපාධිධාරී සංඛ්‍යාව මගින් කාන්දු විය යුතු සංදේශය සාර්ථක වූවා නම් පොදු සමාජය ස්වයං ප්‍රතිපෝෂණයක් කරා යා යුතු නොවේද?
    එවන් පරිසයක් මතු කරන විශ්වවිද ්‍යාල අධ්‍යාපන කුසලතා රැල්ලක් නිර්මාණය වන්නට නම් විචාරශීලී අධ්‍යාපන රටාවක් නිර්මාණය විය යුතු නොවේද?
    ඒ සඳහා සැඟවුණු අර්ථවලින් තොර අවබෝධ කිරීමේ කුසලතාවය නිර්මාණය විය යුතු නොවේද?
    උසස් අධ්‍යාපනය විශ්ලේෂණය හා ඇගයීමේ විචාරශීලී අධ්‍යාපනය සහ ප්‍රතිසංවිධානය විය යුතු යැයි හෙළිදරව් කිරීමේ හිමිකම්. දැනට ඒ පිළිබඳ තොරතුරු පසුවට හෙළි කිරීමේ හිමිකම තබා ගැනේ.
    විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව රැකියා සේවා ස්ථානයට යාමේදී සහයෝගීතාවය, සමාජ සංවර්ධනයට ප්‍රතිරූපයක් ඇතිවන උද්දීපනය කරන ආකාරයට අධ්‍යාපන රටාව ප්‍රතිසංස්කරණය විය යුතුය.
    උසස් අධ්‍යාපන රටාව පොදු මහජනතාවගේ ආශිර්වාදයක් ඇති කරන සුලු කැඩපතක් විය යුතුය.
    දැනට රටේ පවතින ආර්ථික භීතිය, ත්‍රාසය විවිධ දුක් කම්කටොලු සමාජ සුන්දරත්වයක් කරා යන විෂය මූලධර්මයක් විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා අන්තර්ගත යුතු වේ.
    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රට පුරා ව්‍යාප්ත වෙන ඒ සඳහා උසස් අධ්‍යාපනය ලබන බහුතරය කෘෂිකාර්මික අංශවල නියැලී සිටින ගොවියන්, ව්‍යාපාරිකයන්, බෙදාහරින්නන් උත්තේජනය කරන වැඩසටහන් දියත් කරන මැදිහත්වන උසස් අධ්‍යාපන රටාවක් දියත් විය යුතුය.
    ප්‍රජාවගේ කුසලතා හඳුනාගෙන විශ්වවිිද්‍යාලවල න්‍යායාත්මක දැනුම ඒකාබද්ධ මාවතක් සඳහා සජීවීකරණය විය යුතුය.
    විශ්විවද්‍යාල අධ්‍යාපනයෙන් පසුව වෘත්තීය ජීවිතයකට ප්‍රවේශ වන බහුතරය ජාතික සංවර්ධනයට කුතුහලය ඇවිස්සෙන සුලු මූලධර්ම එම නව උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිවල අන්තර්ගත විය යුතුය.
    ඒ සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේදී ප්‍රජාවගේ සිතුවිලි ආකල්ප හඳුනාගැනීමේ විෂය දැනුම අන්තර්ගත විය යුතුය.
    ප්‍රජා චින්තනය හඳුනාගෙන විශ්වවිද ්‍යාල ජීවිත කාලයේදීම ප්‍රජා ආර්ථික අර්බුද මානසික සංවාදය ඔහු හා ඇය තුළින්ම ආරම්භ කරන ප්‍රතියෝජනා හා සමාජ ආර්ථිකය ප්‍රතිපෝෂණය ඇති කරන මාවත් අදාළ ප්‍රතිසංවර්ධන, අධ්‍යාපන හරයන්වල ගැඹුරු තේමාවන් ගොනුවිය යුතුය.
    උසස් අධ්‍යාපන වෙනස්කම් සඳහා ඒ සඳහා පහත සඳහන් වෙනස්කම් යෝජනා කෙරේ.
    ලාංකික සමාජ සංහිඳියාව සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් දිගුකාලීන සමාජ සංහිඳතා වැඩසටහන් මාවත් දිගුවීම ඒ තුළ අන්තර්ගත විය යුතුයි.
    ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව, සංවර්ධනය යන කුළුණු තුන අධ්‍යාපනයෙන් උසස් අධ්‍යාපනයෙන් ලාංකික ශිෂ්‍ය ප්‍රජාව තුළ ආත්මගත කිරීමෙන් ඔවුනොවුන්ගේ භාවිතය හා හැසිරීම තුළ තිරසර ස්වංයපොෂිත සමාජයක් අපේක්ෂා කිරීමට නම් උපාධිය ලබාගැනීම සඳහා නිබන්ධන සකස් කිරීමේදි අදාළ තේමාවන් ලාංකික සමාජයේ පොදු යහපතට අනාගතය ඉලක්ක කර ගත් පර්යේෂණ නිබන්ධන විය යුතුය.
    ඒ සඳහා විවිධ පැතිවලින් ඉදිරියට සාකච්ඡා කළ හැකිය.
    ලංකාවේ උපාධිධාරින්ගේ අනන්‍යතාවය මත සමාජ සංවර්ධනයට මෙතෙක් කර තිබෙන දායකත්වය කෙබඳුද යන්න සමාජ සමීක්ෂණයක් කිරීම වඩාත් හිතකරය.
    ජාතීන් අතර සංස්කෘතික විවිධත්වය විචිත්‍රවත් ලෙස විද්වත් ඇසකින් ආර්ථික හා මානව සංවර්ධනය කරා උපාධිධාරීන් පොදු සමාජය සඳහා තල්ලුවන විචාර පූර්වක දිශාගත අධ්‍යාපන විෂයයන් අන්තර්ගත විය යුතුය.
    අද්‍යයතන අධ්‍යාපන රටාව භෞතික අවශ්‍යතාවයන්ගෙන් තොර අධ්‍යාපනික අධ්‍යාත්මික වර්ධනයක් සඳහා අවශ්‍ය සැලසුම් දියත් විය යුතුය.
    ගෝලීය ආර්ථිකය තුළ ආචාර ධාර්මික භාවය ධාරිතාවන් සඳහා පුනරුද සංකල්පය සංවර්ධනය වන සුලු විෂය පථයන් සකස් විය යුතුය.
    ගෝලීය ආර්ථිකය තුළ භාෂාව මානව ශාස්ත්‍රීය හා සංස්කෘතිය හරහා හොඳ චින්තන ශක්තියක් ඇති රසවතුන් තුළින් එය ප්‍රතිපෝෂණය කරන මාවත් අදාළ නව විෂය පථයන්වල ගැඹුරු සංවාදයට ලක් වන විචාරත්මක තත්ත්වයක් ගොඩනැගිය යුතුය.
    ලාංකික මානවයාගේ හදවතේ ගැඹුරුම තැනින් මානව දයාව දාර්ශනික හරයන් තුළින් සංවර්ධනය කරන්නේ කුමන පැතිවලින් ද යන්න විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ම සොයාගත යුතු සාකච්ඡා කළ යුතු ඒ සඳහා පිළිතුරු ලියවිය යුතු මාවත් අදාළ ප්‍රශ්නපත්‍රවල ගොනු විය යුතුය.
    භාණ්ඩ මිලදී ගැනීමේ සමාජ ක්‍රමයක් හමුවේ අධි පාරිභෝගික වාදය සහ අසමබර බව තුළින් මතු වී තිබෙන සමාජ ආර්ථික ගැටලුවලට විකල්ප අදහස් ශිෂ්‍ය ප්‍රජාව තුළින් මතු කෙරෙන විෂය පථයන් ගැඹුරින් අන්තර්ගත විය යුතුය.
    ලෞකික සමාජ රටාව ප්‍රතික්ෂේප කළ නොහැකිය. අවතක්සේරුද කළ නොහැකිය.
    එසේ නම් ජිවත් වීමේ කලාව ශ්‍රමිකයාගේ සිට ධනවතා දක්වා ශාරීරික කුසලතා, බුද්ධිමය කුසලතා අවධි කළ යුත්තේ ප්‍රසඥතාවය විවිධ මානවයන්ගෙන් පෝෂණය කිරීමෙන් පමණි.
    වයස අවුරුදු 14, 15 යන වයස් කණ්ඩායම් මානවයාගේ විඥාන වර්ධනය ආරම්බ වන කාලයයි.
    තාර්කික ඥානය සියුම් රසවත් ලෙස අදාළ කාලයේදී දරුවන්ට කාන්දු කිරීම සඳහා ඔබ කාරක සභාව ජාතික අධ්‍යාපන ආයතනයටත් සංස්කෘතික දෙපාර්තමේන්තුවටත්, ජාතික භාෂා හා ඒකාබද්ධතා අමාත්‍යංශයටත් ඒ සඳහා යෝජනා ගොනු කළ යුතුය.
    විශ්වවිද්‍යාලවල පර්යේෂණ නිබන්ධන සකස් කරන බහුතරයක් ඒ සඳහා පෙරළා සමාජයට ඵළදායි වන විෂය පථයන්වලින් ඒ සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් නැඹුරු කිරීමේ අවශ්‍යතාවය වඩාත් අද දවසේ මතු වි තිබෙන අවශ්‍යතාවයකි.
    මානව ඇගයීම සමාජ ගරුත්වය සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී විවිධ ජාතීන් වශයෙන් නොව ලාංකික සංස්කෘතික අනන්‍යතාවයක් අදාළ විෂය පථයන් තුළ ගොනුවිය යුතුය.
    සමාජ ගැටලුවලදී නම්‍යශීලීත්වය දියුණු ලාංකික සමාජයක් උදෙසා සහභාගිත්ව සංවර්ධනයේ ප්‍රවේශ තුළින් පෙර දැක්මක් ඉන් ලබාගත හැකිය.
    පුරවැසි සමානාත්මතාවය උදෙසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව කැප කළ යුතු සමාජ භූමිකාව අදාළ විෂය නව විෂයයන්වලට ගොනුවිය යුතුය.
    සංවර්ධනය තුළින් මතුවන භෞතික වටිනාකම් සංරක්ෂණය කරගැනීම සඳහා තවත් වැඩිදියුනු කිරීම් සඳහා නව දිසාගත කිරීම් අදාළ නව අධ්‍යාපන රටාව තුළ ගොනු විය යුතුය.
    මේ සම්බන්ධව ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ මානසිකත්වය සහ මොළ සෝදා ගැනීමේ අවශ්‍යතාවයක් ද පැන නගින සුළුයි.
    මානව සංස්කෘතික ක්ෂේත්‍ර දියුණු කිරීමේ සහ පොදු මිනිසා ජීවත් වීමේ රටාවක් ලංකාවේ අධ්‍යාපනය තුළ නැඹුරු නොකිරීමේ ප්‍රතිඵළ අද අප භුක්ති විඳිමින් සිටිති.
    ලාංකික ප්‍රජාවගේ අදහස් උදහස්, සිරිත් විරිත, හැඟීම්, වැලපීම්, සොම්නස්, දොම්නස්, දුක සැප ඉවතලන පෞද්ගලික අභිමතාර්ථ නොව පොදු සමාජ සංවර්ධනය වන වැඩසටහන් සඳහා නව දැක්මක් අදාළ නව අධ්‍යාපන ප්‍රතිපත්තිවල අන්තර්ගත විය යුතුය.
    ඒ සඳහා වැඩවසම් සමාජ ක්‍රමය ප්‍රවේණිදාස ක්‍රමය, සමාජය තුළින් ඉවත් කළ යුතු ජනවහර ඒ සඳහා වියත් උගතුන්ගේ නව යෝජනා මේ සඳහා ගොනුකර ගත යුතුය.
    කරුණු කෙසේ වෙතත් අවසානයේ ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා රාජ්‍ය අංශය විසින් වැය කරන මුදල් පෙරළා නැවතත් රටේ පොදු සංවර්ධනාත්මක ප්‍රතිජනනාත්මක ප්‍රවර්ධනය සඳහා මැදිහත් කර ගැනීම අද දවසේ ඉතාම වැදගත් කාර්යභාරයක් වීමට නම් ලංකාවේ උසස් අධ්‍යාපන රටාව විශ්මය දනවන සුළු සංවර්ධනාත්මක පිම්මකට ප්‍රතිසංවිධානය විය යුතුය.
    ඒ සඳහා බුද්ධිමය සමාජ මණ්ඩප ගොඩනැගීම සහ ඒ තුළින් අදාළ කෙටුම්පත් සකස් විය යුතුය.
    සංවර්ධනයට අදාළ වන අපූරුව හා දුලබ හා දුර්ලබ තේමාවන් ඔස්සේ ඒ සමාජ මණ්ඩපවල න්‍යාය පත්‍ර ගොඩනැගීය යුතුය.
    එය දේශපාලනික සංකීර්ණ විශ්මය දනවන සුලු රැවටීමක් නොව සත්‍යය සොයා යන මාවතක් විය යුතුය.
    ප්‍රජාවගේ මනස්වලට කිඳා බැස්සවීම සඳහා ආකර්ශනීය ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය රූප වියමන් භාවිතා කළ යුතුය.
    බුද්ධිමය චලන හා විවාද විද්වතුන් තුළින්ම සංවාදයට ලක් කර ගැනීමෙන් සූක්ෂම සහ අනපේක්ෂිත ඥාන සම්භාරයක් එකතු කර ගත හැකිය.
    විවිධ අවස්ථාවලදී ඒ සඳහා බුද්ධිමය විවරණයකට යාමට නම් රට පුරා ඒ පිළිබඳ විවිධ වැඩසටහන් දියත් විය යුතුය.
    සැහැල්ලු තේමා තුළින් සංවර්ධන චර්යා ප්‍රජා මතකයේ රඳවන සුළු සංවර්ධනාත්මක කුළුගැන්වීම ජන විඥානයට සමීපත්වයට ලුහුබඳින ආකර්ශනීය හැඩ රටාවලින් විෂය පථය ගොනු විය යුතුය.
    ප්‍රජා වගකීම, වගවීම, කැප කිරීමට සමපාත සංවර්ධනයේ උල්පත ලංකාවේ උස්ස අධ්‍යාපනයේ රන් දොරටුව බව අප කවුරුත් තේරුම්ගත යුතුය.
    ඒ සඳහා හෙට නොවේ අදයි පුනරුදය යන තේමාව ඔස්සේ අදාළ කටයුතු ඇරඹිය යුතුය.
    සංවර්ධනයේ පුනරුද හැරවුම විශ්වවිද්‍යාල භූමියේ ගොඩනැගීම සඳහා අදහස් තවදුරටත් ඇතඹුලක් සේ ඔබ කාරක සභාව ගොනු කර ගත යුතුය.
    ඒ සඳහා නව උත්පාදන සමඟ අත්වැල් බැඳගෙන ගොඩනැගිය යුතු සමාජ භූමිකාව ඉතාම පුළුල්ය.
    ඒ පිළිබඳව වාචික අදහස් හුවමාරුවකදී තවදුරටත් දැනුවත් කිරීමේ හිමිකම තබාගෙන අදාළ ලේඛනය මෙයින් අපි සමාප්ත කරන්නෙමු.

ස්තූතියි

සාමාන්‍යාධිකාරි
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න